මානව වර්ගයාගේ සුබසාධනය පිළිබඳව සලකා බැලීමක් සඳහා ලාංකික පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් තුළින් ඒ පිළිබඳව නව මානයන්ගෙන් සලකා බලමින් වර්ධනය කළ යුතු අවස්ථාවක මහානාමගේ යථෝක්ත හැසිරිම හා භාවිතය පිළිබඳව අප මාධ්‍ය ආයතනය පිළිකුලෙන් හෙළා දකින්නෙමු.
මාධ්‍ය ලෝකයේ කිසියම් සමාජ පරිකල්පනයක් සඳහා මැදිහත්ව ගවේෂණශීලී මාධ්‍ය මෙහෙවරක අප ආයතනය නිරතව ඉන්නා බව එය හුදෙක් තිරය පිටුපස න්‍යායාත්මකව හා ප‍්‍රායෝගිකව සිදු කරනු ලබන කාර්යභාරයේ කොටසක් වශයෙන් මේ ලේඛනය තුළින් අදාළ හෙළිදරව්ව අපි කරන්නෙමු.
මානව හිමිකම්වල නව ප‍්‍රවනතාවයන් මහජනයාට සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනවීම්වලින් ඔවුන්ව සුරක්ෂිත කිරීමට මනා පිටුවහලක් සොයමින් මූලික අයිතිවාසිකම් ලෙස නව දැක්මකින් බැලීමට හා ලෝක අවධානය ඒ සඳහා යොමු කිරීම ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ මූලධර්මය විය යුතු බව අපගේ හැඟීම වේ.
මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ සිදුවීමකදී ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ ඊට අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරින් හරහා වාර්තාවක් කැඳවා අධ්‍යයනය කිරීම මිස එහි විෂය භාර ඇමතිවරයා කැඳවීම නොවේයැයි මානව හිමිකම් නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා පවසන බව මවුබිම 2023 මාර්තු 10 වන සිකුරාදා ප‍්‍රධාන සිරස්තලයක් ලබාදෙමින් හෙළිදරව් කර තිබේ.
මවුබිම පුවත්පත යනු වර්තමාන පොලිසිය භාර අමාත්‍යවරයාට හිමිකම ඇති පුවත්පතකි.

මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් අරඹයා අමාත්‍යවරයා කැඳවීම ඉලක්ක කර ගෙන ප‍්‍රතිභා මහානාමගේ ප‍්‍රකාශය දෙපාර්ශ්වයකින් ¥ෂණයට හා ලැදියාවන්ට පත්වන බව බැලූ බැල්මට පෙනී යන කරුණකි.
ආචාර්ය ප‍්‍රතිභා මහානාම මේ කරුණු පැහැදිලි කරන්නේ ප‍්‍රජා විරෝධතා විසුරුවාහැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම පළමුව කළ යුතුව තිබුණේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කැඳවීම නොව, විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා එය අධ්‍යයනය කිරීම යැයි ආචාර්ය මහානාමහේවා පවසා තිබේ.
මානව හිමිකම් කොමිසමේ බලසීමාව ඉලක්ක වන්නේ මානව හිමිකම් ගරු කරන සංස්කෘතියක් බිහි කිරීම යැයි පවසා ඇති ප‍්‍රතිභා මහානාම මහතා මානව හිමිකම් කොමිසම යනු උසාවියක් නොවන බැවින් එහි නිර්දේශ නියෝග බවට පත් නොවන්නේ යැයි අවධාරණය කර තිබේ.
මෙම සිදුවීමෙන් මහජන හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු යැයි ද එසේ නොවුණහොත් යුද්ධය හා සාමය ප‍්‍රකාශ කිරීම ආදී මුල් කරගෙන ජනාධිපතිවරයා ද කැඳවීම දක්වා කරුණු දිග්ගැසිය හැකි යැයි ආචාර්යවරයා පවසා තිබේ.
මානව හිමිකම් කොමිසමේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහනාම හේවා මහතාගේ මේ කඬේ යෑම සිදුවන්නේ අද ඊයේ සිට නොවේ.
එය මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරය හැසිරීම භාවිතය දක්වා දිග්ගැස්සෙන සුළුය.

එපමණක් නොවේ. ඔහුගේ දුවනියට නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වශයෙන් ශිෂ්‍ය නායිකා තනතුර අහිමි වීම පිළිබඳව ප‍්‍රතිභා මහානාම මහතා මානව හිමිකම් කොමසාරිස්වරයෙක් වශයෙන් සිටියදී සිය දුවනිය වෙනුවෙන් කරන ලද සිය ආත්ම වංචාව තවත් කරුණකි.
කරුණු කෙසේ වෙතත් මේ සියලූ කරුණු පැහැදිලිව නිර්වචනය කරමින් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප ආයතනය බලාපොරොත්තු වේ.
ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ස්වාධීන ආයතනයක් විය යුතු බව විවාදයක් නැත.

නමුත් ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා සිය කොමිසමේ සාමාජිකයකු වශයෙන් කි‍්‍රයා කිරීමේදී කොමිසමේ ස්වාධීනත්වය සහ ගෞරවයට හානිවන අයුරින් ඔහුටම අදාළ ව්‍යාපෘති වෙනුවෙන් මැදිහත් වූ ආකාරයන් පිළිබඳව කොතෙකුත් කරුණු ඇතත් එක් කරුණක් පමණක් පහත සඳහන් වේ.
ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා ඔහු මානව හිමිකම් කොමිසන් සභාවේ එවකට එම තනතුරට අමතරව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරට ඒ වන විට ඉසුලූ බව අපගේ මාධ්‍ය ගවේශනවලදී හෙළි වී තිබේ.
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ඉහළ හමුදා නිලධාරින් පුහුණු කරන ආයතනයකි.
ඔහු ආරක්ෂක පීඨයේ ප‍්‍රධානියා වෙමින් කටයුතු කිරීමේදී අදාළ ආයතනය පිළිබඳව පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන පරිසරයක් එදා තිබුණා ද යන්න ප‍්‍රශ්නය මතුවෙන සුළුයි.
රටේ පොදු ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කර දීම සඳහා පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම් සභාව එම ආයතනය සඳහා ස්වාධින වූ ආයතනයක් විය යුතුය.
ස්වාධීන බව බැලූ බැල්මට හෝ රැුකගැනීම සඳහා ඉහතින් සඳහන් කළ මේ ගරු මහතා අනෙක් තනතුරු කරමින් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වූයේ කෙසේද යන්න ඔහුගේ සදාචාරය පිළිබඳ මතුවෙන ගැටලූවකි.
ඊටත් අමතරව එවකට රාජ්‍ය ප‍්‍රධානියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරය තවදුරටත් සනාථ කරන්නක් නොවන්නේද?
මෙවැනි පරිසයක් තුළ ජනාධිපතිවරයාට එක් තනතුරක ඔහුට රැුඳී සිටීමට විධානය කිරීමට අවස්ථාව මඟහැර කි‍්‍රයා කිරීම නිසා රාජ්‍ය දුරාචාරය හා ශී‍්‍ර ලංකාවේ වත්මන් ආර්ථික අගතියේ ප‍්‍රධාන වගකිවයුත්තා බවට මහින්ද රාජපක්ෂ පත් නොවන්නේද?

කොමිසමේ ස්වාධීනත්වය හා වගකීම් සහගත බව බරපතල ලෙස සාකච්ඡුා කිරීමේ කරුණක් මතු වන්නේ ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා ඔහුගේ දියණිය අධ්‍යාපනය හදාරණ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් තෝරාගැනීමේ කි‍්‍රයාවලියේ ඔහු විසින් කර ඇති අයුතු බලපෑම් නිසාය.
නුගේගොඩ අනුලා විද ්‍යාලය 2014 වර්ෂයේදී කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් තෝරාගැනීමේ කටයුතු අවසන් කර ඇත්තේ 2013 වර්ෂයේ අවසන් වාර්යේ එනම් දෙසැම්බර් නිවාඩු ලබාදීමටත් පෙරය.
ශිෂ්‍ය නායිකවන් තෝරාගැනීමේදී ඔහුගේ අධ්‍යාපන කුසලතාවය මැනීම සඳහා අනුලා විද්‍යාලයේ ප‍්‍රතිපත්ති මෙන්ම ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදීමේ කටයුත්තක් එහිදී කි‍්‍රයාවට නංවා නැති අතර ඊට හේතු වී ඇත්තේ ප‍්‍රශ්න පත‍්‍රය එම පරීක්ෂණයට පෙර පිට වන බවට ලැබී තිබෙන පැමිණිලිවලට අනුවය.
ඒ අනුව පාසලක යම් ආචාර්ය ධාර්මික කි‍්‍රයාවක් කිරීම සඳහාවත් යහපත් සදාචාරාත්මක තත්ත්වයක් නැති බව ප‍්‍රදර්ශනය නොවේද?
නුගේගොඩ අනුලා විද්‍යාලය සඳහා තාවකාලිකව පත්ව පැමිණි විදුහල්පතිනිය විදුහලේ ගුරු මණ්ඩලයේ හා අනෙකුත් අයගේද අනුමැතිය සහිත තීරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන්ගේ අධ්‍යාපන කුසලතාවය මැනිම සඳහා ඔවුන් අ.පො.ස. (සා.පෙළ* විභාගයේ ලබාගත් ප‍්‍රතිඵළ අනුව ලකුණු ලබාදීමට කණිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන්ගේ අධ්‍යාපන කුසලතාවය සඳහා දෙවන වාරයේ ලබාගත් සමර්ථයන් මත ලකුණු ලබාදීමය.
ඊට අමතරව පුරුදු පරිදි කී‍්‍රඩා හා විෂය බාහිර කුසලතා වෙනුවෙන් කලාප, පළාත් හා ජාතික වශයෙන් ලබාගත් කුසලතා මත ලකුණු දීම සිදුකර තිබේ.
විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව, උප ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව, කී‍්‍රඩා නායිකාව, උප ප‍්‍රධාන කී‍්‍රඩා නායිකාව තෝරා
ගැනීම සඳහා එතෙක් අනුගමනය කළ ක‍්‍රමවේදයේ වෙනසක් ඒ වන විට කර නැත.

එම ක‍්‍රමවේදය වී ඇත්තේ විනය සම්බන්ධව විරෝධතා දැක්වීමෙන් පසු අධ්‍යාපන කුසලතාවය මත තේරී පත්වන පළමු දස දෙනා අතරින් එක් අයකු ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස හා තවත් අයකු උප ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස
ගුරු මණ්ඩලය හා තේරී පත්ව සිටින ශිෂ්‍ය නායිකාවන්ගේ ඡුන්දයෙන් තෝරා පත් කරගැනීමේ සම්ප‍්‍රදායයි.

ඉන්පසු කී‍්‍රඩා නායිකාව හා උප කී‍්‍රඩා නායිකාව තෝරා පත් කරගැනිම සඳහා විද්‍යාලයේ කී‍්‍රඩාවෙන් දක්ෂතා දක්වා ඇති ශිෂ්‍ය නායිකාවන් අතර සිටින පළමු දස දෙනාට නොතේරුණු තවත් දෙදෙනෙකු ඇතුළත් කිරීමෙන් පසු පළමු ආකාරයටම ඡුන්දයක් මගින් කී‍්‍රඩා නායිකාව හා උප කී‍්‍රඩා නායිකාව තෝරාගැනීම සිදු කර ඇත.
මේ ආකාරයට තෝරාගත් ශිෂ්‍ය නායිකාවන්ට ලාංඡුන පැළඳවීම, අනුලා විද්‍යාලයට ඒ වන විට සිදුකර ගැනීමට නොහැකි වන පරිසරයක් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහානාම හේවා මහතාගේ අනියම් බලපෑම නිසා ගැටලූ සහගත තත්ත්වයක් අදාළ කාලයේදී සිදුවී තිබේ.
2013 වර්ෂයේදී ආරම්භ වන ඊට අදාළ වන සිද්ධිය කෙටියෙන් මෙසේය.

2013 දෙසැම්බර් 03 වෙනිදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඒ වන විට හිටපු විදුහල්පිතනියට
දැනුම්දීමක් ලැබෙනවා.

ඒ එම විද්‍යාලයේ 2014 වර්ෂයේ පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් පිළිබඳ විමර්ශනයකටය.
ඒ අනුව හිටපු විදුහල්පතිනියත්, නියෝජ්‍ය විදුහල්පතිනියත් හා කාර්යාල සේවිකාවක වන කළමනාකාර සහකාරවරියක් ඊට සහභාගි වී තිබෙනවා.
මානව හිමිකම් කොමිසම් සභාවට ලැබෙන පැමිණිලි විමර්ශන අංශයේ විමර්ශන නිලධාරින් හා නීති නිලධාරින් විසින් විමර්ශනය කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදය බව ඔබ තුමිය දන්නා කරුණක්.
නමුත් සිදුවී තිබුණේ විමර්ශන නිලධාරි රනිල් අබේනායක විසින් පැමිණිලි පාර්ශ්වය හා වගඋත්තරකාර විද්‍යාලයේ පාර්ශ්වය මානව හිමිකම් කොමසාරිස් මහානාමහේවා සිටින ස්ථානයට රැුගෙන යාමය.

එහිදී විමර්ශන නිලධාරියා පසෙක සිටියදී පළමු වසරට ශිෂ්‍යාවක ඇතුළත් නොකිරීම පිළිබඳ පැමිණිල්ල විභාග කර ඇත්තේ සිය දියණියට ශිෂ්‍ය නායිකා තනතුර අහිමි වීම පිළිබඳව වේදනාවෙන් සිටි මහානාමහේවා මහතාය.
හිටපු විදුහල්පතිනිය ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ පැමිණිල්ලට පදනමක් නැති බවය.

ඇය ප‍්‍රශ්න කර ඇත්තේ 2014 වර්ෂයේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ අවසන් ලැයිස්තුව ප‍්‍රකාශයට පත්කර නැති තත්ත්වයක් තුළ එම ශිෂ්‍යාව පාසලට ඇතුළත් කර නොගත්තා යැයි පැමිණිලි කරන්නේ කෙසේද යන ප‍්‍රශ්න කර තිබේ.
එම මූලික තර්කයෙන් පසු එම පැමිණිල්ලට අදාළ විමර්ශනය ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් නැති බව ඔබ සභාතිනිය වශයෙන් දන්නා සාමාන්‍ය අවබෝධයෙන් තේරුම් යන සුළුය.
ඉන් පසු කොමිෂන් සභාවේ කොමසාරිස් මහානාමහේවා පාසල් ශිෂ්‍ය නායිකාවන් තෝරාගත්තේ කෙසේදැයි යන්න හා ඒ අතරින් හොඳම දහ දෙනා තෝරාගත්තේ කෙසේද යන්න හිටපු විදුහල්පතිනියගෙන් ප‍්‍රශ්න කිරිම සිදුකර තිබෙන බව ඔබතුමියට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී පැහැදිලි වනු ඇත.
මහානාමහේවා මහතා ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ පැමිණිල්ලකට අදාළ විදුහල්පතිනිය කැඳවා ඔහුගේ පෞද්ගලික අභිමතාර්ථයක් වෙනුවෙන් ප‍්‍රශ්න කිරීම ඔහුගේ සදාචාරය පිළිබඳව හා උගත්කම පිළිබඳව හා විද්වත් භාවය පිළිබඳ
ගැටලූ සහගත නොවේද?

දක්ෂ ළමයින් දුර්වල නොකරන ලෙස ද ළමයන්ගේ මානසිකත්වය පිළිබඳ තැකීමක් ඇද්ද යන්න ඇයගෙන් ප‍්‍රශ්න කරමින් තම දියණියගේ නම ප‍්‍රකාශ කරමින් ඇය දන්නාවද යන්න විමසා ඇත.
ඔහු හිටපු විදුහල්පතිනියට ප‍්‍රකාශ කර ඇත්තේ ඒ තමාගේ දියණිය බවය.

ශිෂ්‍ය නායිකාවන් තේරීමේ කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිනිය ඉන් ඉවත් කරන ලෙස ද ශිෂ්‍ය නායිකාවන් තෝරාගැනීම සඳහා නැවත පරීක්ෂණ පවත්වන ලෙස ද එසේ නොවුණහොත් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා එම සිද්ධිය
තමා ගෙන යන බව ද තර්ජනාත්මකව මහානාමහේවා මහතා සිය න්‍යාය පත‍්‍රය මනාව ඉටුකරගෙන ඇත.

ඔබ කොමිසම මේ පිළිබඳව නැවත පශ්චාත් පරීක්ෂණයක් සඳහා යොමු විය යුතු කාලය එළැඹ ඇත්තේ සමස්ථ ජනතාවටම ඇතිවන ගැටලූවක් හමුවේ මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අලස් මහතා කැඳවීම අරඹයා මානව හිමිකම් කොමසාරිස් මහානාමහේවා මහතාගේ කඬේ යාම සහ ඔහුගේ සිය බලපෑම න්‍යායාත්මකව සහ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් හැසිරෙන වටපිටාවක් තිබෙන නිසාය.
ශිෂ්‍ය නායිකාවන් තෝරාගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසම වෙත ලැබුණු විධිමත් පැමිණිල්ලක් පිළිබඳව එම බලපෑම් කිරීමේ අවස්ථාවේදී කිසිදු දැනුම්දීමක් සිදුකර නැති අතර ඒ සම්බන්ධයෙන් කොමිසන් සභාවේ හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබුණු බව පමණක් ප‍්‍රකාශ කර තිබෙනවා.
කොමිසන් සභාවේ විමර්ශන කි‍්‍රයාවලිය අනුව යම් විමර්ශනයක් සඳහා යම් වගඋත්තරකාර පාර්ශ්වයක් කැඳවීමේදී විමර්ශනය සිදුකරන කරුණ පිළිබඳව දැනුම්දෙනු ලබන අතර මෙහිදී සිදුවී තිබුණේ ශිෂ්‍ය නායිකාවන් සම්බන්ධ කරුණ ගැන දැනුවත් නොකර වෙනත් කරුණකට කොමිසමට ගෙන්වා තවත් කරුණක් වෙනුවෙන් නියෝග
ලබාදීමේ අයුතු රාජකාරියක් මහානාමහේවා මහතා එදා සිදුකර තිබේ.

ඇත්තවශයෙන්ම පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුළත් නොකිරීමේ පැමිණිල්ල පවා නිර්මාණය කර ගෙන්වාගත් පැමිණිල්ලක් බවට සැක මතුවිම මුළු කි‍්‍රයාදාමය පිළිබඳ අවධානය යොමු කිරීමේදී බැහැර කළ නොහැකි බව මේ පිළිබඳව පශ්චාත් පරීක්ෂණයක් ඔබ කොමිසම සිදු කරන්නේ නම් වඩාත් සුදුසුය.
කිසිදු විශේෂත්වයක් හෝ ජාතික වශයෙන් වැදගත්කමක් නැති එම පැමිණිල්ල මහානාමහේවා විභාග කිරීමම තුළ සැකයට තුඩු දෙන කරුණක් බව ඔබ කොමිසම තේරුම්ගත යුතුය.
පාසල්වලට ළමයින් ඇතුළත් කර නොගැනීම පිළිබඳව පැමිණිලි බුරුතු පිටින් කොමිසම් සභාවට ලැබෙන බව ඔබ සභාපතිනිය වශයෙන් දන්නා කරුණක් යැයි අපට හැෙඟ්.

රතුපස්වල දී සිදුවූ යුද හමුදා ප‍්‍රහාරය වැනි ජාතික වැදගත් හිමි පරික්ෂණ කි‍්‍රයාවලියේදී පවා මානව හිමිකම් කොමසාරිස්වරුන් එම පරීක්ෂණ පෞද්ගලිකව මෙහෙයවූයේ නැති බව ඔබතුමිය දන්වා ඇත.
වැදගත්ම ආචාරධර්ම විරෝධී කරුණ වන්නේ සිය දියණිය ඉගෙන ගන්නා පාසලට එරෙහි පළමු වසර ශිෂ්‍යාවගේ පැමිණිල්ල මහානාමහේවා විභාග කිරීමය.
ඉන් නොනැවතී ඔහුගේ දියණිය සම්බන්ධ ශිෂ්‍ය නායිකාවන් පිළිබඳ නිර්නාමික පැමිණිල්ල ඇත්ත වශයෙන්ම ඔහුගේ පැමිණිල්ලක් විය යුතු බව මින් සනාථ නොවන්නේද?
ඔහු විසින්ම විභාග කර නිත්‍යානුකූල නොවන ආත්මාර්ථකාමී නියෝග ඒ වන විට ලබාදී තිබේ.

2013 දෙසැම්බර් 03 වන දින නිත්‍යානුකූලත්වයක් නැතිව විභාග කළ හා නියෝග ලබාදුන් ශිෂ්‍යනායිකාවන් පිළිබඳ ප‍්‍රශ්නය එසේ විභාග කළ හැකිද යන්න වෙනම ප‍්‍රශ්න කළ යුතු කරුණකි.
මුලින් කීවාක් මෙන්ම අදාළ පැමිණිල්ල සඳහා කිසිදු පැමිණිලිකරුවකු සිට නැති අතර පැමිණිල්ල විභාග කිරීමට කැඳවීමක් ද කර නොතිබුණි.
එහෙත් පැමිණිල්ලක් විභාග කර නියෝග ලබාදීම නම් ප‍්‍රතිභා මහානාම සිදුකර තිබුණි.

ඒ පැමිණිලිකරු ආචාර්ය මහානාම වන නිසා හා පැමිණිලි පාර්ශ්වය ඔහු නිසා මේ පිළිබඳව න්‍යායාත්මකව හා නෛතිකව වැඩිදුරටත් ඔබ කොමිසම පශ්චාත් පරීක්ෂණයකට ගොස් රාජකාරිය අයුතු ලෙස මෙහෙයවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙය කාන්දු කළ යුතු තරම් ගැටලූවකි.
ආචාර්ය මහානාමහේවා මේ අනිසි බලහත්කාර නඩු ඇසීම හා නියෝග ලබාදීම අද අප මේ කරුණ ගැන සාකච්ඡුා කරන තත්ත්වය දක්වා වර්ධනය කරන්නේ ඔහු විසින්ම මානව හිමිකම් කොමිසමේ ගරුත්වයට හානි වන ලෙස ඔහුගේ ප‍්‍රකාශ නිකුත් වීම නිසාය.
එය මහජනතාව සඳහා සේවය කිරීමට තිබෙන ආයතනයක් අයුතු ලෙස හැසිරීම ඉතාම ගැටලූ සහගත තත්ත්වයක් හමුවේ මහජනතාව මේ සඳහා ඉදිරියට පැමිණ ඔබ කොමිසම වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාව වෙනුවෙන් අප මාධ්‍ය ආයතනය අදාළ කාර්ය භාරය සිදුකරනවා.
අනුලා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇය සිටි කාලයේදී මහානාමහේවා මහතාගේ නියෝග අනුව ශිෂ්‍ය නායිකාවන්ට ලකුණු ලබාදීමේ කටයුතු නැවත පරීක්ෂා කළ ද එහි වරදක් තිබී නැති අතර ඔහුගේ දියණිය ප‍්‍රධාන ශිෂ්‍ය නායිකවා හා උප ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව තෝරාගනු ලබන පළමු දස දෙනාට නැවත පරීක්ෂා කිරීමේදී ද ඇතුළත් වී නැත.
ඉන්පසු එම විද්‍යාලයට ආ පත්ව ආ නව විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය ශිෂ්‍ය නායිකාවන්ට ලාංඡුන පැළඳවීමේ උත්සවය 2014 ජනවාරි 10 දින සිදු කිරීමට කටයුතු යොදා තිබී ඇත.
ජනවාරි 09 දින කොමිසන් සභාව විද්‍යාලයට ලිඛිතව දැනුම්දී ඇත්තේ ලාංඡුන පැළඳවීමේ උත්සවය නතර කරන ලෙසත් ඒ හා සම්බන්ධයෙන් ජනවාරි 16 වන දින පරීක්ෂණයකට පැමිණෙන ලෙසය.
මේ සම්බන්ධයෙන් විමසීමේදී කොමිසන් සභාවේ විමර්ශන නිලධාරි රනිල් අබේනායක අප මාධ්‍යයට ප‍්‍රකාශ කළේ අනුලා විද්‍යාලයේ මවුපියන් 6 දෙනකුගෙන් ජනවාරි 9 වන දින දහවල් ලැබුණු පැමිණිල්ලක් අනුව එම නියෝගය එදිනම නිකුත් කළ බවය.
මීටත් වඩා හදිසි කරුණුවලදී හදිසි නියෝග ලබාදීමට අපොහොසත් වූ මානව හිමිකම් කොමිසන් සභාව පැමිණිල්ලක්
ලැබීමෙන් විනාඩි ගණනක් ඇතුළත එම නියෝගය ලබාදී ඇති අතර පැමිණිලිකාර මවුපියන් කොමිසන් සභාවේ වාසිය සඳහා යොදාගෙන ඇත.
එම පැමිණිලිකාර එක් පියෙකු ජනමාධ්‍යය කළ විමසීමකදී ප‍්‍රකාශ කළේ කොමිසන් සභාවේ නියෝගය අනුව පළමු දස දෙනාට ලාංඡුන ප‍්‍රදානය නොකර අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලාංඡුන පැළඳවීමෙන් තම දරුවන්ට අසාධාරණයක් වන බැවින් එම පැමිණිල්ල සිදු කළ බවය.

ඊට මානව හිමිකම් කොමිෂන් සභාව වැරදි අර්ථකතනයක් ලබාදී ඇති බව ඉන් පැහැදිලිය.

කෙසේ නමුත් පසුගිය වසරේ දුරකථනයෙන් ලැබුණේ යැයි කියූ ශිෂ්‍ය නායකයින් පිළිබඳ පැමිණිල්ල ඒ වන විටත් ඒ විමර්ශන නිලධාරි රනිල් අබේනායකට අනුව ලිඛිත පැමිණිල්ලක් බවට පසුව පත්වී ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් 20 වන දින අනුලා විද්‍යාලයේ මවුපියන් පිරිසක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ්‍යඍක්‍ 4486රැු13 යන පැමිණිලි අංකයක් ද ලබාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේදී විමර්ශන නිලධාරි අබේනායක ඒ දිනවල ප‍්‍රකාශ කරන්නේ ජාතික සම්පත් සුරකීමේ සංවිධානයේ යූ. ඞී. ඩයස් නමැත්තෙකු එම පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වන බව දන්වා ඇති බවයි.
නොවැම්බර් 20 දින ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් දෙසැම්බර් 03 දා නොදැන සිටීම පුදුම සහගත කරුණක් නොවන්නේද?
ජාතික සම්පත් සුරැුකීමේ සංවිධානයකට අනුලා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් පිළිබඳ ප‍්‍රශ්නයට ඇති සම්බන්ධය කුමක්දැයි අප ප‍්‍රශ්න කළ විට ඔහු පෙරලා ප‍්‍රශ්න කරන්නේ එසේ නම් ලංකා ගුරු සංගමයට පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇති අයිතිය කුමක්ද යන්නයි.
ලංකා ගුරු සංගමය යනු ගුරු හා ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන පෙනී සිටි සහ පෙනී සිටින පිළිගත් සංවිධානයක් බව අප එහිදී ඔහුට අවධාරණය කර තිබේ.
ඊට අනන්‍යතාවයක් තිබෙන බවත් පෙරළා අපි පිළිතුරු දුන් අතර මින් පෙනී යන්නේ මෙම නිශ්චිත කරුණේදී කොමිසන් සභාව එහි නිලධාරින් මහානාමහේවා වෙනුවෙන් පාවිච්චි වූ බව නොවේද?
සිද්ධිය සම්බන්ධයෙන් ජනවාරි 16 දා පැවති විභාගයේදී ඊට සහභාගි වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට හා ජාතික පාසල් අධ්‍යක්ෂවරයාට ද කැඳවීම් යවා තිබුණි.
ඔවුන් දෙදෙනා වෙනුවෙන් එක් නිලධාරියෙකු ඒ කාලයේදී පෙනී සිට ඇත.

එහෙත් ශිෂ්‍ය නායිකාවන් තේරීමේ කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා එහි ගිය එම කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිනියට හා අනෙකුත් අයට පරීක්ෂණයට සහභාගිවීමට ඉඩ නොදෙමින් එදින අධ්‍යාපන අමාත්‍යංශයට මානව හිමිකම් කොමිසම නියෝග කර ඇත්තේ ශිෂ්‍ය නායිකාවන් තේරීම් පිළිබඳ කටයුතු වාර්තාවක් ලබාදෙන ලෙසය.
ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් අනුලා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන්ට ලාංඡුන පැළඳවීමේ කටයුතු ඒ කාලවකවානුවේදී තවදුරටත් පමාවිය.
එසේ වූවද ආචාර්ය මහානාමහේවාගේ දියණිය ඇයට ක‍්‍රීඩා කුසලතා සඳහා ලකුණු නැති පරිසරයක් තුළ අධ්‍යාපන කුසලතා පිළිබඳ සළකා බැලෙන පළමු දස දෙනා අතරට ඇතුළත් වීමට ඉඩක් නැති පරිසරයක් තිබුණි.
එම ලකුණු ලබාදීම සිදුකර ඇත්තේ පෙර සඳහන් කළ ආකාරයට මෙන් අ.පො.ස.(සා.පෙ.* විභාගයේ සාමාර්ථයන්් මත පිහිටාය.
සිද්ධිය එසේ වෙද්දී ආචාර්ය මහානාම හේවා බොහෝ මාධ්‍යයට ඒ පිළිබඳ කතා කිරීමෙන් ඒ දිනවල වැළකී සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙසු මාධ්‍යයට අදහස් දක්වමින් තමා ශිෂ්‍ය නායිකාවන් තෝරාගැනීම පිළිබඳව හිටපු විදුහල්පතිනියට අවවාද කළ බව පිළිගෙන තිබීමෙන් මහානාමහේවාගේ මේ සිද්ධියට අදාළත්වය හා සත්‍ය ඉන් සනථ විය.
ඒ අනුව මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු සභාපති ප‍්‍රියන්ත පෙරේරාගෙන් අපට අසන්නට ඇත්තේ නීතියේ කාර්ය පටිපාටිය ගැන හොඳින්ම දන්නා අයකු ලෙස ඒ පිළිබඳව රාජ්‍ය අංශයට අදාළ ක‍්‍රියාදාමයන් අනුව සිය කටයුතු එදා සිදු කළාද යන්නයි.
රාජ්‍ය සේවය ගරු කටයුතු සේවයක් ලෙස සැලකේ.

අධීක්ෂණ කටයුතු කිරීමද ඉතා අඩුවෙන් කිරීම ප‍්‍රමාණවත් නොවේ.

අද වන විට බොහෝ විට වෙනස් වී තිබෙන රාජ්‍ය සේවය කරන සමහරුන් එය කරන්නේ අමතර වැඩක් ලෙසට සිතමින් යැයි අපට සිතෙන වාර ලැබෙන අත්දැකීම් අනුව පෙනී යයි.
කාර්යාල අරමුණු ඉටුකර ගැනීමට එකී වැඩ මනාව කිරීමට ඔහුට හෝ ඇයට ඇති අවශ්‍යතාවය බෙහෙවින්ම අඩු වී යන්නේ මහනාම වැනි අය ඉහළ තනතුරුවලට පත්වීමෙන් නොවේද?
විනය පිරිහී ඇත්තේ ද ආයතන ප‍්‍රධානීන්ගේ ඔවුන්ගේ හැසිරීම හා භාවිතාවන් නිසා නොවේද?

මේ නිසා මෙවැනි කටයුතු පිළිබඳව වර්තමාන සභාපතිතුමියට කළ හැකි පශ්චාත් පරීක්ෂණය ඉටු කරන්නේ නම් ඉතාම වැදගත්ය.
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් මහජනතාවට දිය හැකි සහතිකය මනාව ඉටු කිරීමට නම් මහනාම හේවාගේ හැසිරීම හා භාවිතය පිළිබඳව ඔබ සභාපතිනිය වශයෙන් අවශ්‍ය නෛතික ක‍්‍රියාදාමවලට එළැඹිය යුතු නොවේද?
නීතියට හා ආචාරධර්මවලට ගැලපෙන්නැති ක‍්‍රියාකාරකම්, මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු මගින් සිදුවීම නිසා සිදුවී ඇති සමාජ හානිය මීට වඩා පුළුල් ලෙස ගැඹුරු ලෙස සොයා බලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතු නොවේද?
කොමිසමේ ගෞරවය වෙනුවෙන් අදාළ යාවත්කාලීන කිරීම සහ හිටපු කොමසාරිස්වරයාගේ ලැදියා සහිත ප‍්‍රකාශය වෙනුවෙන් අදාළ විෂය ගොනු පෞද්ගලික ලිපිගොනු, කාරණා ගොනු හා උපදෙස් චක‍්‍රලේඛ පූර්වාදර්ශ හා ආයතන පටිපාටි ඇතුළත් සියලූ ලේඛන නැවත පරීක්ෂාවට ලක් විය යුතු අවස්ථාවක ඔබ කොමිසම පත්වී සිටින බව අප ආයතනයට හැගෙන සුළුය.
මේ සඳහා මනා විධිමත් පිළිතුරක් අප වෙත ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර ඒ සඳහා මේ පිළිබඳ අවධානය යොමුකොට රාජ්‍ය සේවයේ ගෞරවය රැුකගැනීම සඳහා නායකත්වය ඔබතුමිය ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සිය මවුබිම හා දිවයින පුවත්පත් මගින් සභාපතිනියට චෝදනා කරන්නේ ඔහු කැඳවීම සෙසු කොමසාරිස්වරු නොදැනුවත් බවය.
මෙහිදී අපට මතුවන ප‍්‍රශ්නය නම් ප‍්‍රභාත් මහතා කොමසාරිස්වරයකු වශයෙන් සිටියදී කරන ලද කි‍්‍රයාවන්වල හා රැුකියාවන් ආශි‍්‍රත ප‍්‍රශ්නය සෙසු වර්තමාන කොමසාරිස්වරුන් අරඹයා ද ගැලපෙන තත්ත්වයක් මතුවී තිබේද යන්නයි.
මානව හිමිකම් කොමිසමට අලස් ඇමතිවරයා කැඳවා නැති බව සභාපතිනියගේ මාධ්‍ය ප‍්‍රකාශවලින් සනාථ කරන්නේ කුමක්ද?
කොමිසමේ ගෞරවයට හානි වන අයුරින් කි‍්‍රයා කර ඇති මහානාමගේ තර්කය හමුවේ සභාපතිනියගේ පසුබැසීමද? නැතිනම් තවදුරටත් ප‍්‍රජාවගේ මානව හිමිකම් වෙනුවෙන් කොමිසමට පෙනී සිටීමේ පෞරුෂය නැතිකමද?
කොමිසමේ ඉතිහාසය පුරා ප‍්‍රජාවගේ හිමිකම් රැුකීමට අසමත් වූ අවස්ථා අප සතුව තිබෙන අතර අවශ්‍යතාවය පරිදි කාලීනව හෙළිදරව් කිරීමටද අපේක්ෂා කෙරේ.

ස්තූතියි

සුමිත් කොඩිතුවක්කු
සාමාන්‍යාධිකාරි, ගවේෂණශීලී මාධ්‍යවේදී

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න