ඒරානන්ද හෙට්ටිආරච්චිගේ මාධ්‍ය භූමිකා කෘතිය පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදී ජනගත වූවා.
මේ කෘතිය පිළිබඳව විචාරයක් කිරීමට පෙර මේ කෘතිය තුළින් ඔහුගේ කාර්යභාරය මැනවින් විග‍්‍රහවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු වෙනවා.
ප‍්‍රඥාසම්පන්න පාඨකයෙකු බිහි කිරීමට නොමඳව ඉවහල් වන කෘතියක් වශයෙන් මාධ්‍ය භූමිකා කෘතිය හඳුන්වාදෙන්න පුළුවන්.
ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳව වෙනස් මානයකින් හඳුනාගැනීමට ඒරානන්ද හෙට්ටිආරච්චි උත්සාහගෙන
තිබෙනවා.
මාධ්‍යයට ප‍්‍රවේශ වන්නන්ට බෝධිසත්වයෙකු ලෙස ඔහුගේ කෘතිය පුරාම අදාළ පෙළගැස්වීම් සිදුකර තිබෙනවා. පාඨකයාට අත්විඳීමට ඇති පරිකල්පන ගුණය අති විශාලයි.
සංස්කෘතික ජනමාධ්‍ය මතවාද කෘතියක් කිරීමේදී යම් අභියෝගයක්. ඒ සඳහා ලේඛකයෙක් යම් දුරකට කොටුවිය යුතුද?
මිනිස් මනසේ නිර්මාණශීලී ආත්මය අවදි කිරීමට මානව ප‍්‍රතිභාවට ජනමාධ්‍ය තුළින් කළ හැකි අද්විතීය හැකියාව නව ජනමාධ්‍යකරුවන්ගෙන් පුබුදුවාලීමට මේ කෘතිය පුරා අන්තර්ගත කරුණු අප‍්‍රමාණයි.
ප‍්‍රාග් යුගයටත් ඓතිහාසික ගල්යුගයේදීත් මානවයා ස්වකීය හැඟීම් අතීතයේ පළ කළේ ශරීර භාෂාව තුළින්. එනම්, කිසිදු ඒ සඳහා විවේචනයක් නැති තරම්.
නිර්වාචිකව කතා කරන භාෂාවක් කථන ඇති වූයේ ලියන ලිඛිත භාෂාවකට පෙර බව මාධ්‍ය පිළිබඳ පූර්ව අධ්‍යයන හා ශාස්ත‍්‍රීය දැනුම ඇත්තවුන් දන්නා කරුණක්.
එබැවින් සන්නිවේදනය මුල් වරට ජනනය වන්නේ වාචික ප‍්‍රකාශන මාධ්‍යයක් වශයෙන්. ඒ මානව වාග් සම්ප‍්‍රදාය යයි කිව්වොත් වඩාත් නිවැරදියි.
විවිධ උච්ඡුාරණ විලාස ඔස්සේ මෙම වාග් සම්ප‍්‍රදායික ඉදිරිපත් කිරීම් විවිධ අයුරින් තිබෙන බව තේරුම්ගත යුත්තක්.
වාග් සම්ප‍්‍රදාය සුරැුකීමේ වැදගත්කම බොහෝවිට ඔහුගේ කෘතිය පුරාම දකින්නට ලැබෙනවා.
නිර්මාණාත්මක ප‍්‍රතිභා හැකියාව කුසලතාවය එය ගුවන්විදුලි මාධ්‍යයට පමණක් සීමාවෙමින් කෘතිය තුළ දක්නට ලැබෙන කිසියම් අඩුපාඩුවක්.
ඒරානන්ද හෙට්ටිආරච්චිගේ මාධ්‍ය භූමිකා කියන කෘතිය නිවැරදි ජනමාධ්‍ය භාවිතයට යන තේමාව යටතේ
තමයි ලියවිලා තියෙන්නේ.
එවිට සමස්ත ජනමාධ්‍ය පිළිබඳවම පුළුල් කතිකාවක් කෘතිය තුළ අන්තර්ගතයි කියන එක පැහැදිලි වන සුලූයි. නමුත් ඔහුගේ වෘත්තීය දක්ෂතාවය ඔහුගේ වෘත්තීය කැපවීම මත බොහෝ විට කෘතියේ අනත්ර්ගත වෙලා
තියෙන්නේ ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය හා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගමන් මග. නිවේදක භූමිකාව, ඊට අදාළ ආකෘතීන් හා කාර්යභාරයන්.
සම්මුඛ සාකච්ඡුා ක‍්‍රමවේදය.
ප‍්‍රවෘත්ති වාර්තාකරණය, ජාතික ඒකාබද්ධතාවය සඳහා වූ සන්නිවේදනයේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය. සංවර්ධන සන්නිවේදනය හා ගුවන්විදුලිය.
මහජන සම්බන්ධතාව සන්නිවේදනයේ භාවිතා කිරීම යන තේමා යටතේ කෘතිය අන්තර්ගත වෙලා තිබෙනවා.
නමුත් ඔහුගේ මාධ්‍යය භූමිකා කිව්වම සමස්ත ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ජනමාධ්‍ය කලාවම අන්තර්ගත යැයි හැෙඟන සුළුයි.
නමුත් ඉදිරි පරපුරට දායක කිරීම සඳහා ලංකා ගුවන්විදුලිය හා ඊට අදාළ ක්ෂේත‍්‍රයට පමණක් කෘතිය කොටුවෙලා තියෙනවා.
මානව භාෂාව අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව අවදි කිරීම සඳහා මාධ්‍ය වැදගත් වන්නේ ඇයි ද යන්න තේරුම් කිරීමට ඔහු කෘතිය පුරාම කිසියම් උත්සාහයක් ගෙන තිබෙනවා.
මෙයින් අදහස් කරන්නේ දේශපාලන භාෂාව විසින් ජනිත කළ සමාජ සංස්කෘතික වටිනාකම් ප‍්‍රඥාව මගින් යළි අවදි කිරීමේ අවශ්‍යතාවය මේ කෘතිය යටින් දිව යන තවත් පැත්තක්.
මානව සම්පත් යොදා ගනිමින් මිනිසාගේ නිර්මාණශීලී හැකියාව ප‍්‍රබෝධයට පත් කරමින් එහි භාවිතය යහපත් සමාජයක් ඇති කිරීමට උපයෝගී කරගැනීමට නිවේදකයා සතු ගුණාංග ඒ තුළ අන්තර්ගතයි.
සංගීතය, නැටුම්, නාට්‍ය, මූර්ති, සිනමාව, පුවත්පත, රූපවාහිනී නාලිකා, සමාජජාලා මේ සියල්ලටම ඔහුගේ කරුණු පෙළගැස්වීමේ අන්තරගත ශිල්පීය ආකෘති සමඟ කාලීන සංදේශගත සංඥාවන් ද ඒ තුළ අන්තර්ගත යැයි කීවොත් වඩා නිවැරදියි.
මාධ්‍යය කරුවා සඳහා අවශ්‍ය අවදි කිරීම් මගින් ප‍්‍රබෝධයක් ඇති කිරීම ඔහුගේ මුඛ්‍ය පරමාර්ථ වෙලා
තිබෙනවා.
මානවයා ප‍්‍රබෝධමත් කිරීම සඳහා සංවර්ධනය කිරීම සංවර්ධන මාධ්‍ය භාවිතය හා සැබැඳි භූමිකාව අවදි කිරීම සඳහා ප‍්‍රබුද්ධත්වය යම් දුරකට දිසාගත කිරීමට කෘතිය තුළින් උත්සාහගෙන තිබෙනවා.
විවිධ සංස්කෘතික සමාජ විද්‍යාත්මක විවිධත්වයන් ඔස්සේ ඔහුගේ කරුණු පෙළගස්වා තිබෙනවා.
එම ප‍්‍රකාශන මගින් අවධානයට ලක්ව ඇති සියල්ලක් යළි ශ‍්‍රවණය කිරීමට අවකාශ සැලසීම නිර්මාණශීලී නිවේදකයකු සතු ගුණාංග නිවැරදිව පැහැදිලිව කෘතිය පුරා දකින්නට ලැබෙනවා.
නිවේදකයෙකු සතු අවධානම හා එහි ප‍්‍රතිවිපාක භාවිතා කරමින් විවිධ ජන කණ්ඩායම් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පැහැදිලි කර තිබෙනවා.
සාමුහිකත්වයක් කරා පොදු සමාජයේ දිසාගත කිරීම සඳහා අවශ්‍ය පෙරටුගාමී ජනමාධ්‍ය කලාවක අවශ්‍යතාවය මැනවින් ඔහුගේ කෘතිය තුළින් දකින්නට ලැබෙනවා.
වීරයන් හා වීර වන්දනාව තුළ ඒ තුළින් පැන නගින මාධ්‍ය සදාචාරය පිළිබඳවත් යමක් කෘතිය තුළ දකින්නට
ලැබෙනවා.
මාධ්‍ය අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර බල්ලා වන බව ඔබ කවුරුත් දන්නා කරුණක්.
ආයතනික නාමකරණයට අමතරව කෘත්‍ය සාධනයේදී තොරතුරු පරිතුලනය හා ප‍්‍රචාරණය කිරීමේදී අවශ්‍ය සාධක තේරුම් කිරීමට කතුවරයා උත්සාහගෙන තිබෙනවා.
එය විවිධාකාරයකින් ප‍්‍රතිපෝෂණය කර තිබෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඒ සඳහා අවශ්‍ය මාධ්‍යය ආවරණය කළ යුතු සාමාජීය ආර්ථික ආගමික සංස්කෘතික විශාල පරාසය තුළ ඇති වගකීම සහ වගවීමේ රටාවද මැනවින් කෘතිය තුළින් සාකච්ඡුාවට බඳුන්කර තිබෙනවා.
සාකච්ඡුාව හා සංවාද මාර්ගයෙන් මහජනතාව දැනුවත් කරමින් මගපෙන්වීමේ වටිනාකම කෘතිය තුළ අන්තර්ගතයි.
ආයතනික තුනක ස්ථාවරත්වය ස්ථාපනය බලවිභදනය යන තොරතුරු අනුව නිකුත් වන තොරතුරු ජනතාවට සපයන්නේ සිය මාධ්‍ය පිළිබඳව මනා අවබෝධයකින් විය යුතු බව ඔහුගේ මතයයි.
ගුවන්විදුලියේ හා රූපවාහිනී විකාශන ආරම්භ වන ශ‍්‍රාවක හා පේ‍්‍රක්ෂක මට්ටම් තක්සේරු කරන්නේ වෙළෙඳ පර්යේෂණ සමාගම් මගින්.
ඒත් ඒම තක්සේරු පද්ධති ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලිය නිසා ක‍්‍රමවේද පිළිබඳව පාරදෘෂ්‍යභාවය පිළිබඳව විනිවිදව දැකීමට කතුවරයා අසමත් වෙලා තිබෙනවා.
එහෙත් තක්සේරු පද්ධති ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලින් සහ ක‍්‍රමවේද පිළිබඳ පාරදෘෂ්‍ය භාවය සාමාන්‍ය ප‍්‍රජාවට දක්නට ලැබෙන්නේ නැති බව ඔහු කෘතිය තුළින් පැහැදිලි කරන්නේ නෑ.
වැඩියෙන් අසන බලන ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයවල සියල්ලන්ම අද්‍යයතන සමාජයේ පුරෝගාමීන් විදියට පෙනී සිටීමට උත්සාහ ගැනීම පිළිබඳව ඔහු සතු විවේචනය ඉතාම දුප්පත්.
රූපවාහිනී අයිතිකරුවෝ වැඩියෙන්ම නරඹන අංක එකේ නාලිකාව තමන් යැයි කියා ගන්නා තත්ත්වය සමාජය තුළින් මනාව ප‍්‍රදර්ශනය වන්නක්.
සාමාන්‍ය ජනතාවට ඒ ගැන මෙලෝ හසරක් ද නැති බව ඔවුන්ම මේ ව්‍යාජ ප‍්‍රකාශනයන් තුළින් පහසුවෙන්
රැුවටිය හැකි බව ද කෘතිය තුළින් විචාරයට ලක් වන්නේ නැහැ.
ලංකාවේ ග‍්‍රාමීය ජනතාව මුළු ජනගහනයෙන් 81%කි.
ඒ අනුව නගර හා තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වන 19%ක් පමණක් යැයි කීවොත් වඩාත් නිවැරදියි.
මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය කෙරෙන තොරතුරු ග‍්‍රාමීය ජනතාවට සැපයෙන්නේ සීමිත ආකාරයෙන් බව පැහැදිලි නිර්වචනයක යෙදීමට කෘතිය අසමත් වෙලා තිබෙනවා.
ඊට හේතු කීපයක් තිබෙන්න පුළුවන්.
යටිතල පහසුකම් නැතිකම, ගෘහ ආර්ථික ප‍්‍රමුඛතා නැතිකම, වඩා වැදගත්වීම නොදැනුම හා දුර්වල මිලදී
ගැනීමේ හැකියාව පිළිබඳව පාඨකයා ග‍්‍රාහකයා සතු දැනුම හා ඒ සඳහා ජනමාධ්‍ය කළ යුතු ප‍්‍රතිපෝෂණ පැති විග‍්‍රහ කිරීමට කෘතිය තුළින් යම් දුරකට අතපසු වී තිබෙනවා.
ඒ පසුගාමීත්වය වසාගෙන ඔහුගේ ශ‍්‍රාස්ත‍්‍රීය දැනුම ඉදිරියට කෘතිය තුළින් ගෙන යන බවක්ද දකින්නට
ලැබෙනවා.
මොන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ප‍්‍රවෘත්තියක් වුවත් නිවැරදි හා අපක්ෂපාතීතව ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ කෘතිය තුළ අන්තර්ගතයි.
ප‍්‍රවෘත්ති සපයන්නා තුළ තිබිය යුත්තේ සමාජයේ පොදු සුබ සිද්ධිය පිළිබඳ හැඟීමක් නොවේද?
යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ආගමික හිංසනය එහෙම නැත්නම් සමාජයීය හිංසනය 2014 අලූත්ගම ප‍්‍රචණ්ඩත්වය
ගැන මූලික බීජ වැපරුවේ මේ රටේ ජනමාධ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අලූත්ගම සිදුවීම් ඒවා සිදුවන පරිද්දෙන් ප‍්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කළේ අයුතු ලෙස යැයි කීවොත් වඩාත් නිවැරදියි.
රාජ්‍ය මාධ්‍ය එය ඉදිරිපත් කළේ විකෘති ආකාරයකින් කීමට සිදුවී තිබෙනවා.
වැරදිකරුවන්ව ශුද්ධ කෙරෙන ආකාරයෙන් බොහෝ විට ලංකාවේ ජනමාධ්‍යයේ හැසිරීමේ භාවිතය අපිට ඈත අතීතයේ සිටම දකින්නට පුළුවන්.
2014 ජුනි 17 වෙනිදා ආණ්ඩුවේ ඬේලිනිවුස් පුවත්පත අදාළ සිදුවීම් හුදකලා සිදුවීමක් වශයෙන් හෑල්ලූ කළ බව ඔබට මතක ඇති.
වෙනත් තැන්වල අතිශෝක්තියට නගා එය ප‍්‍රචාරය වූ බව කිව යුතුව ඇත.
පෞද්ගලික පුවත්පත් 2014 ජුනි 16 දා ද අයිලන්ඞ් පුවත්පතේ කතුවැකිය බොදු බලසේනා රැුස්වීමට මුලින් පහරදීමක් සිදුවූ බව කියමින් වරද මුස්ලිම් ප‍්‍රජාව මත ව්‍යාංගයෙන් පැටවූ බවද පාඨකගේ දැනුවත්භාවය පිළිබඳව එවැනි අවස්ථා කෘතිය තුලින් තවදුරටත් විග‍්‍රහ කළේ නම් වඩාත් අති සාර්ථක සම්භාවනයට පත්වන කෘතියක් වශයෙන් මේ කෘතිය දකින්නට පුළුවන්.
ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(2* වගන්තියේ කිසියම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනස් හමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවීය යුත්තේ යැයි සඳහන් වෙනවා.
එවැනි මතු කිරීම් සහ එවැනි පැහැදිලි කිරීම් ද කෘතිය තුළින් අන්තර්ගතව තිබෙනවා. සක‍්‍රීය මාධ්‍යයක් සඳහා භාෂණයේ නිදහස අත්‍යවශ්‍ය අංගයක්.
ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ජනමාධ්‍ය සීමාවකින් තොර, පරම බලයක් විය යුතු නැති බව කෘතිය තුළින් පැහැදිලි කරන අවස්ථා ද තිබෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අරඹයා ඇතැම් සීමාවන් පනවා තිබෙන කරුණු ද කෘතිය තුළ අන්තර්ගතයි. ව්‍යවස්ථාවේ 14(1(ක වගන්තියෙන් ඒ නිදහස සපයා දී ඇත්තේ මෙසේ යැයි පැහැදිලි කරන්න පුළුවන්.
සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහස සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය යනුවෙන් සඳහන් වී තිබෙනවා.
ඊළඟට 15(2* වගන්තියෙන් එය මෙසේ සීමා කෙරෙනවා.
14 වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාව (අ* ෙඡ්දයෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද ක‍්‍රියාත්මක විය හැක්කේද වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ
පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව බව තිබෙන අදාළ කරුණුවලටම අනුරූපවන පරිදි කෘතිය තුළ සිහිපත් කර තිබෙනවා.
වෙනත් විදියකින් කිවහොත් මේ වනාහි වාර්ගික සහ ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා නීතියෙන් පනවා ඇති තත්ත්වයන්ට අනුගත විය යුතු බවක් එයින් හැඟීයන සුලූයි.
මේ සීමාව වෙනත් නීතිවලින් බලපවත්වන නිසා ඒ වෙනත් නීති කවරේදැයි දැනගැනීමේ වැදගත්කම දණ්ඩ නීති සංග‍්‍රහයේ ඒ පිළිබඳ අවස්ථා දෙකකින් දක්වා තිබෙනවා.
291 (අ* වගන්තිය යම් තැනැත්තෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමෙකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළහොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතු යැයි සඳහන් වෙනවා.
291 (අ* ආගමික හැඟීම් කෙළෙසීම සඳහා ඒකාන්ත සහ ද්වේශසහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් දැකිය හැකි නිරූපණවලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන තැනැත්තෙකුට අවුරුදු 2 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාග ාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතු බව අදාළ දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වෙනවා.
මේ පිළිබඳව පොතේ කතුවරයා එතරම් දුරකට කරුණු විග‍්‍රහ කිරීමට යොමු වන්නේ නැහැ.
මාධ්‍යය මේ සීමාවන් ගැන කිසිම තැකීමක් කරන්නේ නැති පසුබිමක එවැනි පැති පිළිබඳවත් තවදුරටත් විග‍්‍රහ කෙරේ නම් වඩා යහපත්ය.
සිංහල බෞද්ධ ජාතික වාදයෙන් කුරුවල් වූ සමහර නිවේදකයන් සහ මුද්‍රිත ක්ෂේත‍්‍රයේ මාධ්‍යකරුවන් මේ
තහනම්වලට යටත්වන තොරතුරු දැනුමට ඉදිරිපත් කිරීම වඩාත් ව්‍යාප්ත කිරීම දැනගැනීමට කටයුතු කිරීම මෙවැනි කෘතිවලින් මතු විය යුතු දෙයක් බව විචාරකගේ අදහසයි.
එවැනි ප‍්‍රවෘත්ති යහපැවැත්මට හා විනිතභාවයට හානියක් වන බව ඒකාන්තයි.
අපරාධ හා නොසන්සුන්තා ඇති කිරීමට හේතු විය හැකි කරුණු වඩ වඩාත් ජනමාධ්‍යකරුවන් අතර දැනුවත් භාවයට කාන්දු කරීම ඉතාම වැදගත්.
මාධ්‍යයට නිදහස තිබිය යුතු වූවත්, මාධ්‍ය ස්වාධීන වූවත්, ඊට පැවරෙන වගකීම තේරුම් ගැනීම කටයුතු කිරීම මෙවැනි කෘතිවලින් එවැනි කාන්දු කිරීම් ඉතාම වැදගත්.
ලැබෙන විශ්ව දැනුම නිසා ආචාරශීලී වීමක් ද ඉන් අපේක්ෂා කරන්න පුළුවන්.
මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා බොහෝ දෙනා නියෝජනය කරන්නේ බොහෝ විට නීතියේ දැනුවත් භාවයට විරුද්ධ පාර්ශව මත තුළ ඉඳගෙන.
මාධ්‍යය අයථා පරිදි මෙහෙයවනු ලැබීම පිළිබඳව ඒ පිළිබඳව තවදුරටත් මේ කෘතිය තුළින් විග‍්‍රහ වූවා නම් වඩාත් නිවරදිය.
සිදුවන්නේ කුමක්ද යන්න සාමාන්‍ය ජනතාව බොහෝවිට දන්නේ නැත. එහෙත් තමන් නොදන්නා බව ඔවුහු නොදනිති.
මතක තියාගන්න අපේ ජනගයහනයෙන් 81%ක් පමණ ග‍්‍රාමීය ජනතාවයි. ඔවුන්ගෙන් බොහොමයක් පුවත්පත් කියවන්නේ නැත.
ඒ නිසා රූපවාහිනියට හා රේඩියෝවට ග‍්‍රාමීය නූගත් ජනතාව දැවුනත් කිරීම සහ රටේ සිදුවන දේවල්
ගැන ඔවුන් යාවත්කාලින කිරීමේ විශාල කාර්යභාරයක් ගුවන් විදුලි මාධ්‍ය ශිල්පියාට ඇති බව තේරුම්ගෙන
තවදුරටත් මේ කෘතිය තුළින් ඒ පිළිබඳ විවරණයක් කිරීම සිදුවූවා නම් ඉතාම වැදගත් යැයි සිතන සුලූයි. යුක්තියට ගරු කිරීම හා පිළිගැනීම මාධ්‍යයකරුවාගේ පාරිශුද්ධ මූලික සමාජ ධර්මතාවයක්. එවන්නන්ගේ නිර්මාණ අගය කිරීම හා ඒ සියල්ලක් පොදු සමාජයට ඒකාබද්ධ කිරීමද ඉතාම වැදගත්.
වැඩවසම් සම්ප‍්‍රදායේ පුනර්ජීවනය කිරීම සඳහා ඊට විකල්ප පෙරදැක්මක් ලබාදීමේ අවශ්‍යතාවයද මෙැවනි කෘතීන් තුළින් පෙරමඟ ගන්නේ නම් ඉතාම යහපත්.
අයුක්තියට එරෙහිව එකිනෙකා හා බැඳී ඇති ආකාරය වර්ධනය කිරීම හා විමසීමට සංවාද මණ්ඩපයක් කිරීම සඳහා මේ කෘතිය මනා පිටුවහලක් වනු ඇතැයි විචාරකගේ අපේක්ෂාවයි.
මාධ්‍ය මගින් විවිධ ජනකණ්ඩායම් ඒකාබද්ධ කිරීමට වැඩසටහන් සකස් කිරීම ඉතාම කාලීන දෙයක්.
කාලීන ප‍්‍රඥාව පිළිබඳව දේශන, සාකච්ඡුා, වැඩමුළු, සම්මන්ත‍්‍රණ, ගුවන් විදුලි මාධ්‍යය මගින් මැනවින් ඉටු කිරීමට හැකියාව ඇතත් අදාළ බලධාරීන් ඊට අවශ්‍ය යොමුවීම අවම වීමේ තත්ත්වය පිළිබඳව මේ කෘතිය
තුළින් විග‍්‍රහ කළේ නම් ඉතාම වැදගත්ය.
සත්‍යය කියවමින්, ශ‍්‍රවණය කිරීමෙන් රසවිඳීම හා සෙසු ප‍්‍රජාව අතරට ගෙන යාම සඳහා ගුවන්විදුලියට කළ හැකි කාර්යභාරය සුවිශාලයි.
කුඩා කණ්ඩායම් සමඟ එක්වී විවිධ මාතෘකා ඔස්සේ එම කණ්ඩායම් ඇගයුමට ලක් කිරීම පෙරළා ප‍්‍රතිපෝෂණය කාලීනව ඇති කිරීම සඳහා ගුවන්විදුලියට හැකි කාර්යභාරය සුලූපටු නොවේ.
පීඩනයට පත්වූවන් යම්කිසි ජනමාධ්‍යයේ අරමුණු කාර්යභාරය ඉටුකරගැනීම සඳහා විවිධ ප‍්‍රකාශන ඉදිරිපත් කිරීම සමාජ මාධ්‍ය වගකීම හා සෙසු මාධ්‍යයවලට පෙරවදනක් ලබාදීමට ගුවන්විදුලි මාධ්‍යයට කළ හැකි භූමිකාව අප‍්‍රමාණයි.
පීඩනය අන්‍යයන්ට කියවීමට පල කිරීම පල කරන අදහස් දැක්වීම ඒ සඳහා යුක්ති ඥාන මණ්ඩලයක් බවට
ගුවන් විදුලියට කළ හැකි කාර්යභාරය සඳහා තවදුරටත් මේ කෘතිය තුළින් විග‍්‍රහ වූයේ නම් ඉතාම වැදගත් යැයි විචාරකට සිතේ.
සිදුවන දේවල් ගැන දැනගැනීමේ අයිතියක් පොදු ප‍්‍රජාවට හිමිකමක් ඇත.
එමෙන්ම රූපවාහිනී හා වෙනත් මාධ්‍යයන් හරහා සත්‍ය දැනගැනීමේ සදාචාරමය අයිතියක් පොදු ලාංකිකයින්ට
තිබෙන බව අප දන්නා සත්‍යයක්.
රාජ්‍ය මාධ්‍යය හා වෙනත් ඇතැම් පෞද්ගලික නාලිකාවන්ද මෙකී සදාචාරමය වගකීම පැහැරහැර ඇති බව
තවදුරටත් කෘතිය මගින් විචාරයට ලක් වූවා නම් වඩාත් වැදගත් වේ.
ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය ඔවුන් උරදි නැති බව තවදුරටත් විග‍්‍රහ කිරීමේදී ඒරානන්ද හෙට්ටිආරච්චි උත්සාහ නොගැනීම කනගාටුවට කරුණක්.
දේශපාලනික තොරතුරු ප‍්‍රජාවට සැපයීමේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාක්ෂිකත්වය අනුව නම් එය යහපත් නොවේ.
මාධ්‍ය ආයතන මගින් පාඨකයාගේ ග‍්‍රාහකයාගේ අසන්නාගේ සිත් සතන් එක දිගටම කුරුවල් කිරීම පිළිබඳව
තිබෙන ගැටලූ සහගත තත්ත්වයන් පිළිබඳව මනා විග‍්‍රහයක් කිරීමට කතුවරයාට තිබූ මනා අවස්ථාව මගහැරී ගොස් තිබෙනවා.
විශේෂයෙන් අසරණ ගැමි ජනතාව ඊට ගොදුරු වීම පිළිබඳව මාධ්‍යය ආයතන බලන්නේ පටු ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතීන් මත කේන්ද්‍රගතව සිටිමින් බව පැහැදිලි සත්‍යයක්.
මේ ප‍්‍රවර්ධන නපුරු සැලැස්ම සාර්ථකව ඉටු වීම තුළින් වැඩවසම් සමාජ සංස්කෘතිය තවදුරටත් තහවුරු වෙමින් රට පුරා දිසාගත වෙන තත්ත්වය වෙනස් කිරීමට කතුවරයාට කිසියම් මතු කෘතියක දී හෝ ප‍්‍රඥාව පහළවේවායි විචාරකගේ සිතුවිල්ලක්.
ග‍්‍රාමීය ජනතාවගේ හැඟිම්වලට ආමන්ත‍්‍රණය කෙරෙන ආකාරයෙන් මාධ්‍යකරුවන්ගේ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පෙර වදනක් ලබාදීම ඉතාම වැදගත් කරුණක්.
තාර්කිකව මාධ්‍යය ආමන්ත‍්‍රණය කරන්නේ ඔවුන්ගේ හැඟීම් පාර්ශ්වයන්ට අවනතව හැඟීම්බර භාවය තාර්කික චින්තනය දැනට සමස්ථ ජනමාධ්‍ය තුළින් මොට කරමින් තිබෙන පරිසරය ප‍්‍රබුද්ධ ලෙස විචාරය කිරීමට කතුවරයා උත්සාහගෙන නැහැ.
භිතිකාවන්, උද්වේගයන් සහ හැඟීම්බර පේ‍්‍රරණයන් ඇද බැඳ ගන්නා දොරටු එමගින් විවර කිරීමට හොඳ අවස්ථාව ලැබෙන බව සියල්ලක් දන්නා කරුණක්.
අහිංසක සහ පහසුවෙන් රැුවටෙන සුලූ සිංහල ග‍්‍රාමීය ජනතාව ප‍්‍රචාරක වාදී සංස්කෘතියෙන් බැහැර කිරීමට අද දවසේ අවශ්‍ය කාලීන මාතෘකාවක්.
ජනප‍්‍රියවාදී ප‍්‍රචාරණයන්ගෙන් ගිලිහී ගොස් ඇති රැුවටිලිකාරී හා දේරා්හී මතිමතාන්තර නිර්මාණය වැලැක්වීම සඳහා කිසියම් ශ‍්‍රාස්ත‍්‍රීය පෙළඹවීමක් කෘතිය තුළින් ලබාදීමට තිබූ අවස්ථාව මඟහැරී ගොස් තිබෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නායකයන් බලයට පත්වීමටත් බලය අවභාවිතා කිරීමටත් මේ පරිසරය ඉඩ හසර පාදාගෙන පාදඩ සංස්කෘතික ස්වභාවයක් දැනට දකින්නට ලැබෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී හුස්ම සිරවී මරණාසන්නව සිටින අවස්ථාවක ඊට ඔක්සිජන් වායුව පිඹීමේ හැකියාව ජනමාධ්‍ය සතුයි.
නමුත් ඒ යුක්තිය ඉටු කිරීමට අත්වැල්බැඳීමට ලංකාවේ ජනමාධ්‍ය අසමත් බව නිර්වචනය කිරීමට කතුවරයා උත්සාහගෙන නැහැ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හුස්ම තවදුරටත් රැුකගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා අත්වැල්බැඳීමට මෙවැනි කෘතියක් තුළින් කළ හැකි කාර්යභාරය අපමණයි.
එය පුළුල් සමාජ සංවාදයකට ලක් විය යුත්තක්.
මාධ්‍ය චර්යාවේ පක්ෂපාතීත්වය නිරාවරණය කරන මෙවැනි කෘතීන් තවදුරටත් රට තුළ සමාජගත වූවත් එවැනි අවස්ථා අපේ කතුවරුන්ගෙන් මඟහැරී යන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
ජනමාධ්‍යයේ මුරබල්ලාගේ භූමිකාව ඒ සඳහා ස්ථාවරත්වය, සැකසංකා නැතිව ඒ සඳහා අවශ්‍ය සමාජ විද්‍යාත්මක දැනුම මෙවැනි කෘති තුළින් මනාව ඉදිරිපත් කළ හැකිය.
සියල්ලන්ටම සාධාරණත්වය ඉෂ්ඨ වන ආකාරයෙන් නිදහස් හා සකී‍්‍රය මාධ්‍යයක් ගොඩනැගීමට එය ප‍්‍රබල දායකත්වයක්.
එවැනි ග‍්‍රන්ථ නිකුත් නොවන තාක් කල් ලංකාවේ තවදුරටත් සැක සංකා සහිත ජීවන රටාවක් ඔස්සේ ජන ජීවිතය ගත කිරීමට ප‍්‍රජාවට සිදුවනවා ඇත.
ඒ නිසා අර්ථ විරහිත සිවිල් සමාජය තවදුරටත් පාදඩ දේශපාලනඥයන්ගේ ග‍්‍රහණය තුළ රට කොටුවනු ඇත.
පෞද්ගලික මාධ්‍ය තමන්ගේ චර්යාවන් මාධ්‍ය සදාචාරයට ඔබින අයුරින් හැඩ ගස්වා නොගන්නේ නම් ඔවුන්ව වාරණය කරන ලෙස ඉල්ලා සිටීමටත් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිරූපය හා නිර්වචනය මෙවැනි කෘති තුළින් තේමා කරගත යුතුය.
මාධ්‍ය මුදලාලිලාගේ සහ රාජයේ අත පෙවීමෙන් නිදහස් මාධ්‍යයක් හා මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය භාවය නඟාසිටුවීමක් සඳහා අවශ්‍ය අත්වැල එවැනි පරිසමාප්ත කෘති තුළින් අන්තර්ගත කළ හැකිය.
ඒ සඳහා අවශ්‍ය යුක්තිය සාධාරණත්වය පිළිබඳ හැඟීම් ඉස්මතු කළ හැකි අවස්ථා තවදුරටත් සංවර්ධනය විය යුතුයි.
දුරගමනක් කැඳවාගෙන යෑමට එවැනි කෘතීන්වල සමාජයට වන සාධාරණත්වය අප‍්‍රමාණයි. ඒ සඳහා අභිලාශය කුළු ගැන්වෙන්නේ එවැනි කෘති තුළින්.
වෙනස්කම් තිබෙන්නට පුළුවන් වූවත් වෙනස්කම් පසුබෑම් සේ අර්ථදැක්වීමේ තැන් කරා යෑමට මෙවැනි කෘති
තුළින් අවකාශ ලැබෙන්නේ නැත.
අවැසි අවකාශය පොදු ප‍්‍රජාවගේ ඉරණම සඳහා සුපුරුදු සමාජ කතිකාව සඳහා අවශ්‍ය මාතෘකා තෝරාගත යුත්තේ අදාළ කතුවරුන් විසින්මය.
සත්‍ය සිදුවීම් තුළින් ප‍්‍රබුද්ධ ජනමාධ්‍යයක අවශ්‍යතාවය උදෙසා කළ යුතු යුක්තිය පසඳලීමේ නොයෙක් මං පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට දිගහැරීමට එවැනි කෘතීන් තුළින් වඩාත් අවකාශය ලැබෙනු ඇත.
ජීවිත ස්වභාවය මනාව විවරණයටත් ජනමාධ්‍යයේ සිතුම් පැතුම් ඉරණම පිළිබඳ කියවීමටත් එය පුළුල් කියවීමකට මඟ පාදා ගත හැකි අවස්ථාවක් යැයි පැහැදිලි කර යුතු අමුතු දෙයක් නොවේ.
නූගත්කම හා දරිද්‍රතාව ජීවිතයේ හැඩය තීරණය කරන මාවතක් බවට ජනමාධ්‍ය පත් වී තිබේ.
වාර්තානුරූපී බව වැඩි අනාරක්ෂිත ආකාරයත් උචිත නිමිත්තත් ඇතිව එවැනි කෘතීන් සමාජගත වීම ඉතාම වැදගත්.
නිශ්චිත සත්‍ය සිදුවීම් පූර්ව නියාමන සහිතව පෙළ ගස්වන්නට එවැනි සාරගර්භ කෘති තුළින් වඩාත් සමාජ අවශ්‍යතාවය ඉල්ලා සිටින හා සමාජයේ එබිකම් කරන පරිසරයක අප අද ජීවත් වෙති.
එවැනි දිගහැරුම්වල උද්වේගකර අවස්ථා පසුගිය දිනවල අරගල තුළින් සංත‍්‍රාසය හා කුතුහලය සුදුසු පරිදි සමාජගත වූ අවස්ථා අප‍්‍රමාණයි.
අවදානමට පාත‍්‍රවිය යුතු පාදක වන සිදුවීම් සමුච්ඡුය ගවේශනයට සම්බන්ධ පාර්ශ්ව විසින් වරින් වර ඉදිරිපත් කරනු ලබන අදහස් යා යෝජනාද කර්කෂ නොවන තැනකට ගෙන යනු පිණිස අනාගත කෘති තුළින් අපේක්ෂා කළ හැකිය.
මාධ්‍ය භූමිකා නිවැරදි ජනමාධ්‍ය භාවිතයට අත්වැලක් ලෙස එරානන්ද හෙට්ටිආරච්චිගේ මේ කෘතිය තුළ අවතක්සේරු කළ යුතු තැන් නැති තරම්.
ජීවිත ස්වභාවය විවරණයට සිතුම් පැතුම් නිවේදක ඉරණම පිළිබඳ කියැවීමකට මහඟු හැඟුම් ඉදිරිපත් කර
ගවේශනාත්මක නිර්මාණ කරණයක්ද එරානන්ද සිය කෘතිය තුළින් සිදුකර තිබෙනවා.
සත්‍යයෙන් ඔබ්බට යෑම සඳහා තීරණාත්මක අවස්ථා පිළිබඳව එරානන්ද කොන්දේසි සහිතව මැදිහත් වී නැහැ.
ප‍්‍රතිභා සම්පන්න රචකයකු ලෙස ඔහුගේ භූමිකාව තවදුරටත් අගය කළ යුතු යැයි විශ්වාස කළ හැකි පරිසරයක ඒරානන්ද ඉන්නවා යැයි කීම වඩාත් නිවැරදිය.
ප‍්‍රඥාසම්පන්න පාඨකයකු බිහි කිරීමට නොමඳව ඉවහල් වන කරුණු මාධ්‍ය භූමිකා ‘නිවැරදි ජනමාධ්‍ය භාවිතයට’ යන කෘතිය තුළ මනාව අන්තර්ගතයි.
සාධනීය ප‍්‍රතිවිවේචනයටත් අගැයුමටත් ආකෘතිය පරිචිතය කොට ආකෘතිය හරහා සමාජ යථාර්තය තවදුරටත් ප‍්‍රගුණ කිරීමේ තැන් තිබෙන බව පමණක් අදාළ විචාරය තුළ අන්තර්ගත කළේ අවඥාවකට ලක් කිරීම සඳහා නොවේ.
සුදු සහ කළු පැහැදිලිවම සමාජගත වී තිබෙන මේ සමාජ පරිසරය තුළ මහත් සම්භාවනාවට පාත‍්‍ර කළ යුතු සමාජ සංස්ථාවල යතාර්ථය නිරූපණය කිරීමට යම් දුරකට සමත් වී තිබෙන මාධ්‍ය භූමිකා කෘතිය තුළ නව්‍ය අන්තර්ගතයන් ද චිරාගත තොරතුරු ද අන්තර්ගතය.
දෘෂ්ඨීවාදී මායා දැලට නතු නොවී අන්තර්ගතය අතින් බංකොලොත් නොවී දෘෂ්ඨිවාදී මායා දැල හිතූ එය න්‍යායාත්මක හා ප‍්‍රායෝගිකත්වයේ සංකලනයක් පරිදි තවදුරටත් මේ කෘතිය තුළ සංවර්ධනාත්මක ජනමාධ්‍ය භාවිතය ගොනු කළේ නම් වඩාත් වැදගත්.
කෘතියේ ආකෘතිය පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාම සියුම් ජනමාධ්‍ය ප‍්‍රඥාවක් වර්ධනය කරන සුලූයි.
විෂය බද්ධ සත්‍ය සොයන්න ඕපපාතික ජනමාධ්‍ය කලාවටත් ජනමාධ්‍ය අවිද්‍යාවෙන් භාවිතා කරන ජනමාධ්‍යකරුවන්ටත් රුචිකත්වය ¥ෂණය කිරීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින ආධුනික මාධ්‍යකරුවන්ටත් පොත
තුළින් ලබාදෙන විචාරාත්මක නිර්දය විවේචනයන් අන්තර්ගතයි.
දැවැන්ත ව්‍යාජයක් ගොඩනගාගෙන වෙළෙඳ මාෆියාව තුළ යැපෙන බහුතර ජනමාධ්‍ය හිමිකරුවන්ගේ යථා ස්වරූපය විචාරාත්මක අවධානය යොමුකර නැති පසුබිමක විශිෂ්ඨ සාහිත්‍ය කෘතියක අන්තර්ගත යුතු බොහෝ කරුණු මේ කෘතිය තුළ වස්තු වී ඇත.
ප‍්‍රාග්ධනයේ ආධිපත්‍ය ආර්ථික සදාචාර ආදී සෑම අංගයක්ම කුළුගැන්වී තිබෙන පරිසරයක ධනේෂ්වර රාජ්‍ය
තන්ත‍්‍රයේ කාර්යභාරය අනාවරණය කිරීමට ඊට අදාළ විචාර නිම් වළලූ ප‍්‍රගුණ කිරීමට කෘතිය සතු විචාර බුද්ධිය තවදුරටත් මැනවින් පසක් කළ යුතු බව විචාරකගේ අදහසයි.
කරුණු කෙසේ වෙතත් මතවාද විමසීමක් සහ යා යුතු ගමන් මඟ ජනමාධ්‍ය සඳහා පෙර දැක්මක් ලබාදීමට
අගය කළ යුතු අප‍්‍රමාණව තිබෙන මේ කෘතිය වෛරී ප‍්‍රකාශ විසක් ලෙස ගලා යාමක් සිදුවන බවක් මිනිස් සිත් විකෘති වෙන්නේ විකෘතියක් ලෙසම නොව ජනමාධ්‍යකරුවාගේ දැනුම, අධ්‍යයන සහ පුහුණුව මත බව
තවදුරටත් කෘතිය තුළ අන්තර්ගතය වී තිබෙනවා.
සාමකාමීව මනුස්ස හැඟීම් පෙනෙන්නට තිබෙන කේන්තිය, සැකය, ශෝකය තුළ පරිනත භාවය සඳහා නිවේදකයා සතු භූමිකාව තවදුරටත් ඉදිරියට යා යුතු බව පැහැදිලිව සඳහන් වන කරුණක්.
වර්තමාන දේශපාලන අර්බුදය විසින් අපට කියා දෙන පාඩම් කවරේද?
ගැඹුරින් ඒ පිළිබඳව ප‍්‍රජාතන්තී‍්‍රය, ව්‍යවස්ථාමය හා ආණ්ඩුකරණ රාමුවක් තුළ තවදුරටත් පුරවැසියන් ඉදිරියට යා යුතු බව පැහැදිලි කරන සත්‍ය ජනමාධ්‍යකරුවන්ට පෙරවදනක් ලබාදෙමින් කෘතිය තුළ අන්තර්ගත විවිධ කරුණු ඉතිහාසය ඈත මෑත ගුවන් විදුලි රටාව පිළිබඳව විවරණය තුළින් ස්වාධීන කතුවරයකුගේ භූමිකාව ඒරානන්ද හෙට්ටිආරච්චි මනාව ඉටු කර ඇත.
සුමිත් කොඩිතුවක්කු
විචාරක