හුදු බලය අත්පත් කරගැනීම අරමුණු කරගත් පැරණි පන්නයේ දේශපාලනය වෙනුවට සංවිචාරණීය සමාජයක් සඳහා ශ‍්‍රී ලාංකිකයින් කැඳවාගෙන යන්නේ විජයානන්ද ජයවීර.
විජයානන්ද ජයවීර යනු දිගු කළක් ගුවන් විදුලි සංස්ථාවේ ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළා.
1994 සිට යුනිස්කෝ ආයතනයේ සේවයට බැඳීම සඳහා පැරිසියේ පිහිටි යුනිස්කෝ මූලස්ථානයට ගියා. අනතුරුව ඉන්දුනීසියාව, මැලේසියාව හා ඉන්දියාව යන රටවල නේවාසිකව විජයානන්ද ජයවීර ජීවත් වුණා.
ආසියානු කලාපයේ ජනසන්නිවේදන සංවර්ධනය පිළිබඳ යුනිසෙකෝ උපදේශකයා ලෙස කලක් කටයුතු කළා.
2011 යුනිස්කෝ සේවයෙන් විශ‍්‍රාම යන විට ඔහු දියුණුවෙන රටවල ජන සන්නිවේදන සංවර්ධනය පිළිබඳ යුනිස්කෝ ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
විජයානන්ද ජයවීර බි‍්‍රතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙක්.
මේ කෘතහස්ත විජයානන්ද ජයවීර සංවිචාරණනීය සමාජයක් සඳහා ශ‍්‍රී ලාංකික සමස්තයට දේශපාලන හා ආර්ථික වෙනත් කියවීමක් සඳහා සමාජගත වීමට ඇරයුම්කරමින් ඉන්නවා.
ජනතා නැගිටීමේ මීලඟ අවදිය සඳහා ඔහු නිමිති ගණනාවක් ලබාදෙමින් ඉන්නවා. දේශපාලනය යනු බලය පිළිබඳ කටයුත්තක්.
දේශපාලනය වචනාර්ථයෙන්ම ඒ තුළ නිර්වචනය වෙනවා.
මේ සමාජය ගොඩනැගීම සඳහා යුක්තිය ඉටුකරගැනීමේ දේශපාලන සංස්කෘතියක් සඳහා විජයානන්ද ජයවීර සමස්ත සමාජ සංස්ථාවල සියල්ලන්ට කැඳවුම්කරුවෙක් විදියට මේ වන විට සුවිශාල ග‍්‍රන්ථයක් ඉදිරිපත් කරමින් යුක්ති සහගත සමාජයක් ගොඩනැගීමේ අවකාශය සහ අවශ්‍යතාවය සමාජයට පූර්වාදර්ශයක්
ලබාදෙමින් විශමතා අවම කිරීම සඳහා ප‍්‍රකාශිත අරමුණු ගණනාවක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
බලය අත්පත් කරගැනීමේ දේශපාලනයට අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයකු වීම හැර සැමට එම අභිලාෂය ඉටුකර ගත හැකි ජන සමාජයක් ගොඩනැගීමට මෙතෙක් අපට හැකිවී නැත්තේ සංවිචාරයීය සමාජයක් සඳහා ලාංකිකයින් ඉදිරිපත් නොවීම යන කරුණ විජයානන්ද ජයවීර දැඩිව ඉදිරිපත් කරමින් සමාජ ක‍්‍රියාකාරිකයින්ට පෙර වදනක් සාමූහික ප‍්‍රයත්නයක් සඳහා සුවිශේෂ සම්භාව්‍ය ජනගත කිරීමක් කර තිබෙනවා.
කලකිරීම්වලින් සහ රැුවටිලිවලින් පැහැදිලිවන සමාජ ප‍්‍රපංචයන් පිළිබඳව මනා විග‍්‍රහයක විජයානන්ද ජයවීර යෙදෙමින් සමාජ ක‍්‍රියාකාරී මනා සැලැස්මක් සඳහා යුක්තිය ඉටු කරගැනීම සඳහා වංචාවේ ගොදුරු නොවන්නට නම් සංවිධානාත්මක විය යුතු පැති නිර්වචනය කරමින් සම්භාව්‍ය කෘතියක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ජනතාව එකතු විය යුත්තේ පොදු අභිලාෂය සම්බන්ධයෙන් සැමට යුක්තිය ඉටු කරගැනීම සඳහා යැයි ඔහු පවසනවා.
සුසමාදර්ශයක් යනු යතාර්ථය විමසීම සඳහා උපයෝගී කර ගන්නා මුක්ති අදහස් සමුදායක් ඊට අන්තර්ගත විය යුතු බව ජයවීර පවසනවා.
ගොඩනගන, ගොඩනැගූ, උපකල්පන නිගමන වටිනාකම් අනන්‍යතා සහ භාවිතාවලින් සමන්විත සිතුවිලි පද්ධතියක් ඒ ගොඩනැගෙන නව සමාජ සංස්කෘතික සංවිධානය තුළ අන්තර්ගත විය යුතු බව ජයවීර පවසනවා.
එහිම මුඛ්‍ය අදහස ඊට ප‍්‍රස්තූථ වන කරුණු දේශපාලන පරිවර්තනයක් ඇති කරගන්නේ කෙසේද යන්න වැඩිදුරටත් ඔහු පවසන්නේ මෙසේය.
වැදගත් දෙය වන්නේ තමන් මෙතෙක් විශ්වාස කළ දේවල් තවදුරටත් නිවැරදි නොවන බව මිනිසුන්ට ඒත්තු යන සේ පර්යේෂණ සහ විශ්ලේෂණ මගින් මතු කරගත් සාක්ෂි ඔවුන් ඉදිරියේ ගෙනහැර තැබීමට ගොඩනැගෙන නව සමාජ සංවිධානය වගබලාගත යුතු බවයි.
සම්ප‍්‍රදායික විද්‍යාව හා නූතන විද්‍යාව ඉදිරිපත් කරන නිගමන අතර ඇති වෙනස පැහැදිලි කරන ජයවීර මහතා න්‍යාය මත විද්‍යාත්මක දැනුම ක‍්‍රමික තහවුරු වනවා වෙනුවට විප්ලවකාරී විද්‍යාවක් කරා සමාජ සංස්ථා ගෙන යන ප‍්‍රබුද්ධ වෙනසකට මාවතක් ඔහු විසින් ඉදිරිපත් කර තිබෙනවා.
යුක්ති සහගත සමාජයක් ගොඩනැගීමේ ප‍්‍රයත්නයන් මීට පෙර අනන්තවත් අප‍්‍රමාණව තිබුණි.
සමාජවාදී යැයි හඳුන්වන ලද ඇතැම් ඒ සංවිධාන සමාජ විෂමතා අවම කිරීම ප‍්‍රකාශිත අරමුණු කරගත් ක‍්‍රියාකාරී සැලැස්මක් නැතිවීම කනගාටුවට කරුණක් බව ඔහු විග‍්‍රහ කර තිබෙනවා.
මංමුලාවට ගොස් මහජනතාව අතර අපකීර්තියට ලක්වන සංවිධානවල සමාජ කාර්යභාරයක් සිදුවන්නේ නැත.
එවැනි අසාර්ථක ප‍්‍රයත්නවල දක්නට ලැබුණු පොදු ලක්ෂණ ඔහු වැඩිදුරටත් විග‍්‍රහ කරමින් කැඳවුම්කරුවකු වශයෙන් සියල්ල බලය අත්පත් කරගැනීම මුඛ්‍ය කරගත් ප‍්‍රයත්නයක් සඳහා සමාජය ප‍්‍රඥාවන්ත කළ යුතු බව සංවිචාරණීය සමාජයක් සඳහා වූ සිය ග‍්‍රන්ථය මගින් ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
බලය අත්පත් කරගැනීමට විකල්ප වූ යුක්තිය ඉටු කරගැනීමේ සමාජීය දේශපාලන ක‍්‍රියාකාරිත්වය සඳහා පැහැදිලි සමාජ සංවිධානාත්මක මාවතක් සකස් විය යුතු බව ඔහුගේ තේමාවයි.
මුඛ්‍ය අදහස් පද්ධතියක් ඊට සමාජ ක‍්‍රියාකාරිකයින් විසින් ඉස්මතු කරගත යුතු බව ඔහු ගැඹුරින් විවරණය කර තිබෙනවා.
යුක්තිය ඉටුකරගැනීම සඳහා අදහස් කරන්නේ කුමක්ද යන්න ඊට අදාළ දේශපාලන බලය ස්වාමිකකාමී අත්පත් කරගැනීම මගින් නොව සමාජයේ සංවිචාරණීය අභිමතය අනුව නිරන්තර මහජන සහභාගිත්වය පදනම් කොටගත් ඊට නෛතිකව සහ ක‍්‍රියාකාරී මෙහෙයවන සාමාජිකයින් එක්විය යුතු බව ඔහුගේ මූලික හරයයි.
බංකොලොත් ව්‍යාජ නියෝජන ක‍්‍රමවලින් මුලා නොවීමට අදාළ සාමාජිකයින් වගබලාගත යුතු බව ද මේ අත්දැකීම් ලෝකය පුරා අධ්‍යයනය කර ලබාගත් දැනුම මතින් උදාහරණ ගෙනහැර පාමින් ව්‍යුහාත්මක දේශපාලන ආර්ථික වෙනස්කම් කෙබඳු විය යුතු ද යන්න ඔහුගේ නිගමන හා වැඩිදුර අදහස් ප‍්‍රකාශ කර
තිබෙනවා.
නිශ්චිත අදහස් ජනනය කරගත හැකි මාවත් සංවර්ධනය කරගත යුතු බව ජයවීර මහතා නැවත නැවත ප‍්‍රකාශකර තිබෙනවා.
පවත්නා දේශපාලන හා ආර්ථික ක‍්‍රමය නිසා උද්ගත වී ඇති ප‍්‍රශ්නවලට උචිත පිළිතුරු සැපයීමට හැකිවන ආකාරයෙන් සංවිධානය විය යුතු බව ඔහුගේ අදහසයි.
යුක්තිය ඉෂ්ඨ කරගැනීමේ දේශපාලන ආදේශ කෙසේ සකස් විය යුතුද යන්න වැඩිදුරටත් ඔහු අන්තර්ජාතික විද්වතුන්ගේ හා ග‍්‍රන්ථ කර්තෘවරුන්ගේ අදහස් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
කෙබඳු ජන සමාජයක් බිහි විය යුතුද යන්න බලය ගැන කරදර වීමට වඩා උපායමාර්ගික දැක්මක් ඇති ජනතාවක් සංවර්ධනය කරගැනීමේ වැදගත්කම දිගින් දිගටම ඔහු විග‍්‍රහ කරනවා.
ප‍්‍රායෝගික ලෙස බැලූ විට දේශපාලනය යන තමන් ජීවත්වන ජන සමාජයේ අනාගතය කෙබඳු විය හැකි ද යන්න ඔහුගේ නිගමන පැහැදිලි කිරීම් තුළින් ජනතාවට ලබාදෙන පණිවිඩය කුමක්ද?
පැහැදිලි දැක්මක් ඇති ජනතාවක් එවැනි සමාජයක් බිහිවීමේ හැකියාව සඳහා හැකි තරම් විද්වතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයින් දේශපාලනඥයින් මනාව ක‍්‍රියාකාරි සැලැස්මක් දියත් කළ යුතු බව ඔහු පවසනවා.
ඊට අදාළ සම්බන්ධතා හා ප‍්‍රකාශනය උපායමාර්ගික දැක්ම තුළින් බිහිකර ගැනීමේ අවශ්‍යතාවය ද තවදුරටත් ඔහු විග‍්‍රහ කර තිබෙනවා.
ඇතැම් රටවල මහජන නැගිටීම් අර්ථ විරහිත ලෙස අවසන් වූ අවස්ථා පිළිබඳවද විග‍්‍රහ කරන ජයවීර මහතා පටු ජාතික වාදී ඉන්ද්‍රජාලයන් මගින් දේශපාලනය අත්පත් කරගන්නා දේශපාලන පාදඩයින්ගේ සමාජ සංස්කෘතිය මනාව විග‍්‍රහ කර තිබෙනවා.
දේශපාලන සුසමාදර්ශී නිත්‍ය මුඛ්‍ය ලක්ෂණ පිළිබඳව විග‍්‍රහ කරන ජයවීර මහතා බලය ඉල්ලන කණ්ඩායම් අතරින් ආණ්ඩු බලය අල්ලා ගන්නා කණ්ඩායම් කලින් කලට පැවැත්වෙන මැතිවරණ මගින් තෝරාගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැලකීමට ජනතාව පුරුදු වී පුහුණුවී තිබීම පිළිබඳව කරුණු ගෙනහැර තිබෙනවා.
මිනිසා යනු ස්වර්ථය තකා කටයුතු කරන තාර්කික ආර්ථික සත්වයෙක් නිසා ඒ සඳහා සමාජගත වීමෙන් බොහෝ දේ කළ හැකි බව ජයවීර මහතා අවධාරණය කර තිබෙනවා.
ධනවාදී ආර්ථික චින්තනය මත ආර්ථිකය මෙහෙයවීමට ආධාර උපකාර කරන සමාජ සංස්කෘතිය පිළිබඳව ඔහුගේ විග‍්‍රහයන්ට අයත්.
ඒ අනුව පෙනී යන පැහැදිලි සත්‍යය නම් කුමක්ද?
ඊට අදාළ පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වශයෙන් හඳුනාගත යුතු ක‍්‍රම තුළින් ඒ සැබෑ අරමුණු හුදෙක් ධනය හා සම්පත් අත්කරගැනීමේ අවශ්‍යතාවය නොව වඩා ගෞරවය සහ තත්ත්වය දිනාගැනීමේ මූලික කොන්දේසි ලෙස ඔහුගේ පෙරවදන්වල සඳහන් වෙනවා.
නූතන ආර්ථික විද්‍යා න්‍යායේ සුවිශේෂ වශයෙන් නව ලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ මනුෂ්‍යයා වනාහි උපයෝගිතාව උපරිම කර ගැනීම සඳහා වෙතත් තමන්ගේ ද්‍රව්‍යමය උන්නතිය සළසා ගැනීම පිණිස ස්වර්ථයම සලකා සහබුද්ධික තීරණවලට එළැඹෙන ආත්මාර්ථකාමී මිනිසාගේ සුවිශේෂ ලක්ෂණ මනාව විග‍්‍රහ කර තිබෙනවා.
මනුෂ්‍යයින්ට ආවේණික වූ ආත්මාර්ථකාමී ආකල්පය බැහැර කිරීම සඳහා මෙවැනි සමාජ සංවිධානවලින් කළ හැකි කාර්යභාරය අපමණ බව ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.
එහිදී ලාංකික ජනතාව සඳහා නව දේශපාලනයක් බිහි කිරීම හා ආත්මාර්ථකාමය හා ස්වාමිත්මකාමය වෙනුවට සහයෝගිතාවය සහ තිරසාරත්වය පදනම් කරගත් සමාජ සංවිධානවල අවකාශය වැඩිදුරටත් පැහැදිලි කර
තිබෙනවා.
සහරක්ෂණීය ආර්ථික එළැඹුමක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වාදී තිබෙනවා.
පවතින දේශපාලනය හා ආර්ථික එළැඹුම් එවැනි සුසමාදර්ශීය වෙනසක් ඇතිවීමට නම් ගෞරවාන්විතව ජනතාව අවදිවිය යුතු බව වැඩිදුරටත් පෙන්වා දි තිබෙනවා.
සංවිචාරණීය මහජන සහභාගිත්වයට නිරන්තරව ඉඩ සලසන දේශපාලන තන්ත‍්‍රයක් මගින් හා එමගින් බිහිකිරීමට බලාපොරොත්තුවන ජන සමාජයේ ස්වාභාවය පිළිබඳව පොදු එකඟතාවක් ඇති කරගත යුතු බවට ජයවීර මහතාගේ සමාජයේ කැඳවුම්කරුවකු ලෙස ඔහු කරන විග‍්‍රහය බුද්ධිමත්, ශාස්ත‍්‍රාලීය කියවීමකි.
බලය අත්පත් කරගැනීමට විකල්ප වූ යුක්තිය ඉටු කරගැනීමේ සංවිචාරණීය දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් මතු කරගැනීමට සංවිධානය විය යුතු බව ඔහුගේ අවසන් නිගමනයයි.
නාස්තිකාරී රේඛීය ආර්ථිකය වෙනුවට පුනර්ජනනීය චක‍්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි ආකාරය පිළිබඳව මුඛ්‍ය අදහස් පද්ධතියක් එවැනි සංවිධාන ගතවීමෙන් ඉටුකර ගත හැකි බව විජයානන්ද ජයවීර වැඩිදුරටත් පවසා තියෙනවා.
දේශපාලනය යනු බලය පිළිබඳ කටයුත්තක් බව සමාජය දන්නා කරුණක්.
එදිනෙදා භාවිතයේදී දේශපාලන බලය අත්පත් කරගැනීම පිළිබඳ කටයුත්තක් වශයෙන් සැලකීම පිළිබඳව වැඩි මතභේදයක් තිබිය නොහැකි බව ඔහු පවසනවා.
එහෙත් එසේ අත්පත් කරගන්නා බලය අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන ප‍්‍රශ්නය සාමාන්‍යයෙන් සැලකෙන්නේ ආර්ථික විද්‍යාඥයන් විසින් ආධිපත්‍ය පතුරවනු ලබන ආර්ථික විද්‍යා නමැති ක්ෂේත‍්‍රය තුළ සාකච්ඡුා විය යුතු ප‍්‍රශ්නයක් වශයෙන් පෙන්වා දී තිබෙනවා.
මන්ද ඡුන්දදායක සාමාන්‍ය ජනයාට අගෝචර වන තරමට ආර්ථික විශේෂඥයින් ආර්ථික විද්‍යාව අත්‍යවශ්‍ය ලෙස සංකීර්ණ කර තිබෙන බව වැඩිදුරටත් පවසනවා.
දේශපාලනය හා ආර්ථිකය යනු එකම කාසියක දෙපැත්තක් බව ජයවීර පවසයි.
සංකල්පීය හා න්‍යායාත්මක ක‍්‍රමවේද අන්තර්ගත බුද්ධිමය මැදිහත්වීම විජයානන්ද ජයවීර සිය සම්භාව්‍යය කෘතියක් මගින් ඉදිරිපත් කිරිම අද කාලීන අවශ්‍යතාවයක්.
මේ කාලීන අවශ්‍යතාවය මීට වසර 31කට පමණ පෙර ලියුම්කරු සමඟ ලංකාදීප පුවත්පතේ සේවය කළ යම් මාධ්‍යවේදියකු ගත් උත්සාහයක් සිහිපත් කළ යුතු වෙනවා.
ඒ වර්තමාන ශ‍්‍රී ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ආරියරන්ද දොඹගහවත්ත මහතාය.
ලංකාවේ ජනමාධ්‍ය මර්දනය හා ජනජීවිතය අවුල් කරමින් තිබුණු යුගයක නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රධාන කැඳවුම්කරු වන්නේ ආරියරන්ද දොඹගහවත්තයි.
නිදහස වගකීම පෙරදැරිව නිදහස් මාධ්‍යය ව්‍යාපාරය එදා ඇරඹුණා.
බැලූ බැල්මට ඒ ජනමාධ්‍ය හා බැඳුණු පාඨයක් වුණත් ගැඹුරින් සමාජය දෙස මෙම පුළුල්ව බැලූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් වුණා.
ඒ ඓතිහාසික භූමිකාව තුළ ජනමාධ්‍යයට සීමා නැති බව ඔප්පු කළා.
වඩා යහපත් ලෝකයක් හා සමාජක් හා මානව ජීවිතයක් සඳහා වන පුළුල් අරුතෙන් එදා ප‍්‍රධාන කැඳවුම්කරු වූ ආරියරන්ද දොඹගහවත්ත මැදිහත්ව ගොඩනැගූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනිම සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය සංවිචාරණීය සමාජයක් තුළින් විජයානන්ද ජයවීර තහවුරු කර තිබෙනවා.
ව්‍යුහාත්මක හා ආයතනික ප‍්‍රතිසංස්කරණ සඳහා වර්තමාන සමාජය මුහුණ දී තිබෙන සහ අරගල මතුවීම හා මතුකිරීම සඳහා අවශ්‍ය යුගයකට අද ලාංකික සමාජය පත්වී හමාරයි.
ඒ ඓතිහාසික අත්දැකීම් මත නව ප‍්‍රතිසංස්කරණ හා අපේක්ෂිත අරමුණු සඳහා යම් මාවතක් ගොඩනැගීමට සිය අත්දැකීම් හා ජාතික හා අන්තර්ජාතික දේශපාලන හා සමාජීය විෂය ක්ෂේත‍්‍රයන්ට අදාළ බොහෝ කරුණු ගොනුකරමින් විජයානන්ද ජයවීර සමාජය අමතන්නේ පුළුල් සමාජ අවශ්‍යතාවයක් වෙනුවෙන්.
සමාජ ව්‍යුහයේ ගවේශනාත්මක සංකල්පීය හා න්‍යායාත්මක විචාරය සඳහා ගොඩනැගිය යුතු බොහෝ දේ විජයානන්ද ජයවීර අනාවරණය කරනවා.
ස්වාධීන වූ සමාජ ගොඩනැගීමක් සඳහා පැවැත්මක් තිබීමට නම් සංවිධානය විය යුතු බව සංවිචාරණීය සමාජයක් උදෙසා වූ ඔහුගේ ශාස්ත‍්‍රීය පර්යේෂණාත්මක කෘතිය මගින් අනාවරණය කරනවා.
එහි මූලික ගති ලක්ෂණ මතවාද සහ සංකල්පීය විචාරයන්ගෙන් සමන්විතයි.
අද්‍යයතන තොරතුරු ආශ‍්‍රිතව ගොඩනැගී තිබෙන ව්‍යාපාරික වේදය සහ ප‍්‍රාග්ධන ආයෝජන ක‍්‍රියාකාරිත්වය
තුළින් මතු වී තිබෙන ප‍්‍රධාන ගැටලූ ජයවීර අනාවරණය කරනවා.
ඒ අනාවරණයන් වලට අනුව දේශපාලනයට නව දැක්මක් සඳහා ජයවීරගේ ගැඹුරු දැනුම සමාජයට දායක කරල තියෙනවා.
යුක්තිය ඉටු කරගැනීමේ දේශපාලනය සඳහා සමාජ සංවිධානය වීමේ අවකාශය පැහැදිලි කරනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පරමාදර්ශය හා විකෘතිය පිළිබඳව මනා ගැඹුරු විචාරයක් අන්තර්ගත කරමින් සමාජයේ පොදු පුරවැසියාට සියල්ලන් සමඟ එක්වීමේ වැදගත්කම පැහැදිලි කරනවා.
නියෝජන ක‍්‍රමයේ සිමා ඉක්මවීම සහ සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත්කම ඔහු විවාරණය කර තිබෙනවා.
නියෝජනය වෙනුවට සංවිචාරණය සඳහා අදාළ අත්දැකීම් අයිස්ලන්තය තුළින් ඔහු ගෙන හැර දක්වා
තිබෙනවා.
මොන්ගෝලියානු අත්දැකීම් සහ සංවිචාරණයේ කොන්දේසි තුළින් ලාංකික ප‍්‍රජාවට ඔහු කියන්නේ කුමක්ද?
පාරිභෝගික භාණ්ඩ පරිභෝජන ක‍්‍රියාවලියෙහි ආකෘතිය තුළ අවපාතටය ගොස් සිටින ලාංකිකයාගේ සැබෑව තේරුම්ගෙන ඊට අනුගතව අදාළ දේශපාලන ව්‍යුහයන්ගෙන් හා ස්වරූපයන්ගෙන් ආරෝපිත සමාජ සංස්කෘතිය තුළම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානව ගතිකයන්ගෙන් ගොනුවිය යුතු හර්යාත්මක පැති මතුකර තිබෙනවා.
තොරතුරු ප‍්‍රකාශනයේ ස්වරූපය තුළින් විවිධ සමාජ ගතිකත්වයන් තේරුම් ගැනීමට විද්වතුන්ට පොදු ප‍්‍රජාවට
තිබෙන හැකියාව විවරණය කර තිබෙනවා.
බලය පාලනය පමණක් නොව සංස්කාතික ප‍්‍රතිමානකයන්ගේ මූලික හැඩගැස්මක් සත්‍ය සමාජගත වීමත් සඳහා අවශ්‍ය මාවත සහ දිසාගතවීම කෙසේ විය යුතුද යන්න ඔහු කරුණු පෙළගස්වා තිබෙනවා.
ස්වාධීනව සත්‍යය අසත්‍යයෙන් වෙන්කොට හඳුනාගැනීමට හැකිවන පරිදි සමාජය සංවිධානය විය යුතු බව ඔහුගේ මතයයි.
සමජ වගකීම් සංකල්ප අධිපති ග‍්‍රහණයන්ට යටත් නොවී ස්වාධීන පුරවැසියන් වීමේ අගය ජයවීර මනාව පැහැදිලි කරනවා.
සමාජයේ පාලනය කිරීමේ යාන්ත‍්‍රණයක් තිබූ පලියෙන්ම සමාජ සංවර්ධනය සිදුවන්නේ නැහැ.
සමාජ විද්‍යාත්මක ඔස්සේ අදාළ ප‍්‍රවේශ සොයාගෙන යෑම පුරවැසියන්ගේ බහුජනතාවගේ ප‍්‍රවේශවීමේ වැදගත්කම සංවිධානගත වීමෙන් කළ හැකි බව පැහැදිලිව නිර්වචනය කර තිබෙනවා.
සංනිවේදනය මගින් සමාජ කෘත්‍යාත්මක භාවිතය හා සමාජ අනුෂ්තාපන ක‍්‍රියාවලියෙහි මන්දගාමී ස්වරූපය ගොඩනගාගෙන තිබෙන සංවිධාන ඉක්මවා යන සමාජ මාවතක් සංවිචාරණීය සමාජයක් තුළින් මතු කළ හැකි බව ඔහුගේ ප‍්‍රධාන හරයයි.
නිශ්චිත භූගෝලීය සීමාවන්ට කේන්ද්‍ර ගත වූ අයුරු ලාංකික සමාජයේ දකින්නට අසන්නට පුළුවන් වූවත් ගෝලීය සමාජයේ නව සහ ඩිජිටල් තාක්ෂණික මාධ්‍යය පදනම්ව නිශ්චිත අතික‍්‍රමණය කොට අන්තර් සංස්කෘතික බහු සංස්කෘතික මාවතක් සංවිධානය වන සමාජ ව්‍යුහය තුළින් ගොඩනැගිය යුතු බව ඔහුගේ අන්තර්ගතයයි.
භූගෝලීය සීමාවන් අතික‍්‍රමණය වන ඕනෑම සීමාවක හෝ කලාපයක සමාජ සහ සංස්කෘතික සීමාවන්ගෙන් පමණක් නොව චින්තන සීමාවන්ගේද අතික‍්‍රමණය සිදුවන බව ඔහු පැහැදිලිව නිර්වචනය කොට තිබෙනවා.
ප‍්‍රවෘත්තිය තුළ ගොඩනැගෙන හැඩරුව ඉතිහාසයේ මාධ්‍යකරණය මගින් හැඩ ගැන්වූ ස්වරූපයට වඩා සුවිශේෂීව අදාළ සංවිධානය මතු විය යුතු බව එය රට පුරා දීපව්‍යාප්ත විය යුතු බව ඔහු පෙන්වා දෙනවා.
සමස්ත සමාජ ක‍්‍රියාවලිය මෙන්ම මානව චින්තන ක‍්‍රියාවලියේ හැඩරුවද ඒවාට අනුරූපී ලෙස වෙනස් වෙමින් අත්‍ය සමපාත ස්වරූපනයට අනුගත වෙමින් පැහැදිලි ගමන් මගක් යා යුතු බවද ඊට පෙර වදන් විජයානන්ද ජයවීර පෙන්වා දෙනවා.
ඒ සඳහා මෙතෙක් ආර්ථිකයේ නොදැක්ක පැති ගැන මනා විග‍්‍රහයක් සිදු කරන්නේ මෙසේය. ප‍්‍රගතිය කෙබඳු විය යුතුද?
ධනවාදය බටහිරින් ආවේ ඇයි? ආර්ථික චින්තනයේ සීමා. වෙළෙඳපොළ සමාජය
ආර්ථික මිනිසා මිත්‍යාව හා යතාර්ථය නිස්සාරක ධනවාදය
නව ලිබරල්වාදයේ ආගමනය
නව ලිබරල්වාදයේ දේශපාලන දැක්ම
නව ලිබරල්වාදය සහ වෙනත් රාජ්‍යවල පෞද්ගලික රාජ්‍ය පිළිබඳත් තොරතුරුත් වැඩිදුරටත් ජයවීර ගෙන එනවා.
සංවර්ධනයට විකල්පයක් අවශ්‍ය බවත් පැහැදිලි කරන ජයවීර විකල්ප සංවර්ධනයට අවශ්‍ය ප‍්‍රවේශ මාර්ග පැහැදිලි කරනවා.
සංවර්ධන කතිකාවේ නව දිසානතිය සඳහා බිහිවන නව සංවිචාරණීය සමාජ සංස්ථා තුළින් එය මනාව ඉටු කළ හැකි බව පැහැදිලි කරන ජයවීර වර්ධනය වන සංවර්ධනය තිරසාර සංවර්ධනයේ අරමුණු කරා දක්වා යා යුතු සංවර්ධන දැක්ම මනාව පැහැදිලි කර තිබෙනවා.
නව ආර්ථික දැක්මක් සඳහා රේඛීය ආර්ථිකය වෙනුවට චක‍්‍රීය ආර්ථිකයක් ද අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් සැලසුම් කිරීම විෂමතා අවම කිරීම, අසමානතාව ආමන්ත‍්‍රණය කිරිම සැමට මූලික ආදායමක් සහතික කිරීම සිවු දින වැඩසතිය ජීවිතය විඳ ගැනීම, සමාජීය හා ආර්ථික ප‍්‍රතිමාන මගින් ජීවිතය පිළිබඳ සංවිචාරණීය සමාජ පසුබිම මෙසේ ජයවීර ගොඩනගනවා.
ජනමතය කේන්ද්‍රීය සමාජය තුළ නිශ්චිත යාන්ත‍්‍රණයක් වශයෙන් මතු කළ හැක්කේ එවිට බව ඒ සඳහා වෙනස් කිරීම හා හැඩගස්වීම සඳහා ගොඩනැගෙන නව සමාජ සංවිධානයට ඒ සඳහා රාජ්‍ය අංශයට හා පොදු සමාජයට බලපෑම් කළ හැකි බව ඒ සඳහා අවශ්‍ය ආකෘතිය ද ඔහු පෙන්වා දෙනවා.
පරිසරාත්මක හරයන්ගෙන් හා ඊට අදාළ ස්වරූපයන්ගේ ප‍්‍රබල වෙනස්කම් විය යුතු මානව විඥානය හා චර්යා පද්ධතීන් දක්වා අදාළ විශ්ලේෂණය ගෙන යන ජයවීර අවිඥානිකව හෝ සිතිවිලි වල හෝ චර්යාවන්හි වෙනසක් ඇති කිරීම සඳහා අදාළ සංවිධාන පද්ධතියේ අරමුණු නිර්වචනය කර තිබෙනවා.
ස්වයං ප‍්‍රජානනය හෝ ස්වයං ප‍්‍රජානික විඥානය ප‍්‍රජාව තුළ කේන්ද්‍රගත වන ආකාරයෙන් බහුරූපී හා සංකීර්ණ ප‍්‍රපංචයන්ගෙන් සමන්විත සංවිධානයේ ප‍්‍රතිපත්තීන් පිළිබඳ විද්‍යාමාන කරන කරුණු ඉතාම සම්භාවනීයයි.
පරිකල්පනය හා එහි ආකෘතික හා ස්ථානය සමාජ සංස්කෘතික කාරණා සහ එහි සංයුතිය පමණක් නොව කාලයට අනුව බලපෑමකට ලක් නොවී ඍජුව හිටගැනීමේ හැකියා අවස්ථා ද මනාව පෙන්වාදී තිබෙනවා.
මීට වසර 31කට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මුලික වූ ආරියරන්ද දොඹගහවත්ත ඒ ගොඩනැගීම තුළ සාමුහික පරිකල්පනයේ පරිවර්ථනය උදෙසා මාධ්‍ය භූමිකාව වර්තමානයේ යම් දුරකට ගොඩනැගී තිබෙනවාද යන්න ඊට අදාළ කෘතඥතාවයෙන් ඒ සඳහා පුරෝගාමී වූ සැමට ලබාදීමේ වැදගත්කම මෙහිදී සිහිපත් වෙනවා.
විශේෂඥයින්, විද්වතුන්, හා කෘෂිකර්මාන්තයේ නියැලී සිටින බහුතරයකින් සහ සිවිල් සමාජයේ ග‍්‍රාම නිලධාරිගේ සිට ප‍්‍රාදේශීය ලේකම්, දිසා ලේකම්, ආණ්ඩුකාරවරයා දක්වා යා යුතු මාවත සහ ඊට අදාළ සහෝදරත්වය ජයවීර සංවිචාරණීය සමාජය තුළින් දේශපාලනය හා ආර්ථිකය ගැන වෙනත් කියවීමකට යෙදෙමින් සමාජයට කියන්නේ වඩාත් ඵලදායි ලෙස බහුත්වාදී සමාජ සංස්කෘතීන් සමඟ එක්ව සංවිධානය වන ලෙසයි.
සැබෑ ලෙස චින්තන නිදහස භුක්ති විඳින සමාජ අවකාශය මේ වන විට අවදානමට ලක්වී තිබෙන පරිසරයක්
තුළ ඇත්ත වශයෙන්ම එවැනි සංවිචාරණ සමාජයක වැදගත්කම මතු කිරීමට ඒ සඳහා පුරවැසියාගේ දායකත්වය කැමැත්ත මේ සඳහා යොමුවීමද මේ සඳහා වැදගත්.
ප‍්‍රාදේශීය හා ජාතික මට්ටමින් බහුරූපී හා සංකීර්ණ ප‍්‍රපංචයන්ට මුහුණ දෙමින් මේ සඳහා එක්වන ලෙස සියලූම රටවැසියන්ගෙන් අප මේ මොහොතේ ඉල්ලා සිටිනවා.
ඒ සඳහා අදාළ සවිංඥානාත්මක සිතුවිලි මතු කරගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ කේන්ද්‍රගත තොරතුරු
ලබාගැනීම සඳහා විමසන්න. නිවුස් ඇන්ඞ් ඉමේජ්
අංක 50, මුදලිගේ මාවත, කොළඹ 01.
හෝ සංවිචාරණිය සමාජයක් උදෙසා මේ සම්භාව්‍ය කෘතිය ප‍්‍රකාශයට පත් කළ අගහස් ප‍්‍රකාශන අංක 712/2, මාදින්නාගොඩ, රාජගිරිය ලිපිනයෙන් වැඩි විස්තර සොයන්න.
සංකීර්ණතා නිර්මාණය කරන සමාජ ගවේශනාත්මක චින්තනය මෙහෙයවීම සඳහා සමාජ සංස්කෘතික ප‍්‍රවණතා මතු කිරීම මගින් පැහැබර හෙටක් මතු කරගැනීමට අවබෝධය පාදකව ඉදිරියට ඒම සඳහා සියල්ලකට මේ ආරාධනය
ඔබගේ ගතිකත්වය විශ්ලේෂණය කරගැනීමේ ක‍්‍රමය අතිශය අපට වැදගත් වෙනවා. සංස්කෘතික කාරණා මෙන්ම ඔබගේ පුරුෂාර්ථ පද්ධතීන් පිළිබඳ ඒ සඳහා සවිංඥානාත්මකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ද වැදගත් වෙනවා.
ඒ සඳහා මනුස්ස ජීවන කොන්දේසිවලට එකඟව ඔබේ තොරතුරු, නම, ලිපිනය, දුරකතන අංකය, වට්ස්ඇප් අංකය සහ කාර්යාල ලිපිනය, සෙලියුලර් දුරකතන අංකය අදාළ අයදුම්පතේ දක්වා එවන්න.
ඒ තොරතුරු ඉතාම අපට අතිශය වැදගත් වෙයි.
නිරන්තරයෙන් සංකීර්ණ සබඳතා ගොඩනගනු ලබන සමාජ ¥රාවලියක් සඳහා නව මාවතකට යොමු වීම අපගේ ඉලක්කයයි.
ඒ සඳහා සංවිචාරණ සමාජයක් සඳහා වූ විජයානන්ද ජයවීර ඊට අදාල මගපෙන්වීම මේ වන විට සිදුකර
තිබේ.
ඊට අදාල සියලූ ගවේෂණාත්මක හා සැබෑ හා සත්‍ය තොරතුරු යථාර්තවාදීව තේරුම්ගෙන කලාව, මාධ්‍යය සහ වෙළෙඳපොළ තුළ ගොඩනැගෙමින් තිබෙන විෂමතාවය හා ජීවත්වීමට නොහැකිව ගොඩනැගී ගෙන එන සමාජ වාතාවරණයට එරෙහිව ජාතික හා අන්තර්ජාතික දේශපාලන හා සමාජීය විවිධ විෂය පථයන් කරා ගොනුවන ස්වකීය දැනුම් පරාස ශාස්ත‍්‍රාලීය පදනම් තුළ පුළුල් කරගැනීමේ මාවතක සාමාජිකයකු සඳහා ඔබත් එක් වන්න.
ගවේශනාත්මක හා පර්යේෂණාත්මක පරිසරයක් තුළ සාමුහික ලාංකික පරිකල්පනයේ සමාජ පරිවර්ථනයක් උදෙසා නිවුස් ඇන්ඞ් ඉමේජ් සාමාජික සාමාජිකාවන්ගේ එක්වීමට අපි උත්සාහ දරමු.
සංවිචාරණීය සමාජයක් උදෙසා කැඳවුම්කරුවකු වන විජයානන්ද ජයවීර මේ කෘතස්ත මාධ්‍යකරුවා සිය කෘතියේ අවසන් පරිච්ෙඡ්දය සමාප්ත කරන්නේ මෙසේය.
‘‘කිසියම් නියෝජිත කණ්ඩායමකට බලය අත්පත් කරදීමට වැඩ කරන අන්තේවාසිකයන් පිරිසක් වීමේ සම්ප‍්‍රදායික දේශාලන සුසමාදර්ශය ඉවතලා අප කළ යුත්තේ සියල්ලන්ටම යුක්තිය අත්පත් කරගැනීම අරමුණු කරගත් නිරන්තරව ගොඩනැගෙන හා නිරන්තරව වැඩ කරන විවෘත බහුජන ව්‍යාාරයක් ගොඩනැගීමයි. එය බහුජන සංවිචාරණය මුල් කර ගොඩනැගිය යුත්තක් මෙන්ම බහුජන සංවිචාරණය පදනම් කරගෙන පවත්වාගත යුත්තකි. ඒ සඳහා දායක විය හැකි අදහස් ගොන්නක් මම මගේ ශක්ති පමණින් ගොනුකර මේ කෘතියෙන් ඉදිරිපත් කළෙමි. ඒවා අවසාන ප‍්‍රතිකාර හෝ නිගමන හෝ නොව අදාළ කරුණු කාරණා සම්බන්ධව ඔබේ අවදානය මුවහත් කිරීම සඳහා ඉදිරිපත් කළ අදහස්ය. එම අදහස් නව දේශපාලන හා ආර්ථික සුසමාදර්ශයක් බිහි කිරීමේ ලා දැනුවත් සමාජ සංවිචාරණයකට උත්තේජනයක් වේවා.’’
යනුවෙන් ප‍්‍රකාශයට පත් කරන ජයවීර මහතාගේ ඉල්ලීම අනුව පුරවැසි ඔබගේ යුතුකම දිවයින පුරා සිටින නිදහස් නිවහල් පුරවැසියන් වශයෙන් මේ සඳහා සංවිධානය වීම නොවේද?
ඒ සඳහා ඔබ අදාළ කෘතිය පළමුවෙන්ම අධ්‍යයනය කළ යුතු වේ.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු