විදුලි පාවිච්චි කළත් නොකළත්
මාසික ස්ථාවර ගාස්තුව 500%කින් ඉහළ යන රටාව හා
පාවිච්චියේදී 1000%කින් වැඩි කිරීමේ
රාජ්‍ය මාෆියාවේ සැඟවුණ මහජන ගෙවීම්

විදුලි ගාස්තු ඉහළ දැමීමට මේ වන විට රජය කඩිනම් පියවර අරගෙන තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වශයෙන් පවසන්නේ රජය සතු මුදල් නැතිකමයි.
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම පිළිබඳව පවතින රජයේ මුනිවතක් දකින්නට ලැබෙනවා.

විදුලි ඒකක 30 දක්වා අය කරන ස්ථාවර ගාස්තුව රුපියල් 400ක් ලෙස වැඩි කරන්න ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ලහි ලහියේ කටයුතු සංවිධානය කරමින් ඉන්නවා.
ඒකක 31 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඉහළ දමන්න කටයුතු කරල තියෙනවා. ඒ හුදෙක්ම විදුලි පාවිච්චිය කළත් නොකළත් එකතු වන ගාස්තුවක්.
ඒකක 60 දක්වා ඒකකයට රුපියල් 16 බැගින් විදුලි බිල අය කිරීම රුපියල් 16 සිට 42 දක්වා වැඩි කරන්න මේ ජනවාරියේ සිට රජය කි‍්‍රයා කරමින් ඉන්නවා.
ඒකක 61 සිට 59 දක්වා ඒකකයකට අය කිරීම රුපියල් 42ක් ලෙස සංශෝධනය කර ඇති අතර එහි ස්ථාවර
ගාස්තුව රුපියල් 650ක්.

පවතින මේ තත්ත්වය රාජ්‍ය දුරාචාරයේ ප‍්‍රතිඵලයක්.

මේ රාජ්‍ය දුරාචාරය පිළිබඳව රජය දක්වන්නේ මුනිවතක්.

ඒක ඇත්තමට ගැටලූ සහගත තත්ත්වයක්.

ආණ්ඩුවේ සිටින රාජ්‍ය නිලධාරි සංයුතිය විවිධ ගසාකෑම් කිරීමේදී ඒ සම්බන්ධව රජය විධිමත් කි‍්‍රයාමාර්ගවලට යන්නේ නැහැ.
එක් උදාහරණයක් පැහැදිලි කරනවා නම් ආණ්ඩුවේ වියදමින් රාජ්‍ය නිලධාරින්ගේ බදු ගෙවා තිබෙනවා. පහුගිය අවුරුදු 5 තුළ ඊට කෝටි 5ක් ගෙවා තියෙනවා.
ඒ උදාහරණය තවදුරටත් පැහැදිලි කරනවා නම් උපයන විට බදු ගෙවීමේදී රාජය නිලධාරින් ගෙවිය යුතු පුද්ගල ආදායම් බද්ධ අදාළ රාජ්‍ය ආයතනවලින්ම පියවීමේ වැරදි ක‍්‍රමයක් 2015 සිට 2020 දක්වා වසර පහේදීම රුපියල් කෝටි 30කට අධික මුදලක් ගෙවා තිබෙන බව ජාතික විගණන කාර්යාලය මේ වන විට සොයාගෙන තිබෙනවා.
ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්ම උපයන විට බදු ගෙවීම නිලධාරින්ගේ වැටුපෙන් කපාගත යුතු වෙනවා.
නමුත් එසේ කපා නොගෙන අදාළ රාජ්‍ය ආයතනය මගින් ගෙවා දමන බව වාර්ෂික විගණන වාර්තා මගින් දිගින් දිගටම පෙනවා දී තිබුණත් එය නතර කිරීමට රජය පියවර ගෙන නැහැ.
ඇත්තටම මෙය ඛේදවචකයක්.

මේ ඛේදවාචකයේ ප‍්‍රතිඵල සමස්ත රටටම මේ වන විට ප‍්‍රසාරණය වී අවසන්.

නමුත් තවදුරටත් ඒ පිළිබඳව කි‍්‍රයා කරමින් සිටින සමාජ පරිසරයක් හමුවේ රජයේ මුදල් පුද්ගලයෙකුගේ ගෙවීම් සඳහා වැය කිරීමේදී ඒ සඳහා ඊට අදාළ උපදෙස් ලබාදුන් ප‍්‍රධානීන්ගෙන් හෝ රජයේ මුදල් අවභාවිතයට ලක් කළ අයගේ මුදලින් නැවත ලබාගැනීමට හෝ රාජ්‍ය අංශය කි‍්‍රයා කර නැහැ.
ඊට ප‍්‍රධාන සාධකය රාජ්‍ය දුරාචාරය ආණ්ඩුකරන අයගේ පැවැත්ම සඳහා තිබෙන සංයෝගයයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී අති විශාල බදු සහනයක් ලබාදීම නිසා 2020-2021 වසර දෙකේදී ආයතනය මගින් උපයන විට ගෙවූ බදු ප‍්‍රමාණය යම් දුරකට පහළ වැටී තිබෙනවා.
මෙම වැරදි ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පෙන්වා දීමෙන් පසු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපයන විට බද්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම නතර කිරීමට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමට තීරණය කරල තිබෙනවා.
එය ප‍්‍රමාණවත්ද?

මෙතෙක් එවන් මුදල් අවභාවිතා කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරින්ගෙන් අය කරගැනීමටත් මේ තුළ ඇති වී
තිබෙන රාජ්‍ය ප‍්‍රධානින්ගේ වංචාව පිළිබඳව අධිකරණ කි‍්‍රයාමාර්ග සඳහා රජය යොමු විය යුතු නොවේද?

මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිලධාරින්ට පමණක් විශේෂ දීමනාවක් මේ වන විට අනුමත කරගෙන
තිබෙනවා.
එම වරද පිළිබඳව ජාතික විගණන කාර්යාලය එය නිහඬව සිටින බව ඇතැම් විගණන නිලධාරින් පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වාහන තුනක් සඳහා මසකට 9,22,500ක පමණ මුදලක් ගෙවනවා. ආණ්ඩුකාරවරුන් සඳහා වාහන තුනක් සඳහා මසකට 6,50,000ක් පමණ ඉන්ධන දීමනා ලබාදුන්නොත් එම
දීමනා පුද්ගල ආදායම් බද්ධට අයත් නොවන බව විගණන නිලධාරින් තවදුරටත් පවසනවා. විදුලිබිල වැඩි වන්නේ මෙවැනි සමාජ වටපිටාවක.
රාජ්‍ය දුරාචාරය තවදුරටත් ව්‍යාප්ත වෙමින්, කි‍්‍රයාත්මක වෙමින්, පසුගාමී වෙමින් යන පසුබිමක් හමුවේ
තවදුරටත් විවිධ අංශ සඳහා රජය පොදු ජනතාවට බදු ගැසීම සදාචාරාත්මක ද?

විදුලි බිලෙන් තරු විසිවෙන ජනතාවට රජය ප‍්‍රජාවට දරාගත නොහැකි කි‍්‍රයා කරන විට ඒ සඳහා නිහඬව පොදු සමාජය සිටීම පොදු සමාජයේ සාමූහික අරගල කිරීමේ ගුණය නැතිකම ගැටලූ සහගත තත්ත්වයක්.
විදුලි බිල ඒකක 90 දක්වා විදුලි පරිභෝජනය කරනු ලබන පාරිභෝගික ජනතාව මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1880 පමණ වූ විදුලි බිල ඉදිරියට රුපියල් 4430 දක්වා වැඩි වීමේ ප‍්‍රවනතාවයක් තිබෙනවා.
නව සංශෝධනයට අනුව ඒකක 91 සිට 120 දක්වා ඒකකයක මිල වෙනසක් සිදුකර නැහැ. ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වා පමණක් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එම කාණ්ඩයේ මාසික විදුලි බිල රුපියල් 9780 වන බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

ඒකක 121 සිට 180 දක්වා ඒකකයක මිල සංශෝධනයක් සිදුකර නැතත් ස්ථාවර ගාස්තුව රුපියල් 1500ක් වෙනවා.
එසේම ඒකක 180 වැඩි පාරිභෝගිකයින්ගේ ස්ථාවර ගාස්තුවද රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබෙනවා.

ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතන සඳහා නව මිල සංශෝධනයට අනුව ඒකක 30 දක්වා පැවති මිල රුපියල් 8 සිට 30 දක්වා වැඩි කෙරෙද්දී ස්ථාවර ගාස්තුව රුපියල් 90 සිට 400 දක්වා ඉහළ දමා තිබෙනවා.
එසේම ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15ක්ව පැවති ඒකකයක පැරණි මිල රුපියල් 37 දක්වා ඉහළ දමා
තිබෙනවා.

එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් ලෙස සංශෝධනය වී තිබෙනවා.

ආගමික ස්ථාන සඳහා ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20ක් පැවති ඒකකයක මිල රුපියල් 42 දක්වා ඉහළ දමා තිබෙනවා.
එහි ස්ථාවර ගාස්තුව රුපියල් 120 සිට 650 දක්වා වැඩි කිරීම යුක්ති සහගතද?

ඒකක 120 සිට 180 දක්වා රුපියල් 30ක් පැවති ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා මේ වන විට වැඩිකර
තිබෙනවා.

එම ස්ථාවර ගාස්තුව ද රුපියල් 450 සිට 650 ලෙස සංශෝධනය කර තිබෙනවා.

ඒකක 182 න් ඉහළ විදුල පාරිභෝජයක් ඇති ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතන සඳහා මෙතෙක් ඒකකයක් සඳහා අය කළ මුදල රුපියල් 32 සිට 50 දක්වා වැඩි කර තිබෙනවා.
එම ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 2000 දක්වා ඉහළ දමා තිබෙනවා.

ව්‍යාපාරික අංශයේ කොන්ත‍්‍රාත් ඉල්ලූම අනුව කිලෝවොට් ඇම්පියර් 42ට අඩු ආයතන සඳහා අය කරන
ගාස්තුව ද රුපියල් 20 සිට 26 දක්වා වැඩි කර තිබෙනවා.

රුපියල් 960ක් පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වා වැඩි වී තිබෙනවා. 1200ක් පැවති ස්ථාවර ගාස්තුව 1600 වර්ධනය කර තිබෙනවා.
මෙම නව මිල සංශෝධනය නොකර රටේ පවතින පිරිවැයත් සමඟ කිසිසේත්ම ඉදිරියට යා නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප‍්‍රකාශ ජනමාධ්‍ය මහාමාර්ග හා ප‍්‍රවාහන ඇමැති බන්දුල
ගුණවර්ධන කරුණු පවසනවා.

මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡුා කර ඔවුන් ඉදිරිපත් කරනු ලබන කි‍්‍රයාත්මක කළ හැකි සංශෝධන කෙරෙහි සැලකිල්ලක් දක්වා පසුගිය ජනවාරි පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි නව මිල සංශෝධනය සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව ඇමැතිවරයා පසුගියදා පැවසුවා.
ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු හා ඉන්ධන මිල ගණන් සංශෝධනය වන ආකාරය සහ මෙරට වර්ෂාපතනය අනුව විදුලිය නිෂ්පාදනයේ පිරිවැය අඩු වීමක් සිදුවන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීම

සඳහා මිල සූත‍්‍රයක් සකස් කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට උපදෙස් දුන් බව ද ගුණවර්ධන මහා වැඩිදුරටත් කරුණු පැවසූවා.
නමුත් කොවිඞ් කාලයේදී වැඩි වූ බස් ගාස්තුව මේ වන තෙක් අඩු කිරීමට රජය පියවර ගෙන නැහැ.

මෙහිදී අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශකවරයා පවසන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විසින් අදාළ ගැසට්ටුව
තවමත් ඉවත් කර නැති නිසා බස් ගාස්තු වැඩිවීම අවම කිරීමට නොහැකි වී තිබෙන බවයි. රට දිනෙන් දින අවුල් ජාලයකට අච්චාරු හැලියකට තල්ලූ වෙමින් තිබෙනවා.
මේ නිසා ලක්ෂ 74ක් වන විදුලි පාරිභෝගිකයින් සමඟ විදුලිබල මණ්ඩලයේ සේවකයින් පාරට බසින බව
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යොජනාවට පසුගිය 9 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වී
තිබෙනවා.

වාර්තාවේ ඇති කරුණු අනුව විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ පැවතුණා. මෙවැනි උද්ඝෝෂණවලින් පමණක් ජනතාවට සෙතක් ඉටු වනවාද?
සමස්ත ජනතාවම දැඩි ආර්ථික අර්බුදයක් ගිලී සිටින බව රජය තේරුම් ගැනීමට මේ වන විටත් අසමත් වී
තිබෙනවා.

මාස 5ක් තුළ දෙවන වතාවටත් විදුලි ගාස්තු වැඩි කළහොත් ජනතාවට වේලක් හැර වේලක් කා ජීවිතය ගැට
ගසා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ තත්ත්වයන් හමුවේ උද්ගත වී තිබෙනවා.

මේ තත්ත්වය නිසා ඇතැම් විදුලි පාරිභෝගික කාණ්ඩවල ගාස්තු 100%ක් 300%ක් අතර ගණනකින් ඉහළ යන ප‍්‍රවණාතවයක් පේනවා.
විදුලිගාස්තු ඉහළ දැමීමේ තීරණය පරාජය කිරීම මණ්ඩල සේවකයන්ට පමණක් කළ නොහැකි බවත් ජනතාව තේරුම්ගත යුතුයි.
දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා සමස්ත විදුලි පාරිභෝගිකයන් පාරට පැමිණීම තුළින් මේ තත්ත්වය අවසන් කිරීමට නොහැකි බව කවුරුත් තේරුම්ගත යුතු කරුණක්.
මේ සඳහා මැදිහත්ව කි‍්‍රයා කිරීමේ සමාජ සත් ව්‍යාපාර ජනතාව තුළින් මතු වී සැබෑ සමාජ විප්ලවයක නිමිති මේ තත්ත්වය හමුවේ පහළ වෙමින් තිබෙනවා.
නමුත් වැඩවසම් සමාජ ක‍්‍රමයක් ගොඩනගන ලද ශී‍්‍ර ලංකාවේ භික්ෂු සමාජය නිසා එවැනි සිවිල් අරගල සැබෑ අරගල රාජ්‍ය පරිවර්තනයට ලක් කිරීමේ ආණ්ඩු පරිවර්තනයට ලක් කිරීමේ සුබවාදී සමාජ මෙහෙවර සඳහා යොමුවන ජනතාවක් අපට සිටිනවාද?
ගැටලූව ඇත්තේ ඒ තුළයි.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න