අපට අවශ්‍ය වෙන්නේ තමන් එක්ක අනෙකා එක්ක ස්වභාවධර්මය එක්ක අතීතය එක්ක වර්තමානය එක්ක සහසම්බන්ධිත මානවයෙකු බිහි කිරීමේ කි‍්‍රයාදාමයක්.
ඒ සඳහා ජනමාධ්‍යකරුවා කිසියම් දායකත්වයක් ලබාදෙන පරිසරයක් තුළ සේපාල අමරසිංහගේ සිද්ධිය කරලියට මතුවන්නේ.
පවතින ඇතැම් ගැටලූ සහගත තත්ත්වයන් හමුවේ පැලැස්තරවලින් මේ සමාජය සුවපත් කරන්න බැරි
තත්ත්වයක් තිබෙනවා.
ජනමාධ්‍යකරුවා ඉතාම වගකීම් සහිත පුරවැසියෙක්. ඉතාම විශේෂිත වෘත්තියකයි ඔහු ඉන්නේ.
මාධ්‍යකරුවාගේ සදාචාර වගකීම වෛද්‍යවරයෙකුගේ වගකීමට වඩා වැඩි ඉදිරියක් තිබෙනවා.
මාධ්‍යකරුවාගේ හඬ ලෝකය පුරා විසරණව යනකොට එය යම්කිසි ජනමාධ්‍ය තුළින් රටේ පාලනයට ගැටලූ සහගත තත්ත්වයක් තිබෙන චරිතයක් නම් ඔහුට අඩත්තේට්ම් කිරීමට මනාව යොදාගන්නා සමාජ රාමුවක් ඉතිහාසය පටන් ලංකාවේ දකින්න තිබෙනවා.
රිචඞ් සොයිසා, ලසන්ත වික‍්‍රමතුංගගේ සිද්ධි ඊට හොඳ උදාහරණ කියල කියන්න පුළුවන්.

ඒ නිසා ජනමාධ්‍ය රජයෙන් සහ විවිධ දේශපාලන හස්තයන්ගෙන් මුදවාගැනීමේ සමාජ අභියෝගාත්මක
තත්ත්වයක් තුළ තමයි සේපාලගේ සිද්ධිය මතු වන්නේ.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල නිදහස් මාධ්‍ය භාවිතයට අවශ්‍ය ඉඩකඩ ගුණාත්මක භාවය නිදහස් මාධ්‍ය ප‍්‍රමිතිය හඳුන්වාදීමට අදාළ වපසරිය ගොඩනගාගත යුතු සමාජ පරිසයක් හමුවේ මේ තත්ත්වය තවත් දිගු වෙන
තත්ත්වයක් සේපාලගේ සිද්ධියෙන් දියත් වෙලා තියෙනවා.
මේ අභියෝග හමුවේ අඬන්න හිටි අයට යම්කිසි ආයුධ ලබාදුන්නා වගේ සංසිද්ධියක් පෙනී යනවා.
පුළුල් මාධ්‍යය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියකදී මාධ්‍යය කරුවා හා ප‍්‍රජාවගේ පුළුල් සහභාගිත්වය තර්කානුකූලව මාධ්‍යය කරුවා සිටිය යුතු සමාජ වටපිටාවක මේ තත්ත්වය උද්ගතවීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අපට මාධ්‍ය ප‍්‍රවර්ධනයක් සඳහා මාධ්‍යය විවිධ සම්බන්ධතා අලූතින් සිතීමත් අවශ්‍ය වෙනවා.
අප සමාජයේ සහමූලික විඥානය ගොඩනැගී නැතිකම තවත් සාධකයක්.
අපේ සමාජයේ සාමුහික පරිකල්පනය මොනවගේ දිසාවකට හැරිලද තියෙන්නෙ මෙන්න මේව තමයි අපි හොයාගත යුතු තැන්.
රට දරුණු අගාධයකට වැටුණේ කුමන ප‍්‍රශ්න අරඹයාද කියලා රටේ සාමාන්‍ය ජනතාවට තවමත් හිතාගන්න බැරි තත්ත්වයක් තියෙනවා.
මේ ශිෂ්ඨාචාර අර්බුදය නිසා ජනපි‍්‍රය බුද්ධාගමේ හැසිරීම, භාවිතය නඩත්තුකරගෙන යන භික්ෂු සමාජය නිසා සැබෑව තේරුම්කර ගැනීමට නොහැකි සමාජ වපසරියක් තියෙනවා.
ඒ නිසා තමයි නිර්දන පන්තිය නියෝජනය කරපු සේපාලට සිරගෙදර ඇතුළත පහරදීමකට ලක් වන්නේ.
අපි මේ ගැන සරල තැනකින් කියනවා නම් ඇත්තටම සැබෑ බුද්ධාගම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් රට හමුවේ තිබෙනවා.
ශ්‍රේෂ්ඨ ගෞතම බුදුරාජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරගෙන විවිධ ව්‍යාපෘති ඒ ඒ භික්ෂු නිකායන්වලින් කි‍්‍රයාත්මක කරන සමාජ පරිසයක සාමාන්‍ය ජනතාවගේ තුන්වන ඇහැකින් බැලීමේ ගුණය ඇත්තටම මොටවෙලා තියෙන්නෙ.
වර්තමාන ඩොලර් අර්බුදය හමුවේ ගොඩනැගී තිබෙන දේශපාලන අර්බුදය තේරුම්ගැනීමට පොදු ජනතාවට
තවමත් බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ ඒ නිසයා. ආර්ථික අර්බුදයක් පමණක් ද අපට තියෙන්නේ.
ආයතනික අර්බුදයක් ඒ තුළ ගොනුවෙලා නැද්ද?
රාජ්‍ය ආයතන පද්ධති බැලූවොත් අපි ඉතා බරපතල ආයතනික අර්බුදයක ඉන්නවා. රාජ්‍ය ආයතන වැඩ කරන්නේ නැති තත්ත්වයක් තියෙනවා.
අපි මේ කී මේ සියලූ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ඉතාම බරපතල සමාජ අර්බුදයක් ගොඩනැගෙමින් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ අර්බුදය තුළ ගොනු වී ඒ තුළින්ම යැපෙන සංවර්ධනය වෙන සමාජ කොටස් ද මේ අතර ඉන්නවා.
ලාංකික සමාජ සදාචාරය බින්දුවට දමා හැසිරෙන සමාජ භාවිතාවක් භික්ෂු නිකායන්වලින් දක්නට ලැබීමේ ප‍්‍රතිඵලය සේපාල අමරසිංහගේ ප‍්‍රකාශනය තුළ සංකේතවත් වෙනවා.
ලංකාවේ බහුතරයක් ගුරුවරු සැබැවින්ම සැබෑ ගුරුවරුද කියන ප‍්‍රශ්නය මතු වෙන්නේ මේ අතර.
හේතුව රාජ්‍ය ඒකාබද්ධ අරමුදලන් සුවිශාල මුදල් සම්භාරයක් ගුරු වැටුප් සඳහා ලබාදෙන කොට ටියුෂන් මාෆියාවක් ගොඩනැගී තිබෙන්නේ සත්භාවයෙන් යුත් ගුරු පරම්පරාවක් රටට හිමිවෙලා තියෙනවාද කියන ප‍්‍රශ්නය මතුවෙන්නේ වත් මතු කරන්නේ වත් ඒ සඳහා අවශ්‍ය නෛතික පියවරවත් රජය ගන්න උත්සාහ
ගන්නේ නැහැ.

රොගීන්ගේ සුබසාධනය යහපත සම්බන්ධයෙන් මේ වන විට තත්ත්වය කෙබඳුද?
රෝහල්වල අවශ්‍ය කරන බෙහෙත් නැති කම නිසා රට පුරා කොපමණ රෝගීන් අසරණව දුක් විඳිනවාද? අපේ කලාකරුවන් ඇත්තම සැබෑ කලාකරුවන්ද?
ඒගොල්ලන් තමන්ගේ කලා නිෂ්පාදනය කරමින් ඉන්නේ යහපත් පුරවැසියාගේ යහපත් පැවැත්ම වෙනුවෙන් ද?
ඔවුන් සම්මාන සඳහා එහෙමත් නැත්නම් දේශපාලන කඬේ යෑම සඳහා තමන්ගේ වානිජ අරමුණු සඳහා දියත් වෙලා ඉන්නේ.
මේ අනුව අලූත් දැනීමක් පාදා ගැනීමට ජනතාවට තිබෙන ඉඩකඩ ඉතාම සීමිතයි.
දැනීම හඹා යමින් ජීවිතය ගවේෂණය කරමින් ඉන්න හිටිය සේපාල වැනි චරිතයකට ඔහුගේ ම පන්තිය නියෝජනය කරන පිරිසක් හිරගෙදර තුළ පහරදීම ඉතාම ඛේදවාචකයක්.
රජයේ එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරින්ගේ වගකීම, කාර්යභාරය මෙතනදී මොකක්ද තත්ත්වය. ඇත්තටම ඒ පහරදීම තුළ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සිට ජේලර්වරයා දක්වා වගකිව යුතුයි. මෙය අද ඊයේ සිදුවූවක් නෙමෙයි.
දිගින් දිගටම සිදුවන ¥ෂිත සමාජ ක‍්‍රමයක් හමුවේ මතුවෙන විවිධ සංකේත පමණයි.
ජනමාධ්‍යකරුවන් යහපත් මාධ්‍යකරුවන්ද? ඔවුන් බහුතයක් ජීවත් වන්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන්ද?
දේශපාලන නියෝජිතයින් සැබෑ දේශපාලන නියෝජිතයින්ද කියල ඇත්තටම මේ මොන සමාජ සංස්ථාවකින් වූවත් කිසිම සාධනීය උත්තරයක් අපට ලැබෙන්නේ නැහැ.
එතකොට ව්‍යවස්ථාව මාරු කරල, නීති මාරුකරල, ආයතනික සම්ප‍්‍රදායින් මාරු කරල, විකල්ප සමාජ ප‍්‍රතිපත්තීන් මතුවෙන සාධාරණ සමාජයක් අපිට පේන මානයක දකින්න නැහැ.
මේ සදාචාර අර්බුදයේ ප‍්‍රධාන වගකිව යුත්තෝ කවුද?
ඇත්තටම මේ රටේ යහපත් උත්තරීතර සමාජයක් ගොඩනැගීම සඳහා කැපවිය යුතු භික්ෂු සමාජයක් ශී‍්‍ර
ලංකාවට අහිමි වීම මේ තුළ දකින්න පුළුවන්.
මේ තත්ත්වය ගැඹුරු සමාජ අර්බුදයක්. ගැඹුරු සදාචාර අර්බුදයක්. ශිෂ්ඨාචාර අර්බුදයක්. අපි පිළිතුරු සොයා ගත යුත්තේ ඒ සඳහායි.
බෞද්ධ භික්ෂුවගේ සැබෑ යුතුකම හා වගකීම ඔවුන්ගේ කාර්යභාරය මනාව ඉටුවෙනවාද නැද්ද යන්න පොදු ජනතාව පසු විපරම් කළ යුතු අවදියෙන් සිටිය යුතු කාලයක අප මේ ගත කරන්නේ.
ඒ සඳහා නව මාධ්‍ය සංස්කෘතියක් අලූතින් සිතීමට අවශ්‍ය මාධ්‍යකරුවන් සිරගත කිරීම කොටු කිරීම කොතරම් යුක්ති සහගත ද?
අපේ සමාජයේ සහමූහික විඥානය හැඩ ගැසෙන්නේ කෙසේද? සාමූහික පරිකල්පනය මොනවගේ දිසාවකට හැරිලද තියෙන්නෙ. මේව තමයි අපි සොයාගත යුතු වැදගත් කරුණු.
වර්තමාන නිකායන්වල මහනායක භික්ෂූන් සිට සියලූම බෞද්ධ නිකායන්වලින් දකින්න ලැබෙන්නේ දේපළ හිමි සමාජ සංස්කෘතියක්.
බුදු හාමුදුරුවෝ සිය ධර්මය තුළ ඉවත් කර ඇත්තෙත් සියලූ සම්පත්වලින් තොර සමාජ දැක්මක්.
පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල පක්ෂ විපක්ෂ සියල්ලන් සේපාල අමරසිංහයන්ට තඩිබෑවේ ඒ සාමුහික පරිකල්පනය ඔවුන්ට නැති නිසා.

අඳුරෙන් ගොඩ එමෙන් සමාජ පුනරුදයක් ලංකාවට අවශ්‍ය යුගයක් මතුවෙලා තියෙනවා.
සමාජ සංස්කෘතික දේශපාලන අධ්‍යාත්මික ව්‍යසනයකට ශී‍්‍ර ලංකාව භයානක ලෙස ගොදුරු වුණේ ඇයි? ඊට මූලික වූ සොයාගැනීම ශී‍්‍ර ලංකා වාසීන් පළමුවෙන්ම විමර්ශනය කළ යුතුයි.
මෙය සංකීර්ණ කාරණාවක්.
සමාජයක සාමුහික පරිකල්පනය තුළින් හඳුනාගත යුතු ක‍්‍රියාදාමයක්. අනාගතය ගොඩනැගෙන්නේ නිකම්ම නොවේ.
භික්ෂුව සමාජ සාධාරණත්වයේ කතුවරුන් කියල කිව්වොත් ඉතාම කාලෝචිත අදහසක් වෙනවා.
නමුත් ඒ කතුවරුන් ඉතිහාසය තුළ වර්තමානය තුළ අපට දකින්න ලැබෙන්නේ ඉතාම අඩු තක්සේරුවකින්.
අපේ සමාජයේ විඥානය සකස් විය යුතු ඒ සඳහා ප‍්‍රඥාව ලබාදිය යුතු භික්ෂු සමාජය හුදෙක් ඔවුනොවුන්ගේ හැසිරීම පන්සල් දේපළ ආකෘතිය සංවර්ධනය කර ගැනීම පමණයි.
සාමුහික විඥානය සකස් වීමේ ගැඹුරු ප‍්‍රශ්නය තමයි එවැනි ගමන් මගකට හොඳ පසුබිමක් සකස් නොවීම නිසා මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා.
සියලූ භික්ෂූන්ගේ අපේක්ෂා තියෙන්නේ භෞතික දේවල් ගැන විතරයි. ඔවුන් අනාගතය දකින්නේ ද්‍රව්‍යමය දෘෂ්ඨියකින්.
ඒ සඳහා බුදු හාමුදුරුවන්ගේ ධර්මයත් ආධ්‍යාත්මික සමාජයේ වටිනාකමත් තේරුම් ගෙන සිටින පුරවැසියන්ගේ බෞද්ධකමත් අයුතු ලෙසත් ප‍්‍රයෝජනයට ගන්නා සංස්කෘතියක් දියත් වෙලා තියෙනවා.
භික්ෂූන්ගේ හීනවල මොනවද තියෙන හීන.
පහසුකම් සහිත සුඛෝපභෝගී විහාරස්ථාන ගොඩනැගීම දියුණු ලක්ෂ 100 ඉක්මවන වාහන රජයෙන් හෝ බෞද්ධකම ඇගට ගත් ධානපතීන්ගෙන් ගොදුරු කර ගැනීම ඔවුන්ගේ ඇති ප‍්‍රධාන ඉලක්ක.
තමන් තමන් සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද?
තමන් අනිකා සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද?
තමන් ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වේනනේ කොහොමද? යන කිසිම දෙයක් ජනතාව පැත්තෙන් සිතන දකින භික්ෂු සමාජයක් අපට දකින්න නැහැ.
භික්ෂුව අද අඳින සිවුර චාම් එකක්ද?
භික්ෂූන් භික්ෂූන් අතර තරඟකාරී ලෙස ඉතාම වටිනා සිවුරු අඳින සංස්කෘතියක් දකින්න ලැබෙනවා. එය බුදු හාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මයට පටහැනි නැද්ද?
සැබෑ පරිකල්පනය තුළ ගැඹුරු ප‍්‍රශ්න එකිනෙකා අතර තිබෙන ආරෝව විවිධ වේශයෙන් මතු වුණත් විසඳාග න්න පරිකල්පනය තියෙනවනම් එය මනාව සමාජගත වන යහපත් පැත්තක්.
ලංකාවේ විහාරස්ථාන ආශ‍්‍රිතව කොතරම් ළමා හා කාන්තාවන් ¥ෂණය වෙනවාද?
කොයිතරම් අතවරවලට ලක් වෙනවද? ඉතින් ඒවා දැන දැන නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන සමාජ සංස්කෘතියක් අපට දකින්න ලැබෙන්නේ.
මේ යථාර්තය මනාව තේරුම් ගෙන ක‍්‍රියා කිරීමේ නොහැකියාව තුළ ඉතාම ගැටලූ සහගත තත්ත්වයක්
තියෙනවා.
භික්ෂු සමාජය ගත වූ හැත්තෑපස් වසරක් තුළ ගොඩනගන ලද සමාජ වපසරිය තුළ සේපාල ප‍්‍රකාශනය මතු වූ බව නැවත නැවතත් කියන්න සිද්ධ වෙලා තියෙනවා.
ඊට ඉතිහාස පසුබිම් කරුණු අප‍්‍රමාණව තිබෙනවා.

දළදා වහන්සේගේ සම්භාවනීයත්ව වටිනාකම රැුකගත යුත්තේ භාරකරුවන්.
ඒ භාරකරුවන් විසින් මෙහෙයවන සංඝ සමාජය යහපත් ශික්ෂාකාමී භික්ෂු පරපුරක් විය යුතුයි. නමුත් දළදා මාළිගාව ආශ‍්‍රිතව මහානායක ධුර සඳහා කොපමණ තරගකාරිත්වයක් තියෙනවාද? මහනුවර දිය වඩන නිලමේ පත්කිරීමේදී කොපමණ මුදල් සම්භාරයක් දියත් වෙනවාද?
දළදා මාලිගාවට පහරදීම සිදුකළ කරුණා අම්මාන් ඔඩොක්කුවට ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දක්වා ගෙන ගියේ මේ රටේ භික්ෂු සමාජය කුමන ප‍්‍රතිපත්තියක්ද?
ඓතිහාසික දේපළ හානි කිරීමට කරුණා අම්මාන්ගේ පහරදීම නිසා සිදු වූ බෞද්ධකමට ගෞරවයට හෝ භික්ෂු සමාජය ගෙන ගිය අරගලය මොකක්ද?
නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරන්න රජයට බලපෑම් කළ ලංකාවේ කුමන භික්ෂු නිකායද මේ වන තෙක් මැදිහත්ව තිබෙන්නෙ.
යුක්තිය කියන එක සමබර විය යුතුය නීතිය සමානව කාටත් පොදු විය යුතුයි.
සම්බුද්ධ ගෞතම බුදුන් වහන්සේගේ දළදාව ස්ථානගතව ඇති මහනුවර දළදා මාළිගාවට කරුණා අම්මාන් ඇතුළු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හමුවේ මහනායක හිමිවරු ඇතුළු සමස්ත භික්ෂු සංස්ථාවේ එතෙක් මෙතෙක් හැසිරීම මේ වන විට නිරුවත් වී අවසන්.
මහජන බදු මුදල්වලින් අවසානයේ මාළිගාව ප‍්‍රතිසංස්කරණය වුණා.
අරංතලාව සමූහ භික්ෂු ඝාතනය හමුවේ නායකත්වය ගත් කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂ දේශපාලන පක්ෂයේ උප සභාපති තනතුරක් හිමි කරදීමේදී මේ අපේ යතිවර සමාජය නිහඬයි.
මෑතක සිද්ධිය නම් දුරාචාර ව්‍යාපාරික කැෂිනෝ ධම්මික පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයෙක් වශයෙන් දිවුරුම්දීමට ඒමේදී කුමන භික්ෂුවද සදාචාරය වෙනුවෙන් කතා කළේ.
එවකට ආණ්ඩුවේ කරුණා අම්මාන්ට ඇමැති පත්වීමක් ලබාදුන් මහින්ද රාජපක්ෂට එරෙහිව මහ සංඝරත්න
ගත් පියවර කුමක්ද?
කරුණා අම්මාන් බෞද්ධ සමාජයට කර තිබෙන හානිය සුලූපටු නොවේ.
නමුත් අවසානයේ ඔහු නැවතුනේ ඒ බෞද්ධ සමාජයේම තම නායකත්වය ගෙන ආණ්ඩුවක අමාත්‍යංශයක ඇමැතිවරයෙක් වශයෙන්.
තවදුරටත් මහින්ද රාජපක්ෂගේ දුරාචාර දේශපාලනය සමඟ ලංකාවේ භික්ෂු සමාජය සහජීවන පැවැත්මක් එදත් ගෙන ගියා අදත් ගෙන යනවා.
එහි ප‍්‍රතිඵලය අද මුළු රටම භුක්ති විඳිනවා.
මස් මාංශ අනුභවය සඳහා ජනප‍්‍රිය බෞද්ධ පාටි සංවිධානය කරන යතිවර සමාජයෙන් බෞද්ධාගමට අපහාසයක් එතෙක් මෙතෙක් සිදුවී නැද්ද?
උතුම් දළදාව ඌරු දතකට සමාන කර කතා කරපු පෙර භික්ෂූන්ගේ කියමන ඔස්සේ රටේ දළදාවට වූ අපකීර්තිය පිළිබඳ යතිවර සමාජයේ ගත් පියවර කවරේද?
සම්මා දිට්ඨි යහපත් දැකීම නොදකින ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ පළමුව ශ‍්‍රී ලංකාවේ බෞද්ධ කම ආරක්ෂා කර ගැනීම අද ප‍්‍රජා පුරවැසියන්ගේ කාගේත් වගකීමක්.
සියල්ලක් අත්හරින්න කිව්ව බුදුන්වහන්සේගේ ධර්මයට පටහැනිව භෞතික සම්පත්වලින් පුරවා ගන්නා විහාරස්ථාන ආශ‍්‍රිත දේපළ සංස්කෘතියක හිමිකරුවන් වී සිටින ව්‍යාපාර කරන භික්ෂු සමාජයෙන් යහපත් බෞද්ධාගමක් සුරැුකේද කියන ප‍්‍රශ්නය ලියුම්කරුට නැවත නැවතත් සිහිපත්වන සුළුයි.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න