චසර පුරා ජන දුක දේව මන්දිරවලදී කියා සිටි ප්‍රජාවට මොකද වුණේ නත්තල්‌ දින ලියුම්කරුට නැගුණු ප්‍රශ්නයකි.

හිත ගැඳුව ක්‍රිස්තු ජනදුක ගී සිය පල්ලිවලදී සමිදුන්ගේ වන්දනාවේ ගිය ක්‍රිස්තු බැතිමතුන්ට මෙවර ජේසු සමිදුන්ගෙ උපත සැමරීමට මෙවර නත්තල්‌ උදාව අවකාශය ලබා දුන්නාද?

දේව අනුහස්‌ තවදුරටත්‌ කල්පිතයක්ද? යන්න ගැඹුරට ප්‍රශ්න කිරීමක්‌ මේ ලේඛණය තුළින්‌ විවරණය කරන්න ලියුම්කරු බලාපොරොත්තු වෙනව.

අපව ආරක්ෂා කරන පෘථිවි වායුගෝලය තුළ අත්වැල්‌ බැදගෙන පවතින කාලගුණය නිතර වෙනස්වන සුළුයි.

වායුගෝලයේ බලපවත්නා ජලවාෂ්ප ප්‍රමාණය හෙවත්‌ ආර්ද්‍රතාවයද එමෙන්ම අපගේ පාලකයා වන සූර්යා මතුපිපිටින්‌ අවකාශයට විගිද යන්නාවූ සූර්ය සුළං හා සද ඇතුළු ග්‍රහයින්‌ මගින්‌ ඇති කරන්නාවු ගුරුත්ව තරංගයන්ගේ බලපෑමෙන්‌ අප පෘථිවියේ කාලගුණය නිතර වෙනස්වන සුළුයි.

මෙය දේව අනුහසින්‌ ඉවත්‌ කිරීමට හෝ භංග කිරීමට පුළුවන්ද?

මේ දිනවල අප රට ඇතුළු ලොව පුරා රටවල්‌ ගණනාවකටම මහවැසි ඇති වී ජලය නිසා නායයාම්‌ සිදුවීමට හේතූව සොයා බැළීමේදී සූර්යා මතුපිටින්‌ යෝධ ගිනිදළුවක්‌ අවකාශය වෙත විගිදී යාමක්‌ සිදුකළාද?

මෙය සූර්යා මතුපිටින්‌ මෙවැනි ගිනිදඵ ලප ඇතුළු වූ විට ඉන්‌ අවකාශයට විගිද යන්නාවූ ආලෝක ශක්තියේ ප්‍රතිඵලයක්ද? ඇත්තටම ලංකාව කාර්මික වූ රටක්ද? මේ මොහොත වනවිට ලංකාව මුහුණ දී තිබෙන සුවිශාල ගැටළු සමුදායක්‌ නිබෙනවා.

මේ ගැටළුවලට ලංකාවේ බැතිමතුන්‌ බොහෝවිට විවිධ පාර්ශවල දේව බැතිමතුන්‌ බොහොවිට මෙවැනි කාලගුණික චිපර්යාස වෙනස්කිරීමට ඔවුන්ගේ දේවත්වය සමත්‌ වෙලා තියෙනවද?

ලංකාවේ නිරිත දිග මෝසම්‌ ඊසාන දිග මොසම්‌ බොහොවිට සිදුවන බව අපි දන්නව.

අඩුපීඩන කලාප විටින්‌ විට බිගිවෙනව.

මේ නිසා සුළං ප්‍රවාහය ඉන්පසුව අඩුපීඩන කලාප වෙත තඳින්‌ විශේෂයෙන්‌ ඉන්දියාවේ කාර්මික වායු නැත්නම්‌ කාබන්ඩයොක්සයිඩ්‌ කළු කාබන්‌ ගලා ඒම තූළ ඇති වූ විපර්යාසයකට අප මේ වනවිට මුගුණ දෙමින්‌ සිටිනවා.

කාර්මික විෂ සහිත වායු විශාල වශයෙන්‌ වායු සාන්ද්‍රණ මතුපිටින්‌ පෙණුනෙ නැති වුණත්‌ ලංකාවේ ප්‍රජාවගේ පෙනහැලි තුළට ඇතුල්වීමෙන්‌ සුවිශාල බරපතල සෞඛා්‍ය ගැටළු ගණනාවක්‌ මතු කරමින්‌ ඉන්න මොහොතක අපි පසුවෙනව.

කුඩා මට්ටමේ වායු අංශ පෙනහළු තුළින්‌ පසුව රුධිරය දක්වා යන්න පුළුවන්‌. ඇතැම්විට එය මරණය දක්වා යන්නන්‌ පුළුවන්‌.

විෂ සහිත වායුව ලංකාවේ ජනමාධායයට හුදෙක්ම දුමක්‌ පමණක්‌ වී තිබෙනව. මෙය ඇත්තටම ගෝලීය පාරිසරික ගැටළුක්‌ නොවේද?

මේ පිළිබදව මේ වනවිට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර කවරේද?

ලංකාව කාර්මික වූ රටක්ද?

කාර්මිකකරණය වූ රටවලින්‌ දූෂිත වායු පිටවීමේ ප්‍රතිඵලය ගෝලීය දේශගුණික විපර්යාසය ලංකාවට මෙසේ වර්ධනය වෙමින්‌ තිබෙන පරිසරයක්‌ ඉස්මතු වෙමින්‌ නිබෙනව

මේ නිසා ලංකාවේ මානවයා විසින්‌ අනාගතයේ ජීවත්වන්න වන්නේ, ඔක්සිජන්‌ මැසිමක්‌ කාරේ එල්ලාගෙනද? භරිත පරිසරයට අභියෝගාත්මකව ජීවත්වන කාර්මිකකරණයට ලක්වූ රටවල ගැසිරීම ගා භාවිතය සෙසු රටවලට විෂ සගිත වායු වර්ගගලා ඒම ලෝකයේ බොහොවිට සිදුවන්නක්‌.

මානවයා පුද්ගලිකව පවුල්‌ සංස්ථාව තූළ නාගරිකව විෂවායුවට ශ්‍රී ලංකා සමාජය ගොදුරුවෙමින්‌ පවතින්නේ කුමක්‌ අරභයාද?

ලෝකයේ සෑම මානවයෙකුම ආත්මගත කරගෙන සිටින තෘෂ්ණාව එහෙමත්‌ නැත්නම්‌ තණ්හාව නිසා මෙය ලෝකයේ රට රටවල්‌ අතර තරගකාරීත්වය දක්වා ගොස්‌ තිබෙනවා.

ඇමරිකාව අභිබවා චීනය ඉදිරියට යන පරිසරයක්‌ මතුපිටින්‌ දැනට පේනවා. චීනය ඉන්දියාව අභිබවා කාර්මිකකරණය වෙන්න උත්සාහ ගන්නවා. කෙසේ වෙතත්‌ මේ වනවිට ඉන්දියාව කාර්මිකකරණය වූ රටක්‌.

ඒ විෂවායුව ලංකාවට මේ වනවිට කාන්දුවෙමින්‌ පවතිනව.

වායුගොලයේ කැළ ඹීම නිසා අකුණුසැර, ගංවතුර,පස්කදු සෞදා යෑම නිසා 2022-12-25වන දින නත්තල්දින පළමු මරණය චාර්තා වුණේ, අකුරණ දුනුවිල ප්‍රදේශයෙන්‌.

දිස්ත්‍රික්කය මහනුවර, ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාලය අකුරණ.

රට පුරා සෙසු ප්‍රදේශවල අවදානම්‌ තත්වය තව දුරටත්‌ දිගුවෙමින්‌ පවතිනවා.

ශීත දේශගුණයනත්‌ අධික වර්ෂාවත්‌ නිසා ලංකාවේ ප්‍රජාව මුහුණ දෙන ගැටළු අතර පසුව අත්දකින්න වන්නේ කුමක්ද? සෙම්ප්‍රතිශ්‍යාව උණ ආශ්‍රිත විවිධ රෝග ව්‍යාප්තවීම පමණයි.

මේ පිළිබදව පසු ලේඛණයකදී අදාල තොරතුරැ 1717] නිව්ස්‌ ලියන්න බලාපොරොත්තු වෙනව.

ජේසු බිළිදුන්ගේ අති උතුම්‌ දිනය සමරන ශ්‍රී ලංකාවේ ජන සමාජයේ බහුතරයක්‌ කබලෙන්‌ ලිපට පත්වුණ. එගි යථාර්ථය කුමක්ද?

විද්‍යාවේ අගතැන්පත්‌ යුගයක ලෝක ප්‍රජාව ජීවත්වනවා.

චිවිධ අංශ සිසාරා විශ්ව ජයග්‍රහණ ලැබුවද ආගමික විශ්වාස මිථ්‍යා, ඇදහිලි, බහුතරයක්‌ ප්‍රජාව ආත්මගතව විවිධ ආගමික දර්ශණ ඔස්සේ අධිවේගී ගමනක ලෝක ප්‍රජාව ගා ලංකාවේ ප්‍රජාව ගමන්‌ කරනව.

හේතුව කුමක්ද?

ලෝකයේ අස්සක්‌ මුල්ලක්‌ නෑර අතු රිකිලි මුල්‌ සහිතව ආගමික සංවිධාන සමාජගතව තිබීමයි. විවිධ බාධක හැල හැප්පීම්‌ බැතිමතුන්ගේ ලේ හැලීම්‌ ඔස්සේ, ආගමික ශක්තිමත්ව සංවිධානගතව ගලායන්නේ කෙසේද?

වසර 2000 ඉක්මවා යන ප්‍රජාවගේ ඉහ මොළවලට කිදා බස්සවා ඇති මිථ්‍යා සමාජමත පරම්පරාවෙන්‌ පරම්පරාවට කාන්දුවීම නිසා නොවේද?

අනික්‌ කරුණ සංවිධාන ව්‍යුගයේ ඇති මනා සංයුනියක්‌ සෙසු කරුණු ගණනාවක්‌ මීට බලපා තිබෙනව.

ඒ අතරින්‌ ස්වභාව දහමේ ඇති විශිෂ්ඨත්වය අයුතුලෙස ආගමික සංවිධානවල අවභාවිතය සදහා යොදා ගැනීම මෙය ලංකාවේත්‌ ලෝකය පුරාත්‌ සිදුවන බව අප කව්රුත්‌ දන්නා සත්‍යයක්‌.

චාතය, ජලය, හිරුඑළිය ප්‍රජාවගේ පැවැත්ම සදහා නිර්මාණය කළේ දෙවිදුන්‌ බව වසර දෙදහසකට ආසන්නක කාලයක්‌ ආගමික සංවිධාන ප්‍රජාවගේ ඉහ මොළවලට කිදාබැස්සවීම විශ්වයේ හා පෘථිවියේ ක්‍රියාකාරීත්වය දෙවියන්‌ වහන්සේගේ ඕනෑ එපාකම්‌ අනුව සිදුවන්නේ නම්‌ මතුවන ප්‍රශ්න ගණනාවක්‌ ඔබට මතුවන්නේ නැතිද?

උන්වහන්සේගේ ආශිර්වාදය ලංකාවට නැති නිසාද? නැත්නම්‌ තණ්හාවෙන්‌ සුපිරි ක්‍රිස්තු භක්නිකයින්ට අවදානමේ සංඥාව ලබාදීමද? වෛරය හා කෲරත්වය පිටුදැකීම උන්‌ වහන්සේගේ දේව වාක්‍යයයි.

ලෝක සෞඛා ගැටළු දීපව්‍යාප්තව විසරණය වන්නේ නම්‌ දෙවියන්‌ වහන්සේට සියල්ලක්‌ වසා දැමීමට මේ වනවිට නොහැකි වුයේ කුමන හේතු මතද?

ලෝක යුද්ධ වෙඩි නැබීම්‌, සිද්ධස්ථානවලට බෝම්බ ගැසීම්‌ වලදී දේව හස්තය යොදවා වැලැක්වීමට උන්වහන්සේට නොහැකි වූයේ කුමක්‌ නිසාද?

ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයින්‌ බිහිවන්නේ ඇයි? එවන්නන්‌ බිගහිවීමේදී වසා දැමීමට අස්ථානගතකිරීමට දෙවියන්‌ වගනන්සේට නොහැකි නිසාද?

සිවිල්‌ සමාජ ගැටළුවලදී හා ඇතැම්‌ රාජ්‍ය දෙපාර්මේන්තූ ගා සංස්ථාවලින්‌ ප්‍රජාවට සිදුවන අසාධාරණවලදී දෙවියන්‌ වහන්සේ යාවත්කාලීන නොවන්නේ ඇයි?

ප්‍රාග්‌ මිනිසා කොළ අතු අඳින යුගයේ සිටම නොපෙනෙන මිත්‍යා විශ්වාස කළ පමණින්ම නූතන මිනිසා ම්ලේඡ්ච යුගයටම නැවත නැවත යායුතුද?

මේ වනවිට ලොකයේ විද්‍යාව, ප්‍රබල ලෙස දියුණු වී ඇති සමාජ වටපිටාවක දේව විශ්වාසය මත මානවයා තවදුරටත්‌ යැපෙන්නේ ඇයි?

ගස්‌, කදු, ගංගා, ඉර, ගද, තාරකා වන්දනාවේ ගිය එදා මිනිසාගේ චින්තනය ඉදිරියට නොදියුණුව පවත්වා ගෙන යෑමට ආගමික සංවිධාන සිදුකරන කාර්ය භාරය ඉතාම සුවිශාලයි.

 බෞද්ධ,කතෝලික, ක්‍රිස්තියානි මහ බ්‍රහ්මයා ශිව දෙවියා අල්ලා දෙවියන්ගේ ධර්මය තුළ ඇතැම්‌ අන්තර්‌ උප සංවිධාන තූලින්‌ කියැවෙන සමාජ පණිවිඩ සියුම්ව නිරීක්ෂණය කිරීමේදී හෙළිවන තොරතුරු අප්‍රමාණයි.

පරිසර සාධක, ලෝක සමාජ ධර්මතා ස්වභාවික සංසිද්ධින්‌ හා ආර්ථික තරගකාරීත්වය හසුරුවන්නේ සිය ආගමික ධර්මතා අනුව බව අදාළ සංවිධානගනව සිටින ආගමික සංවිධානවල නායක ධුරාවලිය මගින්‌ සමාජ ගතකිරිම මනාව සිදුවන්නක්‌.

නොපෙනෙන දේව බලවේග තුූළට එවන්‌ හැසිරීමේ ගිමිකමක්‌ ඇත්නම්‌ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ශ්‍රි ලංකා දේවස්ථානවලට සිදුවෙන්න පුළුවන්ද?

යම්‌ ආගමික විශ්වාශයක්‌ දේව ඇදහිල්ලක්‌ කරායන ප්‍රජාවගේ ඉලක්කය කුමක්ද?

අධ්‍යාත්මික සුවය,මතූ ආත්මයේ අංගසම්පූර්ණ සුපිරි ආත්මයක්‌ අපේක්ෂා කිරීම බෞද්ධ ආගමට අනුව නම්‌ මතු ආත්මයක්‌ ලැබීමට වඩා නිවන සොයා යෑම.

සැබෑ බෞද්ධකම අවබෝධකර නොගත්‌ ප්‍රජාවගේ අවශ්‍යතා අප්‍රමාණයි.

විහාරස්ථාන ආශ්‍රිත බොමළුවක්‌ ආසන්නයට ගියවිට ඇසතූ වෘක්ෂය අභියස බෝධිපූජා පවත්වන බහුතර ඉල්ලිම්‌ වලින්‌ එය මනාව පැගැදිළියි.

ඊට අඩුවැඩි වශයෙන්‌ ඇතැම්‌ භික්ෂූන්‌ වහන්සේලාගේ ධර්ම දේශණාවලින්‌ ප්‍රජාවට ලබාදෙන භෞතික පණිවිඩවලින්‌ තවත්‌ කරුණු සාධක ඔප්පුවන සුළුයි.

දේව මන්දිරවලට යන ප්‍රජාව විවිධ භෞතික අවශ්‍ය්‍යතා දිගින්‌ දිගටම දෙවියන්ගෙන්‌ යදින්නේ සුමිගිරි කවි ගීත ගායනා මගින්‌.

දෙවියන්‌ හඳිසි අද්විතීය හස්තය මගින්‌ සියළු අපේක්ෂා ඉටුකරදෙතැයි යන විශ්වාශය මත කතරගම දෙවිදුන්ට මුහුණු සයක්‌ අත්‌ දොළසක්‌ ඇති බව ද්‍රවිඩ හා සිංහල බෞද්ධ ප්‍රජාව තුළ ගොනුකර ඇති අප්‍රමාණ විශ්වාසය මේ අනුව තවත්‌ සාධකයක්‌.

කතෝලික ගා ක්‍රිස්තියානි විවිධ නිකායන්ට අනුව අහස්තලය මවා පිහිටවා ඇත්තනේ දෙවියන්‌ වහන්සේය.

පෘථිවියේ සියල්ල නිර්මාණය කර ඇත්තේ දෙවියන්‌ වහන්සේය.

සමස්ථ ප්‍රජාවට ජීවය ලබා දී ඇත්තේ දෙවියන්‌ වහන්සේය.

එසේනම්‌ මේ සියල්ලක්‌ සුරක්ෂිත කරගැනීම දෙවියන්‌ වහන්සේ සතු වගකීමක්‌, වගවීමක්‌, කාර්යභාරයක්‌ නොවන්නේද? සමස්ථ සත්ව කොට්ඨාශවලට ජීවය ලබා දී ඇත්තේ දෙවියන්‌ වහන්සේයි.

ඒනිසා ප්‍රජාව තනිනොකරන බලවේගය දෙවියන්‌ වහන්සේය.

නමුත්‌ ඉන්දියාවේ උත්තර ප්‍රදේශය තුළින්‌ ශීතල සමග එක්වූ විෂවායුව තුළින්‌ පසුගිය දිනවල අපගේ සිව්පාවන්‌ කීදෙනෙක්‌ ස්වභාවික මරණයට පත්වුණාද?

එසේනම්‌ උන්වහන්සේගේ අනුහසින්‌ එය සිදු නොවීමට වග බලා නොගත්තේ ඇයි?

ප්‍රජාවගේ උන්නතිය කරා තල්ලුකරන බලවේගය දෙවියන්‌ වහන්සේ නම්‌ සිදුවිය යුත්තේ ස්වභාව ධර්මය තුළින්‌ මතුවන ගැටළු අවම කිරීම නොවේද?

දෛනික ජීවිතයේ මතුවන ප්‍රශ්ණවලට, ගැටළුවලට ප්‍රශ්ණ වලට මිනිස්‌ ඇසින්‌ පිළිතුරු දෙන්නේ, දෙවියන්‌ වගන්සේ බව ලංකාවේ පල්ලි පුරා කියන වදනක්‌.

මේනිසා පරිවාස කාලයක ජීවත්වන මිනිසාගේ අනාගත සදාකාලික ජීවිතය තීන්දු කරන්නේ දෙවියන්‌ වහන්සේ බව නිතර නිතර දෛනිකව පල්ලිවලින්‌ පූජකපක්ෂයෙන්‌ ඇසෙන කථාවක්‌.

ජීවිතයේ මිනිසා කරන හොද නරක සියල්ලක්‌ දකින්නේ අනුහස්‌ ගුණයකින්‌ යුක්ත දෙවියන්‌ වගන්සේ බව මහජනතාව තුළ ආත්මගත කරන්නේ පල්ලියේ පූජක පක්ෂයයි.

පවුලක සාමාජිකයින්‌ රැවටිය හැකි බවත්‌ පල්ලිය කියනව.

ඥාතීන්‌ රැවටිය හැකි බවත්‌ පල්ලිය කියනව.

හිතවතුන්‌ රැවටිය හැකි බවත්‌ පල්ලිය කියනව.

මනුෂායාගේ ද්විත්ව ස්වරූපය දන්නා දෙවියන්‌ වහන්සේ රැවටිය නොහැකිබව පල්ලිය බොහොවිට කියනව.

අසතා්‍යංයෙන්‌ යැපෙන අයට දේව ආශිර්වාදය නොලැබෙන බව පල්ලිය කියන තවත්‌ කථාවක්‌.

සතා ලෝකවාසී ප්‍රජාවට උරුම කරදීමට මෙලොවට පැමිණියේ යේසුස්‌ ක්‍රිස්තුස්වනන්සේ බව පූජාපපක්ෂයේ මූල ධර්මයයි.

නමුත්‌ උන්‌ වහන්සේගේ උපත සිහිකරන 2022-12-25 වන දින ස්වභාව ධර්මය උන්‌ වගන්සේ රවටා ඇති බව මෙයින්‌ හැගී නොගියේද?

ජේසුතුමා සතායේ ප්‍රතිමූර්තිය නම්‌ අසත්‍ය ආභරණයක්‌ කරගෙන ඇතැම්‌ සිවිල්වැසියන්‌ රාජ්‍ය නායකයින්ගේ හැසිරීම හා භාවිතය දෙවියන්‌ වහන්සේ නොදකින්නේ, හෙළිනොකරන්නේ ඇයි?

මාර්ගයද ජීවනයද උන්වගන්සේ නම්‌ ලෝක සත්‍ය වෙනුවෙන්‌ උන්‌ වහන්සේගේ කරුණාව, ආදරය ලෝකයට බෙදා නොදෙන්නේ ගුරු මුෂ්ඨිය තවදුරටත්‌ උන්‌ වහන්සේ රැකගතයුතු නිසාද?

පාපයෙන්‌ මිනිසා ඈත්‌ කිරීමේ ඒ ගුණය දෙවියන්‌ වහන්සේගේ ගරය නම්‌ පාපාකාරී ක්‍රියාවලට උරදෙන ත්‍රස්තවාදීන්‌ ඉන්‌ ඈත්කර තැබීම උන්‌ වහන්සේගේ වගකීම නොවේද?

මේ වනවිට උන්‌ වහන්සේගේ ලෝකය පුරා ඇති දෙවොල්‌ කීයකට බෝම්බ තබා විනාශකර නිබෙනවාද? ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ඊට තවත්‌ කදිම උදහරණයක්‌ නොවන්නේද?

ලාංකික මිනිස්‌ ජීවිත තුන්සීයක්‌ ඉක්මවා මරණයට පත්කිරිම සදාකාලික අබ්බගාතයින්‌ කිරීම, අංග විකල තත්වයට පත්කර ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පශ්චත්තාපයවී ලබාදී ඇති දේව කරැණාව ලබාදීම සර්ව සාධාරණද?

එය අයුක්තිය රජවී යුක්නිය යට යන කරුණාවක්‌ නොවේද? පාපය පිළිගෙන පශ්චත්තාප වීම වන්දි ගෙවීමක්ද?

සොබාදහම අපූර්වත්වයෙන්‌ විවිධත්වයෙන්‌ ජවය බද්ධවී ඒකාබද්ධව සාමූගික එල්ලයන්‌ පාපකාරී ක්‍රියාවන්‌ වලට සක්‍රියවීම සමාජ ධර්මතාවය නොවේද?

මිනිස්‌ මනස සුභවාදී කිරීමට විවිධ ආගම්වල පූජක පක්ෂවල දේශණා ඉතිහාසය වසර 2000 ඉක්මවා යන්නක්‌.

පරාජිත මානසිකත්වය ලෝකය අරාජික කර ඇත්තේ අදාළ දේශණාවල අන්තර්ගතය ආගම්‌ ඉදිරියට ගෙනයන පූජ්‍ය පක්ෂවල නිකායන්වල කල්පිත හැසිරීම ගා භාවිතයද?

සියළු දේශණා හමුවේ සහජීවනය පිළිගත්‌ කළබලකාරී පරිසරය හමුවේ අසහන උන්මන්තක ජීවනයට දෙවියනි ඔබ කොගිද?

යතොක්ත ප්‍රශ්ණය ලියුම්කරුට නත්තල්‌ දින සටහන්‌ කිරීමේදී මතුවූ ගැටළුවක්‌.

අප්‍රමාණ දේව අනුගස්වලට මොකද වුණේ.

ඒ නිසා ලෝකයේ ආගමික සත්‍යාතාවයන්‌ උරගා බැලීමේ කාලය කාලීන වී නොනිබේද?

එය විවිධ ආගමික නිකායන්වලට ඇබ්බැගීවී සිටින ප්‍රජාව මනාව නැවත සිතාගත යුතු කරුණක්‌ නොවේද?

විශ්වය හසුරුවන දේව මගිමය හමුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාක්ෂි මේ වනවිට කුමන පැතිවලට ගමන්‌ කර තිබෙනවාද? ඔප්පුකිරීමට සාක්ෂි විසිරී ඇත්නම්‌ එම සාක්ෂි සමෝදානය කිරීමට පරම හිමිකම ඇත්තේ ඔබ වහන්සේට නොවේද?

සාක්ෂි සංකීර්ණ නම්‌ තාක්ෂණික සැගවීම්‌ ඇත්නම්‌ ඇතැඹුලක්සේ සියල්ලක්‌ ගොනුකිරීමේ අනුහස්‌ බලය ජන්මයෙන්‌ ඔබ වහන්සේට උරුමනොවේද?

කතෝලික, ක්‍රිස්තියානි සියළු ප්‍රජාවන්‌ අභීත ගුණාංගයන්‌ මතුකර ගතයුතු නොවන්නේද?

ඇත්තටම පෘථිවි වෙනස්වන කාලගුණ පෙරළියට හේතුව සොයා බැලීම ඒ සදහා ඊට අදාළ කරුණු මැනවින්‌ අපි නැවත නැවත ප්‍රබුද්ධ මනසින්‌ සොයා බැලිය යුතු නොවේද?

ධනය අතහැරීම හා දිළිදුන්‌ සදහා පරිත්‍යාග කිරීමට පල්ලිය කිව්වත්‌, පූජක පක්ෂය සතු දේපල අරභයා එය යථාර්තවාදීද? ජේසු තුමන්ගේ ප්‍රේමය, කරුණාව පුන පුනා පූජ්‍ය පක්ෂය ප්‍රකාශ කිරීම දිනපතා පල්ලිවලින්‌ සිදුවන්නක්‌. නමුත්‌ උන්වහන්සේ උපදින්නේ නැතිබැරි සමාජයට සුවිශාල අර්ථයක්‌ ලබාදෙමින්‌.

‘වෙහෙසෙන්නාවූ බර උසුලන්නවූ ජනතාවට උන්‌ වහන්සේ පුකාශ කලේ සියළු දේ අතහැර තමන්‌ වෙත එන්න කීම නොවේද?

සම්ප්‍රදායික ඇතැම්‌ පාලකයින්ගේ අගුණදැඩිව විචේචනය කලා.

එදා ජේසුස්‌ ක්‍රිස්තුස්‌ වහන්සේට, ඊට පාලක ප්‍රතිචාර දැඩිවූවා.

අවාසනාවන්ත මරණයකට උන්වහන්සේ ගොදුරැ වූ බව ඉතිහාසය කියනවා.

සමස්ථ ලෝකය නත්තල්‌ සමරද්දී ශ්‍රී ලංකාව කැළඹෙන කාලගුණය සමග සටන්‌ කරන්න සිද්ධ වුණා.

අධික වර්ෂාව නිසා නායයාම්‌, ගස්‌ හා පස්‌ කඩා වැටීම නිසා මාර්ග ගණනාවක්‌ වසා දමන්න සිද්ධවුණා. පොල්ගොල්ල ජලාශයේ වාන්‌ දොරටු 7ක්‌ නත්තල්‌ දින විවෘත කරන්න සිද්ධවුණා.

දේවආශිර්වාදය ලැබිය යුතු දින මෙවන්‌ ඛේදවාචක මේ නත්තල්‌ දින කාලගුණික විපර්යාසවලින්‌ සමන්විත වුණේ ඇයි? මේ නිසා අසිරිමත්‌ නත්තල අධික වර්ෂාව හා ශීතල නිසා ලංකාවේ සොදා පාළුවට ගියා.

උන්‌ වහන්සේගේ අසිරිමත්‌උපත සැමරීමට බහුතර ක්‍රිස්තූ බැනිමතුන්ට නොහැකිවුණා.

නත්තලේ සැබෑ අරුත වූ සතුට දිළින්දන්‌ සමග බෙදා හදා ගැනීමට නොහැකි තත්වයක්‌ ලංකාවේ උද්ගත වූවා. ක්‍රිස්තු පූජ්‍ය පක්ෂය කියන ආකාරයට උන්වගන්සේගේ අප්‍රමාණ අනුහස්‌ කොයිබටද?

උන්‌ වහන්සේගේ උපත සැමරීමට බැරි නත්තල්‌ දින ප්‍රජාවට නත්තල සැමරීමට අවකාශය ලබාදීමට දේවකැමැත්ත විය යුතු නොවේද?

ස්වභාවික විපත්‌ හමුවේ යේසුස්‌ ක්‍රිස්තුන්‌ වහන්සේගේ අනුහස්‌ බලපරාක්‍රමය කොයිබටද?

එම ප්‍රශ්නය බුද්ධිමත්‌ ක්‍රිස්තු භක්තිකයින්‌ නැවත්‌ නැවතත්‌ විමසිය යුතු නොවේද?

නිරිතදිග බෙංගාල බොක්කේ කැළඹීම ශ්‍රී ලංකාවේ බටහිර දෙසට ගමන්‌ කිරීම තුළ දිස්ත්‍රික්ක 20කට අනතුරු තත්වය බලපෑවා.

ගැඹුරු සහ නොගැඹුරු මුගුදේ බරපතල තත්වයක්‌ උද්ගතවුණා. මේ නිසා ධීවරයින්ගේ දෛනික ජීවිතයේ ජීවනෝපාය ඇහිරී ගියා. ඒ සියල්ලක්‌ වුණේ ශ්‍රේෂ්ඨ ක්‍රිස්තූන්‌ වහන්සේගේ උපත සැමරීම සදහා වූ දෙසැම්බර්‌ 25 වන දිනයි.

සුමිත්‌ කොඩිතුවක්කු ලියයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න