සමාජ පර්වායලෝකයකින් බැලූවොත් ශ‍්‍රී ලංකාවේ තිරසර ඉලක්ක පිළිබඳව ගෝලීය වශයෙන් ගොඩනැගෙන සම්මුති මගින් ලංකාවේ ආර්ථික අර්බුදය උග‍්‍ර වෙමින් පවතිනවා.
රජය සහ ව්‍යාපාර අංශ සිවිල් සමාජය සහ අනිකුත් පෞද්ගලික අංශ ආදී සියලූ පාර්ශ්වකරුවන් හට රටේ වර්තමාන සහ අනාගත පරපුර පිළිබඳව සිතීම ඉතාම වැදගත්.
පාරිසරික වශයෙන් තිරසර වූ සමාජීය වශයෙන් සම සාධාරණ සහ යුක්ති සහගත වූ අනාගතයක් නිර්මාණය කිරීම මහින් අවස්ථාවක් පාලකයින්ට ලැබී තිබෙනවා.
ඒත් තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමේදී එක් අතකින් ආර්ථික වර්ධනය සහ අනෙකුත් අතින් සමාජ සහ පාරිසරික අවශ්‍යතා අතර ප‍්‍රශ්සස්ථ තුළනය රඳවාගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
සමාජ තිරසර භාවය සම්බන්ධයෙන් සලකා බැලීමේදී සියලූ ආකාරයේ සමානතා වැනි දැනට පවතින සමාජ විරෝධී සහ ගසාකෑමේ පෞද්ගලික රාජ්‍ය අංශයේ ඇවතුම් පැවතුම් බලපාල තියෙනවා.
අනාගතයේ උද්ගත වන සමාජ ගැටලූ ජාතික හා කලාපීය ප‍්‍රාදේශීය වශයෙන් මේ පිළිබඳව පවතින රජයේ පාලක පක්ෂය තේරුම්ගත යුතුයි.
ඇතැම් සමාජ ගැටලූ සම්බන්ධයෙන් මෑත කාලීන වශයෙන් ලබා ඇති වර්ධනයන් තිබෙන බව රජයට අදාළ ජනමාධ්‍ය පෙන්වීමට උත්සාහ ගන්නවා.
2030 වන විට අදාළ ඉලක්ක වෙත ළඟා වීමට නම් සැබැවින්ම කළ යුතු දෑ බොහෝ වෙනවා.

සමාජයීය විවිධ අංශයන් යටතේ සාකච්ඡුා වන ගැටලූ පිළිබඳ මුහුණ දීම පිණිස සුදුසු යුක්ති සහගත ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග සහ මැදිහත් වීම් ක‍්‍රියාවට නැංවෙන පෙනෙන මානයක දකින්නට ලැබෙන්නේ නැහැ.
මේ නිසා නිල සංඛ්‍යාලේඛන අනුව බොහෝ සාධකීය බලපෑම් පිළිබඳව යම් විවරණයක් කිරීමේ අවශ්‍යතාවය මතු වෙමින් තිබෙනවා.
පසුගිය වර්ෂයේ තෙවන කාර්තුවේදී 2.0%ක පසුබෑමක් වාර්තා කර තිබූ කර්මාන්ත ආර්ථික කටයුතු 2022 තෙවන කාර්තුවේදී 21.1%ක පසුබෑමක් වාර්තා කර තිබුණා.

එහිදී ඉදිකිරීම් කර්මාන්තය හා පතල් කැනීම් කර්මාන්තය පිළිවෙළින් 33.2% හා 45.9%ක් වශයෙන් ඍන ඒ කියන්නේ අඩු වර්ධන වේගයෙන් වාර්තා වී තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ 2022 තෙවන කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 11.8%න් පසුබෑමකට
ලක්වී තිබෙන බවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුවයි. නිමැවුම් කර්මාන්ත කටයුතු සමස්තයක් වශයෙන් 14.8% බසුබෑමක් වාර්තා කර තිබෙනවා.
ඒ තුළ පිරිපහදු ඛනිජතෙල් නිෂ්පාදන කර්මාන්තය වෙනත් ලෝහ නොවන නිෂ්පාදන ඛනිජ නිෂ්පාදනය 42.2%ක මූලික ලෝහ හා ව්‍යුහාත්මික ලෝහ නිෂ්පාදන 42.1%ක ගෘහ භාණ්ඩ නිෂ්පාදනය 37.9%ක රබර් ප්ලාස්ටික් නිෂ්පාදනය 32.4%ක යන්ත‍්‍රසූත‍්‍ර හා උපකරණ නිෂ්පාදනය 21.3% ආහාර පාන වර්ග සහ පුද්ගල නිෂ්පාදන 20.5%ක් රසාහන ද්‍රව්‍ය හා මූලික ඖෂධ වර්ග නිෂ්පාදනය 11.9%ක් දැව ආශ‍්‍රිත භාණ්ඩ නිෂ්පාදනය 9.3%ක් කඩදාසි හ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන 1.6%ක් වශයෙන් පසුබෑමට ලක්වී තිබෙන බව ශ‍්‍රී ලංකා රජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තේම්න්තුව වාර්තා කර තිබෙනවා.
2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු අතරින් විදුලිය, ගෑස්, වායු සැකසුම් සැපයුම සහ ජලය එක්රැුස් කිරීම පිරිපහදු කිරීම හා බෙදාහැරීම් පිළිවෙළින් 3.8%ක් සහ 16.7% වශයෙන් ධනාත්මක වර්ධන වේගයක් ද වාර්තා කර තිබෙනවා.
ඒ වගේම රෙදිපිළි නිමි ඇඳුම් සම්බන්ධ හා ඒ සම්බන්ධ නිෂ්පාදන කටයුතු 2022 අවසන් කාර්තුවේදී 9.3%ක වර්ධනයක් ද පෙන්නුම් කර තිබෙනවා.
මේ අනුව පෙනී යන තත්ත්වය කුමක්ද?

නිල සංඛ්‍යා ලේඛන අනුව බොහෝ සාධකවල සාධනීය බලපෑමෙන් දිළිඳුකම පසුගිය වසර කිහිපයේදී ක‍්‍රමිකව හා පහත බැස තිබෙනවා.
ආදායම් අසමානතාව පසුගිය දශක තුන තිස්සේ ඉහළ මට්ටමක පැවතියත් රජයේ බදු ප‍්‍රතිපත්තිය මත 2022 වසරින් එළැඹුණු නව වසර ගැටලූකාරී තත්ත්වයකට තල්ලූ වෙමින් තිබෙනවා.
විරැුකියාව අනුපාතය ඉතා ප‍්‍රගතිශීලී ලෙස පහත බැස තිබෙනවාද?

ශ‍්‍රම බලකායෙන් 4.5%කින් පහත මට්ටමක පවතින මුත් ආදායම් ලබමින් ශ‍්‍රමිකයන්ගේ බහුතරය රැුකියා කරන්නේ අනියම් හෝ නොවධිමත් අංශයේ වීම ප‍්‍රලාපයක් නොවේ.
ආදායම් හා රැුකියාවේ අස්ථාරවත්වය සහ විශ‍්‍රාම වැටුප් වැනි විධිමත් සමාජ ආරක්ෂණ ගැටලූ පිළිබඳ රජය මුහුණ දී තිබෙන තවත් ප‍්‍රශ්නයක්.
රැුකියා නියුක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බොහෝ භාර¥ර තත්ත්වයන් තිබෙනවා.

කාන්තාවන් ශ‍්‍රම බලකායට දායක වීම අඩු වීම සහ ස්ථිර රැුකියා වියුක්තිය ඉහළ වීම ඒවයින් කැපී පෙනන සුළුයි.
විශ‍්‍රාම වයස ඉක්මවා කිය පුද්ගලයින්ගේ සැලකිය යුතු ප‍්‍රමාණයක් යළි ශ‍්‍රම වෙළෙඳපොළට ආගමනය වීම මගින් ප‍්‍රමානවත් සමාජ ආරක්ෂණයක් නැහැ.
ඒ තුළින් ඇතිවන ආර්ථික සහ සමාජ පීඩනය හමුවේ නැවත රැුකියාවක් කිරීමට පෙළඹීම පෙන්නුම් කරනවා.

පාසල් අධ්‍යාපනයෙන් රැුකියාවට පිවිසෙන තරුණ ප‍්‍රජාවගේ අනුපාතය රාජ්‍ය සහ වෙනත් පාර්ශ්වයන්ගේ ප‍්‍රතිපත්තිමය විසඳුම් සඳහා අවශ්‍ය වන විකල්ප මාවත් තවත් වැදගත් කරුණක්.
පිරිමි තරුණ ප‍්‍රජාවෙන් බොහෝ දෙනෙකු නිසිලෙස පාසල් අධ්‍යාපනය අසම්පූර්ණ කිරීමෙන් තොරව නොවිධිමත් අංශයේ රැුකියාවන්ට හෝ විදේශ රැුකියා වෙත ආකර්ශන තත්ත්වයක් දැනට උද්ගත වෙමින් පවතිනවා.
ඒ කියන්නේ රටේ තවදුරටත් රැුඳී සිටිමෙන් තමන්ගේ අනාගත අභිවෘද්ධිය ගොඩනගාගැනීමට නොහැකි වපසරියක් ශ‍්‍රී ලංකාව තුළ මතුවෙමින් තිබෙන බව නොවේද?

රැුකියා සහ වෙනත් සම්බන්ධ ඒ සම්බන්ධක කාරණාවන්ගේ ඔවුන්ගේ අනාගත අවස්ථා දුර්වල වීමට තුඩු දෙන කරුණු අප‍්‍රමාණයි.
යෞවන හා ගැටවරයින්ගේ බහුතරය ත‍්‍රීවිල් රැුකියාවලට තල්ලූ වීම ඒ තුළින්ම මත්ද්‍රව්‍යවලට තල්ලූ වන රටාව පිළිබඳව පසුව ලේඛනයක් විග‍්‍රහ කිරීමට පීඑෆ්පී නිවුස් බලාපොරොත්තු වෙනවා.
ආදායම් අසමානතාවය හැරුණු විට වෙනත් ආකාරයේ සමාජ අසමානතාවන තිරස් අසමානතාවය ග‍්‍රාමීය නාගරික අසමානතා දිගටම පවතින දේශපාලන සහ සමාජ අස්ථාවරත්වයට ඉඩ විවර කරන ආතතීන් පුළුල් කරන සුලූයි.
වාර්ගික ආගමික කණ්ඩායම් අතර සැබෑ වශයෙන් පවතින සහ එසේ පවතීයයි හග’ින අසමානතා සාමයට හා සමාජ පර්යායට බාධා පමණුවන විරෝධතා හා එදිරිවාදිකම් දක්වා වර්ධනය වන සමාජ රටා මේ වන විට අප‍්‍රමාණව දකින්නට ලැබෙනවා.
රාජ්‍ය කරණය සම්බන්ධයෙන් තවමත් පවතින ගැටලූ වන නීතියේ පිහිට ලබාගැනීමට ප‍්‍රවේශය අපහසු සහ අසමාන වීම තවත් පැත්තක්.
ඇතැමුන් විසින් නීතියේ ආධිපත්‍යය අභිබවා යෑම දැඩි ජනතා අවධානයට ලක් වන කරුණක්.

පරිසර ¥ෂණය රෝග පීඩා සහ ¥ෂණය හා නාස්තිය වැඩිවන ජීවන වියදම සහ වර්ධනය වෙමින් පවතින රටේ රාජ්‍ය ණය බර ආදිය කෙරෙහි වගවීම යුක්ති සහගත භාවය සහ ප‍්‍රතිචාර දැක්වීමේදී රාජ්‍ය ආයතන දක්වන අකාර්යක්ෂම උදාසීනත්වය මේ වන විට සමස්ත රටටම නිරුවත් වී අවසානයි.
රට විසින් ජාත්‍යණ්තර ප‍්‍රජාව හමුවේ ඇති බැඳීම් ක‍්‍රියාත්මක කිරීමට රට අසමත් යැයි පෙනී යාම වැදගත් පැත්තක්.
යථෝක්ත සමාජ ආතතිය තීව‍්‍ර කිරීමට සියල්ලත් ප‍්‍රතිපත්තිමය සැලසුම් කිරීමේදී සහ ක‍්‍රියාවට නැංවීමේදී රාජ්‍ය ණය අංශය ගැන විශේෂ අවධානයක් මහජනයාට හිමිවිය යුතු අතර පෙරළා මහජනතාව අවධියෙන් සිටිය යුතු කාලයක් බව තේරුම්ගත යුතුයි.
වෘත්තිකයින්ගේ සහ වෘත්තීය ආයතනවල රාජයේ කාර්යසාධනයට බලපාන සදාචාරමය කරුණු තීරණාත්මක ලෙස වැදගත් බව බුද්ධිමතුන් සැලකිය යුතුයි.
වෘත්තිකයින් හා වෘත්තීය ආයතන සඳහා නව ආචාර්ය ධර්ම මාලා හඳුන්වාදීම යෙ:ා්ක්ත සමාජ අංශයෙහි අංශවල ඉලක්ක සාක්ෂාත් කරගැනීමේදී ඉතා වැදගත් බව බලයේ සිටින රාජය සක‍්‍රීයව මැදිහත් විය යුතුයි.
තිරසර ඉලක්කවලින් වැඩි කොටසක් සමාජ අංශවලට අදාළ වන බැවින් ලංකාවේ 2030 ඉලක්ක ජය ගැනීමේ සාර්ථකත්වය විශාල වශයෙන් රඳා පවතින්නේ අදාළ නීති කෙටුම්පත් මගින් හඳුනාගෙන සාකච්ඡුා කෙරෙන සමාජ අංශයෙහි ගැටලූවලට පිළියම් කිරීමේ අවශ්‍යතාවයේ ක‍්‍රියාකාරී සමාජ සාධාරණත්වය මතයි.
වෙනත් වචනයෙන් කියනවානම් ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ නිතැතින් සහ ස්වංක‍්‍රීය ලෙස සමාජයේ පහළ ස්ථරවලට සහ ආන්තීකරණයට ලක් වූවන් වෙත ගලා එතැයි අපේක්ෂාවෙන් හුදෙක් ආර්ථික වර්ධන ඉලක්ක
ගැන අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් නොවන බව ද සැලකිය යුතු වෙනවා.

ඇත්තටම 2022 වර්ෂයේ තෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සේවා, ආර්ථික කටයුතු පිළිවෙළින් 8.7%ක්, 21.2%ක් හා 2.6%ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර තිබෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි.
තවදුරටත් මේ පිළිබඳව රජයේ ආර්ථික විශේෂඥයින්ගේ අවදානය වහාම යොමු විය යුත්තේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩනගාගැනීමේ ඉලක්කය මතයි.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න