ලංකාවේ රාජ්‍ය සේවයේ අර්බුදය ආරම්භ වූයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදුන් පසුව බව ජනප‍්‍රිය මතයක්.
රාජ්‍ය සේවය දේශපාලනකරණය වීම පටන් ගත්තේ ඒ සමඟමද?
2009 වර්ෂයේ සිට මේ තත්ත්වය තීව‍්‍ර උනා කිව්වොත් වඩා නිවැරදියි.
¥ෂිත හා අඥාන දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකාරකම් වැඩි වශයෙන් රාජ්‍ය සේවයට බලපෑවේ 2009 ඉක්බිතිව කියන පිරිසකුත් ඉන්නවා.
දේශපාලනඥයන්ට අවැසි පරිදි රාජ්‍ය සේවය හැසිරවීම ප‍්‍රතිපත්තියක් බවට පත්ව ඇති තත්ත්වයක් තුළ එය දිගු රටාවකට දියත් වුණා.
එහි ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ ගොස් රැුකියා සපයන ස්ථානයක් බවට රාජ්‍ය සේවය පත් වුණා.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පරිපාලන ක‍්‍රියාවල ප‍්‍රතිපත්තිමය තීරකයන් බවට පමණක් නෙවේ රාජ්‍ය සේවය
තවත් පැති ගණනාවකට තල්ලූ වෙනවා.
ඉන්දියාවේ රජයේ නිවාඩු ගණන වර්ෂයකට තියෙන්නේ දින 21ක් පමණයි. ලංකාවේ පොදු නිවාඩු ගණන රාජ්‍ය සේවයේත් 25ක් වර්ෂයකට තිබෙනවා. සති අන්තයට යෙදෙන ඇතැම් පොදු නිවාඩු සඳුදා දක්වා තිබෙන අවස්ථා තිබෙනවා.
ලෝකයේ වැඩිම පොදු නිවාඩු සහිත රාජ්‍යයන් 14 අතර 4 වන ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. ලෝකයේ වැඩිම පොදු නිවාඩු සහිත රාජ්‍යයන් අතර 4 වැනි ස්ථානයේ පවතින ලංකාවේ ආර්ථිකය කොතැනද? මේ පිළිබඳව දිගු විවරණයක් කරන්න පීඑෆ්පී නිවුස් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. දේශපාලනඥයින් කාලයක් තිස්සේ සිය ආධාරකරුවන් රාජ්‍ය සේවායට ඇතුළත් කළා.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ලක්ෂ හතහාමාරක පමණක් සේවක පිරිසක් සිටිය යුතු රාජ්‍ය සේවයේ මේ වන විට
ලක්ෂ 17 ඉක්මවා සේවය කරනවා.
රාජ්‍ය සේවයේ අර්බුදය ගැන කතා කිරීමේදී මූල්‍ය විනය පිරිහීම ප‍්‍රධාන වශයෙන් බලපානවා. ජනතාවගේ සමෘද්ධිමත් ජීවන රටාවක් සඳහා රාජ්‍ය සේවයේ සේවා අතර ආරක්ෂාව, නීතිය, සාමය රැුකීම ප‍්‍රධාන කර්තව්‍යයක්.
ඒ කර්තව්‍යය ඉටු කිරීමට මැදිහත්ව සිටින ප‍්‍රධාන ආයතන අතර පොලිස් දෙපාර්තමේන්තුව ප‍්‍රධාන වෙනවා. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් රාජකාරියට නුසුදුසු පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නියුතු බව 2022 ජනවාරි වන විට පොලිස් මූලස්ථානය අදාළ දත්ත සකස් කර තිබුණා.
මානසික හා ශාරීරික සෞඛ්‍ය හේතු මත විශ‍්‍රාම ගැන්වීය යුතු නිලධාරින් පන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා. එවැනි නුසුදුසු පොලිස් නිලධාරින් විශ‍්‍රාම නොගන්වා තවදුරටත් සේවයේ තබාගැනීම නිසා පොලිස් සේවාවේ විනය පිරිහීම සුදුවන බව ඒ තුළින්ම සනාථ වන සත්‍යයක්.
මෙම නිලධාරින් අතර විවිධ ත‍්‍රස්තවාදී ක‍්‍රියා නිසා රෝගාබාධවලට ලක් වූ නිලධාරි සංඛ්‍යාව 537ක්. වෙනත් පොලිස් රාජකාරිවලදී ආබාධිතවලට ලක්වූවන් සංඛ්‍යාව 1305ක් වෙනවා. බෝ නොවන රෝග තත්ත්වයන් නිසා ආබාධවලට ලක් වූවන්ගේ සංඛ්‍යාව 2699ක්.
වෙනත් ශාරීරික හා මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් සැහැල්ලූ රාජකාරිවල නියුක්ත කරව සිටින නිලධාරින් සංඛ්‍යාව 411ක්.
මේ සියලූ ආබාධිත නිලධාරින්ගේ සංඛ්‍යාව 4952ක් වෙනවා.
මොවුන් විශ‍්‍රාම ගන්වා ඒ වෙනුවට නව පොලිස් නිලධාරින් සේවයට බඳවා ගත යුතු බව පොලිස්පති සී. බී. වික‍්‍රමරත්න මහතා රජයට නිර්දේශ කර තිබුණා.
පොලිස් සේවාවේ සමස්ථ නිලධාරින් ගණන 85,000ක් පමණ වූයේ 2022 ජනවාරි මාසය වන විට. සෞඛ්‍ය හේතූන් මත සේවයට අයෝග්‍ය තත්ත්වයක සිටින දෙපාර්තමේන්තුවක බරපතල රාජ්‍ය සේවයේ
තත්ත්වය එහෙමයි.
සෙසු රජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ තත්ත්වය මීට උදාහරණයක් පමණයි. රාජ්‍ය අංශයේ තවත් මෙවැනි නිලධාරින් අපමණව ඉන්නවා.
ඒ පිළිබඳව විධිමත් තොරතුරු හෙළි නොවන තත්ත්වයක් රට තුළ අන්තර්ගතයි.
පොලිසියට දේශපාලන අතපෙවීම් පවතින බවට චෝදනා එල්ල වූයේ අද ඊයේක සිට නොවෙයි. රටේ ජනාධිපතිවරයාගේ සිට ගමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා දක්වා වූ සියලූම මට්ටම්වල දේශපාලකයන් අනේක විධ අවස්ථාවලදී පොලිසියට බලපෑම් එල්ල කරන බව ජනමාධ්‍යවල විටින් විට වාර්තාවන සුලූයි. පසුගිය මැයි 09 වන දින ගාලූමුවදොර දී සිදුවූ පහරදීමට සහ ඉන් අනතුරුව රට පුරා ව්‍යාප්ත වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හමුවේ පොලිසියට හා පාලක පක්ෂයේ දේශපාලන පාදඩ නග්නයන්ට බරපතල චෝදනා ගණනාවක් එල්ල වුණා.
ඒ පිළිබඳව පසුගිය කාලයේදී කොටුව මහේස්ත‍්‍රාත් උසාවියේදී චූදිතයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මහේස්ත‍්‍රාත්වරයාගේ චෝදනා ඍජුවම එල්ල වූයේ පළමුවෙන් පොලිසියටයි. පසුකාලයේදී ඒ තත්ත්වය මග හැරී ගියා.
සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් ප‍්‍රධාන සැකකරුවන් වැලැක්වීමට කටයුතු නොකළ බවට චෝදනා පොලිසියට අධිකරණයේදී එල්ල වුණා.
අවශේෂ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගනිමින් සිටීමේ කාර්යාභාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙබිඩි පිළිවෙත අදාළ මහේස්ත‍්‍රාත්වරයා ආරම්භයේදී දැඩිව දෝෂාරෝපණයට ලක් කළා. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම රට පුරා සිදුවෙමින් පවතිනවා.
දේශපාලනඥයන් නීතිය සියතට ගෙන කටයුතු කළ බව මේ වන විට රටම දන්නා නොරහසක්. ඒ බව හොඳින්ම තහවුරු වූයේ අදාළ සිදුවීමේ ප‍්‍රධාන සාක්ෂිකරුවකු ලෙස පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණය කළ එවකට වැවිලි කර්මාන්ත ඇමැති වූ රමේෂ් පතිරණ කළ අනාවරණයයි.
ගාලූමෝදර සාමකාමී අරගලයට පහරදීමට අරලියගහ මන්දිරයේ සිටි පිරිසට බාධා නොකරන ලෙස පොලිස්පතිවරයා හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ජනාධිපතිවරයා දැනුම් දුන් බව රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
නියෝජ්‍ය පොලිස්පතිට ලැබුණු මෙම නියෝගය පිළිබඳ දැනගත් වහාම ජනාධිපතිවරයා අදාළ පහරදීම් නතර කිරීමට දැනුම් දුන් බව රමේෂ් පතිරණ එදා පාර්ලිමේන්තුවේදී හෙළි කළා. එවකට ජනාධිපතිවරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.
නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු මෙම අදාළ නියෝගය පිළිබඳව දැනගත් වහාම ජනාධිපතිවරයා වහාම අදාළ පහරදීම නතර කරන ලෙස නැවත වරක් දෙවැනි වරටත් නියෝග දුන්නා.
මෙහි ප‍්‍රධාන පාර්ශ්වකරු වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බව රමේෂ් පතිරණ ඇමතිවරයාගේ ප‍්‍රකාශය තහවුරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සාක්ෂි අධිකරණයට ගොනුකර තිබෙනවා.
ඇමැතිවරයාගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ප‍්‍රකාශ විවේචනය කරන ඇතමුන් පෙන්වා දෙන්නේ දෙදෙනාම තමන්ම මෙන්ම තමන් නියෝජනය කරන යුතු යැයි අදහන පාර්ශ්වයන් ද ආරක්ෂා කරන අතරතුර වෙනත් පාර්ශ්වයකට වගකීම බැහැර කොට නිදහස් වන්නට උත්සාහ කරනවාය යන්නයි. මෙහිදී රමේෂ් පතිරණ ඇමතිවරයා මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයාද 9දා සිදුවීමෙන් අනතුරුව එම ප‍්‍රහාරයේ වගකිව යුත්තන්සේ සලකා පශ්චාත් ප‍්‍රචන්ඩත්වය දියත් කළ ඔවුන් විසින් දඬුවම් ලබාදීමේ ද තවත් හේතුවක්.
රමේෂ් පතිරණ ඇමතිවරයාගේ නිවසත් ගිනි තබා ඇති අතර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බේරේ වැව අසලදී නින්දිත පහරදීමකට ද ලක් වුණා. මේ සිදුවීම් පෙළට තවත් අනාවරණයක් සිදු කළ යුතුයි.
එනම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ජනමාධ්‍යයට යොමු කර තිබූ ආන්දෝලානාත්මක ප‍්‍රකාශයක්.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මැර කණ්ඩායම් ගාලූමුවදොරට ඇතුළුවීමට කටයුතු නොකරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට නියෝග ලබාදී තිබුණු බවයි.
අදාළ උසස් පොලිස් නිලධාරින් දෙදෙනාම එම අණ දීම සියලූ ලොග් සටහන් අතරට ඇතුළත් කර තිබෙනවා. එම ලොග් සටහන් ඇතුළත් පොලිස් ලේඛන විනාශ කිරීමට උත්සාහයක් පවතින බවත් එම ලේඛන ආරක්ෂා කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් බලාපොරොත්තු වන බවත් පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් සඳහන් කර තිබුණා.
නමුත් අදාළ මේ කරුණු කියන ලද පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ඒ පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කරුණු ප‍්‍රකාශ කළාද යන්න මෙතෙන් අනාවරණය වී නැහැ. මේ සියලූ කරුණු අනාවරණය ඔස්සේ 9දා සිදු වු ප‍්‍රහාරයට අදාළ පොලිසිය හා දේශපාලනය ඉතාම සහයෝග යෙන් එහෙත් අපකීර්තිමත් ලෙස එක්ව කටයුතු කර ඇති බව ඉන් තහවුරු වෙනවා.
කෙසේ වෙතත් මෙලෙස මෙම පාර්ශ්ව දෙකම තම ඇඟ බේරාගැනීමට අනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිටියදි මේ සිදුවීමේ බරපතල චෝදනාව දැන් එල්ල වී ඇති පාර්ශ්වයන් වන පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වෙතින් ද යම් අනාවරණයන් දෙකක් සිදුකර තිබුණා. එනම් අපකීර්තිමත් කරුණු කිහිපයක් අනාවරණය වන ලිපි දෙකක් ඔවුන්ගේ අනුදැනුම මත හෙළි කරන ලද නොඑසේ නම් වෙනත් පාර්ශ්වයක් විසින් අනාවරණය කෙරුණා දැයි ජනමාධ්‍ය දන්නේ නැහැ. එහෙත් ඒවායින් ප‍්‍රකාශිතව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට මේ වන විට අත්වී ඇති ඉතාම ඛේදනීය ඉරණම නොවේද?
මින් පලමු ලේඛනය වන්නේ පොලිස්පති සී. වී. වික‍්‍රමරත්න විසින් 2021 දෙසැම්බර් 6 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාට යොමු කළ ලිපියක්.
එම ලිපියෙන් පොලිස්පතිවරයා හෙළිකර ඇත්තේ තමා පොලිස්පතිවරයා සිටියදීම මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස සරත් වීරසේකර කටයුතු කළ සමයේදී රට පුරා පොලිස් ස්ථානවලට පත් කර ඇති ස්ථානාධිපතිවරු 184 දෙනකු අතරින් 180 දෙනකුම දේශපාලන පත්වීම් ලද්දාවුන් බවයි.
පොලිස්පතිවරයා මේ හෙළිකරන්නේ එක් පසකින් ඔහුගේ නොහැකියාවන් මෙන්ම ස්වාධීන පොලිස් කොමිසම අහෝසිකොට සම්මත පොලිස් දේපාර්තමේන්තුවම දේශපාලනීකරණය කිරීමේ අපකීර්තියද?
මෙම ලිපියෙන් පෙන්වාදෙන ආකාරයට පොලිස් ස්ථානාධිපතිවරුන් 180 දෙනා අතර 180 දෙනකුටම එම ධුරය දැරීමට කිසිදු ආකාරයකින් සුදුසුකම් සපුරා නැති බවයි.
ඉන් 127ක් අදාළ සම්මුඛ පරීක්ෂණයකට හෝ සහභාගිවී නොමැති අතර තිදෙනෙකු සම්මුඛ පරීක්ෂණවලදී ප‍්‍රතික්ෂේප වූ නිලධාරින්.
මේ කරුණු ප‍්‍රධානව පිටු අටකින් යොමුකර ඇති අදාළ රහසිගත ලියවිල්ල අවසානයේ පොලිස්පතිවරයා විසින් මෙවැනි කාරණයක්ද එක් කිරීමට සැලකිලිමත් වී තිබෙනවා.
එහි එක් පසෙකින් තමාගේ ගැලවිල්ලට ඉදිරිපත් කරන්නක් ලෙසද යම් අයකුට අවශ්‍ය නම් පෙන්වාදෙන්න පුලූවන්.
පොලිසියක් පවත්වාගෙන යන්නේ පවත්නා රජය බැවින් එම දැඩි කළකිරීම මහජනතාවගේ සහ විශ්වාභංගත්වය ඇති කිරීමට පාදක වී කරුණු වෙත මහජනයාගේ විරෝධය යොමුවීම නොවැලැක්විය හැකි කරුණක් යන්නයි. ඉන් ඔහු කීමට උත්සාහ කර ඇත්තේ පොලිසියට එරෙහිව යම් සේ මහජන විරෝධයක් පැන නගින්නේ නම් ඒ පොලිසියේ වරදක් නිසා සිදුවන්නක් බව නොවේද?
එහෙත් පොලිස්පතිවරයා මෙහිදී අමතක කර ඇත්තේ ඔහු මෙන්ම ඔහු පහළ නිලධාරින් ද රජය සහ ආණ්ඩුව බොහෝ විට පටලවාගන්නා බව නොවේද?
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් 2021 දෙසැම්බර් 13 දා මුල්
ලිපියට පිළිතුරු බඳිමින් පොලිස්පතිවරාට යොමු කළ ලිපියයි.
එමගින් ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට ඍජුවම ලිඛිත අතුල් පහරක් එල්ල කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ පොලිසිය මෙවැනි අකාර්යක්ෂම තත්ත්වයට වැටීමට ප‍්‍රධානම හේතුව ස්ථානාධිපතිවරුන් අකාර්යක්ෂම බවට පොලිස්පතිවරයා පෙන්වා දුන්නද එම නිලධාරින් නිසි මගට ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ වගකීමක් බවයි.
එම නිසා පොලිසියේ අකාර්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතට බැර කිරීම කෙතරම් යුක්ති සහගත යන්න සොයාබැලිය යුතු බව ද ලේකම්වරයා පෙන්වා දුන්නා.
මේ ආකාරයට 9දා සිදුවීමට පෙර සහ පසුව පොලිසියේ භාවිතාවන් දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යන ප‍්‍රධාන කාරණය වන්නේ දේශපාලකයන්ට ඉඩ දී පසුගිය වකවානුව පුරාම පොලිසිය බොහෝ තැන්වලදී නිහඬව සිට ඇති බව නොවේද?
පොලිස්පතිවරයා පෙන්වා දෙන ආකාරයටම ඉහත සුදුසුකම් රහිතව පත්වීම් ලබාඇති ස්ථානාධිපතිවරුන් 182 දෙකම අදාළ ප‍්‍රදේශයේ දේශපාලන බලධාරින්ගේ උවමනාව මත පත්කර ඇති බව හොඳින්ම පැහැදිලියි. ඒත් උත්ප‍්‍රාසයට කරුණ වන්නේ 9දා පස්වරුවේ සහ ඉන් අනතුරුව ගිනි තැබුණු නිවාස සහ දේපළවල හිමිකාර පාලක පක්ෂයේ දේශපාලකයන් විසින් තමන්ව ආරක්ෂා නොකළ බවට තමන්ම මැදිහත් වී පත් කර
ගත් පොලිසියට චෝදනා එල්ල කිරීමයි.
මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව ප‍්‍රකෝප වූ පිරිස් දේශපාලකයින්ගේ නිවාස හා දේපළ ගිනි තබද්දී ඒ ඒ බල ප‍්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරු කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති අතර එම බොහෝ පොලිස් ස්ථාන වෙනුවෙන් ස්ථානාධිපතිවරු පත් කර ඇත්තේ ද අදාළ දේපළ හානිය සිදු කරගත් දේශපාලකයින්ම විසින්.
පසුගිය මැයි 14 වෙනිදා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම එවකට ජනාධිපතිවූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වූ කළ සාකච්ඡුාවේදී දේපළ ආරක්ෂා කිරීමට මැදිහත් නොවූ පොලිස්පතිවරයාට එදා චෝදනා ගොනු කරලා තිබුණා.
නමුත් ඉහත කී පත් කිරීම පිළිබඳව ඔවුන්ට එහිදී යම් අමතක වීමක් තිබුණා.
නැතහොත් තමන් විසින්ම පත් කළ හෙංචයියන් තම දේපළ ආරක්ෂා නොකිරීම පිළිබඳව පැහැදිලි කෝපයක් මන්තී‍්‍රවරුන් තුළ තිබුණා වන්නටත් පුළුවන්.
කෙසේ හෝ වේවා 9 දා ප‍්‍රචන්ඩත්වයට අදාළව මේ වන විටත් වාර්තා වන පොලිසියේ සහ දේශපාලකයාගේ නාටකය වැදගත් කොටසක් විශේෂයෙන් පොලිසිය තුළින්ම හෙළිදරව් වුණා.
තවමත් කටයුතු කරන මහජනතාවට පක්ෂ පාතී නොවන ක‍්‍රමවේද පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ තත්ත්වය එසේ නම් යුක්තිය, සාමය රැුකීමට තිබෙන ශී‍්‍ර ලංකා පොලිසියේ භාවිතය හැසිරීම එසේ නම් සෙසු රාජ්‍ය ආයතන පිළිබඳව කුමට කතාද?
පොලිස්පතිවරයාගේ ඉහත හෙළිදරව්ව අදාළ ප‍්‍රදේශවල දේශපාලනඥයින්ට ගොනු කිරීම තුළ තවත් ගැටලූ සහගත තත්ත්වයන් මතු වෙනවා.
පොලිසියට තදබල විරෝධතාවයක් එල්ල වුණායින් පස්සේ පොලිස්පතිවරයාගේ මේ ප‍්‍රකාශය පිළිගන්න පුළුවන්ද?
රට ගිනි ජාලාවක් උනයින් පස්සේ පොලිස්පතිතුමා ව්‍යංගයෙන් කියනවා මට වරද පටවන්න එපා කියලා. ඒ ඒ ප‍්‍රදේශවලදී දේපළ ගිනි තියනකොට ඒ ඒ පොලිස් ස්ථානභාරව සිටියේ ඒ ඒ දේශපලනඥයෝ පත් කර
ගත් ස්ථානාධිපතිවරු කියලා පොලිස්පතිවරයා ප‍්‍රකාශ කිරීම රජයේ නිලධාරියකුට තරම් සුදුසුද? පහරදීම වළක්වා නොගැනීමේ වගකීමත් ඒ දේශපාලනඥයන් විසින්ම දරා ගත යුතුයි කියලා නේද පොලිස්පතිවරයා එදා කීවේ.
නමුත් ඒක පිළිගන්න පුළුවන් ප‍්‍රකාශයක් ද ?
මුල් පිටුව රාජ්‍ය දුරාචාරය පොලිස්පතිගේ හා දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරු 200ට ආසන්න සදාචාරය මරාගත් රාජ්‍ය දුරාචාරය