ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය අරඹයා පොදු ජනතාව තුළ තිබෙන ගැටලූව හමුවේ පැන නැගී තිබෙන කරුණු කාරණා පිළිබඳ සාකච්ඡුාවට බඳුන් කිරීම මේ අනාවරණය යටතේ බලාපොරොත්තු වෙනවා.
අනාගත දේශපාලන සංවිධානවීමකදීද ලාංකීක දේශපාලන ව්‍යාපාරයක් මුහුණදීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලූ තේමා කරගනිමින් 2022 අපේ‍්‍රල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියවීමක් කිරීමට භූපති නලීන් වික‍්‍රමගේගේ කෘතියක් මේ වන විට ප‍්‍රකාශයට පත් වෙලා තිබෙනවා.
එය අපේ‍්‍රල් නැගිටීම් ගැන අපේ‍්‍රල් සටහන් යනුවෙන් සඳහන්.
මේ පොත හැදෑරීමේදී ලියුම්කරුට තේරුම් ගියේ ලංකාවේ යහපත් දේශපාලන සාක්ෂරතා නිපුනතා වර්ධනයක් කිරීමට අපොහොසත් වූ විකල්ප දේශපාලන පක්ෂවල මෙහෙයවීම් පාරක කුණු කාණුවක් දිගේ දියවී ගිය ආකාරයක් තමයි පොතේ හැදෑරීමේදී ගම්‍ය වන්නේ.
ජනමෝහනය කිරීමේ ඇති අපූරු හැකියාව දේශපාලනය ලංකාවේ වයස් ප‍්‍රබේදයක් හෝ ජාති ප‍්‍රබේදයක් හෝ භූගෝලීය ප‍්‍රබේදයක් නොමැතිව වර්ධනය කරන අවස්ථා අපමණ තිබෙනවා.
ලංකාවේ කාන්තාවන් අසීමිතව බොළඳ ඓතිහාසික ජාතක කතා වස්තූන් වලට ලොල් වූ පිරිසක්. මේ හරහා සමාජය තුළ විවිධ සමාජ බුබුලූ සංවර්ධනය වෙමින් පවතිනවා.
ඒ පිළිබඳව භූපති නලීන් වික‍්‍රමගේගේ කෘතිය තුළින් බොහෝ කරුණු අනාවරණය වන සුලූයි.
ඒ පිළිබඳව නැවත නැවත ප‍්‍රශ්න කිරීමකට ජනතාව යොමු කරන මේ කෘතිය තුළින් ලංකාවේ අපේ‍්‍රල් නැගිටීම
තුළින් රට තුළ උද්ගත වූ අසීරුම අරගල දේශපාලන විඥානය විනිවිද දකින්න භූපති උත්සාහගෙන තිබෙනවා.
ලංකාවේ අපේ‍්‍රල් නැගිටීම මතු වන්නේ සමස්ත ප‍්‍රජාවගේ අවධානය යොමු වන්නේ ගෑස් හෝ ඉන්ධන නැති සමාජ පසුබිමක.
විදුලි අර්බුදය නිසා කළුවරේ රස්නෙන් ඉන්නට ජනතාවට සිදු වුණා. ප‍්‍රජාවගේ ආදායම් මාර්ග බරපතල ලෙස කප්පාදු උනා.

ඩොලර් අර්බුදය නිසා අන්තර්ජාලය වැනි නව මාධ්‍යය හරහා සිදු කළ අනේක විධ වෙළෙඳාම් සම්පූර්ණයෙන්ම අඩපණ වුණා.
2019 පාස්කු ප‍්‍රහාරය හා 2020 කොවිඞ් වසංගතය හරහා බිඳ වැටී තිබූ ආර්ථිකය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දැන් පණ අදින කෙළවරකට තල්ලූ වෙලා තිබෙනවා.
මේ තුළ රනිල් වික‍්‍රමසිංහ ජාතිවාදී මුහුණුවරක් පසුගියදා පාර්ලිමේන්තුවෙන් ප‍්‍රදර්ශනය කළා.
බඩ ගැන නොවේ රට ගැන හිතන්න සිංහල බෞද්ධ සටන් පාඨය හරහා බෞතීස්ම කළ ගෝඨාභය ජනාධිපතිගේ තත්ත්වය ඔහු පාලනයෙන් ගෙදර යැවීම ඉලක්ක කරගෙන දියත් කරපු අරගලය අද වන විට විවිධ පාර්ශ්වයන් හිමිකම් ලබාගෙන හැසිරෙන සමාජ පරිසරයක් දකින්නට ලැබෙනවා.
රාජපක්ෂලා බුදුන්ගේ නෑයන් කිරීමට උත්සහ කළ ජැක්සන්ගේ පුත‍්‍රරත්නයේ සිට දෙරණ රූපවාහිනී නාලිකාවේ දිලිත් ජයවීර වැනි රාජපක්ෂවාදීන් වසල වෙළෙඳ තීරය දක්වා සටන් පාඨ ගෙන හැසිරෙන සමාජ පරිසරය යම් දුරකට හඳන්වාදීමට භූපති උත්සාහ ගෙන තිබෙනවා.
ඒ තුළ ටුවිටර් හිට ත‍්‍රීවිල් පාක් දක්වා ආණ්ඩු විරෝධතා උග‍්‍ර වී තිබුණු සටන මේ වන විට එවැනි සටනක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
කරුණු කෙසේ වුණත් රාජපක්ෂ රෙජිමයේ පන්ති කළමනාකරණය අවුල් වූ බව රටම දන්නා කරුණක්.
එය අපේ‍්‍රල් නැගිටීම්වල සුප‍්‍රකට සටන් පාඨය මේ වන විට සංශෝධනය කළ යුතු තත්ත්වයකට තල්ලූ වෙලා
තිබෙනවා.
එය රනිල් ගෙදර යනු යනුවෙන් සංශෝධනය විය යුතු රටාවකට මේ වන විට තල්ලූ වී තිබෙනවා.
උග‍්‍ර පරිභෝජන අර්බුදයකට ලක් වී ඇති ශ‍්‍රී ලංකාව අවාසනාවන්ත තත්ත්වයකට රට තල්ලූ වුණේ පාලනය කරන ලද රාජපක්ෂ පවුලේ අසමත් භාවය හා වංචාව, බොරුව, ප්‍රෝඪාව නිසා බව රටම දන්නා කරුණක්.
ඒ මූලික අර්බුදයේදී රාජපක්ෂ මතයට සහය දුන් ගොවියාට පොහොර නැති වන විට රාජපක්ෂවාදී මධ්‍යම පාන්තිකයාටද පරිභෝජන අවකාශ අහිමි වුණා.
කොහොම හරිම මේ සටන් පාඨ තත්ත්වය අද වන කොට දියවී යන සමාජ පසුබිමක් වර්ධනය වූයේ කෙසේද?
කළ යුත්තේ කුමක්ද යන්න නිර්ණය කිරීමට මූලධර්ම මත පිහිටා දේශපාලන විශ්ලේෂණයක් අවශ්‍ය බව භූපති නලීන් වික‍්‍රමගේ අපේ‍්‍රල් නැගිටීම් ගැන අපේ‍්‍රල් සටහන් කෘතිය තුළින් මතු කරනවා.
දේශපාලනික අර්ථයට නොහැකි දේශපාලන ක‍්‍රියාවන් අතර වෙනස ලකුණු කර ගත යුතු බව භූපති අදාළ කෘතිය තුළින් කියනවා.
විමසිය යුතු ප‍්‍රශ්නය වන්නේ ලංකාවේ දේශපාලන සිතියමේ හතර මායිම් යනු මධ්‍යම පංතියද යන ප‍්‍රශ්නය භූපතිගේ එක් ප‍්‍රශ්නයක්.
පොහොර ප‍්‍රශ්නය නිසා නම් මෙතරම් පිබිදීමක් ඇති වේද? දේශීය සම්පත් විකිණීම නිසා නම් මෙවැනි නැගිටීමක් ඇතිවේද?
අධ්‍යාපනය විකිණීම නිසා මෙවන් වීදි සටන් සඳහා ඊනියා මහජනයා පෙළගැසෙයිද? මේ කෘතිය තුළ මහජනයා පිළිබඳව භූපති ඊනියා යන ලේබලය ගොනු කර තිබෙනවා.
ඊට සාධක මොනවාද යන්න පැහැදිලි නොකරන භූපති සුබසාධන රාජ්‍ය පහසුකම් කප්පාදුවකදී මෙවැනි සටන් ඇවිලේද යන ප‍්‍රශ්නය මතු කරයි.
දමිල හෝ මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල ජාතික වාදී ජාතිවාදයට එරෙහිව මෙවන් සහයෝගීතාවයක් ඇති වෙනවද කියන ප‍්‍රශ්නය භූපති ගොඩනගනවා.
ආගමික අන්තවාදයට එරෙහිව සමාජයේ විරෝධතා ඇති නොවන්නේ ඇයිද කියන එකත් භූපතිගේ ප‍්‍රශ්නයක්. වැටුප් අසමානතාවයකට මෙවන් නැගිටීමක් ඇතිවන්නට පුළුවන්ද?

ලංකා දේශපාලනයේ කේන්ද්‍රීය ගැති මානයන් ප‍්‍රශ්න කිරීම සඳහා යම් කරුණු කියා පෑමක් කෘතිය
තුළින් ඍජුව සිදු නොවූවත් අපේ‍්‍රල් සිදුවීම් හරහා අරගලයේ නැගිටීම්
තුළ යම් යම් සාධක අනාවරණය කරන්න භූපති සමත් වෙලා
තිබෙනවා.

කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පසුගිය සති ගණන් පැවති අරගල පලදායි සමාජ මෙහෙවරක් කළාද?
ඇගලූම් සේවිකාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපේ‍්‍රල් නැගිටීම
තුළින් උද්ඝෝෂණ අඛණ්ඩව සංවිධානය වූවාද?
අවශ්‍ය නම් මේ ලැයිස්තුව දිගු කරන්න පැහැදිලි කරුණු කාරණා සාක්ෂි අනන්තයි.
මේ තත්ත්වය තුළ දැන් දැන් මතුවෙමින් තිබෙන පොදු ජනතා ප‍්‍රශ්න හමුවේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් දෙපිළකට බෙදී යන්නේ ශ‍්‍රී ලංකාවේ අවජාතක ලාංකිකයන්ගේ සැබෑව ප‍්‍රදර්ශනය කරමින්.
ලංකාවේ පොදු හතුරා හඳුනාගැනීමට මේ දෙපාර්ශ්වයේ ඇති නොහැකියාව රටේ යම් අභාග්‍යයක් ද?
වසර 74 ක් පුරා රටේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික ව්‍යවසනයන්වලට පොදුවේ එදා මෙදා සියලූ දේශපාලන පක්ෂ වගකිව යුතුයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල අභියෝගයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ විකල්ප දේශපාලන පක්ෂ සිය දැනුම අවබෝධය සාමාන්‍ය ජනතාවට ආත්මගත කිරීමට අසමත් වී තිබෙන බව ලියුම්කරුගේ අදහසයි.
ඒ පිළිබඳව භූපති සෘජුව කරුණු ප‍්‍රකාශ කරන්නේ නෑ.
එහෙයි ස්වාමිනී සංස්කෘතිය එහෙයියන් බිහිවීම පිළිබඳ ප‍්‍රශ්න කිරීමක් ද කරන්නේ නැහැ.
නමුත් ඒ තුළින් ඔහු මූලධාර්මික දේශපාලන සාධක පිළිබඳ යම් විග‍්‍රහයන් කරනවා.
ව්‍යවස්ථා වෙනසකින් පද්ධති වෙනසක් සිදු වීම තුළින් රටේ පරිවර්ථනයක් කරන්න පුළුවන් ද?
ජනතා විමුක්ති පෙරමුණ සුප‍්‍රකට සටන් පාඨය වන වංචා ¥ෂණ නැවතුනාම රට හරිමගට එනවද කියලා භූපතිගේ එක් ප‍්‍රශ්නයක්.
ලංකාවේ දේශපාලන ක්ෂිතිජය වංචා ¥ෂණද නැතිනම් මිනිසුන්ගේ කම්මැලිකමද?
මිනිසුන් එකමුතු මදි කමද?
එසේත් නැත්නම් විමල්, උදය දෙබෑයන්ගේ සාරාංශය මෙන් ප‍්‍රශ්නය බැසිල්ද?
ලංකා දේශපාලනයේ කේන්ද්‍රීය ගැති මානයන් ප‍්‍රශ්න කිරීම සඳහා යම් කරුණු කියා පෑමක් කෘතිය තුළින් ඍජුව සිදු නොවූවත් අපේ‍්‍රල් සිදුවීම් හරහා අරගලයේ නැගිටීම් තුළ යම් යම් සාධක අනාවරණය කරන්න භූපති සමත් වෙලා තිබෙනවා.
කරුණු කෙසේ වෙතත් දේශපාලන සාක්ෂිරතාවය නැතිකම රටේ අභාග්‍යයට විශාල බරපතල ගැටලූවක්.
දේශපාලන සාක්ෂරතාවය වැදගත් වන්නේ ලංකාවේ සංස්කෘතික පසුබිම මූලික කරගත් කතිකාවක් තුළින් විය යුතු බව පොතේ කතුවරයා ඍජුව කතා නොකරත් ඒ පිළිබඳ ඡුායාවන් මතු කරන අවස්ථා පොත පුරාම දකින්නට ලැබෙනවා.

ඕනෑම ආකාරයකින් ජනතා ගත වන දේශපාලන සංදේශ හඳුනාගැනීම සඳහා ජනතාව සන්නද්ධ කිරීමේ ප‍්‍රධාන වගකීම ඇත්තේ විකල්ප දේශපාලන පක්ෂවලට.
එය මනාව ශක්තිමත් කිරීමේ පසුබිම හැකියාව ලංකාවේ දේශපාලන පක්ෂවල විශේෂයෙන් විකල්ප දේශපාලන පක්ෂවල මැදිහත්වීම අවම තත්ත්වයක තිබෙන්නෙ.
ඒ අසමත්වීමේ ප‍්‍රථිපලය සෑම මැතිවරුණයකදීම ¥ෂිතයින් රටේ පාලන බලය අත්පත් කරගත් ඉතිහාසයක්
තුළින් වර්තමානය ගොඩනැගී තිබෙනවා.
ඊට ප‍්‍රධානම කරුණු අතරින් වැඩවසම් සමාජ ක‍්‍රමය තුළින් භික්ෂු සමාජයේ වැදි බණ ප‍්‍රමුඛව වෙනවා.
ඊට අමතරව උගත් යැයි විද්වත් විවිධ සමාජ සංස්ථා පාදඩ දේශපාලනයේ සියල්ලන්ගේ කුණු සේදීමට පියවර
ගැනීම ඉතිහාසය පුරා දකින්න පුළුවන් ප‍්‍රධාන සාධකයන්.
මේ නිසා පොදු සාමාන්‍ය ප‍්‍රජාව යම් මැතිවරණයකදී නිවැරදි තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
දේශපාලන මනා සමාජ සාක්ෂරතාවයක් ප‍්‍රජාව තුළ වර්ධනය කළ යුතු අවස්ථාවක විකල්ප දේශපාලන පක්ෂ එකිනෙකාට චෝදනා ගොඩනගමින් සිටින සමාජ වපසරියක් මේ වන විට අපට දකින්නට ලැබෙනවා.
ලංකාවේ දේශපාලන විෂය මූලික සමාජ පරිවර්තනය කිරීමේ වගකීමෙන් විකල්ප දේශපාලන පක්ෂ මඟහැර
තිබීම ඉතාමත් කනගාටුවට කරුණක්.
සිත මනස හා විඥානය දේශපාලන පිරිමැසුම් සන්නිවේදනය සංවර්ධනය කිරීමේ මාවත ගොඩනැගීමේ වගකීම ඇත්තේ විකල්ප දේශපාලන පක්ෂවලටයි.
සාමාන්‍ය ප‍්‍රජාවගේ වැඩවසම් ක‍්‍රියාකාරිත්වයට නැවත නැවත ආගමික අංශවලින් කරන දැල් එළීම බුද්ධිමය මෙහෙවරකින් අදාළ වේදිකා ගොඩනැගීම සිදු කළ යුත්තේ සූක්ෂම ලෙසයි.
ආගමික බැඳීම් මිත්‍යා විශ්වාසයන් පාදක කරගෙන ආගමික අංශ හා දේශපාලන පක්ෂ සූක්ෂමව මෙතෙක්
ගෙන ආ විවිධ අරුමෝසම් වැඩසටහන් දිගින් දිගටම ඇදෙන්නේ ක‍්‍රියාත්මක වන්නේ ඇයි?
ඊට අභියෝගාත්මක මානව හා භෞතික කේන්ද්‍රීය සංකල්ප ඇතුළත් වැඩසටහන් දියත් කිරීමට විකල්ප දේශපාලන පක්ෂ අසමත් වීම නිසයි.
මේ සඳහා මැදිහත්ව පසුගිය කාලය තුළ දී විකල්ප දේශපාලන පක්ෂ සක‍්‍රීය වැඩසටහන් දියත් කර තිබුණේ නම් ඉදිරි මහ මැතිවරණයකදි ලාංකික ඡුන්ද දාහකයින් ප‍්‍රතිනිර්මාණාත්මක සමාජ සූදානමක් ඇති කරන සුලූයි.
නමුත් අවාසනාවකට ලංකාවේ විකල්ප දේශපාලන පක්ෂවලින් අතීත ඇරියස් එකිනෙකට පිරිමසා ගනිමින් සිටින සමාජ පසුබිමක් අපට දකින්නට ලැබෙනවා.
දේශපාලන සමාජ ක‍්‍රියාවලියේ නිධන්ගතව පවතින සාම්ප‍්‍රදායික සමාජ පිළිකා මනාව හඳුනාගෙන ක‍්‍රියා කිරීමේ හැකියාව මේ නිසා විකල්ප දේශපාලන පක්ෂ දුප්පත් වී තිබෙන වපසරියක් අපිට දකින්නට ලැබෙනවා.
ඓතිහාසික සම්ප‍්‍රදායික වැඩවසම් සමාජ පිළිකා තනිව එකිනෙකාට හඳුනාගැනීමට නොහැකියි. කේන්ද්‍රීය සියලූම චලිතයන් ලංකාව පුරා විසරණය වී තිබෙනවා.
ඒ සඳහා පුළුල් සමාජ සමීක්ෂණයකට අදාළ විකල්ප දේශපාලන පක්ෂ යා යුතු වෙනවා. ඒ සඳහා යතාර්ථවාදී ක‍්‍රියාශීලී පෙළඹුමක් අවශ්‍යයි.
විකල්ප දේශපාලන පක්ෂවල වගකීම ඇත්තේ කොහේද යන්න පශ්චාත් නිවැරදි සමීක්ෂණයකදී හඳුනාගත හැකියි.
ඒ සඳහා ක‍්‍රියාකිරීම ඉතාම වැදගත්.
කළ යුත්තේ කුමක්ද යන්න නිර්ණය කිරීමට මූලධර්ම මත පිහිටි දේශපාලන විශ්ලේෂණයක් අවශ්‍ය බව පොතේ කතුවරයා භූපති නලීන් වික‍්‍රමගේ සඳහන් කරල තියෙනවා.

දේශපාලන සාක්ෂරතාවය වැපිරීම සඳහා ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ එහෙම නැත්නම් විකල්ප දේශපාලන පක්ෂ මීට වඩා විමසිලිමත් විය යුතුයි.
එහි කාර්යභාරය වගකීම ඒ ඒ පක්ෂවල දේශපාලන නියමුවන් තේරුම් ගත යුතු කරුණක්. ජාතික අවකාශ අත්‍යවශයෙන්ම යැපීම් වලින් ව්‍යුක්ත විය යුතුද යන ප‍්‍රශ්නය තේරුම් ගත යුතුයි.
මෙවැනි දේශපාලන සාක්ෂරතා වැඩසටහන් දියත් කිරීමේදී විකල්ප හා ගැටුම්කාරී තත්ත්වයන් මතු වෙන්න පුළුවන්.
හුදෙක් මානව තොරතුරු මාර්ගයක්ම පමණක් නොව අධ්‍යාපනය හා සංවර්ධනය ද අදාළ සමීක්ෂණයේදී වටහාගැනීමට හැකි ආකාරයට පසුබිම දේශපාලන සිතියමේ හතර මායිම් ගොනු කරගැනීම ඉතාම වැදගත් කරුණක්.
ඓතිහාසික සම්ප‍්‍රදායික වැඩවසම් සමාජ පිළිකා නිසා එහෙයියන් ස්වාමිනී, එහෙයි ස්වාමිනී සංස්කෘතිය බිහිවීම පිළිබඳ ප‍්‍රශ්නය සියලූම ලංකාවේ දේශපාලන කරුණු කාරණා හමුවේ දකින්න පුළුවන් ලක්ෂණයක්.
ලංකා දේශපාලනයේ කේන්ද්‍රීය ගැති මානයන් මොනවාද යන්න අදාළ සමීක්ෂණ පති‍්‍රකාවේ ගොනු කරගන්න
ඕන.
ව්‍යවස්ථා වෙනසකින් පද්ධති වෙනසක් සිදුවනවාද?
මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම ඇත්තේ ප‍්‍රාථමික සමාජ සංස්කෘතියක්.
ඒ සමාජ සංස්කෘතිය අභිබවා යන විකල්ප දේශපාලන ක‍්‍රමවේදයක් ගොඩනැගීම පිළිබඳව අවශ්‍ය මානයන් අපේ‍්‍රල් නැගිටීම් ගැන අපේ‍්‍රල් සටහන් කෘතිය තුළින් කතුවරයා යම් යම් ඡුායාවන් ගොඩනගා තිබෙනවා.
ඒ සඳහා සූත‍්‍රගත කිරීමක් කොතරම් වෙහෙසකර වූවත් සිදු කළ යුතු කාරණයක්.
සියලූ පාලකයන් එවෙළේම තේරීමේ හොඳම තේරීම් ක‍්‍රමවේදය පිළිබඳ මහජනතාව සතු ළිං මට්ටමේ සාමාන්‍ය
දැනුමක් අභිබවා යන ක‍්‍රමවේදයක් ගොඩනැගීම මෙහි ඉලක්කය විය යුතුයි.
මහජනතාවගේ දේශපාලන දැනුම් ඇත්තටම ඉතාම දුප්පත් තත්ත්වයක තිබෙන බව අදාළ මැතිවරණ ප‍්‍රකාශවලින්ම ප‍්‍රතිඵලවලින්ම පැහැදිලියි.
දේශපාලනය යනු වෘත්තීය භාවිතයක්.
මෙහිදී වෘත්තීය යන්නෙන් අදහස් වන්නේ රස්සාවක් නොව විශේෂඥ භාවිතයකි. වාමාංශික දේශපාලනයේදී නම් කි‍්‍රයාදරයා යනු එවන් විශේෂඥයෙක්.
දේශපාලන විශේෂඥයෙකු වීමට මූලිකම සාධකයක් වන්නේ දේශපාලන චින්තනය අත්පත් කරගන්නා විශේෂඥ භාවයයි.
දේශපාලන කි‍්‍රයාව එන්නේ එම විශේෂඥ සිතුවිල්ලට පසුව විය යුතු බව පොතේ කතුවරයා සඳහන් කර
තිබෙනවා.
පරීක්ෂාවට ලක් නොකරන ලද අදහස් හරහා දේශපාලන වියමන ගොඩනැගීමට ඉඩ පහසුකම් සලසා දෙනවා වෙනුවට දේශපාලන සාක්ෂරතාවය තවදුරටත් ගුණාත්මකව සංවර්ධනය කිරීමේ වගකීම විකල්ප දේශපාලන පක්ෂවල කාර්යභාරයක්.
මහජනතාව පත් කළ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බොල් බව පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේදී රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති කිරීම පිළිබඳ කි‍්‍රයාකලාපය මගින් අනාවරණය වන්නේ කුමක්ද?
පාර්ලිමේන්තු ක‍්‍රමයේ අසාර්ථක බව නොවේද?
මහජන හිමිකම් ගසාගෙන කන පාලකයින්ගේ පැවැත්ම සඳහා නිති සම්පාදනය කරන පාර්ලිමේන්තුව වසර 74ක් පුරා භාවිතා වූ ආකාරය හා නියෝජිතයින්ගේ හැසිරීමට අදාළ කරුණු සනාථ කර ගැනීමට පශ්චාත් විමර්ශන අවශ්‍යමද?

ඒ නිසා කොන්දේසි විරහිතව අපේ‍්‍රල් නැගිටීම් ප‍්‍රශ්න කළ යුතුයි යන මතයේ අදාළ පොතේ කතුවරයා ඉන්නවා.
පාලකයන් යනු ඊනියා මහජනතාවගේ ප‍්‍රතිබිම්භයයි.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතුයි යන සටන් පාඨය ජනගත වූ පසු ද තිබූ මැතිවරණය යනු ලංකාවේ වැඩිම ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රතිශතයක් පෙන්නුම් කළ මැතිවරණයක් බව කතුවරයා සඳහන් කර
තිබෙනවා.
දැන් ඒ ඡුන්දය ප‍්‍රකාශ කළේ 225ම එපා කියූ ඊනියා මහජනයාම නොවේද?
කතුවරයා මෙවැනි තත්ත්වයකට මහජනතාව පිළිබඳව තක්සේරුවක් ගොඩනගන්නේ කුමක් නිසාද?
ඇත්තම තත්ත්වය නම් දේශපාලන සාක්ෂරතාවය මනාව රට තුළ සංවර්ධනය කරන අදාළ විකල්ප දේශපාලන පක්ෂ නොගත් උත්සාහය නිසයි.
ඊනියා මහජනතාවගේ භාවිතය ගැන ඒ නිසා අප කළ යුත්තේ මේ පාලකයන් ඉවත් කර පාලකයන් පත් කර
ගැනීම නොව මේ මහජනතාවත් ඉවත් කර වෙනත් මහජනතාවක් පත් කර ගැනීම බව කියන කතුවරයා වෙනස් කළ යුත්තේ මහජනතාවයි. යන විකල්ප ප‍්‍රකාශනය කාලීන පෙරටු අදහසක්.
අරගල කළ යුත්තේ මහජනතාව සමඟයි. විවේචනය කළ යුත්තේ මහජනතාවයි.
මේ අරාජික උද්ඝෝෂණ පිටුපස සැඟවුණු ශක්තිය ලාංකේය මහජන පුද්ගල වාදයද යන ප‍්‍රශ්නය කතුවරයා මතු කරනවා.
ලංකාවේ තුච්ඡු දේශපාලන සංස්කෘතිය මනාව විවරණය කරන්න ගත් උත්සාහයක් ලෙස අපේ‍්‍රල් නැගිටීම්
ගැන අපේ‍්‍රල් සටහන් තුළින් භූපති නලීන් වික‍්‍රමගේ දකිනවා.
දෘෂ්ඨීවාදය යන දේශපාලන සංකල්පයෙන් මුල් කාලයේ අදහස් වූයේ මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යයන කිරීමක් බව කතුවරයා සඳහන් කර තිබෙනවා.
මිනිසුන් අදහස්වලට එළැඹෙන්නේ පරීක්ෂාවට ලක් කර නොවේ. පරීක්ෂාවට ලක් නොකර අප එළැඹෙන අදහස් දෘෂ්ඨිවාදී වේ. එක් එක් මනුස්සයාට දෘෂ්ඨිවාද වෙන වෙනම නැත.
දෘෂ්ඨිවාදය යනු ඓතිහාසික පරිනාමයක් සහිත බොහෝ විට ඉතිහාසයක් සහිත ප‍්‍රවර්ගයක් බව කතුවරයා අදාළ පොතේ සඳහන් කර තිබෙනවා.
මෙය අරාජික වාදයක් ලෙස කතුවරයා හඳුන්වන්නේ තනි නායකත්වයක් නොමැතිව සටන් පාඨයක් ලෙසම ගෝඨා ගෝ හෝම් උද්ඝෝෂණය තුළ ලබාගත් වටිනාකම අත්පත් කරගෙන ඒ සඳහා කි‍්‍රයා කිරීමේ අවසානය කුමක්ද?
මෑත කාලීනව ලංකාවේ ජනපි‍්‍රය අධිපති දේශපාලනික දේශපාලනය තුළ මේ අදහස විකාශනය වූ ආකාරය වැඩිදුරටත් කතුවරයා පරීක්ෂාවට ලක් කරනවා.
2015දී අධිපතිවාදී රාජපක්ෂවාදය පරාජය කිරීමට ඉදිරිපත් වීමට තනි පක්ෂයක් නොතිබුණු අතර යහපාලන කණ්ඩායම රැුගෙන ආවේ පොදු අපේක්ෂකයෙක්.
එහි යෝජනා වූයේ සමාන දේශපාලන අභිලාශ සහිත මිනිසුන් පිරිසක් එකතු වූ පක්ෂයක් පිළිබඳ විශ්වාස කිරීම වෙනුවට පුද්ගලයෙක් විශ්වාස කරන බරපතල දේශපාලන අභිලාශ නොමැති ඒ වෙනුවට රාජපක්ෂ වාදයට එරෙහිව පමණක් එක් වූ දුර්වල දේශපාලන ගොනුවක් බව කතුවරයා සඳහන් කරනවා.
ආත්මාර්ථකාමී ලංකාවේ දේශපාලන සංයුතිය නිර්වචනය නොකරන කතුවරයා ඒ පිළිබඳව තවදුරටත් මෙසේ ප‍්‍රකාශ ඉදිරිපත් කර සිටිනවා.

නැවත වටයකින් රාජපක්ෂවාදී දේශපාලන බල හවුල ඉදිරිපත් වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දියකර හරිමින් පොහොට්ටුව නමින් නව පක්ෂයක් ඉදිරිපත් කරමින්.
ජාතිකවාදයට ඇති බලය බෙදාගැනීමට පවා ඔවුන් අතරම පොරයක් පෙනෙන්නට විය.
රට ජාතිය වෙනුවෙන් වැඩිපුරම පෙනී සිටින්නේ බණ්ඩාරනායක උරුමය ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද? විමල් වීරවංශයේ ජාතික නිදහස් පෙරමුණද?
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්ම තැනුණු වියත් මග ද? ගෙවිඳු කුමාරතුංගගේ යුතුකම් සංවිධානයද?
වසන්ත බණ්ඩාරනායකගේ ජාතික සංවිධාන එකමුතුවද?
ඩෑන් පි‍්‍රයසාද්ලාගේ සිංහලේ ද? යන ගැටලූව හරහා බෙදීම් දිස්වුණු බව කතුවරයා සඳහන් කර තිබෙනවා.
ඒ අර්ථයෙන්ම රාජපක්ෂ පවුල නම් සාධකය ඉවත් වුවහොත් පොහොට්ටුව යනු කිසිසේත්ම ශක්තිමත් දේශපාලන පදනමක් සහිත පක්ෂයක් නොවන බව ද, කතුවරයා සිය කෘතිය තුළ ඉඟි පල කර තිබෙනවා.
රාජපක්ෂවාදයට එරෙහි වී උන් පිරිස අතර බහුතරයක් රාජපක්ෂය වෙනුවෙන්ම කඬේ ගිය බහුතරයක්.
නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීම මහජනතාව තුළ සුවිශාල විශ්වාසනීයත්වයක් ගොඩනැගුවා.
ඒ නිසාම හැටනම ලක්ෂයක් ප‍්‍රජාව ගෝඨාභය රාජපක්ෂට ඡුන්දය දුන්නා.
පුද්ගල මත යැපෙන දේශපාලන සංස්කෘතියේ පසුව ගොඩනැගෙන රාජ්‍ය දුරාචාරය නිර්වචනය නොවීම පිළිබඳව කතුවරයා වැඩිදුර විවරණය කරන්න යන්නේ නැහැ.
ලංකාවේ අපේ‍්‍රල් නැගිටීම ප‍්‍රංශ හෝ රුසියානු විප්ලවයකට සමාන කරන්න හදිසි වීමට වෙනුවට අපි මේ යුගයේ මේ සමූහ පිළිබඳව දෘෂ්ඨිවාදය සංවිධානය වන මූලික ආකෘතිය කුමක්දැයි පරීක්ෂා කරන්න කතුවරයා උනන්දු වී තිබෙනවා.
කොහොම හරිම ගෝඨා ගෝ ගම තුළ මතුවන පශ්චාත් නූතන සංස්කෘතික නායකයෝ වූයේ උපුල් ශාන්ත සන්නස්ගල, අජිත් පෙරේරාගේ සිට පානදුරේ ලාල් වැනි දේශපාලනික චරිත හරහා ගෝඨා ගෝ ගමට ආ පිරිස් විවිධ බුබුලූ ගොඩනගිමින් සිටියා.
ඇත්තටම මේ චරිතවල බහුතරයක් විවිධ දේශපාලන පක්ෂවලට විවිධ අයුරින් සම්බන්ධ වූ අය. උදාහරණයක් විදියට පානදුරේ ලාල් යනු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යම් ගැත්තෙක්.
ඔහු ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තිබුණු ආයතනයක අධ්‍යක්ෂක ධුරයකුත් දැරුවා.
උපුල් ශාන්ත සන්නස්ගල, මෝටිවේෂන් අප්පච්චි, රැුට්ටා, මහ කුඹලා, අජිත් පෙරේරාගේ සිට පානදුරේ ලාල් වැනි චරිතවලින් ගොඩනැගුනේ කුමක්ද?
පසුකාලීනව සන්නස්ගල ජේවීපී එකට සිය යූ ටියුබය හරහා විවිධ චරිත මතින් ජේවීපී එකේ ඉතිහාසයේ වූ සිදුවීම් නිර්වචනය කරන්න විශාල ක‍්‍රමවේදයක් මෑත දිනවලදී අනුගමනය කරා.
පෙරළා සන්නස්ගලට එවිට ජේවීපී එකට පහරදීම පිළිබඳව පානදුරේ ලාල් තවත් කරුණු වගයක් මතු කරමින් පෙරළා දෙපාර්ශ්වයම ගැටුම්කාරී තත්ත්වයකට තල්ලූ වන සංස්කෘතික තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා.
පෙරටුගාමී හෝ අන්තරේ හෝ විකල්ප වමේ බුබුලූ වෙනමද රසික ජයකොඩිගේ ෆෑන්ස්ලා වෙනම ද සුනිල් සිරිවර්ධන ප‍්‍රවර්ගය වෙනමද, බේකරිය රාජාගේ පිරිස වෙනම ද ආදී බහුගුණ වූ විවිධ බුබුලූ ශාරීරිකවම ගෝඨා ගෝ ගමට පැමිණ ඇත්තේ අන්තර්ජාලයේ බුබුලූ තර්කනය ගාලූමෝදරට ශාරීරිකව රැුගෙන පැමිණි බව කතුවරයා සඳහන් කරනවා.
මේ සියල්ලන් එක පොදියට ඉන්නා විට සමහරු ඊට මහජනයා යයි කියති. හැබෑය ඒ මහජනයායි.

මහජනයා යනු බිඳුනු ප‍්‍රවර්ගයකි.
නමුත් මහජනයා පෙනී සිටින්නේ සමස්තයක් ලෙසින්. දේශපාලන උගුල ඇත්තේ එතැන බව කතුවරයා සඳහන් කරනවා.
මෙවැනි කරුණු අප‍්‍රමාණව ගොඩනගා තිබෙන පොතේ කතුවරයා ඇත්තටම ලංකාවේ විකල්ප දේශපාලනය පිළිබඳව පොදු ගුණාකාරය, අරාජිකවාදය, නායකයෙකු හෝ පක්ෂයක් හෝ වැඩපිළිවෙළක් නැති උද්ඝෝෂණ හරහා පද්ධති වෙනස් කළේ හැකි යැයි ඔවුහු විශ්වාස කිරීම කතුවරයාගේ කිසියම් ඕපාතික තත්ත්වයකට
තල්ලූ කරන සුලූ ලේඛන පොත අධ්‍යයනය කිරීමේදී පෙනී යන සත්‍යයක්.
ගාලූමෝදර ජනපි‍්‍රයවාදයට පිටුපසින් යම් හරයක් හෝ දිගු කාලීන දේශපාලන අරමුණු කි‍්‍රයාවේ යෙදවූයේද? ඒ සඳහා මේ ජන නැගිටීම් ඉවහල් වේද?
දැනට අපට නිරීක්ෂණය වන්නේ දේශපාලන භෞත්වාදයක්. නැතහොත් අච්චාරුවක්ද?
ඒ අතරේ වම්මු මෙය හරහාම විප්ලවයක් ගැන කතා කරති.
මේ වනතුරු එක් බුබුලක් අනෙක් බුබුලට කිසිදු අභිමුඛයක් නොවීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? ගෝඨා ගෝ ගමේ දේශපාලනය හැර ඉතිරි සියල්ල වෙමින් පවතින්නේද යන්න කතුවරයා නගන ප‍්‍රශ්නයක්.
කොහොම වෙතත් ලිඛිත හෝ වාචික සැබෑ පශ්චාත් සමීක්ෂණයකදී ලාංකික දේශාපලන වම් ඉවුර හඳුනාගත හැකි මාර්ගය සකසා ගැනීමට නම් වහාම සමාජ සමීක්ෂණයකට ලංකාවේ වාමාංශික හා විකල්ප දේශපාලන පක්ෂ යා යුතු බව ලියුම්කරුගේ අදහසයි.
ඒ තුළින් හඳුනාගන්නා ගැඹුර මගින් අදාළ සාකච්ඡුා මණ්ඩප අදාළ දේශපාලන පක්ෂවලට කි‍්‍රයාත්මක කරන්න පුළුවන්.
ඒ සඳහා විකල්ප දේශපාලන පක්ෂ ප‍්‍රජාවට සවන් දීමේ ගුණය වර්ධනය කර ගන්නත් හැකි වෙනවා.
නමුත් අද සිදු වන්නේ විකල්ප දේශපාලන ප‍්‍රමුඛ නායක නායිකාවන් මේ වේදිකාවල බෙරිහන්දීම පමණක් නොවේද?
විකල්ප දේශපාලන පක්ෂ නායක නායිකාවන් පවසන ඇතැම් කරුණු ප‍්‍රජාවට තේරුම්ගෙන ප‍්‍රජාව කි‍්‍රයා කරන්නේ නම් මැතිවරණ ප‍්‍රතිඵල මීට වඩා සාර්ථක විය යුතු නොවේද?
නමුත් ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ ඉතිහාසයේ සිටම සම්ප‍්‍රදායික මානව කුසලතා හඳුනාගැනීමට නොහැකි වීම නිසා වසර 74ක් පුරාවටම මැතිවරණ ප‍්‍රතිඵල බිංදුවට පත්වූයේ කෙසේද යන්න තේරුම්
ගැනීමට බොහෝ ජනපි‍්‍රය වාමාංශික විකල්ප දේශාපලන පක්ෂත් උනන්්දු වී නැහැ.
ආගමික සබඳත මත වර්ධනය වී තිබෙන සමාජ මිත්‍යා හා වැඩවසම් හුරු පුරුදුවලට අභියෝග කිරීමේ චිත්තවේගී සමාජ සන්නිවේදනයක් සමාජ ගත කිරීමට විකල්ප දේශපාලන පක්ෂ හෝ බුද්ධිමත් ප‍්‍රජාව උකටලී වී තිබෙනවා.
ආගමික මිනිස් හැසිරීම් තුළින් කොටු වී සිටින සම්ප‍්‍රදායන් නිර්වචනය කිරීමට නම් විකල්ප දේශපාලන පක්ෂ චිත්තවේගී බුද්ධිමය සන්නිවේදනය කිරීමට සැබෑ සමාජ සමීක්ෂණයකට අදාළ අංශ වහාම යා යුතු වෙනවා.
2023 අයවැයෙන් අධ්‍යාපනයට 14%කින් කපා හරින විට බෞද්ධ කටයුතු අමාත්‍යංශයට වැඩි ප‍්‍රතිශතයක්
ලබාදීමෙන් පාලක පක්ෂයේ අරමුණු කෙසේද යන්න විකල්ප දේශපාලන පක්ෂ නායක නායිකාවන් තේරුම් නොගැනීම කණගාටුවට කරුණක්.
මේ සඳහා නව පෙළඹුන් කෙසේ කළ යුතුද? යන්න විකල්ප දේශපාලන පක්ෂ තේරුම් නොගන්නා තෙක් පාදඩ දේශපාලන තවදුරටත් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් ඔවුනොවුන් ශක්තිමත් වීම වැලැක්විය නොහැකියි.

සාම්ප‍්‍රදායික හා වැඩවසම් ආගමික වැඳුම් පිඳුම් පිළිබඳව චර්යාවන් පළමුවෙන්ම විකල්ප දේශපාලන පක්ෂ හඳුනාගැනීම තේරුම් ගැනීම සඳහා පුළුල් සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් දිවයින පුරා දියත් වීම වැදගත් වන්නේ ඒ නිසා බව ලියුම්කරු නැවත නැවතත් සිහිපත් කිරීම ප‍්‍රවේශ කරන්නේ අපේ‍්‍රල් නැගිටීම් ගැන අපේ‍්‍රල් සටහන් තුළින් කතුවරයා දක්වා තිබෙන අදහස් සමඟ සමෝදානය කිරීමට.
ආගමික සම්ප‍්‍රදායික වැඩවසම් චර්යාවන් සමාජ කුසලතා දක්වා වර්ධනය කර ඇති සමාජ පසුබිමක ප‍්‍රතිනිර්මාණය කිරීම පහසු කාර්යභාරයක් නොවේ.
අදාළ සමාජ කි‍්‍රයාකාරිත්වයේදී විකල්ප දේශපාලන පක්ෂවලට ප‍්‍රතිගාමීන්ගේ ආවේග කි‍්‍රයාත්මක වීමේදී ඒ සඳහා ප‍්‍රඥාවන්ත පිළිතුරු ලබාදීමට ද අදාළ බලධාරින් සමත් විය යුතුයි.
සම්ප‍්‍රදායික වැඩවසම් ආගමික හුරුපුරුදු හමුවේ ප‍්‍රජාවට තේරුම් ගැනීමේ හා අනෙකාට දැනුවත් කිරීමේ අදහස් හුවමාරුව සඳහා නව චර්යා හඳුන්වාදීම ද බුද්ධිමත් සමාජ අංශ කි‍්‍රයාත්මක කළ යුතුයි.
ප‍්‍රජාවගේ බුද්ධිය හා බුද්ධි මට්ටම එක සමාන නොවේ.
ඒ සඳහා සමාජ මනෝවිද්‍යාත්මක ගැටලූ හඳුනාගැනීමේ මාවත් අදාළ සමීක්ෂණ පති‍්‍රකාවේ අන්තර්ගත කළ යුතුයි.
සමාජයේ මේ සඳහා මැදිහත් නොවන්නේ කුමන හේතු මතද යන්න ප‍්‍රජාවගෙන් ප‍්‍රශ්න කළ යුතුයි.
සාම්ප‍්‍රදායික මිත්‍යා මත වැළැක්වීම සමාජයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රජාව යෝජනා කරන්නේ මොනවාද යන්න අදාළ සමාජ සමීක්ෂණ පති‍්‍රකාවේ අන්තර්ගත විය යුතුයි.
ආගමික ඇබ්බැහිකම මිත්‍යා සමාජ විශ්වාසයන් නිසා පාදඩ දේශපාලන නඩ සාමුහිකව සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන වපසරිය මනාව හඳුනාගැනීමට පශ්චාත් සමීක්ෂණයකදී මනාව හෙළිදරව් වනු ඇත.
දිගුකාලීන දේශපාලන සාක්ෂරතාවය සඳහා ශක්තිමත් ජන විඥානයක් ගොඩනැගීම තුළින් යහපත් විකල්ප දේශපාලන සංස්කෘතියක් කළමනාකරණය කිරීමේ හැකියාව ද ඉන් පසු විකල්ප දේශපාලන පක්ෂවලට අවකාශ හිමිවනු ඇතැයි ලියුම්කරුගේ විශ්වාසයයි.
සුමිත් කොඩිතුවක්කු ලියයි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න