ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුරවැසියා මේවන විට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ. රටේ පුරවැසියන්ගෙන් ප‍්‍රධාන පුරවැසියා අන්තර්ජාතික වශයෙනුත්, දේශීය වශයෙනුත් බොරු කියවානම් එය රටේ ජනතාවගේ ඛේදනීය

තත්වයක්. ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට ජපානය මූලික වී ක‍්‍රියා කරන බව පසුගිය ඔක්තෝබර් 06 වෙනිදා පාර්ලිමේන්තුවේදී කරපු ප‍්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යක් බව මේවන විට රොයිටර් සේවය වාර්තා කර තිබෙනවා. නිර්නාමිකව ජපානයේ රොයිටර් වාර්තාකරුට තොරතුරු ලබාදී ඇති නිිලධාරියෙකු කියා තිබෙන්නේ,

ශ‍්‍රී ලංකාව විසින් ජපානය විසින් කරනු ඇතැයි බලාපොරෙත්තුවක සිටියද, මේවන තෙක් එවැනි කිසිදු තීරණයක් ජපන් රජය ගෙන නැති බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් උපදෙස් වලට අනුව ශ‍්‍රී

ලංකාව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ණයහිමි රටවල් එක්කර පැවැත්වීමට නියමිත සමු`ඵව ඔක්තෝබර් මාසයේ 6 වන දා සිට   නොවැම්බර් 6 වනිදා වන විට මාසයක් ගතවී තිබෙනවා. දැන් දෙවන මාසයටත් මේ අසත්‍ය ප‍්‍රකාශය කරලා රනිල් වික‍්‍රමසිංහ දැඩි නිහ`ඩතාවයක් අනුගමනය කරනවා.

ශ‍්‍රී ලංකාවේ නව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාල ණයහිමි රටවල් එක්කර පැවැත්වීමට නියමිත සමු`ඵවේ දී ශ‍්‍රී ලංකාව සම`ග එක්ව මුලසුන දැරීමට ජපානය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට එක`ග වී ඇතැයි යන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මේ ප‍්‍රකාශය සිදුකළා. පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකයයි. ව්‍යවස්ථායකය තුල තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හුරුවෙලා තියෙන්නේ. එතකොට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය විශිෂ්ඨ යයි කියන පාර්ලිමේන්තුව තුළ රනිල් වික‍්‍රමසිංහ අසත්‍ය ප‍්‍රකාශයක් කරනවානම් එය බුද්ධිමය වංචාවක්. නොවේද ? පෙනෙන ඇත්ත නොකියා සිටීම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ පුද්ගල වංචාවක්. එවැනි වංචනික ජනාධිපතිවරයෙක් යටතේ පුරවැසි අපි ඒ සදහා ශාස්ත‍්‍රීය පැවැත්මක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා සොයා යන්නේ කොහොමද?

ජනයාගේ ඍජු සහභාගිත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරම්භ වූ කාලයේදී ග‍්‍රීසියේ දී එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රාරම්භක එකතුවේදී ගොඩනැගුණ නිර්නායකයයි. අපට මේවන විට වාරණ

ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවා. ප‍්‍රජාවගේ සැබෑ අයිතීන් මොනවාද යන්න සාකච්ඡුා කරන, ඒ ස`දහා ජනතාව

දැනුවත් කරන මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබද විධිමත් වැඩපිළිවෙලක් මේ දක්වා සකස් කර නැති පසුබිමක් හමුවේ, පාදඩයින් එදත් අදත් හෙටත් පාර්ලිමේන්තුවට හුරුවෙමින් රටේ ප‍්‍රධාන පුරවැසියා වීමේ හැකියාව වර්ධනය වෙලා තියෙනවා. වර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහෙම නැත්නම් වාරණ තන්ත‍්‍ර වාදය පුරවැසිකරණය අලූවෙලා තියෙනවා. නිලධාරින් මේ ස`දහා තවදුරටත් ඊට හවුල් වෙමින් බලය ධනයක් කිරීමේ රටාවක් මේ තුලින් ගොඩනැගී තියෙනවා.

සහචර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රචණ්ඩත්වයක් මේිනිසා රට තුල බිහිවී තිබෙනවා. වාද ජනමාධ්‍ය තුල උවමනාවටත් වඩා සිදුවෙමින් තියෙනවා. ඒ වාද අලංකාරයක් ලබාදෙන එහෙම නැත්නම් පාදඩ දේශපාලනය නව රුකුල් දෙන පරිසරයක් ඒ වටා තිබෙනවා. හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට කාර්ය පටිපාටි පමණයි මේ තුළ අන්තර්ගත වෙන්නේ. ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් වලට පෙනීසිටින ප‍්‍රජාවට අන්තවාදී ප‍්‍රතිමාන මොනවාද? මේ ස`දහා ඔබ ගතයුතු පියවර අපමණයි. මේනිසා එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය කාලය පුරාම ඝාතන රැුල්ලක් ක‍්‍රියාත්මක කළා. ජනමාධ්‍යවේදී රිචට් සොයිසාගේ පටන් මේ දක්වා අපමණ ජනමාධ්‍ය කරුවන්ට සිදුවූ ගැටුම් අපමණයි. මේ තත්ත්වය තවදුරටත් සංවර්ධනය කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ පැවැත්ම හා රනිල් වික‍්‍ර‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සංවර්ධන කර ගැනීම ස`දහා මහජන සේවාව වෙනුවෙන් 2023 වර්ෂයේ අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 1198 වෙන්කර ගැනීමෙන්ම රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ක‍්‍රියාකාරකම් ඉදිරි කලයේදී කොහොමද කියලා තේරුම් ගන්න අවකාශයක් ලබන්න පුලූවන් වෙයි. මේවන කොටත් පැහැදිලිවම රට

තුළ ¥ෂණ වංචාවන් ප‍්‍රවර්ධනය වෙමින් තියෙනවා. තවත් මෙවැනි ¥ෂණ වංචා වලට වැට බදින්න ජනාධිපතිවරයා කාර්යක්ෂම වැඩසටහනක් රාජ්‍ය අංශය ස`දහා මේ දක්වා ක‍්‍රියාත්මක කරලා නැහැ. නැවත නැවතත් සාමාන්‍ය ජනතාවට පටි තදකර ගත යුතුය යන සම්ප‍්‍රදායික ප‍්‍රතිපත්තියට රජය නැත්නම් රනිල් වික‍්‍රමසිංහ අවතීර්ණ වී තිබෙනවා.

ඉතාම ගැටලූ සහගත තත්වය යෝජිත නව බදු පනත යටතේ මධ්‍යම ආදායම් ලබන පිරිසටත්, සාමාන්‍ය ජනතාවටත්, බලපා තිබෙන විශාල ගැටලූ සමුදායක්. රජය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනවල වැටුප් වැඩිවීමක් මෙතෙක් සිදුවී නැත. ඊට අමතරව එකතු කළ අගය මත බද්ද වැට් 8% සිට 15% දක්වා අගය රනිල් වික‍්‍රමසිංහ රජය වැඩිකරලා තියෙනවා. සමාජ ආරක්‍ෂන දායකත්ව බද්ද ීක්‍ඛ බද්ද 2.5 දක්වා හ`දුන්වා දී තිබෙනවා. භාණ්ඩයක් නිපදවීමේ හෝ ආනයනය කළ අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා රුපියල් මිලියන 10 වැඩි මාසික විකුණුම්කරණ අතරමැදි ව්‍යාපාරිකයන් විසින් ගෙවිය යුතු මෙම භාණ්ඩ මිල මෙම බද්ද නිසාද ඉහළ අගයකින් තවදුරටත් වැඩිවන බව පැහැදිලියි. මධ්‍යම පාංතිකයන් භාණ්ඩ මිල ඉහළයාම නිසා සාමාන්‍ය ජනතාවත් විශාල පීඩනයකට ගොදුරු වෙමින් තියෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ දැඩි ආදායම් බදු ප‍්‍රතිපත්තියක් රනිල් වික‍්‍රමසිංහ හ`දුන්වා දීමෙන් ඉතාම භයානක ප‍්‍රතිඵල ඉදිරි කාලයේ මතුවෙන්න පුලූවන්. එය හුදෙක්ම මේ රටේ සමාජ අවිඥානයේ තිබෙන ඉතාමත් ඛේදනීය ගැටලූවක් කරා තල්ලූ වෙන්න පුලූවන්.

දේශපාලනයේ මතුවන ප‍්‍රධාන ප‍්‍රශ්නය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ රටට සමහිමිකම පොදු ජනතාවට ලැබෙනවාද කියන එකයි. රටේ සමාජ දේශපාලන අවකාශය නිතර මතුවන ප‍්‍රශ්නයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාවරත්වයට බාධාවක්ද යන්න තවත් ගැටලූවක් මතුවෙයි. රටේ ස්ථාවරත්වයට බාධාවක් යැයි ඇතැම්විට මතුපිටින් පෙනුනත්, අරගල කරන්න විවිධ සමාජ කොටස් ස්වාධීනව මතුවෙමින් තිබෙන පරිසරයක් සිවිල් සමාජය තුලින් දකින්නට පුලූවන් . රනිල් වික‍්‍රමසිංහ යම් අවස්ථාවක දී අරගලය දිගටම කළයුතු බව කිව්වත් එය ඔහුගේ සැබෑව නොවේ. ඔහු විසින් පසුව කරන ලද පොලිස් හමුදා මෙහෙයුම්

වලින් රනිල් වික‍්‍රමසිංහගේ සැබෑ නිරුවත ඉස්මතුවුනා. කොහොමහරි මේවන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ගැටලූ ගණනාවක් මතුවෙලා තියෙනවා. පොලිසිය යොදවා නිරායුධ මිනිසුන් පෙළපාලි යන එක වලක්වන්න ක‍්‍රියා කිරීම නිසා ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද විශ්වාසනීයත්වයට අභියෝගාත්මක ගැටලූ මතුවෙමින් තියෙනවා. යම් රටක ස්ථාවරත්වය කියන්නේ කඩා වැඩුණු පවුල් පාලනයක් මතුපිටින් වසාගෙන පවත්වාගෙන පාලනයක් නොවන බව රනිල් වික‍්‍රමසිංහ තේරුම්ගත යුතුයි.

ගතවූ කාලයේදී ලංකාවේ රාජ්‍ය පාලනතාන්ත‍්‍ර සියල්ලටමට මේ වන විට තිබෙන්නේ පැහැදිලිවම බරපතල පවුල් පාලන ආකෘතියක්. පළාත් සභා වසාදමා මේවන විට ඊට වෙනත් පැලැස්තරයක් හිටපු මැතිවරණ කොමසාරිස් ජයසිංහ හරහා ක‍්‍රියාත්මක කිරීමට රනිල් වික‍්‍රමසිංහ උපයාමාර්ගික කුඨ ප‍්‍රයත්නයක මේවන විට යෙදිලා ඉන්නවා . පළාත් පාලන ආයතන ධූර කාලය නිමාවී දැන් සෑහෙන කාලයක් ගෙවිලා. ජනතාව පත්කළ ජනාධිපති අස්වී ගෙදර ගොස් දැන් සෑහෙන කාලයක් ගතවි තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂයට ඇතිවූ සමාජ අසාධාරණත්වය හා පවුලේ අසාධාරණත්වය පිළිබ`දව වෙනම කතා කළයුතු කරුණක්. ඡුන්දයෙන් එක දිස්ත‍්‍රික්කයක එක මන්ත‍්‍රි ධූරයක්වත් ජයගන්නට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂය රටේ ආණ්ඩුව වෙලා තියෙනවා.

රනිල් වික‍්‍රමසිංහගේ පාවාදි සංස්කෘතියේ මූලධර්මයක් මිසක් යහපාලන ආණ්ඩුවේදී රනිල් උපායශීලීව සිය මෙහෙයුම් දියත් කරමින් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පාදඩ නඩය රැුකගැනීම ස`දහා ක‍්‍රියා කිරිමට ඒ ස`දහා දුර්වල නඩු අධිකරණයට ඉදිරිපත් කර, ඔවුන්ට නීතියෙන් ගැලවීමට අවකාශය

ලබාදිමේ කූඨ ප‍්‍රයත්නයක් රනිල් වික‍්‍රමසිංහ ක‍්‍රීයාත්මක කරලා තියෙනවා. ඒ අනුව මේ රටේ පොදු මහජනතාවගේ හදවත බදු පිරිසිදු යහපත් සදාචාරාත්මක නොවන රනිල් වික‍්‍රමසිංහ මේවන විට රටේ ජනාධිපති වරයා වී අවසන් . එහි දිගුව තමයි රට බංකොලොත් වී තිබී එහි දේශපාලනඥයින්ටත් ගමට යාමට නොහැකි තත්වයක් වර්ධනය වී තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මැදිහත්වීම රැුස්විම්, පෙළපාලි විරෝධතා රටේ ස්ථාවරත්වයට බාධාවක් නොවන බව රනිල් වික‍්‍රමසිංහ තේරුම් ගත යුතුයි. එය පොදු මහජනතාවගේ හා රටේ ස්ථාවරත්වයේ ප‍්‍රකාශනයක් බව රනිල් වික‍්‍රමසිංහ   තෙරුම්   නොගෙන ක‍්‍රියා කිරීම ඉතාම ශ‍්‍රී ලංකාව අවසානාවන්ත

තත්වයකට තල්ලූ කිරීමකි. ජනතා මතය ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයෙන් පොලිසිය දමා වසංගත රනිල්ගේ වර්තමාන උත්සහයක් නුදුරු දිනයක දී ඉතාම පාරා වළලල්ක් වන බව රනිල් වික‍්‍රමසිංහ තේරුම් ගත යුතුයි. මේනිසා ප‍්‍රජාතන්තවාදි සමාජ විප්ලවයක අදාළ සමාජ විකාශනය මේ මොහොත වන විට සංවර්ධනය වෙමින් තිබෙනවා. එය දේශපාලන පුරවැසි කෝපය යැයි ඉදිරිකාලයේ දී විද්වතුන් හ`දුන්වන්න පුලූවන්. ලෝකයේ ඇතිවන  ඕනැම ව්‍යාකූල විනාශකාරි තත්වයක් පොලිස් හෝ හමුදා බාධක

තුලින් කඩාකප්පල් කිරීමට යම් පාලකයෙක් උත්සාහ දරනවානම් ඔහුගේ නුගත්කම හා නපුංසකත්වය ඒ

තුලින් ප‍්‍රදර්ශනය වීමක්. ඒ පිළිබ`ද තේරුම් ගැනීමේ පැහැදිලි හැකියාවක් රනිල් වික‍්‍රමසිංහට මේ දක්වා නැතිකම ඉතාම ගැටලූ සහගත තත්වයක්. ඒ තේරුම් නොගෙනීමේ රාජ්‍ය පාලන රටාව නිසා ඉදිරිකාල පරිච්ෙඡ්දය තුළ රට ඉතාම අවුල් සහගත තත්වයකට තල්ලූ නැවත නැවතත් දිගුවක්, සමාජ ව්‍යවසනයක් දියත් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අවාසනාවන්ත ලෙස සංවර්ධනය වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාව කියන්නේ අපිරිමිත අයිතියක් නොවේ. භාෂණයේ සුරක්ෂිත භාවය රකින නායකයා පිළිබ`දව ජනතාව තුළ ඇතිවන්නේ සුවිශේෂි විශ්වාසනීයත්වයක්. කොහොම වෙතත් අන්තර්ජාලය හරහා රටේ බොහෝවිට ප‍්‍රජාවගේ දුක් අදෝනා ප‍්‍රකාශ වෙමින් තිබෙනවා. එය ප‍්‍රචණ්ඩත්වයකට තල්ලූ කරන්නේ , එය ප‍්‍රචණ්ඩත්වයට වපුරන්න පසුබිම හදන්නේ රනිල් වික‍්‍රමසිංහගේ බාල ආණ්ඩුවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය පැහැදිලිව ලෝකය තේරුම්ගත් පැහැදිලි  සත්‍යයක්.

. සිවිල් අවකාශය, සිවිල් අයිතිය හකුලා දාන්න යම් රටක රාජ්‍ය නායකයකුට අවශ්‍යතාවය තිබුණත් ලෝක ප‍්‍රජාව ඊට අවශ්‍ය අවකාශය ලබා දෙන්නේ නැහැ. සිවිල් අවකාශය හකුලා දමන්න යම් රාජ්‍ය නායකයකු ගන්නා උත්සාහය තවදුරටත් ඔහුගේ හෝ ඇයගේ ජනප‍්‍රියතාවය තවදුරටත් බිදවැටිමක් ස`දහා

තල්ලූ කිරීමක්. අවිශ්වාසය හා වැරදි තොරතුරු නැවත නැවතත් සමාජ ගතවීමේ ගැටලූ මතුවෙන්න පුලූවන්. එවැනි පරිසරයක් තුලින් මතුවෙන්න පුලූවන්.

1948 ශ‍්‍රී ලංකාවෙ නිදහස ලැබූදා පටන් පැවති ආණ්ඩුවලින් බොහෝවිට කරේ ප‍්‍රජා මිනිස් අයිතිවාසිකම් ,සහභාගිත්ව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුනා හා ඊට අවශ්‍ය අවකාශය ගිලිහි යන තරමට රාජ්‍ය පාලන කටයුතු සිදුකිරීම. එයින් යම් උච්චස්ථානයකට වර්තමාන රනිල් වික‍්‍රමසිංහ රජය මැදිහත්වී

තිබෙනවා කිව්වොත් වඩාත් නිවැරදියි.

ලෝකයේ තිබෙන අමාරුව රස්සාව ජනමාධ්‍යවේදියයි. යුනෙස්කෝව ස`දහන් කරලා තියෙනවා ජනමාධ්‍යකරුවන් 10 දෙනෙක් මේවන විට ලෝකය පුරා ඝාතනය වෙලා තියෙනවා කියලා. ඒ ඉන් 9 දෙනෙක්ගේ අදාළ තොරතුරු තවමත් විසදිලා හෝ දැනගන්නට නැහැ. 2016 සහ 2020 අතර ශ‍්‍රී ලංකාවේ 400 කට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනයට ලක් වී තිබෙන බව ශ‍්‍රී ලංකාවේ සංඛ්‍යා ලේඛණ වලින් පෙනීයන සත්‍යයක් . ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීමේදී මාධ්‍ය නිදහස ලබාදෙන්නේ කෙස්ද යන්න ඊට අවශ්‍ය අවකාශය ලබාදීම තුලින් මානව හිමිකම් පිළිබ`ද තොරතුරු මේවන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය

තුළ සාකච්ඡුාවට භාජනය වේලා තියෙනවා. ඒ පරිසරය හමුවේ යම් තීරණ මේ වන විට අරගෙනත්

තියෙනවා. ඒ සියල්ලක් අවසානයේ් දී රනිල් වික‍්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ නඩ අන්තර්ජාතික අහස් ඔත්තු සේවා මගින් මේවන විටත් ක‍්‍රියාත්මකයි. ඒ නිසා අදාළ තනතුරු වලින් ඉවත්වීමේ සම්භාවිතාවක් ඉදිරි කාලයේ මතුවිය හැකියි. මිනිස් අයිතිවාසිකම්, සහභාගිත්ව අයිතිවාසිකම්, ප‍්‍රජාතනත්‍්‍රවාදී අවකාශයයි. එය මනාව රනිල් වික‍්‍රමසිංහ තේරුම්ගත යුතුයි.

77 වෙනි රනිල් වික‍්‍රමසිංහගේ 2023 අයවැය ආයා්ජනයට පෙර හෝ සමාජ සුභසාධයනට නොවු පොදු මහජනතාව ගසාගෙන කෑමේ අයවැයක් රාජ්‍යය අංශය පොදු අරමුණු ස`දහා යොමුකළ යුතු කාලීන අවශ්‍යතාවය රනිල් තේරුම් අරගෙන නැහැ.

විනිවිධභාවය පාරදෘශ්‍යභාවය නිර්වචනය කිරීමට රනිල් අසමත්වෙලා තියෙනවා. පොදු මහජනතාව මුහුණ දෙන සාගත දුර්භික්ෂය සූරාකෑම 2023 අයවැය තුළ තවදුරටත් ඇන්තර්ගතයි. සාටකය වෙනුවට ටයිපටියේ සාහාසික ප‍්‍රචණ්ඩත්වය රනිල්ගෙන් මනාව නිරූපනය වුනා. වසර 74 ක් පුරා ආර්ථික සමාජ සංස්කෘතික ප‍්‍රලාප, වාද විවාද සංස්කෘතියෙන් බැහැර න්‍යායාත්මක හෝ ප‍්‍රායෝගික විකල්ප යෝජනා ඉදිරිපත් කිරිමට රනිල් සිය අයවැයෙන් ඉදිරිපත් කිරීමට සමත්වූයේ නැහැ. දුර්භික්‍ෂ නිමිති රටපුරා ව්‍යාර්ථ වෙමින් තිබෙන සමාජ පරිසරය තුළ පීඩාකාරී මර්ධන ප‍්‍රතිගාමිත්වය අයවැය පුරා දකින්නට ලැබුණි.

දීර්ඝකාලින හෝ කෙටිකාලින දැක්මක් ඇති විස`දුම් වර්තමාන ආර්ථික අරබුදයේ මනා නිවැරදි මාවතක් වෙනුවට කරවටක් ගිලී රට ඉච්චාභංගත්වයට තල්ලූවන අදහස් වලින් සමන්විත අයවැයක් බව මතු අනාගතයේදී නිර්වචනය වෙනු ඇත.

සැලසුමක් නැති විවිධ එකිනෙකට සමෝදනාත්මක අන්තර්ගත ගුණාංග වලින් තොර අයවැයක් අපනයන ස`දහා ගංජා නිෂ්පාදනය හ`දුනා ගැනීමට කමිටුවක් පත්කිරීම් ස`දහා යෝජනාව තුලින් නම් විධිමත් සැලසුමක් ඇතිබව පෙනී යනවා.

ඉන්ධන මත අධිභාරයක් පැනවීමෙන් නැවත නැවත සමස්ථ පරිභෝජනයේ ඉහළයාමක්.

ග්‍රෝත‍්‍රවාදී ධනාත්මක සංකල්ප රනිල්ගේ අයවැය තුළ තාත්වික නැත.

ප‍්‍රජාවට ආර්ථිකයේ සම අවස්ථා රනිල්ගේ ප‍්‍රකාශය ජනතාව ප‍්‍රකෝප කරන සු`ඵයි.

යු.එන්.පි රනිල් ගේ ඉතිහාසය ප‍්‍රකාශන සිහිපත්වීම නිසා ලෝකයට ණය වී ම`ගුල්කෑම රනිල් සිදුකළේ ශ‍්‍රී ලංකාවේ  5 වස්තාවක් අගමැතිවීමෙන්.

විදේශ ආයෝජකයින්ට බදු සහන ස්වදේශීය ආයෝජකයින්ට බදු මාපියාවක් දිගුවන්නේ ඉන්ධන ආනයනයේදීම අධිභාර බද්ද නිසා සු`ඵ හා මධ්‍යම වෙ`ල`ද පොළ ප‍්‍රවර්ධනය කරන ස්වදේශීය නිෂ්පාදන හා ව්‍යාපාරික ප‍්‍රජාව සංවර්ධනය කරන නව මාවක් හ`දුනාගෙන නැහැ. ඒ ස`දහා කමිටු පත්කරන්නත් යෝජනා ඉදිරිපත් වෙලා නැහැ.

කම්කරු වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කිරීමේ අභිලාශයක්   රනිල් වික‍්‍රමසිංහ තුළ ආත්මගතව ඇති බව අයවැය ප‍්‍රකාශය තුළින් ප‍්‍රකාශිතයි.

රජයේ සියලූ ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්ට බලය විතැන් කරන්නේ රනිල්ගේ යටි අරමුණු කුමක්ද?

ප‍්‍රදේශයේ දේශපාලන සිය පාදඩ නඩ වලට රිසි පරිදි රජයේ ඉඩම් අත්පත් කරදීමේ යටි අරමුණක්. කරුණු කෙසේ වෙතත්, පාදඩ දේශපාලන සංස්කෘතිය සංවර්ධනය කිරීමේ ඉලක්කය තුළ රනිල්

වික‍්‍රමසිංහගේ එ. ජාතික පක්ෂය සාමකාමීව පුනරුත්ථාපනය කර ගැනීම මේ අයවැය තුළින් මනාව පැහැදිලියි.

සුම්ත් කොඩිතුවක්කු විසිනි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න