ශ්‍රී ලංකාව අපේ ය .

අප මේ රටේ ය කියා හිතන්නට  හුරුපුරුදු නොවූ පාදඩ දේශපාලන සංස්කෘතියක් පසුගිය වසර 74 පුරා රට තුළ ස්ථාවර වීමේ ප්‍රතිඵලය අද  ලාංකික ජනතාව ආර්ථික ,මානසික, පිරිහීමකට ගොදුරු වෙලා තියෙනවා.

මේ පිරිහීම අපරාධ ,මිනීමැරුම්, අපයෝජන ,දිවිනසාගැනීම්, ප්‍රචණ්ඩක්‍රියා වල වැඩිවීමක් මතුවෙමින් තිබෙනවා.

ඒ මතුවීම තවදුරටත් පාදඩ  දේශපාලනය විසින් පසුගිය ඔක්තෝම්බර් එකොළොස් වන දින යෝජිත ආදායම් බදුසංශෝධන කෙටුම්පතක් ප්‍රකාශයට පත්කර තිබෙනවා .

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය නඩු කර තිබෙනවා.

ඒ නඩුකර පිළිබඳ තොරතුරු හා විනිශ්චය පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉදිරිපත් කරන්න ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කරා.

 විශාල සහන බදු ඉවත් කර බදු නිදහස් සීමාව අඩු කර බදු අඩු ප්‍රතිශතයන් ඉහල නැංවීමෙන් විශාල අමතර බදු බරක් සාමාන්‍ය ජනතාවට මේ වන විට පත් වී තිබෙනවා .

මේ පත්වීමේ ප්‍රතිඵලය පරිසරයටත් විදුලිය , ජලය ,වාතය ,හිරු එලිය දක්වා තත්ත්වය අර්බුදයක් කරා තල්ලු වෙලා තිබෙනවා.

 මෙය ඉතාමත්ම රටේ ඛේදනීය තත්වය මේ තුලින්  ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා .

යෞවන ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් එක් පැත්තකින් මතු වෙලා තියෙනවා.

 නාගරික බොහෝ කර්මාන්ත ශාලා වැසී ගොස් තිබෙනවා .රට තුළ අවිනිශ්චිත භාවය හා විරැකියාව සමාජගත වෙලා තියෙනවා .

මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම සමාජයේ නොයෙකුත් පැතිවලින් ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වෙලා දිගු මිනීමැරුම් දක්වා දියත් වී තිබෙනවා.

අපි හැමෝටම දැන් කර කියාගන්න  දෙයක් නැතුව ආර්ථික අර්බුදය හමුවේ දිළිඳු තත්වයෙන් අන්ත දිළිඳු බවට අඩු ආදායම්ලාභීන් තනි වෙලා තියෙනවා .

ඉච්ඡාභංගත්වය ,පීඩනය පිට කරන්න වෙන කෙනෙකු පිටින් යන තත්ත්වයක් කරා සමාජයය තල්ලු වෙලා තිබෙනවා.

මේ නිසා ග්‍රාමීය ,නාගරික සිවිල් සමාජය තුළ විවිධ ගැටළු සහගත තත්වයන් විවිධ අයුරින් උද්ගත වී තියෙනවා.

තරුණ ප්‍රජාව තුළ කැකෑරෙන තරහ පිටකරන්නේ සමාජයේ ඕනෑම සම්බන්ධතාවයක  සහනදායි සහජීවනයට අභියෝග කරමින්.

පවුල තුළ හෝ මහමග හෝ සමාජයේ ඕනෑම සම්බන්ධතාවක ප්‍රචණ්ඩ තාවය දෛනිකව සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් යනවා.

උගත් අසරණභාවය හා ප්‍රචණ්ඩත්වය විවිධ මුහුණුවරින් මතුවෙමින්  තිබෙනවා.

මෙය විශ්වවිද්‍යාල සංස්කෘතිය දක්වා දීප ව්‍යාප්තව තිබෙනවා.

මෑතම ගැටුම සිදු වූයේ  කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය දෙපිරිසක් අතර ඇති වූ ගැටුම තුළින් උසස් අධ්‍යාපනය ලබන බහුතරයකගේ සමාජ සැබෑ විවරණය ඉන් මතු කර තියෙනවා.

මේ සියල්ලටම ආර්ථික අර්බුද තුලින් නිර්මාණය වී තිනෙ සමාජ බිඳවැටීම නිසා සාමාන්‍ය උගත් තරුණ පිරිස් විදේශ රටවල රැකියා සොයා යාමේ මාවතකට තල්ලු වෙලා තියෙනවා.

රට හැර යාම නොහැකි  උගත් යෞවන කොටස් අසරණ වීමෙන් ආතතිය වැඩි වී ඉන් විශාදයට ගොදුරු  වන තත්ත්වයක් දක්නට ලැබෙනවා.

මේ තත්ත්වය සියදිවි නසා ගැනීම් දක්වා වර්ධනය වෙමින් තිබෙන අතර ලෝකයේ පැරණිතම රැකියාව නාගරික ග්‍රාමීය මට්ටමේ ව්‍යාප්ත ව්‍යාප්ත වෙමින් තියෙනවා.

සමාජය තුළ මානසික ආතතිය වැඩි වෙන තරමටම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ වර්ධනය සාමාන්‍ය දෙයක්.

වඩාත් බරපතළ ප්‍රශ්නය ලංකාවේ තරුණ ප්‍රජාව ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධ වලට යොමුවීම වැඩිවීමක් පෙන් වීමයි. ඒ වගේම පවුල් ප්‍රශ්න වැඩි වෙනවා.

දික්කසාද වීම් වැඩි වෙනවා.

විවාහ සංස්ථා බිදවැටෙනවා.

මේ නිසා  සමස්තය ඇතැඹුලක් සේ කියන්නේ නම් ලාංකික සමස්ත ජනතාවම ඉතාම බලාපොරොත්තු අතහැර යන සමාජ තත්ත්වයක් වර්ධනය වෙමින් තිබෙනවා.

මී මැස්සන් මී පැණි ගන්නා ලෙස රටක බදු අය කිරීම කළ යුතු බව සාමාන්‍ය සිද්ධාන්තයක්.

නමුත් ලංකාවේ ආර්ථික විශේෂඥයින් කියන එහෙම නැත්නම් දේශපාලන විශාරදයින් කියන පාදඩ සමාජ පාලන සංස්කෘතිය විසින් මේ වන විට හුදු මහජනතාවටත් මධ්‍යම පන්තියටත් බදු බර අහස උසට නග්ගල තියෙනවා.

 ඔක්තෝම්බර් 11වන දා ඉදන් ආදායම ඉපැයීම අලුත් බදු ප්‍රතිපත්තිය යටතේ අලුත බදු ප්‍රතිපත්ති වළල්ලක් රජය විසින් සංවර්ධනය කරලා තියෙනවා.

පසුගිය ඔක්තෝම්බර් පළවෙනිදා තෙක් 250000 දක්වා මාසික ආදායමක් ලබන පුද්ගලයින් කිසිම ආදායම් බද්දක්  ගෙවන්න අවශ්‍ය වුණේ නෑ .

රුපියල් ලක්ෂයක වියදම් දීමනාවක් ද ලැබුණා.

අධ්‍යාපනය, සෞඛ්‍ය හා සෞඛ්‍ය රක්ෂණාවරණ කොටස් වෙළඳපොළ  ආයෝජන සඳහා දරන ලද වියදම් මෙම වියදම් දීමනාව යටතේ අඩු කිරීමට අවස්ථාව සලසා තිබුනා.

ඒ අනුව එකී වියදම් ඇති  පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් තුන්ලක්ෂ පනස් දහ දක්වා කිසිදු ආදායම් බද්දක් ගෙවීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ නෑ .

රටේ බදු ප්‍රතිපත්තිය රටේ ආර්ථික ක්‍රියාවලියට ආර්ථික වර්ධනයට මෙන්ම සමාජීය කියාකාරීත්වයටද ඉතාම සංවේදී අගයක් ගන්නා තත්වයක්.

 යම් රටක රාජ්‍ය ආදායම වැඩිකර වැඩි කර ගැනීමේ අරමුණින් පමණක්  බදු ප්‍රතිපත්තිය නිර්මාණය කරන්නේ නම් ඉන් පිළිබිඹු වන්නේ රටේ පාලකයින්ගේ ඉච්ඡාභංගත්වය හා නොහැකියාවයි.

දිගුකාලීන ප්‍රතිවිපාක මතුවීම පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් වත් නැතිව රජය බදු වැඩි කිරීම ඉතාම අසාධාරණ ලෙස සිදුවෙමින් පවතිනවා.

 විදුලි පමණක් නොව දුරකථන, පාරිභෝගික අවශ්‍යතා සියල්ලක් වෙනුවෙන් සෑම එකකටම සීයට 300 ඉක්මවා යන බදු සංශෝධනය ක්‍රියාවලියක්  සිදුවෙමින් තිබෙනවා.

 මේ නිසා යෞවන පිරිස උගතුන්, වෘත්තිකයින් මේ නිසා  අපේක්ෂාභංගත්වයට පත්වෙලා තියෙනවා.

රටේ විශාල බුද්ධි ගලනයක් සිදුවෙමින් තිබෙනවා.

එය දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට සෘජුවම අහිතකර ලෙස  බලපාන්න පුළුවන්.

මේ නිසා තවදුරටත් දේශපාලන අර්බුද වර්ධනය වෙමින් තිබෙනවා.

මේ සමස්තයේ ප්‍රතිඵලය ආර්ථික අර්බුදය තව තවත් ගැඹුරු වීමේ අනපේක්ෂිත රටක් බවට ශ්‍රී ලංකාව තල්ලු වීම පමණයි.

පහුගිය කාලය තුළ රටේ ජනතාව සුඛිත මුදිත උනේ නැති උනත් එදාවේල කාල ජීවත්වීමේ හැකියාවක් තිබුණා.

නව බදු බදු ප්‍රතිපත්තිය නිසා මේ වෙනකොට ප්‍රජාවට ගෙවීමට සිදුවී තිබෙන වන්දිය සුළුපටු නොවේ.

මේ වන්දියේ ප්‍රතිඵල දේශපාලන පක්ෂ වලටත් රාජ්‍ය අංශයේ  නිලධාරීන්ටත් ඉදිරි කාලයේදී ගෙවා දමන්න සිදු වන්නේ ඇතැම්විට ඉතාම දරුණු ලෙස වෙන්න පුළුවන්.

හඳුන්වාදෙන නව බදු සංශෝධන පනත මගින් මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවූ සෑම පුද්ගලයෙකුටම රුපියල් ලක්ෂය ට අමතර ආදායම සඳහා රජයට 6% ක බද්දක් ගෙවන්න සිදුවෙලා තියෙනවා.

 මේ තත්ත්වය ඉතාම ඛේදනීය තත්ත්වයක් .

මේ පිළිබඳව අධිකරණ ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුකර ගොනු කර තිබුණා.

ආර්ථික අර්බුදය නිසා ඇතිවන මානසික ආතතිය  පුද්ගලයෙකුගේ චිත්තවේගය නියාමනය කිරීමේ හැකියාවට බලපාල තියෙනවා. ආවේග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබෙනවා.

නැවත නැවත තෙල් පෝලිම් වලද මහජනතාව ගොනු වෙමින් තියෙනවා.

නැවතත් ගෑස් මිල ඉහල ගිහිල්ලා   තියෙනවා.

මහා මාර්ග වල මිනිසුන් මියයන තත්ත්වය තුළ එය පාලකයින්ගෙ වරදවල් නිසා අයුතු ආර්ථික ප්‍රතිපත්ති නිසා මහමග ජනතාව ඇද වැටී මිය යන තත්වයක් වර්ධනය වෙලා තිබෙනවා.

ජනතාවගේ සිත තුළ කැකෑරෙමින් තරහ පාලනය කරගන්න නොහැකිවීම තුළ සුඛෝපභෝගී ජීවිත ගත කරන දේශපාලන අධිකාරීන්ට ඉතාම අනතුරුදායී තත්ත්වයක් සංවර්ධනය වෙමින් තිබෙනවා.

ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා විවිධ මුහුණුවරින් නොයෙක් ආකාරයෙන් නොයෙක් විදිහට රටපුරා ව්‍යාප්ත වෙන්න පුළුවන්.

මේ ප්‍රචණ්ඩ ක්‍රියා සමාජය තුළ වැඩි වීම පාලනය කිරීමට නීතිය නොසලකාහරින තත්ත්වයක් ඉදිරි කාලයේදී වර්ධනය වෙන්න පුළුවන්.

යම්කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා දඬුවම් පැමිණවීමට නොහැකි සංකීර්ණ තත්ත්වයකට නීතිමය අංශ වලට රට තල්ලු  වෙන්න පුළුවන්.

කෙටිකාලීන විසඳුම් දිගු කාලීන විසඳුම් සොයාගන්න බැරි තත්ත්වයක් පාලකයින්ට ඇතිවෙන්න පුළුවන්.

රජය තාවකාලික පැලැස්තර වලින්  මිනිසුන් සතුටු කරන්න උත්සාහගත්තත් එය රජයේ අසාර්ථකභාවය ප්‍රදර්ශනය වීමක් ඉන් මතු වෙන සුලුයි.

 කෙටි කාලීනව සමාජ  සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මතු ඉදිරි කාලයේ දී රජය උපහසයට ලක්වන සුළු තත්ත්වයක් ඉන් ප්‍රදර්ශනය වෙන්න පුළුවන්.

මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම පිරිහීම නිසා රට ඉතාම අවුල් සහගත තත්ත්වයකට තල්ලු වෙන්න පුළුවන්.

සිරගෙවල් පිරී යන්න පුළුවන්.

ප්‍රචණ්ඩ ක්‍රියා පාසල දක්වා වර්ධනය වීමේ රටාවක් දැනටමත් දකින්නට ලැබෙනවා.

 ජීවන රටාව සෑහෙන වෙනස් වීම නිසා අසරණ වෙන දිලිදු ජනතාව වැඩි වශයෙන් සොරකම් කිරීමේ, සොරාගෙන උදුරාගෙන යමේ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.

 ඒ මානසික තත්ත්වය හඳුනාගෙන ජීවත්වීමේ පරිසරයක රට තුළ වර්ධනය වෙන්න තිබෙන ඉඩකඩ ඉතාමත්ම   පලල් ආකෘති සංවර්ධනය වෙමින් තිබෙනවා.

රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඒ සඳහා රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවන්න නොහැකි රජයක ලක්ෂණ දැනටමත් මතුවෙමින් තියනවා.

බොහෝ රෝහල්වල නිදහස් සෞඛ්‍ය සේවයට කනකොකා හඩලලා තිබෙනවා.

 පවුල් උපදේශනය පවුල් ඒකක වශයෙන් අභියෝගාත්මක තත්ත්වයන් වලට පත්වීමෙන් ඉදිරි කාලයේ දී මුල්ලේරියාවේ මානසික රෝහල පිරී ඉතිරී යන්න පුළුවන්.

මේ නිසා ආර්ථික හැදියාවන් සංවර්ධනය කිරීමේ ජීවන ප්‍රශ්න වලට අභියෝගාත්මකව මුහුණ දීමේත් හැකියව සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේ රජයටයි.

නමුත් රජය ඉන් බැහැරව ක්‍රියාකිරීම නිසා සමාන්‍ය ජනතාව අසත්පුරුෂයන් බවට පත්වීමේ ඉඩකඩ ඉතාම පුලුල් වෙමින් තිබෙන සමාජ පරිසරයක් දකින්නට ලැබෙනවා.

සක්‍රීයව ප්‍රතික්‍රියා දැක්වීම සඳහා ආගමික ආයතන හෝ විදේශ ආධාර වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක් මතු වෙමින් තිබෙනවා.

සහන මලු සහනාධාර ලබාදීම තුළින් ඇති වන විඩාව ඉතාමත්ම අයුතු විශාන්තිය දක්වා සංවර්ධනය වන තත්වයක් මතු වී තිබෙන පරිසරය තුළ සමාජ දුරාචාරය ඉතාමත්ම සීඝ්‍රගාමී ලෙස විසරණයක් දකින්නට ඉදිරි කාලයේදී හැකි වේවි.

මේ නිසා රජය වැඩි කරමින්  යන බදු සංශෝධන වහාම හකුලා ගැනීමේ අනුවර්තනයකට යා යුතු වෙනවා.

 එසේ නොවුණොත් භයානක පිළිතුරු ජනතාවගෙන් ලැබෙන්න පුළුවන්.

මේ තත්ත්වය වඩාත් අපූරුවට ආත්මාර්ථකාමි ලෙස 2023 අයවැයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගේ වියදම් වෙනුවෙන් 33%  ක් එකතු වීමෙන් ජාතික මුළු වියදමෙන් 23% ක් කර ගැනීමට ක්‍රියා කිරීමෙන් ඉහත කරුණු මනාව තවදුරටත් සනාථ වෙයි.

 2023 වර්ෂයේ අයවැය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඉදිරි වර්ෂය තුළ මුළු රාජ්‍ය වියදමෙන් සියයට 33%ක් හෙවත් තුනෙන් එකක ප්‍රමාණයක් වෙන් කර ගෙන ඇත්තේ ජනාධිපති රනිල්  වික්‍රමසිංහ යටතේ ඇති අමාත්‍යාංශ වලට හා ජනාධිපති කාර්යාලය සඳහාය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය පක්ෂය පුනුරුත්ථාපනය හා සංවර්ධනය කර ගැනීම සඳහා රාජ්‍ය වියදම් යොමු කර ගැනීමේ තැතක් පිළිබඳව ඉන් මනාව ප්‍රදර්ශනය වෙමින් තිබේ.

2023 අයවැයේ මුළු වියදම රුපියල්  බිලියන 3657 කි.ඉන්  රනිල් වික්‍රමසිංහ වෙන් කර ගෙන තිබෙන මුදල රුපියල් බිලියන 1198 කි.

 විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2023 වර්ෂයේ ආණ්ඩුවේ වියදම ආසන්න අගය අනුව රුපියල් බිලියන 3657 ක් වන අතර ඉන් 33% ක් රනිල්  වික්‍රමසිංහ වර්ථමාන ජනාධිපතියාගේ පැවැත්ම සඳහා වෙන්කර ගෙන තිබීමෙන් පෙන්නුම් වන්නේ ආත්මාර්ථකාමී රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියක් නොවේ ද?

 පසුගිය අගෝස්තු 30 වන දින මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධිත අතුරු අයවැයේ දී ජනාධිපති කාර්යාලයට වැඩි කළ ආසන්න වශයෙන් රුපියල් බිලියන 3ක මුදල 2023 විසර්ජන පනත් කෙටුම්පත තුල රුපියල් බිලියන 3.7 දක්වා ඉහළ නංවා ගෙන ඇත.මේ අසෝබන තත්වය හමුවේ ඉතාම අගතිදායක රාජ්‍ය ප්‍රතිපත්තික් ප්‍රදර්ශනය වෙමින් තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 467 ක මුදල රුපියල් බිලියන  613 දක්වා වැඩි කරගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන් කල රුපියල් බිලියන 376ක මුදල රුපියල් බිලියන 410 දක්වා වැඩි කරගෙන ඇත.

අගෝස්තු මස ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයෙන් රජයේ සේවා වියදම රුපියල් බිලියන 3275 ක් ලෙස සටහන්ව ඇති අතර 2023 වර්ෂය සඳහා ඒ රුපියල් 4222 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම සංශෝධිත අතුරු අයවැයෙන් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4082 ක් වූ අතර  2023 වර්ෂය සඳහා එය රුපියල් බිලියන 4429 ක් වී ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමෙ දෙපාර්ලිමේන්තුව හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ටිරාන් අලස් අමාත්‍යවරයා යටතේ ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මේ වන විට යටත් කර ඇත.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින තාක්ෂණ අමාත්‍යංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය කර්මාන්ත අමාත්‍ය රමේෂ්  පතිරණ යටතට පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍යාංශ විෂයයන් මෙසේ වෙනස් කර ඇත්තේ ඔක්තෝබර් මස 5 වන දින සහිත අංක 2300/24 අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයට හා භාරයට ගත් අමාත්‍යංශ පසුගිය සතියේ අවසන් භාගයේදී නැවතත් අලුත් මුහුනුවරක් ගෙන ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර විවරණය තුලින් බලාපොරොත්තු වන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න