අංක 30, ස්ටැන්ලි නිලකරත්න මාවත, නුගේගොඩ සරසවි ප්‍රකාශනයක්‌ වන දේශීය වෙදකම හා බැදුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ පරීක්ෂණාත්මක කෘතියේ දෙවන විචාරයයි.

පර්යේෂණ කණ්ඩායම –

මේ කෘතිය නිර්මාණය සදහා සම්බන්ධීකාරක හා අධ්‍යක්ෂණය ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත්‌

සේනානායක.

සහය සම්බන්ධීකාරක නිරෝෂා කුලසේකර.

සම්බන්ධීකාරක සංස්කෘතික මධාස්ථානාධිපනි පී.සුභසිංහ.

මගපෙන්වීම හා උපදේශනය කොළඹ විශ්වවිද්‍යාලීය සහකාර කථිකාචාර්ය නයොමී හර්ෂණී.

ශිෂ්‍ය කණ්ඩායම – ශෙගානී සාවින්දි, චතුරි පෙරේරා, එච්‌. ජේ. පියුමි සුලොචනා, ඩබ්ලිව්‌. සුපිපි හර්ශනී, එම්‌.ජී.ටී මධුවන්ති, සඳරුවන්‌ ක්‍රිස්ටෝපර්‌, ටී.එම්‌.ඉසුරු සම්පත්‌, අචින්ත ඉසුරු චතුරංග මේ විශේෂ කණ්ඩායම සිංහල විශේෂවේ දී හා ආර්ථික විද්‍යා විශේෂවේ දී වේ.

පීඨය ශාස්ත්‍ර පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය.

මේ කෘතිය හැඳින්වීම, පර්යේෂණ ගැටළුව, අධ්‍යනයේ අරමුණ පළමු පරිච්ජේදයට ඇතුළත්‌ වෙලා තිබෙනවා.

දෙවන පරිච්ජේදය තූළ පර්යේෂණ ක්‍රමවේදය, ක්ෂේත්‍ර අධ්‍යන ක්‍රමය, සමාජ සමීක්ෂණ, ප්‍රශ්නාවලී ක්‍රමය, සම්මුඛ සාකච්ජා ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමවේදය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ භාවිතය පිළිබද අධ්‍යනය කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ අනාගතයට සංරක්ෂණය කිරීමේ වැදගත්කම වටගා දීම, පර්යේෂණ ආචාර ධර්ම, රහසා්‍ය භාවය ආරක්ෂා කිරීම, යුක්නි සහගත බව, නිවැරදි දත්ත ලබා ගැනීම හා ඒවා ඉදිරිපත්‌ කිරීම, ව්‍යාපෘතිය අධා්‍යනයේ දී ඇති වූ ගැටළු, සාහිත්‍ය විමර්ශනය ඒ දෙවන පරිච්චේදය වේ.

තෙවන පරිච්ඡේදය තූළ දේශීය වෛද්‍ය ක්‍රමයේ සමාරම්භය, පර්යේෂණයට භාජනය වූ වෛද්‍යවරුන්ගේ හා මන්ත්‍රාචාර්යවරුන්ගේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ විමර්ශන, රෝගාබාධ දුරලන ශාන්නිකර්ම, සිව්වන පරිච්ඡේදය තුළ සර්ප වෙදකම හා බැඳුණු තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

පස්වන පරිච්ඡේදය තුළ හෙද වෙදකමට යොදා ගන්නා ඔසු පැළ කිහිපයක්‌ පිළිබද තොරතුරු කිහිපයක්‌ ඇතුලත්‌ වෙනවා.

හය වන පරිච්ඡේදය තුළ සමාලොචනය ගා නිගමනය ඇතුළත්‌ කර තිබෙනවා.

මේ සඳහා ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය තූළ පුස්කොළ පොත්‌, නඹ පත්‍රවල ඇති යන්ත්‍ර, සීවලී යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය, අටවිසි බුදු ගුණ යන්ත්‍රය ආදී විෂ ගල මන්ත්‍ර වූ විවිධ වූ කරුණු විචක්ෂණ ලෙස

යොදාගෙන තිබෙනවා.

මෙය මිල දී ගන්නා අයෙකුට ඉතාම වැදගත්‌ තොරතුරු රැසක්‌ මේ කෘතිය තූළින්‌ අනාවරණය කරලා නිබෙනවා.

මේ කෘතිය සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධ විශ්ව විද්‍යාලවල සංස්කෘතික මධ්‍යස්ථාන අතර පවත්වනු ලබන විචක්ෂණ පර්යේෂණ සමුළුව 2018 වසරේ පවත්වන්නට යෙදී තිබෙනවා.

ඒ සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධාංස්ථානයේ අනුග්‍රහයෙන්‌ ඒ සදහා පර්යේෂණයක්‌ සිදු කර නිබෙනවා.

ඒ පර්යේෂණය සදහා ඉගත සදහන්‌ කණ්ඩායම තෝරාගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ දේශීය වෙදකමට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ යොදා ගන්නා අයුරු පිළිබද අධ්‍යනයක්‌ සදහා.

දේශීය සංස්කෘතිය හා තඳින්‌ බැදුණු ක්ෂේත්‍රයක්‌ වන ඇදගිලි විශ්වාස පදනම්‌ කරගත්‌ යන්ත්‍ර මන්ත්‍ර සර්ප විෂ නැසීම ආදිය දේශීය වෙදකමට කොකෙක්‌ දුරට බලපෑම්‌ කරයි ද යන්න සොයා බැලීමට පර්යේෂණ කණ්ඩායම විසින්‌ අවධානය යොමු කර නිබෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රමයේ විකාශනය හා ශාන්නි කර්ම හා බැදුණු ප්‍රතිකාර ක්‍රම පිළිබදව අධ්‍යනය කළ තොරතුරු තුළින්‌ මේ කෘතිය නිර්මාණය වී තිබෙනවා.

මේ කෘතිය පිළිබඳව වැඩිදුරටත්‌ තොරතුරු සදහන්‌ කිරීමේ දී මෙය වඩාක්‌ ම උචිත වන්නේ කෘතිය මිල දී ගැනීමෙන්‌ හා අධ්‍යයනය කිරීමෙන්‌.

අප මේ කෘතිය පිළිබඳව විචාරයට ලක්‌ කරන්නේ පොතේ අන්තර්ගත කරුණු ම පමණක්‌ නොවේ.

යන්ත්‍ර බලයෙන්‌ රෝග සුවපත්‌ කිරීම, අධි මානසික බලයෙන්‌ රෝග සුව කිරීම, මන්ත්‍ර බලයෙන්‌ රෝග සුව කිරීම,විශ වෙදකම මේ කෘතියේ අන්තර්ගතය වී තිබෙනවා.

නමුත්‌ මේ තුළ ඇති විවිධ සමාජ මතවාදයන්‌ හා මේ තුළින්‌ ඇතැම්‌ සමාජ කණ්ඩායම්‌ භුක්ති විදින අයුතු සමාජ වරප්‍රසාද පිළිබඳව පැන නගින කරුණු අරභයා තමයි අපි මේ විචාරය ගුදෙක්‌ ම යොමු වන්නේ.

මේ කණ්ඩායම සමග සම්මුඛ සාකච්ඡා ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමවේදය රෝග සුවපත්‌ කිරීම සඳහා යොදා ගන්නා මන්ත්‍ර ගුරුකම්‌ හා බෙහෙත්‌ ද්‍රව්‍ය පිළිබඳ විමසීම, පාරම්පරික ශාස්ත්‍ර වශයෙන්‌ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ සඳහා ජනතාවගේ උද්යොගය කොකෙක්‌ ද යන්න විමසා බැලීමට, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ භාවිතය පිළිබඳව අධ්‍යයන කිරීමට, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ අනාගත සමාජයට අධ්‍යයනය කිරීමේ වැදගත්කම වටහා දීම සඳහා ගෙන ඇති උත්සාහය ඉතාම අගය කොට සැලකිය යුතුයි.

අදාළ පර්යේෂණ ආචාරධර්ම සම්ප්‍රදායිකව මේ කෘතිය සඳහා යොදා ගෙන තිබෙනවා.

අදාළ තොරතුරු දත්ත ගොනු කර ගැනීමේ දී රහසාභාවය ආරක්ෂා කිරීම එහි යුක්නි සහගත බව එහි නිවැරදි දත්ත ලබා ගැනීම හා ඒවා ඉදිරිපත්‌ කිරීම, ව්‍යාපෘති අධ්‍යයනය කිරීමේ දී ඇති වූ ගැටළු, සාගිත්‍ය විමර්ශනය පමණක්‌ නොව මේ කෘතිය පළමු, දෙවන, තෙවන ආදී වශයෙන්‌ කෘතිය පිළිබඳව පරිච්ඡේද 6 වන පරිච්ඡේදය දක්වා අදාළ කරුණු ගොනු කර ගැනීම ඉතාම වටිනාකමකින්‌ යුතුව අන්තර්ගත කර තිබෙනවා.

යම්කිසි රෝගයක්‌ සඳහා යම්‌ පුරවැසියෙකුට කිසියම්‌ අවශ්‍යතාවක්‌ මතු වුවහොත්‌ ඒ සඳහා අදාළ වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු සොයා යාමේ මාවතක්‌ ද මේ කෘතිය තුළින්‌ හෙළිදරව්‌ කරලා තිබෙනවා.

ඒ කියන්නේ අදාළ රෝගී තත්ත්වය සඳහා බෙහෙත්‌ ගැනීමට වෛද්‍යවරුන්‌ හා මන්ත්‍රාචාර්යවරුන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය, වයස, අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබදව අදාළ ගිගි පැවැදි දෙපක්ෂයේ ම තොරතුරු කිසිම සැග වීමකින්‌ තොරව අදාළ දත්ත, දුරකථන අංක පවා ගොනු කර තිබීම ඉතාමත්‌ වැදගත්‌.

මේ කෘතිය තුළින්‌ කාන්දු කෙරෙන තවත්‌ පැති පිළිබඳව විචාරයට ලක්‌ කිරීම අපේ අරමුණ පමණයි.

මේ කෘතිය තුළින්‌ එළිදරව්‌ වන ඒ අදාළ දේශීය පාරම්පරික වෛද්‍යවරුවන්‌ පිළිබදව සැබෑ විස්තර අවශ්‍ය නම්‌ ඇත්තටම ඔබ මේ කෘතිය මිලදී ගැනීම ඉතාම වැදගත්‌ කරුණක්‌.

හේතුව කිසියම්‌ රොගී තත්ත්වයක්‌ තූළ යම්‌ පුරවැසියෙකුට විශ්වාසය මත ගොඩනැගුණු ආකෘතිය පාරම්පරිකව අදාළ මන්ත්‍රාචාර්යවරුන්‌ පිළිබඳව තොරතුරු ගොනු වී තිබීම ඉතාමත්‌ අගය කළ යුතුයි.

නමුත්‌ මේ ගැටලුව වී ඇත්තේ මේ එෙතනිගාසික සමාජ වටිනාකම්‌ අයුතු ලෙස යොදා ගෙන මැදිහත්ව අයුතු ව්‍යාපාරික ස්වාභාවය ගා දේවත්වය වර්ධනය කර ගැනීමට මේ ක්ෂේත්‍රයට අදාළ රටේ බගුතරයක්‌ ක්‍රියාකරමින්‌ තිබීමයි.

දේශීය වෙදකම ගා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ ගුදෙක්‌ ම විශ්වාසය පදනම්‌ කරගෙන මතුවන ඇදගීමේ සමාජ රටාවක්‌ කියලා කිව්වොත්‌ වඩාත්‌ නිවැරදියි.

භක්තිවාදය භක්තිවාදය ගොඩනැගෙන්නේ ආගමික විශ්වාසයන්‌ මත.

දකුණු ඉන්දියාවෙන්‌ උතුරු ඉන්දියාවට ව්‍යාප්ත වුණු ආගමික පරිසරය තුළ ඉදිවුණු ගොඩනැගිලි හා ප්‍රතිමා ආදිය තුළින්‌ බොහෝ විට දේව වාදය නිරූපණය වෙනවා.

මේ දේව වාදය ලංකාවට ප්‍රවේශ වෙන්නේ අපේ අනුරාධපුරය යුගයේ සිටයි. ගොඩනැගිලි හා ප්‍රතිමා ආදිය බොහෝ විට ඉන්දියාවේ දකින්නට ලැබෙන්නේ දේවවාදී සංකල්ප මත.

හැබැයි, චීනයේ පාහියන්‌ භික්ෂුවගේ සටහන්වල එකළ ඉන්දියාවේ බෞද්ධයින්‌ බහුතරයක්‌ සිටි බව ප්‍රකාශ වෙලා තිබෙනවා.

පාහින්ගේ සටහන්වලින්‌ එම සටහන්‌ අනිශයෝක්තියක්‌ නොවන බවත්‌ සාරනාථ, බුද්ධගයාව, වෙල්ලෝර්‌ වැනි බෞද්ධ නෂ්ටාවශේෂ දෙස බලන විට එම තත්ත්වය බැහැර කරන්නත්‌ බැහැ.

ගුප්ත රජු හින්දු රජෙක්‌.

නමුත්‌ භාරතීය ඉන්දීය රාජ්‍ය ධූරාවලිය තුළ හින්දු රජුන්‌ වූවත්‌ රජුන්ගේ ප්‍රතිපත්තිය ඉතාම සහනශීලී ප්‍රතිපත්තියක්‌ කියලා කීම නිවැරදියි.

ඊට ප්‍රධාන බලපාන සාක්ෂි මතූ වන්නේ බුද්ධාගම වැඩි දියුණු වීම සඳහාත්‌ මේ සහනශීලී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙලා තිබෙන පරිසරය නිසා.

අනුරාධපුර යුගයේ පුරා රාජකීය අනුග්‍රහය මිහිඳු මහරගතන්‌ වහන්සේගේ පැමිණීමත්‌ සමඟ ලැබෙනවා.

ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස දක්වා ථෙරවාදී මහා විහාර භික්ෂූන්ගේ ආරාමයක්ව ඉසුරුමුණිය පැවතිලා තිබෙනවා.

පසුකාලීනව මගායාන භික්ෂූන්ගේ ආරාමයක්‌ වශයෙන්‌ ද ගොඩනැගී තිබෙන බව ඉතිගාස පුරාවෘත්ත චල සඳහන්‌.

මගායානවාදය ඇරඹෙන්නේ වළගම්බා රජුගේ කාලයේ දී.

මහනායට අයත්‌ තාන්ත්‍රික භික්ෂූන්ගේ ඇවතුම්‌ පැවතුම්‌ ලංකා සමාජයට ප්‍රවේශ වන ආරම්භය හා ව්‍යාප්තිය ඉන්‌ පසුව දිගු වෙනවා.

අභයගිරිය ගොඩ නැගීමත්‌ සමග ධර්ම රුචි නිකාය ලෙස ප්‍රකට මේ වෛතුූලාවාදී භික්ෂු පරපුර පිළිබඳව තමයි ඉතිහාසයේ සඳහන්‌ වෙන්නේ.

වළගම්බා රජුගේ අභයගිරි විහාරයට දකුණු වෙහෙර ජේතවනයට අයත්‌ වෙනවා මේ අභයගිරි භික්ෂු නිකායට.

මහා විහාරයයි, අභයගිරි විහාරයයි අතර ගැටුම්‌ ඇතිවෙන්නේ ඉන්පසුව.

මේ නිසා ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ ආශ්‍රිත සමාජ පඨිතයක්‌ ලංකා සමාජයට එදා සිට අද දක්වා දක්වා ම උරුම වෙලා තිබෙනවා.

මේ සමාජ පයිතය කියන එක නිර්චනය කරනවා නම්‌ ඒ පිළිබඳව පළල්‌ සංස්කෘතිමය විග්‍රහයක්‌ නිබෙනවා.

ඒ තුළ ලංකාවට ප්‍රවේශ වුණු සන්නි යකුම, රට යකුම, මහසෝන්‌ සමයම, භූනියන්‌ කැපිල්ල ආදී ලංකාවේ සමාජයට එක්‌ වූ ගොනු විවිධාකාරයෙන්‌ දකින්නට ලැබෙනවා.

මේ සමග ම දේශීය වෙදකම ගා බැදුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ සමාජ පයිතයක්‌ ද දකින්නට ලැබෙනවා. මොකක්ද මේ සමාජ පයීතය.

ලංකා සමාජයේ සමාජ පුරවැසියන්ගේ හුරු පුරුදු වූ හැකියාවන්‌ සමග ගොඩ නැගුණු දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල විකාශය හා ඒ සඳහා සමාජය ආත්මගත වුණු හැකියාවන්‌ හුරුපුරුදුකම්‌ ඒ පිළිබඳ ඇති දැනුම විශ්වාසය තමයි සමාජ පඨිතය කියලා දකින්න පුළුවන්‌.

ඒ දැනුම විශ්වාසය කලාව සදාචාරය නීනි සිරිත්‌ විරිත්‌ මිනිස්‌ සංකීර්ණ සමස්තය ම ලංකා සමාජයේ දේශීය වෙදකම ගා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ සංස්කෘතියක්‌ එදා පටන්‌ අද දක්වා ව්‍යාප්ත වෙලා තිබෙනවා.

මේ පිළිබඳව සමාජයේ විවිධ ගැටුම්‌ මතිමතාන්තර නිබෙනවා.

නමුත්‌ ඒ කුමක්‌ නිබුනත්‌ සමාජය තුළ හැදෙමින්‌ වැඩෙමින්‌ ඒ සමාජ සංස්කෘතිය තුළ දිගින්‌ දිගට ම ව්‍යාප්ත වන සමාජ පරිසරයක්‌ තූළ ඇති දේව ඇදගිලි ගා බැදුණු විවිධ උප සංස්කෘතීන්‌ විෂ්ණු දේව ඇදගිල්ල, සූනියම්‌ දේව ඇදගිල්ල මෙකී නොකී විවිධ අංශ සමාජ පයිතයක්‌ විදිහට දකින්න පුළුවන්‌.

ඒ සමාජ පඨිතය සමඟ ගොනු වූ මානව සිරිත්‌ විරිත්‌ ඇදගිලි හා සියලු කර්තව්‍යයන්වල සංස්කෘතික චිකාශය දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ සංස්කෘතිය යැයි කියන්න පුළුවන්‌.

මේ පිළිබඳව සුවිශේෂ මෙහෙවරක්‌ සඳහා මැදිහත්ව නිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංජිත්‌ සේනානායක හා රජිත්‌ නාමසිංහ යන මහතා එක්‌ ව පරීක්ෂණාත්මක කෘතියක්‌ පසුගිය දා කොළඹ විශ්ව

විද්‍යාල මහාචාර්ය ආර්ය පාල ශාලාවේ දී දොරට වැඩියා.

මෙගි පෙර නිමිත්ත සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධ ව 2017 පැවැති විශ්ව විද්‍යාල අතර විචක්ෂණ පරීක්ෂණ වැඩමුළුවට ඉදිරිපත්‌ කරන නිබන්ධන ආශ්‍රිතව මේ දේශීය වෙදනම ගා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ කෘතිය එළි දක්වලා තිබෙනවා.

සමාජයේ විවිධ කොෝණවලින්‌ බලන විට මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ ආශ්‍රිතව ලංකා සමාජය තූල ගොඩ නැගුණු සුවිශාල සංස්කෘතියක්‌ තිබෙනවා.

මේ සංස්කෘතිය තුළින්‌ දිගහැරෙන මානව ක්‍රියාකාරකම්‌ නිසා විශාල ගානිදායක සමාජ සංස්කෘතියක්‌ ද ඳියත්‌ වෙලා තිබෙනවා.

කොළඹ හැව්ලොක්‌ ටවුම භද්‍රකාලී බම්බලපිටිය පිල්ලයාර්‌ දේවාලයේ සිට දිවයින පුරා ඇති දේව විශ්වාස උත්තේජනය කරන සංස්කෘතියක්‌ මේ තුළ විගි දී ගොස්‌ තිබෙනවා.

මේ සංස්කෘතිය තුළින්‌ සමාජයේ පුරෝගාමී පුද්ගලයින්‌ සිදු කරන සුවිශාල විනාශයන්‌ නිසා සමාජයට සිදුවන හානිදායක තත්ත්වයන්‌ ද ඉතාම බරපතළයි.

මේ පිළිබඳ දිගින්‌ දිගට කතා කළ හැකි කරුණු අප්‍රමාණව තිබෙනවා.

මේ සමාජ පයිතය අනුරාධපුර යුගයේ සිට දිව යන නිසා එවැනි යුගවල සිදු වුණු විවිධ සිදුවීම්වල විෂය කරුණු සමාජ විශ්ලේෂණයට ලක්‌ කරන විට සමාජ ගිතකර පැති ගා අහිතකර පැති තිබෙනවා.

එය දේශීය වෙදකම ආශ්‍රිතව වෙන්න පුළුවන්‌.

එහෙමත්‌ නැත්නම්‌ වෙදකමට සුසංයෝග වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ යොදා ගත්ත දේව සංකල්ප චිකාශනය තුළින්‌ වෙන්න පුළුවන්‌. මේ තුළින්‌ පළමුවෙන්‌ ම පොතේ සමස්තය පිළිබඳ විවේචනය කරනවාට වඩා මේ පිළිබඳව විවිධ පැතිවලින්‌ තොරතුරු ඒ පිළිබඳ පූර්ණ විවරණයක්‌ කිරීම වඩා වැදගත්‌ යැයි ලියුම්කරුට හිතෙනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දේශීය වෙදකමට ලබා දී තිබෙන අනන්‍යතාවය තුළින්‌ සිදුවන යම්‌ අපහසුතා හා පෞද්ගලික දේශීය වෛද්‍යවරුන්‌ අරභයා ඇති තතූ පුළුල්‌ විවරණයක්‌ කිරීම අපි පසුවට තබා ගනිමු.

දේශීය වෙදකම ගා ඊට ආශ්‍රිතව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අමතරව දේව විශ්වාසය පදනම්‌ කරගෙන දේවාල පවත්වා ගෙන යන ලංකා ඉතිහාසයේ දුරාචාර ක්‍රියාවන්වල නියැලුණු පිරිස පිළිබඳව කොතෙකුත්‌ විස්තර තිබුනත්‌ එක එක කාලවලට විවිධ පුද්ගලයින්‌ දැවැන්ත ලෙස සමාජය තූළ හෙළිදරව්‌ වූ අවස්ථා නිබෙනවා.

නමුත්‌ ලංකාවේ දැවැන්ත දේවාල සංස්කෘතියක්‌ තිබුණු සුවිශාල දේවාල ගිමිකරුවන්‌ ගා කපුවන්‌ පිළිබඳව කරුණු අනාවරණය වන්නේ ඉතාම සුළුවෙන්‌.

මෑතක දී වඩාත්‌ ම කතාබහට ලක්‌ වෙලා තිබෙන්නේ ගාල්ලේ දරුවන්‌ බිලිගත්‌ කීර්ති කුමාර බටගොඩ නම්‌ කපුවා පිළිබඳව පමණි.

නමුත්‌ ඇත්ත වශයෙන්‌ ම කීර්ති කුමාර කපුවා පමණක්‌ නොව ගින්දු කෝවිල්‌ ආශ්‍රිත දිවයින පුරා කපුවන්‌ පමණක්‌ නොව කතරගම රුගුණු මගා දේවාලය ප්‍රධාන කපුවා දක්වා සමලිංගික ක්‍රියාවන්‌ පිළිබඳව තිබෙන තොරතුරු අපමණයි.

ඒ සඳහා ක්‍රියා කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරියට විශාල වගකීමක්‌ පැවරිලා නිබෙනවා.

නමුත්‌ අදාළ රාජ්‍ය ආයතනවල පුද්ගලයින්ගේ නිලධාරීන්ගේ දේශපාලන ලැදියාවන්‌ නිසා බොහෝ විට මහා දේවාල දක්වා ව්‍යාප්ත වූ සමලිංගික ව්‍යාප්තවාදය පිළිබඳව ලංකා සමාජයේ කතා කරන්නේ නෑ.

ශ්‍රී ලංකා පොලිසියට, ළමා රක්ෂණ අධිකාරියට විවිධ ප්‍රතිලාභ ලබා ගන්නා නිලධාරීන්‌ බොහෝ විට පවසන කරුණක්‌ තමයි, විවිධ දේශපාලන අධිකාරීන්ගෙන්‌ ගා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන්‌ ඇතිවන තර්ජන නිසා මැදිහත්‌ කාර්යභාරයක්‌ කරන්න නොහැකි බව.

නමුත්‌ ඒ සඳහා 2015 අංක 7 දරණ අපරාධයක වින්දිතයන්‌ ගා සාක්ෂිකරුවන්‌ ආරක්ෂා කිරීමේ පනත අනුව අදාළ ආයතනවලට ක්‍රියා කරන්න පුළුවන්‌.

නමුත්‌ ජනප්‍රිය මතවාදය නම්‌ ඉහළ නිලධාරීන්ට දේශපාලන අධිකාරීන්ගේ බලපෑම මත අදාළ සිද්ධිය යටපත්‌ වන බව ජනමාධාංවලට ප්‍රකාශ වීම පමණයි.

යම්‌ දේශපාලනඥයෙකු හෝ පාලක පන්තියේ දේශපාලනඥයින්ගෙන්‌ පොලිස්‌ නිලධාරියකුට විමර්ශන අදාළ කිරීමේ අරමුණින්‌ ප්‍රතිලාභ ලබාගැනීම හෝ ප්‍රතිලාභ අඩාල කිරීමේ 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයින්‌, සාක්ෂිකරුවන්‌ ආරක්ෂා කරන පනත අනුව බරපතළ වරදක්‌.

එම පනතට අනුව එම වරද සඳහා පොලිසියට අවශ්‍ය ප්‍රතිපාදන තිබෙනවා. එවැනි නඩුකරයක්‌ මහේස්ත්‍රාත්‌ හෝ මහාධිකරණයට ඇප දෙන්න නොහැකියි.

එවැනි චෝදනාවක්‌ ලත්‌ යම්‌ දේශපාලන අධිකාරියක්‌ හෝ රාජ්‍ය අංශ නිලධාරියෙක්‌ හෝ කණ්ඩායමක්‌ චොදනා ලබන්නේ නම්‌ ඇප ලබා ගැනීමට ඇත්තේ අභියාචනාධිකරණයට යි.

එම ඇප ගැනීමත්‌ නීතීපනිගේ උපදෙස්‌ මත අභියාචනාධිකරණය චෙන ගැකියාව ලැබෙන්නේ.

එවැනි නඩුකරයක්‌ පොලිසියේ හෝ ජාතික ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට ගොනු කරන්නේ නම්‌ නඩු විභාගය අවසානය වන කෙක්‌ රිමාන්ඩ්‌ භාරයේ තබන්න පොලිසියට හැකියාව ලැබෙනවා.

මෙවැනි සමාජ පරිසරයක්‌ තුළ ගාල්ලේ පාසල්‌ දරුවන්‌ බිලිගත්‌ කීර්ති කුමාර බටගොඩ නැමැති පුද්ගලයා පිළිබඳ පසුගිය දිනවල ප්‍රචාරය වූ වාර්තාමය ස්වරූපය ඉතාම අලුත්‌ මුහුණුවරක්‌ ගෙන තිබුණා.

යම්‌ පාසලක හෝ තරුණ අඩු වයස්‌ බාල පිරිමි දරුවන්‌ අතර යම්‌ ලිංගික ක්‍රියාවන්‌ හා වැඩිහිටි පුද්ගලයින්‌ අතර දරුවන්‌ සමලිංගික ක්‍රියාවන්වලට යොදා ගැනීම ලංකාවේ නීනියට අනුව බරපතළ වරදක්‌.

මේ වන විට ලංකාවේ මුහුදු වෙරළ ආශ්‍රිතව බාලවයස්කාර දරුවන්‌ සමලිංගික ක්‍රියාවන්‌ සඳහා යොදා ‘ංගෙන එම වීඩියෝ පට විදේශ රටවලට අලෙවි කිරීමේ ජාවාරමක්‌ සිදු වන්නේ මෑත යුගයේ අන්‌අඩංගුවට පත්‌ කීර්ති කුමාර බටගොඩ ගෙන්‌ පමණක්‌ නොවේ.

කීර්ති කුමාර බටගොඩ අත්‌අඩංගුවට පත්‌ වූ පසු ඔහුව බේරා ගැනීමට පාලක දේශපාලන අධිකාරීන්‌ හා ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ ම නිලධාරීන්‌ මැදිහත්‌ වූ බව ජනමාධ්‍ය චාර්තාවල සඳහන්‌ වූවා.

නමුත්‌ එය අද ඊයේ පමණක්‌ නොව ඈත අතීතයේ සිට පටන්‌ සිදු වූවක්‌.

උණ වවටුන මැදවටන කීර්ති කුමාර කපුවා අත්‌අඩංගුවට පත්‌ වන්නේ ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා.

මෙවැනි පරිසරය තුළ මතුවන ප්‍රධාන ප්‍රශ්නයක්‌ නිබෙනවා.

රූපවාහිනියට ඇවිත්‌ බණ කියන ඉතාම යහපත්‌ පොලිස්‌ නිලධාරියකු වශයෙන්‌ පෙනී සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ මහතා මේ වන විට ඔහුගේ නිල රාජකාරි වී ඇත්තේ දකුණු පළාත.

අජිත්‌ මගතා මේ සිද්ධිය පිළිබඳව වාර්තා වූ පසුව දින දෙකකට තූනකට පසුව ඒ සඳහගා මැදිහත්ව බලපෑම්‌ කළ පොලිස්‌ නිලධාරීන්‌ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව, සොයා බලන බව ජනමාධ්‍ය තුළින්‌ පුවත්‌ පළ වුවා.

අජිත්‌ රෝහණ මහතාගේ 071-8592600 දුරකථන අංකය වේ.

මේ ලිපිය සකස්‌ කිරීමේ දී 2022/10/10 වචන දින නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්‌ කරුණු විමසීමක්‌ සදහා විචාරක හතර පස්‌ වතාවක්‌ ම විමසීම්‌ කරන ලදි. නමුත්‌ විමසීම්වලට අජිත්‌ රෝහණ මහතා සිය දුරකථනය සක්‍රීය කළේ නැත.

බටගොඩ සිද්ධියේ දී ඉහළ පොලිස්‌ නිලධාරීන්‌ හා දේශපාලන ප්‍රභූන්ගේ මැදිගත්වීම පරීක්ෂණයට ලක්‌ කර ක්‍රියා කරන බව ප්‍රසිද්ධ මාධ්‍යයට කරුණු ප්‍රකාශ කර තිබුණි.

රෝහණ මගතාගේ විමර්ශනවල ප්‍රතිඵල කවරේදැයි විමසීමට අපගත්‌ උත්සාහය වාර්ථ වූ නිසා පාඨක ඔබගේ දැන ගැනීම සදහා රෝහණ මහතාගේ ජංගම දුරකථනය අමතා තොරතුරු විමසීම පුරවැසි ඔබගේද වගකීම වේ.

ලංකාවේ රාජ්‍ය නිළධාරීන්‌ සිය වගකීම්‌ යුතුකම්‌ මනාව ඉටු කරන්නේ ද නැද්ද පිළිබද තොරතුරු විමසීම පුරවැසි ඔබගේ ද වගකීම වේ.

සමාජ යහපත සදහා ලෝකයේ නීනී මූලාශ්‍ර ව්‍යවස්ථා, නඩු තීන්දු, නීති පොත්‌, නිතීවේදීන්ගේ මත, සමහර අවස්ථාවල සිරිත්‌ හා ආගමික පොත පත නීතී මුලශ්‍රයන්‌ වශයෙන්‌ භාවිත වේ.

ව්‍යවස්ථාදායකය විසින්‌ සකස්‌ කරනු ලබන නීතී අන පනත්‌ පොදු පුරවැසියන්‌ ඒ සදහා යාවත්කාලීන

නොවීම ගැටළු සහගතයි.

මේ නිසා දේශපාලන අධිකාරින්‌ ගා රාජ්‍ය නිළධාරීන්‌ ජනමාධ්‍ය තුළින්‌ හා ප්‍රසිද්ධ වේදීකාවල වැදි බණ කියන්නේ ඒ නිසාය.

ව්‍යවස්ථාවන්‌ මගින්‌ නිශ්චිත අර්ථ නිරූපණ ගා නොමිලේ නීතී අධ්‍යාපනය ලැබීමට ඇති ආයතනය නීතී ආධාර කොමිෂම වේ.

කොමිෂම පොදු ජනතාවට නීතිය දැන ගැනීමට හා ක්‍රියා කිරීමේ හැකියාව ලබා දෙන ඩිප්ලෝමා වැඩසටහන්‌ දියත්‌ කළ යුතුයි.

සියල්ලන්ට ම සමාන ලෙස නීතිය භාවිත කිරීමේ හැකියාව ලැබෙන්නේ ඒ අනුවයි.

සම්ප්‍රදායික හා වැඩවසම්‌ පාරම්පරික ප්‍රචේණි සමාජ ක්‍රමවලින්‌ ශ්‍රී ලංකාවේ පුරවැසියන්‌ ඉවත්‌ කිරීමට නම්‌ දණ්ඩ නීතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල්‌ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත තවදුරටත්‌ ලංකාවේ පුරවැසියන්ට ආගන්තුක කළ යුතු නොවේ.

නමුත්‌ දක්ෂ කාර්යය ශූර නියෝජ්‍ය පොලිස්පනිවරයකුගේ වගකීම හා සිදුවන සමාජ අකටයුතුකම්‌ පිළිබඳව සූක්ෂම පරීක්ෂණ ආරම්භ කිරීමේ කාර්යභාරය අජිත්‌ මහතාගෙන්‌ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගිලිගි ගියා ද යන්න මෙහි දී ප්‍රශ්නයක්‌ මතු වෙනවා.

කීර්ති කුමාර බටගොඩගේ මේ සමලිංගික පුරෝගාමී ක්‍රියාව පිළිබඳව පළමුවෙන්‌ ම හෙළිවන්නේ පිරිමි දරුවන්‌ අතර සිදුවන ලිංගික ක්‍රියාවන්‌ පිළිබඳව සමවයසේ දරුවන්‌ එකිනෙකා අතර හුවමාරු වන පරිසරයක්‌ තුළ.

පාසල්‌ ළමයින්‌ තුළ දුරකථනයෙන්‌ වීඩියෝ පට අන්තර්ජාලයේ සැරිසරන මේ ජාවාරම පාසල්‌ ගුරුවරු යම්‌ දුරකට සොයා ගත්තත්‌ ඒ පිළිබඳව ඔවුන්ට සෘජු මැදිහත්‌ වීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත

වෙනවා.

ගාල්ල නගරයේ ප්‍රධාන ජාතික පාසලක සිසුවකුගෙන්‌ තමයි මේ සිද්ධිය නිමිත්ත මතු වන්නේ. ඔහුගේ අයිෆෝනයෙේ තිබුන වීඩියෝවක්‌ තවත්‌ සිසුවෙකුට පෙන්වනු ලබනවා.

එය දැක එම ලිංගික ක්‍රියාවේ භයානකම දැක මේ බව යම්‌ ගුරුවරයෙකුට ප්‍රකාශ කරනවා.

එම ගුරුවරයා ජංගම දුරකතනයේ වීඩියෝ පට පරීක්ෂා කරලා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දැනුවත්‌ කරනවා.

නමුත්‌ මේ විදුහලේ මේ සම්බන්ධව යම්‌ ගැටලුවක්‌ පැන නැගී තිබුණා.

මීට අවුරුදු 25 කට පමණ ඉහත මුළු රට ම කැළඹූ මේ විදුහලේ සංගීත ගුරුවරයා දරුවන්‌ පිරිසක්‌ සුද්දන්ට විකුණා ඇති බවට එල්ල වූ චොදනාව මත ගොඩනැගුණු ජන මාධා ප්‍රචාරණය සහ පාසලට අත්‌ වූ ඉරණම පිළිබඳව නැවත සෙවීමේ ප්‍රතිඵලය වූයේ මේ සම්බන්ධව වැඩිදුර ක්‍රියා කර කිරීමට අදාළ පාසල පසුගාමී වීමයි.

පාසලේ පිරිමි දරුවන්‌ අතර සිදුවන ලිංගික ක්‍රියාවන්‌ වැඩිගිටි පුද්ගලයකු ලිංගික ක්‍රියාවක යොදා ගන්නා අයුරු මේ වීඩියෝවේ වැඩි වේලාවක්‌ පරික්ෂා කරන්නත්‌ මේ පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට නොහැකි වුණා.

දුරකථනයේ වීඩියො පට අන්තර්ජාලයේ සැරිසරන විට යම්‌ අයෙකු විසින්‌ මකා දැමීම නිසා ඔවුන්ට සාක්ෂි නැතිකමත්‌ සාධකයක්‌ වුණා.

ගුරු කාණ්ඩයක්‌ යොදා ගෙන අදාළ වීඩියෝ පට මකා දමා ඇතැයි අනුමාන කරන්න සිද්ධ වුණා.

මේ පිළිබඳව වැඩිදුරටත්‌ පොලීසියට පැමිණිලි කිරීමට නොහැකි වුණේ සාක්ෂි ගුරුවරුන්ට නොමැති චීම නිසා.

ඔගු මාතර පමණක්‌ නොව මුළු ලංකාව පුරා ම ප්‍රසිද්ධ වූ ආධ්‍යාත්මික ශක්තියක්‌ පිළිබඳව ගා විශ්ව බලය පිළිබඳව රූපවාගිනී හා යූටියුබ්‌ නාලිකාවල පෙනී සිටි පුද්ගලයා තමයි කීර්ති කුමාර බටගොඩ.

ඒ පිළිබඳව හෙළිදරව්‌ වූයේ අදාළ දරුවාගෙන්‌ වැඩි දුරටත්‌ ප්‍රශ්න කිරීමේ දී.

මේ කීර්ති කුමාරබටගොඩ කෝටිපති කපුවෙක්‌ පමණක්‌ නොවේ.

ඔගු සමාජ සේවා ක්‍රියාකාරකම්‌ කරන අත දිග හැර මුදල්‌ වියදම්‌ කරන පුද්ගලයෙක්‌. ඔහු කෝටිපතියෙකු කර ඇත්තේ කවුරුන්‌ ද ?

මේ ශ්‍රී ලංකාවේ සමාජය විසින්‌.

ඔගුට සුවිශාල ප්‍රාග්‌ ධනයක්‌ ඉපයීමට ගිමිව ඇත්තේ කවුරුන්‌ නිසා ද?

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්‌ සඳහා භක්තිය ඇති විශ්වාසය ඇති ජනතාවක්‌ රට පුරාම ව්‍යාප්ත වෙලා ඉන්න නිසා.

මේ ව්‍යාප්තිය දිගගැරෙන්නේ කොහොම ද? ඊට යම්‌ සාධක තිබෙනවා.

පෙර සඳහන්‌ කළ පරිදි මෙරට ව්‍යාප්ත වූ තන්ත්‍ර ජාතිකයන්‌ ඉසුරුමුණිය සිය වාසභූමිය කර ගන්නේ අනුරාධපුර යුගයේ දීය.

දැන්‌ අපි ඉසුරුමුණිය වන්දමාන කරන්න යනකොට අපිට ගුප්ත කැටයම්‌ මේ ආරාමයේ තිබී දකින්න පුළුවන්‌.

විද්වතුන්ගේ හා බුද්ධි කලම්භනයට අභියෝග කරන නිර්මාණ බව ඉසුරුමුණියේ මේ ලී කැටයම්‌ නිර්මාණවලින්‌ පිළිබිඹු වෙනවා.

මේ කැටයම්‌ තුළින්‌ තර්ක කිරීමේ දී විමර්ශනය කිරීමේ දී ඉසුරුමුණිය තාන්ත්‍රික මධාස්ථානයක්ව පැවති

බව පෙනී යන සත්‍යයක්‌. මේ පිළිබඳව අපි පසුව විවරණය කරමු.

~-සුමිත්‌ කොඩිතුවක්කු –

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න