රාජා කටයුතු සෘජූව විවේචනය කිරීම ජනමාධාංකරුවා සතූ වගකීමක්‌, කාර්යභාරයක්‌. ඊට හේතු සාධක ගණනාවක්‌ ම තිබෙනවා.

රාජා පාලනය කරන දේශපාලන පක්ෂවල නායක නායිකාවන්ගේ පෞද්ගලික ප්‍රාග්ධනය මෙහෙයවා

රටක්‌ පාලනය නොකිරීම නිසා. ජනතාවගේ පොදු බදු මුදල්වලින්‌ මෙහෙය වීම නිසා.

සමස්ත රාජ්‍ය ම පොදු ජනතාව සතු වීම තවත්‌ පැත්තක්‌.

මහජන සේවය සඳගා ඇප කැප වෙන බවට දිවුරා බලයට එන දේශපාලඥයින්‌ බොහෝ විට මගජන අයිතිය සූරා කන විට ඒ සඳහා තොරතුරු ඉදිරිපත්‌ කරන්නේ රටේ ජනමාධ්‍යකරුවන්‌.

මහජන මුදලින්‌ වැටුප්‌ හා විවිධ වරප්‍රසාද භුක්ති විඳින රාජ්‍ය අංශයේ ඉහළ පැළැන්තියේ නිලධාරීන්‌ ද සමාජ සාරධර්ම කෙළෙසමින්‌ මාධාංකරුවන්‌ පීඩනයට ලක්‌ කරන ක්‍රියාකාරකම්‌ කර තිබෙනවා.

ඔවුන්ගේ හෘද සාක්ෂියට ඇමතිය හැකි නම්‌ සිතා බලන්නට පුළුවන්‌ නම්‌ මෙය වඩාත්‌ සුබදායකයි.

පුවත්පත්‌ කලාවේදීන්‌ ඇතුළු නිදහස්‌ මතධාරීන්ට රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමත්‌ සමග මහත්‌ වාසනකාරී කාල පරිච්ඡේදයක්‌ මතූ වෙලා තියෙනවා.

පසුගිය අරගලය ඒ තුළින්‌ පැන නැගී තිබෙන උප සංස්කෘතික ක්‍රියාකාරකම්‌ නිසා මගත්‌ ගිසරදයක්‌ වෙලා තියෙනවා විධායක ජනාධිපති ඇතුළු අමාත මණ්ඩලයට.

අරගලය තුළින්‌ ජනතාව බලාපොරොත්තූ වුණේ නව දේශපාලන, සදාචාරාත්මක, සමාජ සංස්කෘතික ප්‍රබෝධයක්‌.

ඊට හේතු වූ කරුණු ගණනාවක්‌ ම නිබෙනවා. ඒ සඳහා අරගලය ක්‍රියාකාරකම්වලට පොදු මහජනතාව සුවිශාල දායකත්වයක්‌ ලබා දුන්නා.

නමුත්‌ අරගලය සඳහා මැදිහත්‌ වුණු ප්‍රධාන ප්‍රමුඛ නායකයින්ට ඒ අදාළ තරුණ පිරිස්වලට දේශපාලන, සදාචාරාත්මක දැනුමක්‌ හෝ දේශපාලන සාක්ෂරතා ප්‍රඥාවක්‌ නොතිබීම නිසා වර්තමාන ගැටලු මතු වෙලා තිබෙනවා.

ජනාධිපති වරයා අවශ්‍ය අනුමැතිය ලබා දුන්‌ බව පවසමින්‌ ආරක්ෂක අංශ විවිධ ක්‍රියාකාරකම්‌ කිහිපයක්‌ ම පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළා.

ප්‍රධාන වශයෙන්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උද්යෝගී මාවතකට ගොස්‌ ජනමාධ්‍ය කරුවන්‌ දඩයම්‌ කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

මේ කරුණ හරවත්‌ සමාජ සංවාදයකට ඉතා ම වැදගත්‌ කියලා මට හිතෙනවා.

දේශපාලනය ආර්ථීකය හා සමාජ අර්බුදය වැනි කාරණා පිළිබඳව ජන මාධා්‍යංකරුවන්ට මනා වැටගීමක්‌ තිබෙනවා.

රටේ ජනතාවගේ පීඩනය දුක ගැන කතා කිරීම රස්සාව කොටගත්‌ ජනමාධ්‍යකරුවන්ට සී. අයි.ඩී එකෙන්‌ මේ බලපෑම කාන්දු වෙමින්‌ තිබෙනවා.

පොදු ජනතාවගේ නාමයෙන්‌ රාජ්‍යයට ලබා ගන්නා විදේශ ප්‍රාග්ධනය පාදඩ දේශපාලනඥයින්ගේ විදේශ ගිණුම්‌ වලට හා වෙනත්‌ ඕනෑ එපා කම්‌ වලට බැර කර ගැනීමේ සංස්කෘතියක්‌ වසර හැත්තෑ

හතරක්‌ පුරා දක්නට ලැබෙනවා.

එවැනි පරිසරයක්‌ තුළ ජනමාධාංකරුවාගේ වගකීම ගා කාර්යභාරය ඉතාම පුථඵල්‌.

අඳුරු අහුමුළු වල සැගව ගත්‌ අදෘශ්‍යමාන ගස්තයන්වල සැබෑව හෙළිදරව්‌ කිරීම ජනමාධ්‍යයේ වගකීමක්‌.

කසල කූඩය දක්වා අහුමුළුව අවුස්සා ජනතාවට ඵලදායි දෙයක්‌ නිර්මාණය කිරීමත්‌ ජනමාධ්‍යකරුවාගේ වගකීමක්‌.

ඒ ඔගුගේ ඇයගේ රැකියාව.

ඒ සඳහා ජනමාධාංකරුවා නිවැරදි සමාජ දැක්මක්‌ ඇති කිරීම සඳහා පොදු ප්‍රජාවගේ බුද්ධිය අවධි කිරීම

නිවැරදි දිශාවන්ට තල්ලු කිරීම පාදඩ දේශපාලනයට තර්ජනයක්‌.

ධනාත්මක සිතුවිලි මාධ්‍යකරුවාගේ මිනිස්‌ සන්තානය තුළ ගොඩනැගෙන්නේ පාදඩ ‘දේශපාලනඥයින්ගේ කිවුම්‌ කෙරුම්‌ ගා හැසිරීම භාවිතය නිසා.

ඒ සඳහා කාර්යශූරත්වය ජනතාව තූළ සංවර්ධනය වන්නේ සත්‍යා තොරතුරු ජනතාවට කාන්දු වුනොත්‌ චිතරයි.

බොහෝ දෙනා දරන මතයට එරෙහි වීම තුළින්‌ කැපී පෙනෙන්නට පවතින ආසාව අසනීපයක ලක්ෂණයක්‌ වෙන්නට පුළුවන්‌.

මේ වෙනකොට රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විවිධ න්‍යායචාරී විවිධ උපදෙස්‌ දෙනවා වෙන්න පුළුවන්‌.

නොවටිනාකම්වලට වටිනාකමක්‌ දීමත්‌, නොවැදගත්දේට වැදගත්කමක්‌ ආරෝපණය කිරීමත්‌, පාදඩ දේශපාලනයේ ලක්ෂණයක්‌.

චියරු මිනිසුන්‌ සාන්තූවරයන්‌ බවට හැරවීමේ න්‍යායික මානසික පදනම ඇත්තේ සැබෑව හෙළි දරව්‌ කිරීමෙනි.

සැබෑ මූණ වසා ගැනීම අසූව දශකයේ ජූලිකලබල යෙදී සිද්ධ වුණා. 2022 වසරේ දීත්‌ ඒ සිදුවීම සිද්ධ වෙන්න යනවා. මෙය ආරම්භයක්‌ පමණයි.

කළු ජූලියේ දී පැහැදිලිවම අසූව දශකයේ දී සිදුවුණු ද්‍රවිඩ ජනතාවට පහර දීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැවරුවා.

ඒ ජේ. ආර්‌ ජයවර්ධන ජනාධිපතිවරයා.

මෙවරත්‌ වර්තමානයේ ඔහුගේ ම පෙර ජනාධිපතිවරයෙකු වූ ඥාති පුතෙකු වූ රනිල්‌ වික්‍රමසිංහ පසුගිය ඳිනවල අරගලය විකල්ප දේශපාලනය සඳහා තල්ලු කිරීමට ගන්නා වෑයම යම්‌ දුරකට හෝ සීමා වී ඇත්තේ ඉන්දියානු අධිරාජ්‍යවාදයේ හැසිරීම ගා භාවිතය නිසාය.

චර්තමාන ඉන්දු චීන මත ගැටුම්‌ ජනාධිපතිවරයාව යම්‌ තෙහෙට්ටුවකට ලක්‌ වී නිබෙන නිසාය. මේ පිළිබඳ හෙළිදරව්‌ කිරීමේ ඤාන ගවේෂණය ඇත්තේ ජනමාධාංවලට.

අන්ධ භාවයක්‌ රට තූල වර්ධනය කරලා සිවිල්‌ යුද්ධයකින්‌ රට ගොඩගන්න ක්‍රියා කරපු දේශපාලන නායක නායිකාවන්‌ නිසා අපේ රට වසර සියයකින්‌ පමණ ආපස්සට ගියා.

ලේ නැවරුණු දෑත්‌ මත සුදු හුණු ආලේප කරමින්‌ යදින ජනමාධ්‍ය කරුවන්‌ ද මේ අතර ඉන්නවා.

ජේ.ආර්‌.ජයවර්ධනගේ සිට ප්‍රේමදාස යුගය දක්වාත්‌, විජේතුංග සිට චන්ද්‍රිකා, මෛත්‍රීපාල සිරිසේන, මගින්ද රාජපක්ෂ යුගවල පළිගැනීම්‌ ඝාතන කඩාකප්පල්කාරී ක්‍රියා ඝාතන දිගින්‌ දිගටම සිද්ධ වුණා.

චියරු දේශපාලන කල්ලි සංස්කෘතිය නවත්වා ගැනීම සඳහා මහජන සහයෝගය ඉතා ම වැදගන්‌.

නමුත්‌ ඇතැම්‌ කොන්ත්‍රාත්‌ ජනමාධ්‍ය න්‍යායවාදීන්‌ නිසා ඒ සංස්කෘතියට ලංකාවට තල්ලු වෙන්න නොහැකි තත්ත්චයක්‌ උද්ගත වෙලා නියෙනවා.

හෘද සාක්ෂියට සාක්ෂියට තට්ටු කර බැලිය යුතු ඒ පාදඩ ඇතැම්‌ මාධාංකරුවන්ගේ හැසිරීම පිළිබඳ මහජන විරෝධය දිගු වන කාලය වැඩි ඈතක්‌ නොවේ.

ජනමාධ්‍ය තමන්ගේ නිදහස වැඩි වශයෙන්‌ ප්‍රවර්ධනය කර ගන්නා පරිසරයක්‌ ලංකාව තූළ දැනට තිබේ.

ව්‍යවස්ථාදායකය, විධායකය අධිකරණය අතර පවතින මනවාද, පරීක්ෂණ, නිරීක්ෂණ විනිශ්චයන්‌ චාර්තාකරනය හේතු කරගෙන ලංකාවේ මාධ්‍ය විශාල වශයෙන්‌ බලපෑමට ලක්ව තිබෙනවා.

ඒ බලපෑමට ලක්වන්නේ සම්ප්‍රදායික මාධ්‍යයට වඩා ඩිජිටල්‌ මාධ්‍ය ප්‍රවණතා.

ලංකාවේ ආර්ථික, දේශපාලන අස්ථාවරයක්‌ පවතින මේ වකවානුවේ ඩිජිටල්‌ තාක්ෂණයට සුවිශාල චටිනාකමක්‌ මතු වෙලා තියෙනවා.

ඒ සමග ම විශ්වාසනීයත්වය බිද වැටීමට ද හේතු වෙලා තියෙනවා.

සමාජ මාධ්‍ය තුළ වාසි හා පහසුව තිබුණත්‌ ඒ විශ්වාසනීයත්වය ඇතැම්‌ අයගේ හැසිරීම ගා භාවිතය තූළ ගැටළු සහගත තත්වයකට තල්ලු වෙලා තියෙනවා.

ව්‍යාජ තොරතුරු ඇති වීම එගි ප්‍රධාන ගැටළුවක්‌ බවට පත්‌ වෙලා තියෙනවා.

නමුත්‌ රාජ්‍ය මාධ්‍ය තූළත්‌ ව්‍යාජ තොරතුරු ජනතාව අතරට රැගෙන ගිය අවස්ථා තිබෙනවා.

ඒ හුදෙක්‌ ම දේශපාලන ප්‍රතිරූපයන්‌ වර්ධනය කිරීම සදහා රාජා ජනමාධා ආයතනවල හැසිරීම නිසා එවැනි තත්වයක්‌ උද්ගත වූ අවස්ථා තිබෙනවා.

අසූව දශකයේ සිට මේ දක්වා ජනමාධාකරුවන්‌ විසිපහකට ආසන්න ප්‍රමාණයක්‌ ලංකාවේ ඝාතනය හෝ වද හිංසාවලට ලක්‌ වී නිබෙනවා.

අධිකරණය මගින්‌ එවැනි සිද්ධි විසදුන අවස්ථා අවම තත්වයක තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව එම සිදු වීම පිටුපස කිසියම්‌ පාලක දේශපාලන හස්තයන්‌ තිබීම.

ජනමාධ්‍ය වේදීන්ට පීඩනයක්‌ එල්ල කිරීම බොහෝ විට ලංකාවේ සිදු වන්නේ නෛතික වශයෙන්‌ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව හරහා.

පාදඩ දේශපාලඥයින්ගේ එකම ඉලක්කය පොලිස්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්‌ අපරාධකරුවා පීඩනයට ලක්‌ කිරීම, බිය වැද්ද වීම සදගා බොහෝ විට අධිකරණයට චාර්තා කිරීම හා අදාළ උපදෙස්‌ නිතී දෙපාර්තමේන්තුව මගින්‌ ගොනු කර ගැනීමට උත්සාහ දැරීම.

මේ සදහා සී.අයි.ඩී යේ අළුත්‌ ම ගොදුර වී ඇත්තේ තරිදු උඩුවල ගෙදර.

“ සටහන්‌ රේඩියෝව ” නම්‌ යූ ටියුබ්‌ නාලිකාවක්‌ මගින්‌ පැවැති ආණ්ඩුවල හා නව ආණ්ඩුවල විවිධ කරුණු විවේචනාත්මකව ඉදිරිපත්‌ කරන මාධාංකරුවෙක්‌.

තරිදු වැනි ජනමාධාංවේදීන්ගේ හැසිරීම පාලක දේශපාලඥයන්ට මහත්‌ හිසරදයක්‌.

හිසරදය ඉවත්‌ කර ගැනීමට රාජ්‍ය අංශයෙන්‌ මෙහෙය වන ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.

නිදහස යනු එය ලබා දෙන දෙයක්‌ නොව එය අත්පත්කර ගත යුතු දෙයක්‌.

තමන්ට ලැබී තිබෙන නිදහස තූළ එම නිදහස නිර්මාණශීලීව භාවිතා කරන මාධා්‍යංකරුවෙක්‌ ලෙස තරිදු හදුන්වන්න පුළුවන්‌.

නමුත්‌ ලංකාවේ සාම්ප්‍රදායික ජනමාධාවල නියැලී සිටින බොහෝමයක්‌ නමන්‌ විසින්‌ ම ස්වයං චාරණයකට ලක්‌ කරගෙන තිබෙනවා.

සමාජ ආර්ථික දේශපාලන අස්ථාවරයක්‌ පවතින ලංකාවේ සමාජ මාධ්‍යයට කළ හැකි කාර්යය භාර්යය ඉතා පුල්‌.

සම්ප්‍රදායික මාධ්‍ය තුළ සේවය කර පසුව නවීන මාධාංයට යොමු වී සිටින තරිදු පැහැදිලිව ම යම්කිසි කාර්යය භාර්යයක්‌ සිදු කරමින්‌ සිටියා.

ජනමාධ්‍යකරුවා යනු යම්‌ කිසි වාර්තාවක්‌ ලිවීම වාර්තා කිරීම පමණක්‌ නොවේ.

ගැටුමක්‌ ඇති වූ පසුව ඊට අදාළ ගැටළුව පදනම්‌ කර ගනිමින්‌ සිද්ධි වාර්තා කිරීම වාර්තාකරුවෙකුගේ මූලික ධර්මතාවයක්‌.

ගැටුමක්‌ සිදු වූ පසු කරුණු වාර්තා කිරීම පමණක්‌ නොවේ. ජනමාධ්‍යකරුවා තුළ කිසියම්‌ වූ විග්‍රහයක්‌ තිබීම අවශ්‍ය වෙනවා.

අනාගතය අනුමාන කිරීමට ජනමාධ්‍යකරුවාට හැකියාව තිබිය යුතුයි. කිසියම්‌ අර්බුදයක්‌ ඇති වන විට එයට බලපාන සාධක විග්‍රග කිරීමට ජනමාධ්‍ය සතු වගකීමක්‌.

අර්බුදයක දී යම්‌ කිසි එයට අදාළ විශේෂඥ මත ගෙන ඒමට හා එම අර්බුදය පිළිබද ප්‍රශ්න කිරීමටත්‌ ජනමාධා්‍යකරුවාට හැකියාව තිබෙනවා.

ඒ කාර්යය භාර්යය යම්‌ දුරකට ඉටු කළ ජනමාධ්‍යකරුවෙක්‌ තරිදු.

ලංකාවේ සමාජ විප්ලවය ඇති වෙන්න ගිය බොහෝ අවස්ථාවල දී එම විප්ලව සාර්ථක නොවුයේ ඇතැම්‌ ඉහළ සමාජ ප්‍රතිරූප ගොඩනගා ගෙන සිටින චරිත නිසා.

ඊට හේතු අධිරාජවාදී යුගය දක්වා දිව යනවා.

අධිරාජාවාදී යුගවල දී ලංකාවේ අයිතිය වෙනුවෙන්‌ කැරළි ගැසූ නායක නායිකාවන්‌ අධිරාජ්‍යවාදීන්ගේ අත්‌අඩංගුවට පත්‌ වූ සැබෑ තත්වයන්‌ මේ රටේ තවමත්‌ හෙළිදරව්‌ වෙලා නෑ.

ඊට දායක වූ මහා සංඝරත්නය පිළිබඳව තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තූ වන්න. එතෙක්‌ ලංකාවේ අරගලවල විවිධ අත්හදා බැලීම්වල අභ්‍යාසයන්‌ අපිට දකින්න පුළුවන්‌.

~ සුමිත්‌ කොඩිතුවක්කු –

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න