ගාමිණි දිසානායකගේ අභාවයත්‌ මැතිවරණ පරාජයත්‌ රනිල්‌ එක්සත්‌ ජාතික පක්ෂයේ නායකත්වයට එන්න
මඟ පෑදුනා. මේ මඟ පෑදීම 1948, 1956 න්‌ 1972 තත්වය අනුව සසඳා රනිල්‌ වික්‍රමසිංග හැසිරීම ප්‍රදර්ශනය කරනවා.
නමුත්‌ මේ නියෙන්නේ 21 වන සියවස තුළ රනිල්‌ හිතන ආකාරයෙන්‌ වැඩ කිරිමට ගැකියාවක්‌ නැති බව රනිල්‌ වික්‍රමසිංග විසින්‌ තේරුම්‌ ගන්න ඕන.
ජේ. ආර්‌. ජයවර්ධන ගදිසි නීතිය ක්‍රියාවට නැගුවේ 1987 ජනතා විමුක්ති පෙරමුණ විසින්‌ මෙහෙයවන කැරැල්ල මර්දනය කිරීමට.
ඊළගට ඇඳිරි නීතිය නිරන්තරයෙන්‌ ම ක්‍රියාත්මක කළා.
87, 88, 89 යන 80 දශකය යන්න කිව්වොත්‌ නිවැරදියි.
ඇඳිරි නීති මඳිවට වගකීමෙන්‌ ආරක්ෂා කිරීමේ පනත ජේ. ආර්‌.ජයවර්ධන ගෙන ආවා. ඒ වගකීමෙන්‌ ආරක්ෂා කිරිමේ පනත දෙවෙනි වුණේ මාර්ෂල්‌ ලෝ හෙවත්‌ යුධ නීනියට.
ආරක්ෂක අංශ වෙතින්‌ එල්ල කෙරෙන ප්‍රහභාරයක දී මැරෙන ඕනෑම කෙනෙකුගේ මරණ පරීක්ෂණ ‘නොපවත්වා දවා හළු කරන්න එම පනත යටතේ අවසරය ලැබුණා.
මේනිසා 89 දීමරා වළ දැමූ දහස්ගණනක්‌ තරුණ තරුණියන්‌ ගැන අනාවරණය නොවන තත්වයක්‌ අදටත්‌ තිබෙනවා.
මේ වගකීමෙන්‌ ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂක අංශවලට නොඅඩුව මේ පනතෙන්‌ අයුතු ආවරණයක්‌ ලැබුණා.
මහජන ඡන්දයකින්‌ තොරව රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපති වූවා.
ඒ නිසා දෝ රනිල්ගේ නොහැකියාව සඳහා රනිල්‌ මෙදා පාර්ලිමේන්තු ඡන්දයකින්‌ තොරව මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්‌ ඔහු දිව්රුම්‌ දිලා කෙළින්‌ ම යන්නේ හමුදා රැකවරණය සොයා ගෙන.
ඒ තුළින්‌ සෘජුව ගා වක්‍රව කියැවෙන කරුණු අප්‍රමාණයි.
එක්සත්‌ ජාතික පක්ෂයේ පුරෝගාමියා වුන ඩී. එස්‌. සේනානායක අග්‍රාමාතාවරයා එදා අරලියගහ මන්දිරය ඉදිරිපිට පොල්‌ වත්ත පන්සලට ගියා.
එයින්‌ පසු මේ රටේ නායකයකු බලයට පත්‌ වූ වහාම කොළඹ අවට නියෙන පන්සල්වලට ගියේ සාමාන්‍ය ජනතාවට කිසියම්‌ ඉඟියක්‌ ලබා දීමට.
ඒ තමන්‌ සැදැහැවත්‌ බෞද්ධයකු ලෙස ප්‍රදර්ශනය කිරිමට.
ඉතින්‌ ඒ හැම දිව්රුම්‌ දීමකම අවසානයේ කොළඹ අවට නියෙන පන්සල්වලට ( කැළණි රජමහා විහාරය, ගංගාරාමය, වචාලුකාරාමය, මෑත යුගයේ අභයාරාමය, පොල්වත්ත පන්සල ) ගියේ ඔහුගේ තියෙන බෞද්ධකම නිසා නොවේ.
ඔවුන්ට අවශ්‍ය වුණා බෞද්ධ ජනතාවගේ සාමානා බුද්ධියට නිගා දෙන්න.
ශ්‍රී ලංකාවේ සූදූ දේශපාලන පෙරළියේ බොරුව, වංචාව, ප්‍රෝඩාව පක්ෂ ප්‍රමුඛ නායකයින්‌ සමාජගත කිරීම ආරම්භ කරන්නේ එසේය.
මේ පිළිබඳව දිගු විචරණ සඝ ගැට තුළින්‌ ඉදිරියේ දී බලාපොරොත්තුවන්න.
නමුත්‌ මෙදා පාර්ලිමේන්තු ඡන්දයෙන්‌ තේරී පත්‌ වූ එක්සත්‌ ජාතික පක්ෂ නායක රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපති වී එන ගමන්‌ මුලින්‌ ම ගියේ පොල්‌ වත්ත පන්සලට නොවේ.
පොල්‌ දූව නිබෙන ආරක්ෂක බැරියරයක්‌ වෙතයි.
ආරක්ෂක බැරියරය වෙත ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආරක්ෂාව සැලසීම වෙනුවෙන්‌ තම ‘ගෞරවය පල කරේ චිත්‍රපටයක නළුවෙකුගේ සංවේදී භූමිකාවක්‌ ලෙසයි.
මේ තුළින්‌ රනිල්‌ වික්‍රමසිංහ බලාපොරොත්තූ වුණේ කුමක්‌ ද?
පන්සලට ගොස්‌ පන්සිල්‌ සමාදන්ව තමා ධාර්මික රාජ්‍ය නායකයෙකු බව පෙන්නුම්‌ කරනවාට වඩා ඔහුට කාලීන අවශ්‍යතාවයක්‌ තිබුණා.
ඒ පැහැදිලිව ම ඔහුගේ ආරක්ෂාව පිළිබඳව ආත්මාර්තකාමී ලෙස ආරක්ෂාව ගබා යන ජනාධිපතිවරයකු මේ චන විට ශ්‍රී ලංකාවට උරුම වී තිබේ.
ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට වත්මන්‌ ජනාධිපතිවරයා තවමත්‌ සමත්‌ වී නැත.
ආරක්ෂාව සදහා මුළු රටේ බහුතර ජනතාවක්‌ ඔහුට පක්ෂපාතීත්වයක්‌ නොමැති බව රනිල්‌ වික්‍රමසිංහ හොඳින්‌ ම හදුනා ගැනීමේ ප්‍රතිඵලයක්‌ තමයි හමුදා ආරක්ෂක බැරියර්‌ වෙත ගොස්‌ තම ආරක්ෂාව යැදීම.
කෘතඥතාවය ආරක්ෂක භටයන්ට ස්තූතිය ඵල කිරීම මතුපිට රූප රාමුව වූවත්‌ සැබෑ යථාර්තය එය නොවේ. මෙගි සියළුම ආරක්ෂක නිළධාරින්‌ නිරායුධ කර තිබීමෙන්‌ යථාර්තය පැගැදිලියි.
මහජන විරෝධය ආරක්ෂක නිලධාරියෙකු විසින්‌ එල්ල විය ගැකි යැයි රනිල්‌ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතු පූර්ණ දැනුම නිසා නොවේ ද?
මේ සංඥාව තුළින්‌ අප තේරුම්‌ ගත යුත්තේ ජනතාවට සගන සැලසීම සදහා |[/1” වෙත ගොස්‌ ඩොලර්‌ තොග ණයට ලබා ගෙන ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන්‌ ක්‍රියාත්මක වීමට තමන්‌ සූදානම්‌ නැති බව ඉන්‌ තහවුරු කළා.
තෙල්‌, ගෑස්‌ ආදිය ගෙන ඒම රඳා පවතින්නේ තමන්ගේ ආරක්ෂාව ස්ථාපිත වුනොත්‌ පමණක්‌ කියලා ඔහුට මනාව අවබෝධ වෙලා තියෙනවා.
හිංසාකාරී විරෝධතා තිබෙන බවට රනිල්‌ වික්‍රමසිංහ පැවසුවත්‌ ඔ්‍යගු ගෝඨාභය රාජපක්ෂ යටතේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍ය වූ වෙලාවේ පැවසුවේ කුමක්‌ ද?
‘ගෝල්පේස්‌ අරගලකරුවන්‌ තවදුරටත්‌ එගි සිටිය යුතු බවයි.
එසේ නම්‌ ජනාධිපතිවරයා නොමඟ යැවීම සඳහා රනිල්‌ වික්‍රමසිංහ ගෙන ගිය සුවිශේෂ වැඩපිළිවෙළක ‘කොටසක්‌ ද යන්න පැහැදිලි වෙනවා.
අරගලයේ සැබෑ කොටස්කරුවා රනිල්‌ වික්‍රමසිංහ ද යන ප්‍රශ්නය මතූ වෙනවා.
‘ගෝධාභය ඉවත්ව යන තැනට රනිල්‌ වික්‍රමසිංහ රහසිගතව ගෙන ගිය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලය රනිල්‌ ජනාධිපති වීම ද?
මෙගි සැබෑව අනාගතය හෙලිදරව්‌ කරනු ඇත.
දේශපාලනයනත්‌ හරියට ශේක්ෂ්පියර්‌ කිව්ව රග මඩලක්‌ වගෙයි.
ලංකාවේ දේශපාලඥයන්‌ සියලු දෙනාම ඒ රගමඩලේ රගන නළු නිළියන්‌.
පසුගිය වසර 45 කට ආසන්න රනිල්‌ වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසය තුළ ගොඩනැගී තිබෙන රංගගත අන්තර්ගතයන්‌ සියලු කරුණු කාරණා සනාථ කරන සුළුයි.
රනිල්‌ වික්‍රමසිංහ පිළිබඳව නැතිනම්‌ ලංකාවේ නව ජනාධිපතිවරයාට සංඝ සමාජය විසින්‌ ප්‍රශස්ති ගැයීමේ ආරම්භය ප්‍රසිද්ධියේ පටන්‌ ගත්තා.
ඒ පසුගිය දා පැල්පොළ විපස්සී ගිමියන්‌ විසින්‌ ආරම්භ කළා. රනිල්‌ ලෝක උරුමයක්‌ ලෙසත්‌ හොද ෆයිලට්‌ නායකයෙක්‌ ලෙසත්‌ රනිල්ව ගදුන්වා දුන්නා.
ප්‍රභාකරන්‌ සමග ගිවිසුම්ගත වීම, සටන්‌ විරාම ගිවිසුම, ගිවිසුම්‌ පවා දීම, බුද්ධි අංශ පාවා දීම, 89 දී බට ලන්ද වදකාගාර පවත්වා ගැනීම, යගපාලන ආණ්ඩු සමයේ මහ බැංකු හොරකම ගි නියමුවා වුනේ රනිල්‌ වික්‍රමසිංහ බව මේ රටේ සමස්ත ජනතාවම දන්න සත්‍යයක්‌.
එවැනි පරිසරයක්‌ තූළ තමයි පාදඩ දේශපාලනයේ දිගුවේ ප්‍රතිඵලයක්‌ ලෙස රනිල්‌ වික්‍රමසිංග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙන්නේ.
එෙනිහාසික චෝදනා බුරුත්තකින්‌ රනිල්ව ජනාධිපති ලෙස පොහොට්ටු මන්ත්‍රීන්‌ විසින්‌ තෝරා ගන්නේ වෙන කිසිවක්‌ නිසා නොවේ.
මතු වී තිබුන ආරක්ෂක ගැටළු ගා අරගල සමාජ පරිසරය හමුවේ ඉන්දියාව ලංකාවේ දේශපාලඥයන්‌ කූජිත කිරීමේ භූමිකාව ගොල්පේස්‌ පිටියෙන්‌ පසුගිය කාලය තුළ දී ආරම්භ කළා.
දකුණු ආසියාවේ ප්‍රධාන රටක්වන ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්‌ වන පරිදි ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්‌ අතර රනිල්‌ වික්‍රමසිංහ ප්‍රධාන වේ.
මෛත්‍රී රනිල්‌ යහපාලන ආණ්ඩු කාලයේ දී හම්බන්තොටවරාය චීනයට බදු දීම නිසා චීනය මේ වන විට එම චරාය හමුදා බල ඇණියක්‌ බවට පත්‌ කරගෙන තිබේ.
මෙය ඉන්දියාවට ඉවසා දරාගෙන සිටිය නොගැකි තත්වය ගමුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට අභාව ඉන්දියානු රෝ ඔත්තු සේවය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය රනිල්‌ වික්‍රමසිංහගේ රාජාසන කථාවේ දී ඉන්දියාවට සුවිශාල වටිනාකමක්‌, ගෞරවයක්‌ ලබා දීමෙන්‌ රනිල්‌ වික්‍රමසිංහගේ ඉන්දියානු පක්ෂපාතී භාවය මතු කිරීමට උන්සාග දැරීම.
රාජාසන කථාවේ දී නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනය ලබා දී ඇනි දායකත්වය පිළිබද කරුණු අන්තර්ගත නොකිරීමට වග බලා ගෙන තිබුණා.
පසුව ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහගේ ඛේදවාචක අගෝස්තු පළමු දෙසතියෙන්‌ පසුව ඉස්මතු විය හැකිය.
ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ට අත්වන අයහපත්‌ ඉරණම්‌ හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන්‌ තවදුරටත්‌ ගඩා වැළපීම කළ යුතු නොවේ.
හේතුව වසර 74 ක්‌ පුරා පාදඩ දේශපාලනයෙන්‌ පුරවැසියන්‌ වල්මත්‌ කළ ගා වර්තමාන ආර්ථීක අර්බුදයේ නිර්මාතෘන්‌ ඔවුන්‌ නිසාය.
කරුණු කෙසේ වෙතත්‌ රනිල්ට මේ පසුබිම වර්ධනය කරන්නේ පසුගිය පීඩනය තුළින්‌ මතු වූ සමාජ පරිසරයයි.
මෙගි යථා තත්වය අප තේරුම්‌ ගත යුතුයි, ශ්‍රේෂඨ නායකයකු සතු ගුණාංග මොනවාද කියලා. සුවිශාල ගුණාංග ඉස්මතු වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කෙබදු ද?
මහත්මා ගාන්ධි, නෙල්සන්‌ මැන්ඞලා, මාර්ටිං ලූතර්‌ යන ශ්‍රේෂ්ඨ නායකයින්‌ ලොකයට බිගි වුණේ අවංක කම නිසයි.
ලෝකයට බිගි වූ ශ්‍රේෂ්ඨ නායකයින්‌ ආත්මාර්තකාමී බවෙන්‌ තොර වීම නිසා.
පොදු ජන යහපත සඳහා ආර්ථික, සාමාජීය, සංස්කෘතික ප්‍රගතිය කරා ගෙන ගිය සංවර්ධනාත්මක අදාළ
රටවල වැඩ සටහන්‌ නිසා. ලංකා ඉතිහාසය පුරාම ඇත්තේ බොරුව, වංචාව තුළින්‌ යැපීමේ සංස්කෘතියක්‌.
මේ පිළිබඳ සැබෑ විවරණයක්‌ සඳහා ගුදෙක්‌ ම දේශපාලන චරිත උදාහරණයට නොගෙන අපි ගමු සදාචාරාත්මක මෙහෙයුම්‌ කටයුතු සදහා මැදිහත්‌ වුන නායකයින්‌.
නැතිනම්‌ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා මැදිහත්‌ වූ චරිතයක්‌ පිළිබද කෙටි පැහැදිලි කර ගැනීමක්‌.
අනගාරික ධර්මපාල තූමා එදා අධිරාජාවාදයට එරෙහිව ගඩ නැගූ ප්‍රබල සමාජ ව්‍යාපාරයක්‌ ගෙන ගිය ප්‍රබල චරිතයක්‌.
චිවෘත සමාජය ඉදිරියේ අධිරාජාවාදීන්ට එරෙගිව ධර්මපාල තූමා රට පුරා උද්ගෝෂණ ගෙන යද්දී ඔහුගේ පියා වන දොන්‌ කරෝලිස්‌ හේවාවිතාරන අධිරාජ්‍යවාදීන්ට දේශීය ලී බඩු සැපයීම නිහඩව සිදු කළා.
රැජිනගේ මාලිගයට ලී බඩු සැපයීමෙන්‌ ධර්මපාලතුමාගේ පියා මනාව පවුම්වලින්‌ තර වුණා.
එකම පවුලේ දෙබිඩි චරිත නිරූපණ ඉතිහාසය එදත්‌ අදත්‌ ලංකාවේ මනාව සිදු වෙනවා.
දේශපාලනයේ අද රගන බොහෝ චරිතවලත්‌ ඒ පවුලේ ගා දේශපාලන චරිතය තුළ ඇති දෙබිඩි චත්පිළිවෙත්වල ස්වාභාවය එයයි.
ඇත්තටම මේ නින්දා සහගත දේශපාලන දුරාචාරය, එක්සත්‌ ජාතික පක්ෂය තුළින්‌ පමණක්‌ නොවේ සෑම දේශපාලන පක්ෂයක්‌ තුළින්‌ ම රටට කාන්දු වෙලා නියෙනවා.
ප්‍රභූ හා වැඩවසම්‌ පන්තියේ චරිතවල සමාජය වෙනුවෙන්‌ මැදිහත්ව සුවිශාල ව්‍යාපාර ක්‍රියාත්මක කරන ‘බොහෝ නියමුවන්‌ මේ ප්‍රශ්නවලට මැදිහත්ව ජනතාව වෙනුවෙන්‌ කතා කිරීමට වඩා ඔවුන්‌ කරන්නේ ජනතාව මුලා කරන එක.
සාදාචාරාත්මක, දේශපාලන, ආර්ථීක, සමාජීය, සංස්කෘතික වෙනස්කම්‌ කරන්න මැදිහත්ව පෙනී සිටින බගුතර සමාජ නායකයින්‌ ඔවුන්‌ සේවය කරන්නේ අවංකවම ද ?
සිතට එකගවම ද ? යන්න ගැටළු සහගතයි.
බලයට ඇවිත්‌ ජනතාවගේ දේපල කොල්ල කන, චංචාව දූෂණය රට පුරා වපුරන සල්ලි දේශපාලනය පරාජය කරන්න පසුගිය වසර 74ක්‌ පුරා බිහි වූ ලාංකික දේශපාලනයට බැරි වෙලා තියෙනවා.
ප්‍රභූ හා වැඩවසම්‌ පංතියේ චරිතවල ආකර්ශනීය වදන්වලට ගොදුරු වෙන ජනතාවක්‌ අපේ රටේ ඉන්නවා. නැවත නැවත ඒ මුලාව ජනතාව සිදු කරනවා.
මේ තත්වය රට අගතිය කරා ගෙන යන පෙර නිමිතිවලට පැහැදිලිව මේ වන විට ගොදුරු වී අවසන්‌. සැබෑ නීතිය සත්තකින්‌ ම උත්තරීතර ධර්මතාවයක්‌.
ඒ වගේ ම සැබෑදේශපාලනයත්‌ උතුම්‌ මානව ජයග්‍රහණයක්‌.
නමුත්‌ ඒ ජයග්‍රහණ දෙකම අද අවස්ථාවාදයේත්‌ බල තණ්ගාවේ කිලිටි අත්වලින්‌ අපවිත්‍ර වී මහජන සුභ සිද්ධිය වෙනුවට මහජනතාව රවටන තක්කඩි මිනිසුන්ගේ උදර පෝෂණය කරන ඔවුන්ගේ පවුල්‌ සංවර්ධනය කරන දේශපාලනයක්‌ සමග පරිසරයක්‌ වර්ධනය වෙලා තියෙනවා.
මේ තත්වය රටේ අනාගතය පිළිඹිඹු කරන වර්තමාන අර්බුදයේ කැඩපත බවට පත්‌ වෙලා නියෙනවා.
මේ නිසා නව ජනාධිපතිවරයා පිළිබදව පාසල්‌ ළමයෙකුට රචනයක්‌ ලියන්න යැයි පැවසූ විට එම දරුවාගේ පළමු වාකා බොහෝ විට ආරම්භ විය හැක්කේ මෙසේ විය හැකිය.
රනිල්‌ වික්‍රමසිංග යනු බැසිල්‌ රාජපක්ෂගේ රූකඩය යැයි අනිවාර්යයෙන්‌ ම ලියනු ඇත.
ශ්‍රී ලංකාවේ විධායකය හසුරු වන්නේ පොහොට්ටු පක්ෂය වේ. ඔහුගේ විධායක පැවැත්ම ඇත්තේ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වය මත වේ.
සියල්ලක්‌ ඇතැඹුලක්‌ සේ ගෙන පවසන්නේ නම්‌ රනිල්‌ හා ඔහුගේ පෙහොට්ටුව ගා එක්සත්‌ ජාතික පක්ෂ නඩ මේ වන විට අන්තර්ජාතික අනතුරකට ප්‍රවේශ වෙමින්‌ නිබේ.
ආගම්‌ ගා ඒ ආශ්‍රිතව ගොඩ නගා තිබෙන ව්‍යාජය අභිබවා සමාජ ධර්මතා ක්‍රියාත්මක වනවා යැයි කියන්නේ ඒ නිසාය.
‘පොහොට්ටුව මත යැපීම නිසා ජනතාවගේ සිතූම්‌ පැතුම්‌ මත පමණක්‌ නොව පොහොට්ටු සාමාජිකත්වය ගා
නායකත්වය මත හැසිරෙන නායකයෙකු ලංකාවාසී අපට ගිමි වී තිබේ.
මේ තත්වය නිසා භෞමික වශයෙන්‌ හිමි සමාජ ආකර්ශනය අපට අහිමිව තිබේ. මැර රාජ්‍ය හමුදාවල තාඩන පීඩනවලට පුරවැසි අප තල්ලු වී තිබේ.
මේ විදියට අප්‍රමාණ කරුණු පාසල්‌ දරුවා දක්වා ආත්ම ගත වෙලා තිබේ.


~ සුමිත්‌ කොඩිතුවක්කු ~

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න