ගෝඨාභය මහින්ද රාජ්‍ය දුරාචාරය ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කිරීම වැඩිදුරටත් ප‍්‍රතිමූර්තිමත් කරමින් පසුගිය දා රනිල් වික‍්‍රමසිංහ ශී‍්‍ර ලංකාවේ අගමැතිවරයා වශයෙන් පත්කිරීම සිදුකළේ රාජ්‍ය දුරාචාරය තවදුරටත් සංකේතවත් කරමින් ය.

කැසිනෝ දුරාචාර මාෆියාව ධම්මික පෙරේරා හරහා පාර්ලිමේන්තුවට ගොනු වන්නේ ද මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරයේ යම් කාන්දුවීමකිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය තුල ආණ්ඩු මාරුව හෝ ආණ්ඩු පෙරලිය අතරට “රෙජීම් චේන්ජ්” පිළිබද ශ්‍රී ලාංකිකයන්ට අසන්න ලැබුනේ 2010 වසරේ බටහිර රටවල් වල මැදිහත්වීමෙන් අරාබි රටවල දියත් වූ ආණ්ඩු විරෝදී ප්‍රචණ්ඩ විරෝධතා පිළිබද සංවාදයත් සමගය. විශේෂයෙන් යුද ජයග්‍රහණයෙන් පසුව මහින්ද අනුහස් නායකයෙකු සේ නැගීසිටීම හා සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් දිගුකලක් බලයේ රැදී සිටීමින් ඔහුගේ දේශපාලන චිතනය දිගුවීම මගින් මේ තත්වය වර්ධනය විය. අදිරාජ්‍යවාදී රටවල න්‍යාය පත්‍රයට ඇතැම් විට අවනත නොවී වෙනත් පහසුවෙන් අධිපතිවාදී රටවල් සමග එකතුවීම රාජපක්ෂගේ දර්ශනය තුල ගොනුවී තිබූ එක් ක්‍රියාදාමයකි. බහුතර ජන කණ්ඩායම් හෝ යම් ප්‍රබල මතවාද නියෝජන කණ්ඩායම් හෝ ප්‍රබල ආගම් ඉලක්ක කරගෙන නැගී සිටි නායකයෙකි මහින්ද රාජපක්ෂ. ප්‍රජාතන්ත්‍රවාදයේම විකෘතියක් ලෙස දීර්ඝ කාලයක් බලයේ සිටියෙකු ලෙසත් මහින්ද හැදින්විය හැක. රාජ්‍ය නොවන සංවිධාන විසින් “රෙජීමය” යන වචනය මහින්දට යෙදීමට උර දුන්නේ ඉහත සාධකය.

මහින්දගේ දේශපාලන නඩයට එරෙහිව පැවති නඩු නිශ්ප‍්‍රභා කිරීමේ මූලික නිමිති නිර්මාණය කරනු ලද්දේ රනිල් වික‍්‍රමසිංහ යහපාලන ආණ්ඩුව කාල වකවානුවේදී ය.
ඊට ප‍්‍රති උපකාරයක් වශයෙන් ප‍්‍රතිසහයෝගය දැක්වීමෙන් මේ සදහා මූලික පසුබිම නිර්මාණය කරන ලද්දේ හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වේ. එක්සත් ජාතික පක්ෂය මේ සදහා විවිධ ප‍්‍රචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කල අතර එහි ප‍්‍රමුඛයා වූයේ වජිර අබේවර්ධනය.
එවැන් පසුබිමක් හමුවේ රනිල් වික‍්‍රමසිංහ විටින් විට ජනමාධ්‍යයට පැවසුයේ ගිලෙන නැවට තමන් නොනගින බවය.
දුරාචාර දේශපාලඥයින්ගේ හැඩරුව ආත්ම කරගත් රනිල් වික‍්‍රමසිංහ වැනි පාදඩ දේශපාලඥයින් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන්නේ එසේය.
රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරයක් මේ සදහා විවිධ ව්‍යාපෘති පසුගිය දිනවල කි‍්‍රයාත්මක කළ අතර විවෘතව ඊට උර දුන්නේ වර්තමාන මහබැංකු අධිපතිවරයාය.මේ වන විට මහබැංකු අධිපතිවරයා තම ධූරය රැකගැනීමේ මෙහෙයුමක යෙදී සිටී. නන්දලාල් මහතා විශේෂ ප‍්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් දේශපාලන ස්ථාවරයක් රටතුළ ඉදිරි දින කිහිපය තුළ ගොඩනැගෙන්නේ නැතිනම් තමන් මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් වන බව පැවසීය. එය හුදෙක් රනිල් ගෙන ඒමට දේශපාලන, ආර්ථික ආකෘතිය පාවිච්චිකළ එක් අවස්ථාවක් පමණී. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධූරය සදහා සුදුසු යැයි පවසන පිරිස අතර තරුණ ආගමික කොටස්ද ඒ අතර වේ.
ඔහුගේ දේශපාලන පරිණත භාවය, තීන්ෂණ බුද්ධිය, අසමාන රාජ්‍ය තාන්ති‍්‍රක භාවය පිළිබද ප‍්‍රශස්ති වයන ආගමික නායකයින්ට රනිල් මන්තී‍්‍රවරයෙක්, ඇමතිවරයෙක්, අගමැතිවරයෙක් වශයෙන් ශී‍්‍ර ලංකාව තුළ රාජ්‍ය දුරාචාරය සමාජගත කළ ආකාරය අප රාජ්‍ය දුරාචාරය කලාපය යටතේ ඉදිරියේ දී හෙළිදරව් කිරීමට අපේක්ෂා කරන්නෙමු. රනිල් වික‍්‍රමසිංහ මිතුරන් මෙන්ම පස මිතුරන් අතරත් ප‍්‍රසිද්ධව ඇත්තේ සමලිංගික කි‍්‍රයාකාරකයෙකු වශයෙනි. වයඹ පලාත් සභා මැතිවරණයකදී එක්සත් ජාතික පාර්ශික පාර්ශිකාවන්ගේ ඇදුම් ගලවා මහමග ඇවිද්ද වීම සිදුවූයේ රනිල් වික‍්‍රමසිංහගේ නපුංසක දේශපාලන නායකත්වය යටතේ ය. එක්සත් ජාතික පාක්ෂකයින් එවකට නිර්වස්ත‍්‍ර කරන ලද්දේ වෘත්තිය සමිති නායිකාවක් වන වසන්තා මහත්මිය යටතේ ය. ඇය පසුගිය කාලය පුරාම පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කිරීම පමණක් නොව අයුතු දේශපාලන ක‍්‍රියාකාරකම් සදහා මැදිහත් විය.
මෑත ලගම උදාහරණය මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ලද අරලිය ගහ මන්දිරය අභියස හා ගාලූමෝදර අරගල කරුවන්ට පහරදීම සදහා කි‍්‍රයාශීලි කාන්තා නියෝජනයක් ඇය සිදුකරනු ලැබුවාය.
එම අවස්ථාවෙන් පසුව කොළඹ අවට සේවා ස්ථාන වල සිටි පොදු මහජනතාව සංවේදී වී මැදිහත් වීමේ ප‍්‍රතිඵලය වසන්තා මහත්මිය පොදුජන විරෝධයට පත්වීමය.
මේ තත්වය පිළිබද මනා අවබෝධයක් ඇති රනිල් වික‍්‍රමසිංහ සිය එක්සත් ජාතික පාක්ෂකයින්ට ද්‍රෝහි වෙමින් සදාචාර හා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිකම භාරගැනීම සමස්ත රටපුරාම විරෝධතා අඵත් මුහුණුවරකින් ඇරඹී තිබේ.
මහින්ද රාජපක්ෂ ඇතුඵ පාදඩ දේශපාලන නඩයේ හැසිරීම නිසා පොහොට්ටුවේ දේශපාලන විවිධ නඩ කරා දිවයින පුරා සිසාර විහිදී පැතිරී ගිය සමාජ විරෝධතාවය පෙරළා මේ වන විට එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය නායක නායිකාවන්ට තල්ලූ වෙමින් තිබේ. විරුද්ධ දේශපාලන දැනුමකින් තොරව මහින්ද රාජපක්ෂ හවුලේම රනිල් වික‍්‍රමසිංහ ගොනු වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරින් ය. නමුත් දුරදක්නා ප‍්‍රඥාවක් ඇති පොදු මහජනතාව රනිල් වික‍්‍රමසිංහ ධූරදර්ශී නායකයෙකු- නොවන බව ඔහු පිළිබද දක්වන විරෝධතා වැකි වලින් ප‍්‍රදර්ශනය වේ.
විවිධ ලැදියාවන් ඉලක්ක කරගෙන ඇතැම් කොටස් රනිල් වික‍්‍රමසිංහ පිළිබද මේ අතර ප‍්‍රශස්ති හා නිවේදන විවිධ විශේෂාංග ලිපි නිකුත් කරන්නේ විවිධ රාජ්‍ය අරමුදල් හා තනතුරු ඉලක්ක කරගෙන ය. එම පාර්ශව දේශපාලනික හා වංචනික ලැදියාවන්ගෙන් සමන්විත බව ඉතිහාසය පෙන්වා දී තිබේ. මේ අතර රනිල් වික‍්‍රමසිංහගේ පත්වීම ලංකාවේ ඇමරිකා තනාපතිවරයාගේ සතුටට හේතු වී තිබේ. මහින්ද ගෝඨාභය බලයට පත් කිරීම සදහා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මූලීක පසුබිම සකස්කරමින් කි‍්‍රයාකලේ යහපාලන ආණ්ඩු සමයේදී ය.
ඒ සදහා උපක‍්‍රමශිලීව සහ වංචනිකව ගරු අධිකරණය මෙහෙයවපු ආකාරය සවිස්තර විස්තරයක් මේ සමග පලවල නව යටත් විජිතවාදය යටතේ දේශපාලන සුනඛ නිදහස ඇමරිකාව හා ශී‍්‍ර ලංකා අධිකරණය මැයෙන් යන ශේෂාංගයට හෙළිදරව් කෙරේ.

විවරණ 1

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න