මහින්ද රාජපක්ෂ දේශපාලන පුරාවෘත්තය නිසා අරගලයට පහර දීමේ ගැටලු ගණනාවක් මේ වන විට උත්සන්න වී තිබේ.

ඉන් සංවේදී වූ දිවයින පුරා ප්‍රජාව මැයි 9 වැනි දා ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලය විකල්ප දේශපාලන පක්ෂවල ග්‍රාමීය හා ප්‍රාදේශීය නියමුවන් මේ වන විට පොලිසියේ දඩයමට ලක් වී තිබේ.

පොලිසිය මහින්දගේ කටඋත්තරයට පමණක් සීමා වීමට එරෙහි වීම සඳහා පොලිස් අත්අඩංගුවට පත්වූ සියලු දෙනාගේ ඥාතින් සමෝධානය කිරීමේ යාන්ත්‍රණයක් අදාළ  දේශපාලන පක්ෂවලින් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් ඉෂ්ඨ නොවන තත්වය ගැටලු සහගතය.

අපරාධ නීතියේ පවතින නෛතිකත්වය ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුව පොලිසිය මෙහෙයවන තත්වයකට පත් වී තිබේ.

මේ සඳහා  රටේ මානවවාදී ගැටුමට මැදිහත් වූ දිවයින පුරා පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බොහෝ විට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ නිර්දේශ මත ය. මේ තත්වය අනුව සලකා බැලීමේ දී පොලිස් බැඳුම්කරයක් මත ඇප ලබා දිය හැකි වරදවල්වලට ද අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ්භාරයට පත් කර ඇත.

This image has an empty alt attribute; its file name is pic-1-1.jpg

මෙය පොහොට්ටුවේ  දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා රිමාන්ඩ්භාරයේ තැබීම ඉලක්ක කර ගෙන අත්අඩංගුවට ගත් පිරිස බන්ධනාගාරවල රඳවා ඇත. සාධාරණ සැකයක් පෙන්වා අපරාධ නඩුවක් පැමිනිල්ල විසින් ඔප්පු කරන තුරු සැකකරුවකු  නිවැරදිකරුවකු ලෙස සැලකේ.

රිමාන්ඩ් බන්ධනාගාරය වැනි අසීරු පරිසරයක නොතියා පොලිස් පොරොන්දුවක් මත හෝ විවිධ ඇප වර්ගවලට යටත්ව සැකකරුවන්ව මුදා හැරීමට ගරු අධිකරණයට අවකාශ තිබේ. දීර්ඝකාලීනව රිමාන්ඩ් භාරයේ තැබීම සැලකිය හැකි වනුයේ බරපතල වරදවල්වලට අදාළවය.

මුදල් ඇපයක් තබා අධිකරණයේ ඇප ලබා දෙන පුද්ගලයකු අධිකරණයට පෙරළා ඉදිරිපත් නොවන්නේ නම් අදාළ මුදල රාජසන්තක කිරීමට අධිකරණයට අවකාශ තිබේ. මුදලක් හෝ ඇපයක් වශයෙන් ඔප්පුවක්, දේපලක් ඇප වශයෙන් තැබීම සහතික ඇපයක් වේ.

අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරුවකුගේ ම ඔප්පුවක් ඇප සඳහා යෙදිය නොහැකිය. එය වෙනත් පුද්ගලයකුට අයිති ඔප්පුවක්  විය යුතු වේ. එම ඔප්පුව බදු දී නැති නම් හෝ උකසකට යටත් නොවූ ඔප්පුවක් නම් පහසුවෙන් අදාළ පුද්ගලයාට ඇප ලබා දිය හැකි ය.

කොන්දේසි ඇතුළත් ව තිබෙන ඔප්පුවක් ඇප ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි ය. ග්‍රාම නිලධාරි සහතිකය, ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඒ වටිනාකම සාපේක්ෂව 1% ක් හෝ 1.5% ක් ගෙවා වටිනාකම් සහතිකය ගත යුතු වේ. ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉඩම් සම්බන්ධව සහතිකය හෝ විකුණුම්කරයක් හැටියට ඇති ඔප්පුවක් නැතහොත් තෑගි ඔප්පුවක් අධිකරණය බාර ගනී.

ශරීර ඇපය යනු පුද්ගලයකු විසින් ඇප තැබීම වේ. මෙහි දී මුදල් ප්‍රායෝගිකව ගෙවිය යුතු නොවේ. නමුත් ඇපකරු අත්සන් කරන ඇපයේ යම් වටිනාකමක් තිබිය යුතුය. උදාහරණයක් වශයෙන් ලක්ෂ 5 ක ශරීර ඇප තැබීමට නියම වූ විට හැඳුනුම්පතේ ඇති පුද්ගලයා එය පෙන්වා බැඳුම්කරයකට අත්සන් කළ හැකිය. සැකකරු පැන ගොස් හෝ අධිකරණයට නොපැමිණියහොත් හෝ ඇප මුදල් වටිනාකම ශරීර ඇපය ගෙවන පුද්ගලයාට ගෙවීමට සිදු වේ.

සුළු තුවාල කිරීම් හා යම් යම් මතභේද ආරවුල් සම්බන්ධව පුද්ගලික ඇප තැබීමට හැකිය. එවැනි අවස්ථාවල දී අධිකරණය මගින් එම පුද්ගලයාට ම ඇප තැබිය හැකි පරිදි කොන්දේසි නියම කරනු ලැබේ. මැයි 9 වැනිදා සිද්ධියෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අරභයා නීතිඥ මහතුන් අදාළ නෛතිකත්වය පැහැදිලිව නිර්වචනය  නොකිරීම නිසා තත්වය ඉතාම ඛේදජනක වී තිබේ.

එය නීතිඥ මහතුන්ගේ පැවැත්ම සඳහා  ගන්නා උපායමාර්ගයක් ද යන්න ගැටලු සහගතය.  අදාළ පොලිසියේ ස්ථානාධිපතිට පොලිස් ඇපයක් නැතිනම් බැඳුම්කරයක් මත මුදා හැරීමට තිබෙන පසුබිම අමතක කොට ප්‍රාදේශීය දේශපාලන මන්ත්‍රීවරුන් ගේ ඕනෑ එපාකම් මත දිගින් දිගටම ඇප නොලැබීම නිසා අදාළ පවුල් මේ වන විට ඉතා අසරණ වී තිබේ.

– සුමිත් කොඩිතුවක්කු

විවරණ 1

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න