වසර 2026 සිට ලංකාවේ අලුත් අවුරුද්ද සමරන්නට නො හැකි වනු ඇති බව සිව්හෙළ ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රවීන දේශක පුරවැසි විද්‍යාඥ ආචාර්ය උපාලි චන්ද්‍රසිරි මහතා පැවසීය.

ජුලියස්ගේ කැලැන්ඩරය  පාස්කු සතිය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් ඊයේ (17)  කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

ජුලියස්ගේ කැලැන්ඩරයට අනුව කතෝලික ජනතාවගේ දුක්කදායි සතියක් වන පාස්කු සතිය තුළ සිංහල දෙමළ අලුත් අවුරුදු යෙදෙන නිසා ඉදිරියේ දී අපිට අවුරුදු සමරන්න නොහැකි වන බව පෙන්වා දිය හැකියි.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට අදාළව රාජ්‍ය උත්සවය නොපැවැත්වීමෙන් සිංහල දෙමළ අලුත් අවුරුදු සඳහා ආණ්ඩුවේ ප්‍රධානීන් සහභාගී නොවී මෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදීමෙන් රජය  සහ ආණ්ඩුව එම මෙහෙයුම ආරම්භ කර ඇති බව ද පෙන්වා දිය හැකියි.

මෙම ගැටුම අතික්‍රමණය කිරීමට ඇති නිවැරදිම සහ හොඳම උපක්‍රමයත් සිංහල ගණිත චන්ද්‍ර සූර්ය දින දර්ශනය අනුව අපගේ අලුත් අවුරුද්ද උදාකර ගැනීම බව අප මේ අනුව රටටම ලොවටම කියා දෙන බව ද ප්‍රකාශ කරන්නට කැමැතියි.

ඒ සඳහා පෙළ ගැහෙමු කියා අප ඉල්ලා සිටිනා. සැලැස්මකට අනුව එකතු වී තම තමන්ගේ දායකත්වය ලබා දෙමින් වැඩ කරමු කියා කියනවා. ඒ ඔස්සේ නැවතත් අපි අපේ සංස්කෘතීන් සභ්‍යත්වයන් ශිෂ්ඨාචාරයන් ගොඩනඟමු යැයි ද සිව්හෙළ ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රවීන දේශක පුරවැසි විද්‍යාඥ ආචාර්ය උපාලි චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න