නව වසරට අලුත් ආරම්භයක් ලබා ගැනීමට සියලු දෙනා අදිටන් කළ යුතුයි”.

පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ දී (16) චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයේ දී ඇමතිවරයා එසේ කීය.

කෙටි අලුත් අවුරුදු සුභ පැතුමක් එක් කරමින් ඒ මහතා මෙසේ ද කීය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද  වෙනුවෙන් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවය  ජාතික සත්ව  උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන අතර මෙහිදි අලිඇතුන්ට විශේෂීත කිරිබතක් පිළියෙල කර ලබා දීම සිදුකරයි. එමගින් නීරෝගීත්වය අපේක්ෂා කරනු ලබ බව ද හෙතෙම කීය..

මෙම අවස්ථාවට ජාතික සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී රාජපක්ෂ මහතා ඇතුළු කාර්යය මණ්ඩලය සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න