අලුත් අවුරුදු සමයේ අගනගරයේ සිට  ගම්බිම් බලා එන  මගි ජනතාව වෙනුවෙන්  ශ්‍රි ලංගම රුහුණු  ප්‍රාදේශිකය  විසින්  දුරගමන් සේවා සදහා අමතර බස්රථ 30කට අධික  සංඛ්‍යාවක් යොදවා ඇති බැව් ශ්‍රිලංගම රුහුණු  ප්‍රාදේශිකයේ  ප්‍රධාන  ප්‍රා දේශිය කළමණාකරු  උපුල් චන්දන මහතා පවසයි.

 අලුත් අවුරුදු සමයේ මගි ජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව  ගම්බිම් බලා පැමිණිම සදහා මෙක අමතර බස්රථ යොදවා ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල ,මාතර, හම්බන්තොට යන  යන නගරවල සිට මෙකි දුර ගමන් සේවා බස්රථ ක්‍රියාත්මක  වේ.

සුළු සුළු කාර්මික දෝෂ හේතුවෙන්  ධාවනයෙන් ඉවත්කොට තිබු ශ්‍රිලංගම බස්රථ 25ක් පමණ මේ වනවිට අලුත්වැඩියා කොට  ධාවනයට එක්කොට ඇති බවද රුහුණු ප්‍රා දේශිකයේ ප්‍රධාන  ප්‍රා දේශිය කළමණාකාරවරයා පවසයි.මෙකි ව්‍යාපෘතිය  ශ්‍රිලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ  උපදෙස් මත  ක්‍රියාත්මක වන බවද උපුල් චන්දන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න