දේශීය සංචාරකයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථ දෙකක් මූනට මූනලා ගැටීමෙන් එක් මෝටර් රථයක ගමන්ගත් කුඩා ළමයෙකු බරපතල ලෙස තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත් කර ඇති බව යටියන්තොට පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

(29) දින පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට හම්බෙල්ලාව ප්‍රදේශයේදීය.

නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණ ආපසු වාද්දූව දක්වා ධාවනය වූ මෝටර් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කොට්ටාවේ සිට කිතුල්ගල දක්වා සංචාරයක් සදහා එකම පවුලේ පිරිසක් රැගෙන ධාවනය වූ මෝටර් රථයේ රියදුරාට නින්ද යෑමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන යටියන්තොට පොලිසියේ නිළධාරින් කියා සිටියේ.

අනතුරින් මෝටර් රථ දෙකටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න