ගාල්ල කොටුව සඳහා විශේෂ රථවාහන සැළැස්මක් සකස් කිරීම පිළිබඳව වූ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ ,හිටපු ගරු ආණ්ඩුකාරවර ,වත්මන් ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂක ජෙනරාල්  රජිත කීර්ති තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ඊයේ 04/09 පස්වරුවේ පැවැත්විණි ..

ගාල්ල නගරයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම කෙන්ද්‍රස්ථානය ගාල්ල කොටුව වන අතර එහි අභ්‍යන්තරයේ වර්තමානයේ පවතින දැඩි රථවාහන තදබදයක් අවම කිරීම ප්‍රධාන අරමුණ කොටගෙන,
ගාලු කොටුව පදිකයන්ට පමණක් වෙන්වූ කලාපයක් ලෙස සංවර්ධන කිරීම අරමුණ  කොට ගෙන මූලික අදියරේ ඒ වෙනුවෙන් ගාල්ල මහ නගර සභාව සතු ගාල්ල සමනල ක්‍රීඩාංගණයට යාබද දැනට ප්‍රයෝජනයට නොගන්නා වතුර සහිත පර්චස් 150 බිම් කඩ ගාල්ල මහ නගර සභාවේ දායකත්වය යටතේ රථවාහන නැවතීමේ අංගනයක් ස්ථාපිත කිරීමේ වෙනුවෙන් මෙහිදී අවධානය යොමු විය..

රැස්වීමෙන් අනතුරුව යෝජිත රථවාහන අංගනය ඉදි කිරීමට නියමිත කොටු බැම්ම පාමුල සමනල ක්‍රීඩාංගණයේ පිටුපස බිම් කොටස  නිරීක්ෂණ චාරිකාවක් සදහා ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂක ජෙනරාල් තෙන්නකෝන් මහතා,දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා,ආණ්ඩුකාර ලේකම් කේ. යූ චන්ද්‍රලාල් මහතා,නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ,ගාලු උරුමය පදනමේ නිලධාරීන් ,ආණ්ඩුකාර උපදේශක සුනිල් දහනායක මහතා,ගාල්ල මහ නගර සභාවේ කොමසාරිස්වරිය ,පොලිස් ප්‍රධානීන් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී විය ..

මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර උපදේශක සුනිල් දහනායක මහතා,දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා,ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් රාජකරුණා මහත්මිය ,නියෝජ්‍ය පොලිස්පතිතුමා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිතුමා , ගාලු උරුමය පදනමේ සභාපතිතුමා ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා,මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ,ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්තුමා ,ගාල්ල නාගරික කොමසාරිස්තුමිය,දකුණු පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකතුමා,ගාල්ල සහ මාතර ප්‍රාදේශීය සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂතුමා,නාගරික ඉංජිනේරුතුමා(මහ නගර සභාව ගාල්ල)ගාල්ල කොටුව ත්‍රීරෝද සංගමයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ ..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න