දින හතක කාලයක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 42ක් අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිප් වීරසේකර මහතා පවසන ලද්දේ හැටන්, ගිනිගත්හේන, පොල්පිටිය, නල්ලතන්නිය, මස්කෙළිය, ඇතුළු හැටන් කොට්ඨාශයේ පොලිස් ස්ථාන මගින් ශ්‍රිපාදයේ පැමිනෙන වන්දනාකරුවන් පරික්ෂා කිරිමේදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි 42 ක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පිරිසෙන් වැඩිම පිරිසක් තරුණ පිරිස බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සියළුම දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බවද ප්‍රදිප් වීරසේකර මහතා වැඩි දුරටත් පවසන ලදි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න