ආයුර්වේද ඔසු සැලක් පවත්වාගෙන යමින් මදන මෝදක විකිණීමට බලපත්‍රයක් ඇතැයි පොලිසිය නොමග යවමින් ව්‍යාජ බලපත්‍රයක් යොදා ගනිමින් දිවුලපැලැස්ස පොලිස් වසමට අයත් හෙබරව, මංසන්දියේ තිබෙන ඔසු සැලෙක අලෙවිය සදහා තිබූ මදන මෝදක කිලෝ (05) යි ග්රෑම්( 355)ක් සමග එහි සේවකයකු අද 27 දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලීසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩී. දේශප්‍රිය මහතා පැවැසීය..
දිවුලපැලැස්ස පොලීසියේ විශේෂ කාර්යංශ බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරට අනුව එම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති පො.සැ.4213 වික්‍රමපාල මහතා ඇතුලු පොලිස් නිලධාරින් පිරිසක් විසින් පොලිස් උපාය දූතයෙකු එම ඔසු සැලට යැවු අවස්ථාවේ එහි සේවකයා විසින් පොලිස් නිළධාරියකු බව නොදැන එම නිළධාරියාට මදන මෝදක ගුලි අලෙවි කර තිබේ.
ඒ අනූව එම ආයුර්වේද ඔසු සැල පරික්ෂා කිරීමේදී එහි සගවා තිබු තවත් මදන මෝදක ගුලි පාර්සල් කිහිපයක් හමුවී ඇත. එම පාර්සල් වල සහ අලෙවිය සදහා විවෘත කල පාර්සලය තුල තිබු කුඩා ගුලි ග්රෑම් (15) පැකට් ( 357) තිබු බවත් එහි බර කිලෝග්‍රෑම්( 05) ග්රෑම් (355) බවත් අත් අඩංගුවට ගත් ඔසු සැලෙහි සේවය කරන සැකකරු වයස අවරුදු 23 වන දෙහිඅත්තකණ්ඩිය නව මැදගම ප්‍රදේශයේ තරුණයකු බවපොලිසිය පවසීය.
තවද පොලිසිය පවසන ආකාරයට මෙම ඔසු සැල තිබෙන ස්ථානයේ සිට එම ප්‍රදේශයේ පාසලට මිටර් 100 ක් පමණ දුරක් ඇති බවත් පාසැල් දරුවන්ට සහ ප්‍රදේශවාසීන් හට මෙම ඔසු සැලෙන් මදන මෝදක ගුලි අලෙවි කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත දීර්ඝ කාලයක් තිස්සේ කල විමර්ශන වලට අනුව මෙම වැටලීම සිදුකළ බවත් ඒ අනුව මදන මෝදක ගුලි විකිණීමට යොදා ගෙන තිබු ආයුර්වේද බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකළ බවත් අත්අඩංගුවට ගත් මදන මෝදක සහ සැකකරු මහියංගනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.