කොළඹ ව්‍යාපාරික ස්තානයක සේවයෙහි නියුතු මුදල් බැංකුගත කිරීමේ නිලධාරියකු පැහැරගෙනෙන ගොස් තර්ජනය කර ඔහු සතු රුපියල් ලක්ෂ 16 ක මුදලක් කොල්ලාකෑ බව කියන වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවා තබාගෙන ප්ර්ශ්න කිරීමට කොළඹ ප්රකධාන මහේස්ත්රාොත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (26) කෙසෙල් වත්ත පොලීසියට අවසර ලබා දුන්නාය.

මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා සැකකරුවන් සිව්දෙනාගෙන් ප්රසශ්න කිරීමට අවශ්ය්ව ඇති බැවින් පැය 48 ක් ඔවුන් රඳවා තබාගෙන ප්ර්ශ්න කිරීමට අවශ්යක නියෝගයක් ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්රාිත්වරිය එම අවසරය ලබා දුන්නාය.

වැලිකඩ පොලිසියේ ඩී.කසුන්, එම්. රිෂාන් උදිත කුමාර යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා හා වත්තල ප්ර්දේශයේ පදිංචිකරුවන් වන සෙලම්බරණී ශිවා හා සෙබස්තියන් කනගරාජා යන සැකකරුවන් එසේ රඳවා තබාගෙන ප්රිශ්න කිරීමට නියෝග කෙරුණි.

කොළඹ 12 ලිපිනයේ පදිංචි බාලචන්ද්ර‍න් කෝකිලන් යන අයගේ නිවසේ ව්යාගපාරික කාර්යාලයේ මුදල් බැංකු ගත කිරීමේ නිලධාරිකු කෙසෙල් වත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

‎බාලචන්ද්රවන් කෝහිලන් නැමැති ව්යාගපාරිකයා රුපියල් ලක්ෂ 16 ක් බැංකු ගත කිරීම සඳහා පැමිණිලිකරුට ලබාදී ඇති බවත් පැමිණිලිකරු එම මුදල් කෙසෙල්වත්ත ප්රාදේශයේ බැංකුවක බැර කිරීම සඳහා ගොස් සිටි අවස්ථාවකදී පුද්ගලයන් තිදෙනෙකු ඔහු අසලට පැමිණ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙන් යැයි පවසා ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

පැමිණිලිකරු සන්තකයේ ව්යාකජ මුදල් නෝට්ටු ඇති බවට තර්ජනය කර බිය ගන්වා ඇති එම පුද්ගලයන් තිදෙනා පැමිණිලිකරුව ත්රීව රෝද රථයකින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන යන බව පවසා දෙමටගොඩ ප්රසදේශයේ පන්සලක් අසලට රැගෙන  ගොස් ඔහු සන්තකයේ තිබූරුපියල් ලක්ෂඩ 16 ක මුදලක් බලෙන් පැහැරගෙන පලා ගොස් ඇති බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

‎‎‎මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති  විමර්ශණ අනුව ශිවා නැමැති පුද්ගලයකු යටතේ සේවය කරන නරේන්ද්රමන් හා ගයාන් යන දෙදෙනෙකුගේ දැනුම්දීම පරිදි  පුසා නැමැති අනුවර්ථ නාමයකින් හදුන්වන පුද්ගලයෙකු  බාලසුරිය හා කුමාර යන පොලිස් නිළධාරින් සම්බන්ධ කර ගනිමින් මෙම අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

‎‎මෙම අපරාධය සිදුකිරීම සඳහා අනුබල දුන් එම සැකකරුවන් කීපදෙනෙකු මේ වන විට සැගව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අවශ්යතව ඇති එබැවින් ඒ සඳහා  නියෝගයක් ලබාදෙන ලෙස කෙසෙල්වත්ත පොලිසිය කරන ලද ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමි විය.

මෙවැනි ආකාරයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ආදුරුප්පුවීදීය පොලිස් වසමේ ජින්තුපිටිය ප්රුදේශයේදී පසුගියදා සිදුව ඇති බවත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඊට සම්බන්ධ දැයි යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

‎‎ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරුවන් පැය 48ක් රඳවා ගෙන ප්ර ශ්න කිරීමට අවසර ලබාදුන් අතර සිද්ධියට අදාළ පිළිබඳ ප්රණගතිය සඳහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළාය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න