පුද්ගලික බස්රථ වලින් මහජනතාවට වන හිරිහැර  පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රවාහන අමාත්‍යංශයට පැමිණිලි කිරීමට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානාය පියවර ගෙන තිබේ.

පුද්ගලික බස්රථ වලදි මගින්ට සිදුවන අකටයුතු කම් පිලිබඳව අමාත්‍ය වරයාට ලිඛිතව ලිපියකින් දැනුවත් කිරීමට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ප්‍රවාහන මහාමාර්ග වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඊයේ (24) මේ සම්බන්ධයෙන් කොළඹ දී පැවැති මාධය හමුවක දී  අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා පැවසීය.

ලංකාවේ පුද්ගලික ප්‍රවාහන සේවාවක් වන පුද්ගලික බස්රථ වලින් ජනතාවට සිදුවන  හිරිහැර කරදර පිළිබඳව නිසියාකාරව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා මහජනතාව ඉතා  අසීරුතාවයකට පත්වන බවද ඒ මහතා කීය‍.

සමහර බස් ධාවනය කරන කොන්දොස්තරවරු හා රියදුරුවරුන් නොයෙකුත්  මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසි නිල ඇඳුම් භාවිතා නොකිරීම අධික වේගයෙන් ධාවනය හා  මන්ද වේගයෙන් ධාවනය කිරීම නිසා මගි ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවද ඒ මහතා කීය.

ජනතාවට හිරිහැර වන ලෙස ශබ්දවාහිනී විකාශය කිරීම  නොයෙකුත් රටා  වලින් ආලෝක බුබුළු දැල්වීම (නයිටි ක්ලබ් ආකාරයට) ජනතාවට  ආමන්ත්‍රණය කිරීමට සුහදශීලී බවක් නැතිකම ද දැකිය හැකි බවද ඒ මහතා පැවසීය.

බස් රථය ධාවනය කරන ගමන් අපරික්ෂා ලෙස දුරකථනය නිතර භාවිතා කර  මහමග සිටින තැරැව් කාරයන් සමග පණිවිඩ හුවමාරු කරගැනීම ඒ සඳහා ඔවුන්ට  ද දිනකට විශාල මුදලක් ලබාදීම,මගීන්ගේ ඉතුරු මුදල් නොදීම (පොඩි සල්ලි නෑ කීම)  ප්‍රමිතියට ආසන නොමැති වීම දැකිය හැකි බවද ඔහු කීය.

සමහර බස්වල ජම්පින් සීට් ගලවා හිටගෙන මගීන්  ගෙනයාම, අර්ධ සුඛෝපභෝගී නාමය යටතේ ජනතාවගේ මුදල් මංකොල්ල කෑම ආදී  ක්‍රියා නිසා මගියාට ඉතා අසාධාරණකම් සිදුවන බවක් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනතාවට වගකියන  රජයක් ලෙස මෙම ගැටළුවලට කඩිනම් පිළිතුරු ලබා දී නීතිය ක්‍රියාත්මක කරන ලෙස  අප සංවිධානය ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් දැනට තිබෙන නිතීරිති යාවාත්කාලීන කර නව නිතී සම්පාදනය කරන ලෙස ද ඒ මහතා මෙහිදී ඉල්ලා සිටියේ ය.

මේ පිළිබඳව වැඩි මනත් කථිකාවක් ඇතිකර ගැනීම සඳහා  අප සංවිධානය ප්‍රමුඛ සිවිල් සංවිධාන සඳහා අමාත්‍ය වරයා සමග ඝෘජු සාකච්ඡාවක්  ලබාදෙන ලෙස අප සංවිධානය පියවර ගන්නා බව ද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න