ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවකට අනුව ඉමදුව ප්‍රාදේශිය සභාව විසින් මිට වසර 17කට පමණ ඉහතදි රුපියල් අනුහයලක්ෂ,පන්දහස් අටසිය අසු දෙකක  (9,605,882) මුදලක් වැයකොට  ඉමදුව නගරයේ   ඉදිකරණු ලැබු වෙළෙද සංකීර්ණය   පලදායි ආර්ථික කටයුත්තකට  යොදා ගැනිමට හැකි පරිදි  අවශ්‍ය කටයුතු සිදුකර නොතිබු බව  අනාවරණය වි ඇත.

වර්ග මිටර් 260කින් යුත් මෙකි වෙළද සංකිරණය කඩකාමර 14කින්  සමන්විත වේ. ශඛ්‍යතා  අධ්‍යයනයකින් තොරව  මෙම වෙළද සංකිරණය ඉදිකොට තිබු අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කරණු ලැබු නිර්දේශ ක්‍රියාත්මක නොකිරිම නිසා  මෙකි  වෙළද සංකිරණය පලදායි ආර්ථික කටයුත්තකට  යොදාගත නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රාදේශිය සභාව විසින් විගණනයට සදහන් කොට  ඇත්තේ  මෙකි වෙළද සංකිරණය පලදායි ආර්ථික කටයුතු  යෙදවිමට සැලසුම්කොට ඇති බවය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න