රබර් බැලුමය හිරි වී එකොළොස් හැවිරිදි සිසුවා මිය යයි!
නෙළුව කිනියාවල ධනවල .ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මිය ගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.
(19) දින පස්වරුවේ මියගිය පාසල් දරුවා සිය නැගණිය සමග නිවසේ සෙල්ලම් කරමින් සිට ඇත.එහිදී මෙම දරුවා බැලුම් බෝලයක් මුඛයේ රඳවාගෙන සෙල්ලම් කරමින් සිට තිබෙි. බැලුම් බෝලය මෙම දරුවාගේ උගුරේ සිරවී ඇති අතර මොහු නෙළුව රෝහලට ඇතුළත් කොටඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගොස් ඇත්තේ නෙළුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක පහ ශ්‍රේණිය ඉගෙනූ ලබන සිසුවෙකි. මියගියමියගිය පාසල් සිසුවාගේබපශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20) උඩුගමබරෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.