පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් සියයට 63 ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත් වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත් මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව මුඛ පිළිකාව ලෙස වාර්ථා වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ඊයේ (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයේ දීය. එම උත්සවය කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේ දී පැවැත්විණි.
“සුවැති මුවක් – සුවැති මනසක්” යන්න තේමා කරගනිමින් මෙම වර්ෂයේ දී ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය එක්ව මෙම ජාතික උත්සවය සංවීධානය කර තිබිණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති වරයා මෙසේ ද කීය.
මුඛ රෝග ලොව සුලභම රෝග ගණය ලෙස හඳුනාගෙන ඇති බවත් ලොව ජනගහනයෙන් බිලියන 3.7 ක්, එනම් අඩකට ආසන්න ප්‍රමාණයක් මුඛ රෝගවලින් පීඩා විඳින බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මුඛ රෝග තමන්ගේ ම වැරදි පුරුදු හා බැඳී පවතීන බව ද ඇමති වරයා පැවසී ය.
අධික සීනි භාවිතය නිසි පරිදි දවසට දෙවරක් දත් නොමැදීම ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතා නොකිරීම දුම්කොළ හා පුවක් සැපීම මත් වතුර පානය මුඛ රෝග ඇතිවීමට ප්‍රධාන අවදානම් සාධක ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම අයහපත් පුරුදුවලින් මිදෙන්නේ නම් මුඛ රෝග මුළුමනින් ම වළක්වා ගත හැකි බව ද ඇමති වරයා කියා සිටියේ ය.
ලංකාවේ දන්ත වෛද්‍යවරුන් 1700 ක් පමණ සේවය කරන බව ඇමති වරයා කීය.
මුඛ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2025 වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 81.5 ක මුදලක් වෙන් කර තිබෙන බව ද ඇමති වරයා කීය.
ෆ්ලෝරයිඩ් සහිත දන්තා ලේප භාවිතය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ම පිළිගෙන තිබෙන බවත් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතයට මෙරට ජනතාවට හුරුවන්න කියන පණිවිඩය ජනමාධය හරහා ජනතාව වෙත ලබා දෙන ලෙස ද ඇමතිවරයා මෙහි දී ප්‍රකාහ කළේය.
මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක පුරාවට දිවයින ම ආවරණය වන පරිදි මුඛ සෞඛ්‍ය වෙනුවෙන් විවිධ සෞඛ්‍ය වැඩසටහන් සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බව ද ඇමති වරයා ප්‍රකාශ කළේය.