වසර 370 කට පෙර ලංකාවෙන් කොල්ලකා රැගෙන ගිය  මෙරට වටිනා දුර්ලඹ පුරාවස්තු හයක් (06) මෙරටට භාර දීමට නෙදර්ලන්තය (ලන්දේසී/ඕලන්න ආණ්ඩුව)  තීරණය කර තිබේ.

යටත් වජිත සමයේ දී ලන්දේසි පාලකයන් අපේ රටින් හොරකම්කර ගෙන ඔවුන්ගේ මව්බිමට රැගෙන ගිය පුරා වස්තු හයකට අධික ප්‍රමාණයක් යළි මෙරටට ලබා දෙන්නට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය.   

1658-1796 කාලයේදී ලන්දේසීන් විසින් ලංකාව යටත් කර ගෙන තිබිණි.

මෙරටට නැවත ලැබීමට නියමිත කෞතුක භාණ්ඩ අතර පේරැස් මුද්දක්,ඇත් දළ ආභරණ මංජුසාවක්,මහ තුවක්කු දෙකක්,ඇත් දළයෙන් නිමකළ කුඩා වංගෙඩිය සහ මෝල් ගස,ඉපැරැණි තේක්ක පුටුවක් ආදි වශයෙන් මේවා නම් කර ඇති බවද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය.

ඒ අනුව ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරා වස්තු 06ක් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) මැදිහින්වන බව ද ඇය ප්‍රකාශ කළාය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී (18) පැවති හමුවක දී මෙම තිඍණය ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ස්කෑන් යන්ත්‍ර පරිත්‍යාග කිරීම දෙරට අතර ඓතිහාසික සබඳතා අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු කරුණු රැසක් පිලිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවට නෙදර්ලන්ත තානාපතියගේ සංස්කෘතික කටයුතු පිලිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු කලාපය භාර සහකාර ලේකම් තිවංකා අතුරලිය,ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි, අතිරේක ලේකම් (ජාතික උරුම) සුජීවා පල්ලියගුරුගේ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්වූහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න