(01) රමක්කන ගමේ පොලිසිය ගෙයක් යතුරු පැදියක් ගිනි තියලා!
රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් පහර දුන්නැයි සැකකරු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිය දී පිරිසක් සැකකරුගේ නිවසකට පෙරේදා 16 වැනිදා රාත්‍රි ගිනි තබා නිවස හා යතුරු පැදියක් පිළිස්සී විනාශ වී ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සේවය කරන 48 හැවිරිදි වීරද්දන සංජය නයන කුමාර නැමැති දෙදරු පියෙකි.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ඉහළ තනතුරක් දරණ බවත් බිරිද ගුරුවරියක් බවත් ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටින බවත් පොලිසිය පැවසීය. අධික බිමත්කම නිසා බිරිද සැමියා හා දරු දෙදනා අතහැර දමා විදේශ ගතව ඇති බවත් පසුව දරු දෙදනා ලොකු අම්මා ළග දැනට හැදී වැඩෙමන් සිටින බවත් පොලිසිය පැවසීය.
ඉකුත් 15 වැනිදා රාත්‍රි සැකකරු පිරිසක් සමග නිවස ඉදිරිපිට මාර්ගයේ දී බහින් බස් වීමක් සිදුව ඇති බවත් පසුව සැකකරු පොල්ලකින් පුද්ගලයෙකුගේ හිසට පහර දී ඇති බවත් පොලිසිය පැවසීය. පහර දීම සිදු කර ඇත්තේ තුවාලකරු සැකකරු සමග මත්පැන් පානය කිරීමට නොපැමිණෙනවා යැයි අනාවරණය වු බවත් පොලිසිය පැවසීය. පසුව තුවාලකරු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර වැඩිදුරටත් ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව පොලිසිය සැකකරු අත් අඩංගුවට ගෙන පෙරේදා 16 වැනිදා කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
පසුව මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුගේ මිතුරන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුගේ නිවසට පෙරේදා 16 වැනිදා රාත්‍රි ගොස් නිවස ඉදිරිපිට නවතා දමා තිබුණු යතුරු පැදියට හා නිවසේ ඉදිරිපසට ගිනි තබා විනාශ කර ඇති බවත් පොලිසිය පැවසීය.
නිවසට හා යතුරු පැදියට ගිනි තැබීම සම්බන්ධයෙන් ඊයේ 17 වැනිදා කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක උපාලි ජයසේකර මහතා ඇතුළු පිරිසක් නිලධාරින් කණ්ඩායමක් විමර්ශන කටයුතු සිදු කෙරිණ.
(02) කවන්තිස්ස කඩු වලියේ එක් අයෙකුට බරපතලයි!
තිස්සමහාරාම කතරගම පාරේ කාවන්තිස්සපුර එච්.එන්.ටී. හෝටලය අසලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමේන් පුද්ගලයන් දෙදෙනකු කඩු ප්‍රහාරයට ලක්වී බරපතල තුවාල ලබා කතරගම ප්‍රාදේශීය රෝහලට 16දා දහවල් ඇතුලත් කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සගම 71 ඒ ලිපිනයේ පදිංචි ඩබ්ලිව් .ඩබ්ලිව් .ගාමිණී නැමති අවුරුදු 44 ක් වයස ඇති පුද්ගලයෙකි. කතරගම රෝහලේ ප්‍රතිකාර ලබන සෙසු තුවාලකරු තිස්සමහාරාම කාවන්තිස්සපූර 16 ඒ ලිපිනයේ පදිංචි ඩබ්ලිව් .ඩබ්ලිව් .චමින්ද නමැති අවුරුදු 39ක ක් වයස ඇති පුද්ගලයෙකි.
කාවන්තිස්ස පුර සෙවණ ගම්මානයේ කසුන් සඳුන්, සංජීව හා කවිදු යන සිව් දෙනා පැරැණි ආරවුලක් මුල් කරගෙන තුවාලකරුවන් සමග ගුටිබැට හුමාරු කරගැනීමේදි මෙම පහර දීම සිදුකල බව තුවාලකරුවන් තිස්සමහාරාම පොලිසියට පවසා තිබේ.
මෙම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර තිස්සමහාරාම පොලිසිය ඔවුන් සොයා මෙහෙයුමක් දියත් කර තිබේ. මේ සඳහා වැඩිදුර පරීක්ෂණ තිස්සමහාරාම පොලිසිය විසින් පවත්වන බව පොලිසිය පවසයි.
(03) පොල්ගහපිටිය ප්‍රජා ශාලාවේ හරුප කී බේබද්ධ පොලිසියෙන් අල්ලයි!
මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් පොල්ගහපිටිය ප්‍රජා ශාලාවේ 14 වෙනිදා පැවති සායනයට බීමත්ව පැමිණ අසභ්‍ය වචන කියමින් කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙකු (16) වෙනිදා පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
එහි පැමිණි මව්වරුන් විසින් 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරක් මත මැදගම පොලීසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් එහි සිටි අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සැකකරු පොලිස් භාරයටගෙන පොලිස් ඇප මත මුදාහැර තිබිණි.
එම ප්‍රදේශයේම පදිංචි තිස්දෙහැවිරිදි මෙම පුද්ගලයාගේ බිරිඳ දරුවාගේ බරකිරීම සඳහා පොල්ගහපිටිය ප්‍රජා ශාලාවට ගොස් ඇති අතර ආපසු පැමිණීමට ප්‍රමාදවීම නිසා මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් පරුෂ වචනයෙන් බැණවැදී තිබිණි.
එහි රාජකාරියේ යෙදී සිටි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වන ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව් දීපානී සේව්වන්දිකා මහත්මිය 14 වෙනිදා ඒ සඳහා විමර්ශනයක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශයක් ලබාදී තිබිණි.
නැවත ඇය (16) වෙනිදා පොලීසියට පැමිණ 14 වෙනිදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් එම පුද්ගලයා තමාගේ රාජකාරියට බාධාකළ බව පවසා ඇත.
ඒ අනුව තිස්දෙහැවිරිදි එම පුද්ගලයා රජයේ නිලධාරියෙකුට සාපරාදී බලහත්කාරය පෑම, වරදක් කිරීමේ අදහසින් අයුතු ඇතුල්වී පහරදීමට තැත්කිරීම, රාජකාරියට බාධාකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගෙන (17) වෙනිදා බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා තිබිණි.
මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පිට මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
(04) තණමල්ලවිල අයිස් චණ්ඩි ගම්වාසිහු බය කරති!
තණමල්විල ගමුන් බයකරගෙන අයිස් ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනකු ඇතුළු දාහතරක් පොලිසියට කොටු.
තණමල්විල හා අවට ප්‍රදේශවල ජනතාව බය කරමින් කලක සිට තණමල්විල ඇතුළු ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදා හැරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකුව ඇතුළුව සැකකරුවන් 14කු තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් 16 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූයේ තණමල්විල සූරිආර පදිංචි අවුරුදු 24 හා 35 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි. අත් අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 998ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා කලක සිට තනමල්විල හා අවට ප්‍රදේශවල මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ අසල්වැසියන් පවාබියකර මරණ තර්ජන පවා එල්ල කරමින් බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් දෙදෙනා මුළු තණමල්විල ප්‍රදේශයටම පිළිලයක් වී තිබූ බවද ගම්මුන් පවසති. අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශයේ ගංජා හෙරොයින් හා කසිප්පු ජාවාරම සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුව කසිප්පු ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු, විවිධ මත්ද්‍රව්‍ය වැරදි වලට අදාළව අධිකරණය මගහරිමින් සැඟවී සිටි වරෙන්තු කරුවන් 08කු හා මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් 02කු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය පැවසීය.
මොනරාගල දිස්ත්‍රික්කයබාර නියොජ්‍ය පොලිස්පති ප්‍රදීප කලුපහන, මොනරාගල කොට්ඨාශබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
(05) බල වයස්කාර දැරියට ලිංගික අපචාර සිදු කළ විදුහල් පති ගැන අවුලක්!
බාල වයස්කාර පාසල් සිසුවියකට අපචාරයක් කළ විදුහල්පතිවරයකු අධිකරණයෙන් වැරදිකරු වූූ පසු, ඉදිරි දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා මූලික විමර්ශනය පැවැත්වීමට පත් කළ නිලධාරියා ඉවත් කර එම පරීක්ෂණ මේ වන විට නවතා ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහලක සේවය කරමින් සිටියදී අදාල විදුහල්පතිවරයා වරදකරු බව ඉකුත් වසරේ(2024) අධිකරණයේ පිළිගෙන තිබේ. ඒ අනුව අධිකරණය මගින් වැරදිකාර විදුහල්පතිවරයාට වසර පහක සිර දඬුවම් නියම කර එය අත්හිටවූ සිරදඬුවම් වශයෙන් සහ රුපියල් පනස් දහසක(50000) දඩයක්ද නියම කළ බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මෙවැනි වරදක් කර අධිකරණයෙන් වරදකරු වූ සහ දඩ නියම කළ පුද්ගලයකුගේ රාජකාරී අත්හිටුවීම දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද හෙතෙම කියා සිටියි. ඒ අනුව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉකුත් වසරේදී මූලික විමර්ශන පැවැත්වීම සඳහා විමර්ශනා නිලධාරියකු පත් කරන ලදී.
එහෙත් වර්තමාන පාලනය තුළ මෙම නිලධාරියා මූලික විමර්ශන රාජකාරියෙන් ඉවත් කර තිබේ. මේ අපචාරය කළ පුද්ගලයා ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු බැවින් මේ අකටයුත්ත පිටිපස ප්‍රබල දේශපාලන අතකොළුවක් ක්‍රියාත්මක වන බව අනුමාන කළ හැකි යැයි ද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
(06) යක්කලමුල්ල පොලිස් අඩය බීමත් යතුරු පැදිකරුවෝ හප්පාගෙන යයි!
ජංගම පොලිස් රථයේ රාජකාරි කටයුතු කරමින් සිටියේදී යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශයේ දඩපිටිය වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අනතුරට පත්කරන ලද බීමත් යතුරු පැදිකරුවෙකු සහ එම යතුරු පැදියේ ගමන් ගත් තවත් පුද්ගලයෝ දෙදෙනෙක් (16දා) රාත්‍රී පොලිස් අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයි.
යක්කලමුල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සිදුවූ දින රාත්‍රී තෙල්ලඹුර දඩපිටිය වත්ත පුදේශයේ රාත්‍රී මුර සංචාරක රාජකාරි වල නිරතව සිට ඇත.
එම අවස්ථාවේ වේඟයෙන් පැමිණි මෙම යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇත එම අවස්ථාවේදී බීමත්ව මෙම යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා ඇතුළු තවත් දෙනෙකු එම ස්ථානයේ රාජකාරි කටයුතු කරන ලද පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ ඇත.
පසුව මෙම අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහල ඇතුළත් කළ ඇති අතර මෙම අනතුරෙන් එම පොලිස් නිලධාරියාගේ එක් පාදයකට තුවාල සිදුවී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු බීමත්ව සිට ඇති අතර එසේම මෙම යතුරුපැදියේ ගමන් ගත් අනිත් පුද්ගලයන් දෙදෙනා අතරින් එක් අයෙක් ලඟ තිබී නීති විරෝධී කසිප්පු තොගයක්ද සොයා ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45,38,34 යන වසස් වල පසුවන යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ තිදෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර වැඩිදුර පරීක්ෂණ වලින් පසුව මෙම සැකකරුවෝ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(07) දළ ගැළවී ගිය හස්තීයා අඹතලයේ දී සොයා ගනී!
පසුගිය 7 වන දා හබරණ, ගලපිට ගල ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී දකුණු දල ගැලවී ගිය “සුමේධ” හස්තියා සොයා එදින සිටම වනජීවී නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කල අතර සිද්දියෙන් දින 7කට පසු එනම් පසු ගිය 14 වනදා සවස 5.25ට සුමේධ හස්තියා මරදන්කඩවල, ලබුනෝරුව, පහල අඹතලය ප්‍රදේශයේ දී හදුනා ගන්නා ලදි.
පසුව එම හස්තියාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරී කටයුතු සූදානම් කලද එම හස්තියා රංචුවක් සමග සිටීම හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කිරීමට බාධා මතුව තිබේ. මෙම දින කිහිපයේම එම හස්තියා රංචුවෙන් තනි කර ගැනීමට වනජීවී නිලධාරී ඇතුළු මෙහෙයුමට සම්භන්ධ පිරිස් උත්සහ ගනිමින් සිටිති. මෙම හස්තියාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් 11 වන දිනටත් අද දින මෙහෙයුම් සිදු කරති.
රිටිගල වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමාසිංහ මහතාගේ මූලිකත්වයෙන් රිටිගල, ගනෙවැල්පොල වනජීවී කාර්යාල වල නිලධාරී මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගුවන් හමුදාවද මෙම මෙහෙයුම සදහා එක්ව සිටිති.
(08) බත්තුළුඔය ප්‍රදේශයේදී අනතුරින් 21 තුවාල ලබයි!
නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත නිකවැරටිය ඩිපෝවට අයත් ජනතා මගීප්‍රවාහන බස් රථයක් ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් බත්තුළුඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හා වෙළද සලක හා නිවසක ගැටීමෙන් බස් රථයේ සිටි පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
17 පෙරවරුවේ මේ අනතුර සිදුව තිබේ. මේ අනතුරින් නිවසේ නිදා සිටි කුඩා දරුවෙකු බේරී ඇත්තේ අනු නවයෙනි. ඔහු නිදා සිටි ඇද මතට නිවසේ තිබු අල්මාරියක් පෙරලි ඇති අතර දරුවාගේ අත පමණක් තුවාල වී තිබේ.
මේ අනතුරින් බස් රථයට බරපතල හානි සිදුව ඇති අතර බස් රථය ගසේ ගැටීමට පෙර විදුලි කණුවක ගැටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශය වැලකි තිබේ. එසේ නොවන්නට නිවසේ සිටි කීප දෙනෙකුට හානි වන්නට ඉඩ තිබිණි. තුවාල කරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබයි. ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(09) ඇතුගල් පුරවරයයේ පළාත් පාලන මතිවරණයට පොහොට්ටුව පිපෙයි!
මෙවර 17 වෙනි දින ආරම්භ වූ ආ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මීගමුවේ අසිරිමත් දේව මතා මහා විද්‍යාලයෙන් (ජාතික පාසල) පෙනී සිටින සිසු දරුවන්ට පැය භාගයකට වැඩි කාලයක් විභාගය පැවැත්වෙන ශාලා පරිශ්‍රයට ඇතුල්වීමට ඉඩ නොදීම නිසා මහා මාර්ගයේ රැඳී සිටීමට සිදුවූ බව දෙමව්පියෝ පැවසූහ, නිවසින් සන්සුන් මනසකින් පැමිණි මෙම සිසු දරුවන්ට මෙවැනි කාලයක් මහ මාර්ගයේ රැඳී සිටීමට සිදුවීම තරමක අපහසුතාවක් ඇතිවුණු බැවින් බලධාරීන්ගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියහ.
(10) තපැල් වර් ජනය අවුල් නිසා ලිපි බෙදීම අඩාව වෙයි!
තැපැල් වර්ජනය නිසා දිවයින පුරා තැපැල් ස්ථාන විවෘත උනත් ලිපි බෙදීම පාර්සල් බෙදීම දින දෙකක් නවතියි.
තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති දින දෙකක වර්ජන ක්‍රියාමාර්ග නිසා (17දා) උදෑසන සිට දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල ඇතුළු උප තැපැල් කාර්යාල විවෘතව තිබුණද ලිපි සහ පාර්සල් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
ඒ අනුව අද සහ හෙට යන දින දෙකක කාලය තුළ මෙසේ දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල වල දෛනික ලිපි බෙදාහැරීමේ කටයුතු සහ පාර්සල් බෙදාහැරීමේ සම්පූර්ණයෙන්ම නැවති ඇත.
ඊයේ රාත්‍රී මෙම තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දින දෙකක වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවන බව ප්‍රකාශ කළද. අද උදෑසන තැපැල් කාර්යාලට වලට තැපැල් සේවකයෝ බහුතරයක් වාර්තා කර නැති අතර එම නිසා මෙසේ මෙම වැඩවර්ජන සිදුවන දින දෙකක කාලය තුළ දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල වල ලිපි බෙදාහැරීමේ සහ පාර්සල් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් මෙසේ නතරවී ඇත.
එසේම මෙම වර්ජන ක්‍රියාමාර්ගයට තැපැල් ස්ථානාධිපතිවරුන් එක්නොවීම නිසා දිවයින පුරා මෙසේ තැපැල් කාර්යාලය විවෘතව පවතින අතර නමුත් අනිකුත් තැපැල් සේවකයෝ මෙම වර්ජනයට එක්ව ඇති බව තැපැල් වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(11) කාත්තන්කුඩි පොලිසිය මත්පෙති 4000ක් මත් පෙත්තුකු අල්ලයි!
කාත්තන්කුඩි පොලිසිය විසින් මත්ද්‍රව්‍ය පෙති හාරදහසක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි. රත්නායක මහතා පැවසීය.
සැකකරු කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කන්කේයනෝඩයි, බද්‍රර්පල්ලි පාරේ පිහිටි ඔහුගේ නිවසේ සිට මත්ද්‍රව්‍ය පෙති අලෙවි කරමින් සිට ඇත.
(16) රාත්‍රියේ පොලිසිය විසින් 35 හැවිරිදි සිව්දරු පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය පෙති හාරදහසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලිරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ සහ කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති රත්නායක මහතාගේ නායකත්වයෙන් යුත් කාත්තන්කුඩි පොලිසිය විසින් සිදු කරන ලද හදිසි සෝදිසි කිරීමකදී අදාළ පුද්ගලයා පෙති 4000 සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. කාත්තන්කුඩි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(12) මියගොස් සිටි අඹුසැමි යුවලකගේ සිරුරු බගවන්තලාව හමු වෙයි!
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුල දින කිහිපයකට ප්‍රථම මියගොස් සිටි අඹුසැමි යුවලකගේ සිරුරු බගවන්තලාව පොලිසියේ නිලධාරීන් විසින් (16) දින සොයාගෙන ඇත.
මෙසේ සොයාගනු ලැබුවේ සින්නයියා විජේකුමාර් (39) සහ පෙරුමාල් ගෞරු (37) යන අයගේ සිරුරුයි.
ඉකුත් (14) දින සිට තම සොහොයුරාගේ සහ ඔහුගේ බිරිද දැකිමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලිමේදි නිවස තුලින් දුගන්ධයක් හැමිම නිසා ඒ සම්බන්ධයෙන් විපරම් කිරිමේදි අඹුසැමි යුවල නිදාසිටි ඇද මත මියගොස් සිටි බව මියගිය සින්නයියා විජේකුමාර්ගේ සොහොයුරා විසින් බගවන්තලාව පොලිසියට ප්‍රකාශයක් ලබාදි ඇත.
මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරීන් විසින් නිවස තුලදි වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, මෙම වස පානය කර සියදිවි හානි කර ගැනිමක් බවට පොලිසිය සැකකරයි.
මියගිය කාන්තාව මිට ප්‍රථම විවාහ වි ඇති කාන්තාවක් බවත්, මරණකාරිණියට අවු 14 හැවිරිදි දියණියක් සිටින අතර, ඇය මියගිය කාන්තාවගේ සොහොයුරිය භාරයේ සිටින බවයි පොලිසිය කියා සිටියේ.
වස පානය කර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවලගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂානය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂාණ ආරම්භ කර ඇත.
(13) යක්කලමුල්ල වැලි ගොව්වෝ පොලිසියට කොටු වෙයි
යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශයේ කාලයක් තිස්සේ නීති විරෝධී ආකාරයට වැලි ප්‍රවාහනය කරමින් නීති විරෝධී වැලි ජාවාරම් වල නිරත වූ ඩිපර් රථ රියදුරෙක් සහ ඩිපර් රථයක් (16දා) සවස යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයි.
යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙසේ නාකියාදෙණිය ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පවත්වා ගෙන යන ලද මෙම වැලි තොටුපොළ වටලා ඇත.
එම අවස්ථාවේදී මෙම වැලි තොටුපොළෙන් වැලි ප්‍රවාහනය කිරීමට සුදානම් කළ තිබූ මෙම ඩිපර් රථය සහ ඩිපර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සිදුකරණු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් ඩිපර් රථයේ හිමිකරුගේ අනුදැනුම මත වසර කිහිපයක් තිස්සේ මෙම ස්ථානයේ මෙම නීති විරෝධී වැලි ජාවාරම සිදුවී ඇති බවයි.
මෙම ඩිපර් රථය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් පමණ වන යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.
මෙසේ පොලිස් අත්අඩංගුවට ගත් ඩිපර් රථය සහ සැකකරුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනා බව යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(14) දේවමෙහෙය පැය භාගයක් විභාගය කල් තියයි!
මෙවර 17 වෙනි දින ආරම්භ වූ ආ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මීගමුවේ අසිරිමත් දේව මතා මහා විද්‍යාලයෙන් (ජාතික පාසල) පෙනී සිටින සිසු දරුවන්ට පැය භාගයකට වැඩි කාලයක් විභාගය පැවැත්වෙන ශාලා පරිශ්‍රයට ඇතුල්වීමට ඉඩ නොදීම නිසා මහා මාර්ගයේ රැඳී සිටීමට සිදුවූ බව දෙමව්පියෝ පැවසූහ, නිවසින් සන්සුන් මනසකින් පැමිණි මෙම සිසු දරුවන්ට මෙවැනි කාලයක් මහ මාර්ගයේ රැඳී සිටීමට සිදුවීම තරමක අපහසුතාවක් ඇතිවුණු බැවින් බලධාරීන්ගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියහ.
(15) තපැල් වර් ජනය අවුල් නිසා ලිපි බෙදීම අඩාව වෙයි!
තැපැල් වර්ජනය නිසා දිවයින පුරා තැපැල් ස්ථාන විවෘත උනත් ලිපි බෙදීම පාර්සල් බෙදීම දින දෙකක් නවතියි.
තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති දින දෙකක වර්ජන ක්‍රියාමාර්ග නිසා (17දා) උදෑසන සිට දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල ඇතුළු උප තැපැල් කාර්යාල විවෘතව තිබුණද ලිපි සහ පාර්සල් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
ඒ අනුව අද සහ හෙට යන දින දෙකක කාලය තුළ මෙසේ දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල වල දෛනික ලිපි බෙදාහැරීමේ කටයුතු සහ පාර්සල් බෙදාහැරීමේ සම්පූර්ණයෙන්ම නැවති ඇත.
ඊයේ රාත්‍රී මෙම තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දින දෙකක වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවන බව ප්‍රකාශ කළද. අද උදෑසන තැපැල් කාර්යාලට වලට තැපැල් සේවකයෝ බහුතරයක් වාර්තා කර නැති අතර එම නිසා මෙසේ මෙම වැඩවර්ජන සිදුවන දින දෙකක කාලය තුළ දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල වල ලිපි බෙදාහැරීමේ සහ පාර්සල් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් මෙසේ නතරවී ඇත.
එසේම මෙම වර්ජන ක්‍රියාමාර්ගයට තැපැල් ස්ථානාධිපතිවරුන් එක්නොවීම නිසා දිවයින පුරා මෙසේ තැපැල් කාර්යාලය විවෘතව පවතින අතර නමුත් අනිකුත් තැපැල් සේවකයෝ මෙම වර්ජනයට එක්ව ඇති බව තැපැල් වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(16) දමිල පක්ෂ තිමලේ දී අප බඳියි!
දෙමළ ජාතික සංවිධානයේ ප්‍රධානම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි මෙම පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරන ලදී.
ඉලංගෙයි තමිල් අරසුකච්චි ඇතුළු පක්ෂ පහක එකමුතුවකින් දමිළ ජාතික සංවිධානය පිහිටවීමෙන් අනතුරුව ජාතික මැතිවරණයකට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඉලඟෙයි තමිල් අරසුකච්චි පක්ෂය තනිව තරඟ කරන පළමු අවස්ථාව ද මෙයවේ.
එය පක්ෂයේ බලය ලත් නියෝජිත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේළු සන්මුග්ම් කුදාස් මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පළාත් පලන ආයතන 13 න් 9 කට තරඟ කිරීමට මෙසේ ඇප මුදල් තැන්පත් කොට ඇත.
කින්නියා නගර සභාව කන්තලේ ශ්‍රී පුර හා ගොමරන්කඩවල යන ප්‍රාදේශීය සභා සඳහා තරඟ නොකරන බවද මන්ත්‍රී වරයා පැවසී ය.
(17) බගවන්තලාව නගර මධ්‍යයේදි පුද්ගලයෙකුට පිහියකින් ඇන්න සැකකරු සොයා පොලිසි කණ්ඩායම් රසක්
බගවන්තලාව නගර මධ්‍යයේදි පුද්ගලයෙකුට පිහියකින් පහර දි තුවාල සිදු කල සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩි.සුගතදාස මහතා පැවසිය.
සැකකරු කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගරමින් සිටියදි පිහි පහරින් තුවාල ලැබු පුද්ගලයා දින කිහිපයකට ප්‍රථම විදුලි පහනක් ඒ දෙසට දැල්විමට උරණ වු සැකකරු (16) දින පස්වරුවේ බගවන්තලාව නගරයේදි එම පුද්ගලයාට පිහියකින් පහර දි තුවාල සිදු කර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
තුවාල ලැබු පුද්ගලයා විදුලි පහන දැක්විමත් සමග සැකකරු ඇතුළු තවත් පිරිසක් මැණික් ගරමින් සිටියදි පොලිසිය යැයි සිතා එම ස්ථානයෙන් පලාගොස් පසුව විදුලි පහන දැක්වුයේ මෙම පුද්ගලයා බවට තහවුරු කරගෙන බගවන්තලාව නගරයේදි මෙම පහර දිම සිදු කර සැකකරු පලගොස් ඇත.
සැකකරුට එරෙහිව බගවන්තලාව පොලිසියට මීට ප්‍රථම අවස්තා කිහිපයකදි මෙවැනි පහරදිම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවත්, එම පැමිණිලි මේ වන විට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පහරදිමෙන් තුවාල ලැබු පුද්ගලයා බරපතල තුවාල සහිතව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පහර දිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.
(18) රජයේ සහතික නොමැති ආයු ර් වේද මධ්‍යස්ථාන සොයා බද්දේගම මෙහෙයුම්!
බද්දේගම ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ, ආයුර්වේද සහ ඒ් ආශ්‍රිත ප්‍රතිකාර ලබාදෙන ස්ථාන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම ස්ථානවල සුදුසුකම් සහිත පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු නැති බවත්, බද්දේගම ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී සඳමාලි වැලිකල මහත්මිය ප්‍රකාශ කළාය.
බද්දේගම ආයුර්වේද ප්‍රජා වෛද්‍ය සඳමාලි වැලිකල මහත්මිය ඒ් බව ප්‍රකාශ කළේ බද්දේගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් බද්දේගම සම්බන්ධීකරණ කමිටුව, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්වින.
(19) උපාධි නැති අයට අධිකරණය ද හරස් වේ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධිය ආශ්රි තව පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය මහජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාොත් මංජුල රත්නායක මහතා එම සංගමයේ සභාපති ලේකම් ඇතුළු බලධාරීන්ට (17)නියෝග කළේය.
අධිකරණය මගින් නිකුත් කර තිබෙන නියෝගයන් නොසලකා හැර එම විරෝධතාවය හා උද්ඝෝෂණය පවත්වන්නේ නම් පොලිසියට ලැබී තිබෙන බලතල ප්රිකාරව එය විසුරුවා හැරීමට අවශ්ය පියවර ගන්නා ලෙසද මහේස්ත්රාත්වරයා වැලිකඩ පොලිසියට නියෝග කළේය.
එම ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්රිැතව මෙම 17 දින සිට 21 දින දක්වා උද්ඝෝෂණයක් හා විරෝධතා ව්යාුපාරයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බැවින් එය වළක්වාලීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිකඩ පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්රා ත්වරයා එම නියෝගය නිකුත් කළේය.
මාර්ගය භාවිතා කරන ජනතාවට හා පදිකයන්ට අවහිරයක් හෝ බාධාවක් නොවිය යුතු බවටද, කිසිදු මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්රකචණ්ඩ ක්රිටයා සිදු නොකළ යුතු බවටද වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නියම කෙරුණි.
මහජන නියෝජිතයන්ගේ වරප්රනසාදය උල්ලංඝනය වන අයුරින් ක්රිණයා නොකරන ලෙසට හා රාජ්යෝ නිලධාරීන්ගේ සේවා කටයුතුවලට බාධාවක් නොවන අයුරින් උද්ඝෝෂණය හා විරෝධතාවය පැවැත්විය යුතු බවටද අධිකරණයෙන් නියම විය.
(20) බගවන්තලාව නගර මධ්‍යයේදි පුද්ගලයෙකුට පිහියකින් ඇන්න සැකකරු සොයා පොලිසි කණ්ඩායම් රසක්
බගවන්තලාව නගර මධ්‍යයේදි පුද්ගලයෙකුට පිහියකින් පහර දි තුවාල සිදු කල සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩි.සුගතදාස මහතා පැවසිය.
සැකකරු කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගරමින් සිටියදි පිහි පහරින් තුවාල ලැබු පුද්ගලයා දින කිහිපයකට ප්‍රථම විදුලි පහනක් ඒ දෙසට දැල්විමට උරණ වු සැකකරු (16) දින පස්වරුවේ බගවන්තලාව නගරයේදි එම පුද්ගලයාට පිහියකින් පහර දි තුවාල සිදු කර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
තුවාල ලැබු පුද්ගලයා විදුලි පහන දැක්විමත් සමග සැකකරු ඇතුළු තවත් පිරිසක් මැණික් ගරමින් සිටියදි පොලිසිය යැයි සිතා එම ස්ථානයෙන් පලාගොස් පසුව විදුලි පහන දැක්වුයේ මෙම පුද්ගලයා බවට තහවුරු කරගෙන බගවන්තලාව නගරයේදි මෙම පහර දිම සිදු කර සැකකරු පලගොස් ඇත.
සැකකරුට එරෙහිව බගවන්තලාව පොලිසියට මීට ප්‍රථම අවස්තා කිහිපයකදි මෙවැනි පහරදිම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවත්, එම පැමිණිලි මේ වන විට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පහරදිමෙන් තුවාල ලැබු පුද්ගලයා බරපතල තුවාල සහිතව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පහර දිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇත.
(21) රජයේ සහතික නොමැති ආයු ර් වේද මධ්‍යස්ථාන සොයා බද්දේගම මෙහෙයුම්!
බද්දේගම ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ, ආයුර්වේද සහ ඒ් ආශ්‍රිත ප්‍රතිකාර ලබාදෙන ස්ථාන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම ස්ථානවල සුදුසුකම් සහිත පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු නැති බවත්, බද්දේගම ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී සඳමාලි වැලිකල මහත්මිය ප්‍රකාශ කළාය.
බද්දේගම ආයුර්වේද ප්‍රජා වෛද්‍ය සඳමාලි වැලිකල මහත්මිය ඒ් බව ප්‍රකාශ කළේ බද්දේගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් බද්දේගම සම්බන්ධීකරණ කමිටුව, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්වින.
(22) උපාධි නැති අයට අධිකරණය ද හරස් වේ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධිය ආශ්රි තව පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතාවය හා උද්ඝෝෂණය මහජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාොත් මංජුල රත්නායක මහතා එම සංගමයේ සභාපති ලේකම් ඇතුළු බලධාරීන්ට (17)නියෝග කළේය.
අධිකරණය මගින් නිකුත් කර තිබෙන නියෝගයන් නොසලකා හැර එම විරෝධතාවය හා උද්ඝෝෂණය පවත්වන්නේ නම් පොලිසියට ලැබී තිබෙන බලතල ප්රිකාරව එය විසුරුවා හැරීමට අවශ්ය පියවර ගන්නා ලෙසද මහේස්ත්රාත්වරයා වැලිකඩ පොලිසියට නියෝග කළේය.
එම ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්රිැතව මෙම 17 දින සිට 21 දින දක්වා උද්ඝෝෂණයක් හා විරෝධතා ව්යාුපාරයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බැවින් එය වළක්වාලීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිකඩ පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්රා ත්වරයා එම නියෝගය නිකුත් කළේය.
මාර්ගය භාවිතා කරන ජනතාවට හා පදිකයන්ට අවහිරයක් හෝ බාධාවක් නොවිය යුතු බවටද, කිසිදු මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්රකචණ්ඩ ක්රිටයා සිදු නොකළ යුතු බවටද වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නියම කෙරුණි.
මහජන නියෝජිතයන්ගේ වරප්රනසාදය උල්ලංඝනය වන අයුරින් ක්රිණයා නොකරන ලෙසට හා රාජ්යෝ නිලධාරීන්ගේ සේවා කටයුතුවලට බාධාවක් නොවන අයුරින් උද්ඝෝෂණය හා විරෝධතාවය පැවැත්විය යුතු බවටද අධිකරණයෙන් නියම විය.
(23) පිලිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට සුද්දය දුන් පිළිකා හොරු අල්ලයී!
පිලිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට ජනතාව පරිත්යාරග කළ මුදල් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් තිදෙනෙකු මාර්තු මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය (17) නියෝග කළාය.
කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ඥාතීන් දෙදෙනෙකු වන රසිකා දමයන්ති, සිතුමි නිසංසලා හා මලිත් භාෂණ නමැති සැකකරුවන් තිදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
රසිකා දමයන්ති හා සිතුමි නිසංසලා යන සැකකාරියන් දෙදෙනා මෙම මස 21 දින නිකවැරැටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරුණි.
එම සැකකාරියන් දෙදෙනාට එරෙහිව මෙවැනිම ආකාරයේ වංචා සහගත සිද්ධීන් කීපයකට අදාල නඩු කීපයක් නිකවැරැටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බැවින් ඔවුන් මෙම 21 දින එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.
නෙල්ලෝපිටිය ප්‍රදේශයේ පදිංචි තනූජා මල්කාන්ති නැමැති කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවන ඇතැම් පුද්ගලයන් සිය රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා ආධාර ලබාදෙන ලෙස ඉල්ලා පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බවයි.
එසේ පළ කරන දැන්වීම්වල සඳහන් දුරකථන අංකයන්ට කතාකර ඇති සැකකරුවන් දෙදෙනා එම රෝගීන්ට මුදල් පරිත්යාග කරන මුවාවෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පත්‍රිකාවක් මෙන්ම ගිණුම් අංකද ලබාගෙන ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වීය.
සැකකාර පුද්ගලයන් එම ලියකියවිලි භාවිතා කරමින් එම රෝගීන්ගේ නමට පෞද්ගලික දුරකථන සමාගම්වලින් සිම් කාඩ්පත් ලබාගෙන ඇති බවත් එම සිම් කාඩ්පත්හි දත්ත හරහා අදාළ පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට ඇතුල්වී එම ගිණුම්වල තිබෙන මුදල් එසේ වංචනිකව ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
මෙම සැකකරුවන් ජංගම දුරකථන හා සිම්පත් විශාල සංඛ්‍යාවක් භාවිතා කරමින් මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බවද ඊට අදාළ ජංගම දුරකථන, සිම්පත්, බැංකු කාඩ්, ඇතුළු ලියකිවිලි රැසක් පරිගණක විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.
(24) බටලන්ද කොමිසමේ පවතින සාක්ෂි වලට අමතරව සාක්ෂි දෙන්න තව පිරිසක්
බටලන්ද කොමිසමේ පවතින සාක්ෂි වලට අමතරව සාක්ෂි දෙන්න තව පිරිසක් සූදානම් ව සිටින බවත් එම සාක්ෂි ලැබුණොත් රනිල් වික්රමසිංහ පමණක් නොව ඊට සම්බන්ධ වුණු බොහෝ දෙනෙකුට දඬුවම් විඳින්න සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
කෙසේ නමුත් ආණ්ඩුව මොන හේතුවක් නිසා හෝ මෙම නීතිය ක්‍රියාත්මක කිරීම වෙනස් නොකරන බව ලේකම්වරයා සහතික විය.
ඔහු පැවසුවේ කවුරු කුමක් කිව්වත් ආණ්ඩුව නීතියට වැඩ කරන බවත් මඬ ගැසීමට හෝ පළිගැනීමට කටයුතු කිරීමක් කිසිසේත්ම සිදු නොවනව බවයි.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කටයුතු වලට මැදිහත් වීමෙන් පසු මාධ්‍ය වේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව කීය.
(25) සංගීතයට පහර දුන් සැකකරුවෝ අල්ලයි!
පොළොන්නරුව මැදිරිගිරිය දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ඉකුත් 14 පැවැති සංගීත ප්‍රසංගය අතරතුර සංගීත ලෝලීන් පිරිසක් කලාහාකාරී ලෙස හැසිරෙමින් සංගීත භාණ්ඩවලට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකපිට 11 දෙනෙකු 17 වෙනිදා වනවිට අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
සැකකරුවන් මැදිරිගිරිය, දිවුලන්කඩවල, මීගස්වැව, ඇතුළු අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු විසිපහත්, තිහත් වයසේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 14 වෙනිදා සංගීත ප්‍රසංගය අතරතුරදී ගායකයින් කිහිපදෙනෙකු සහභාගි නොවන නිසා අලුයම 1.20 ට පමණ ප්‍රසංගයට සහභාගි වීමට සිටි ගායකයින් කිහිපදෙනෙකු සහභාගි නොවන නිසා ප්‍රසංගය අලුයම 1.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සිටි පිරිසක් වේදිකාවේ තිබුණු සංගීත භාණ්ඩවලට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කර වේදිකාව ඉදිරියේ තිබුණු පුටු විශාල ප්‍රමාණයක් කඩා අලාභ හානි සිදු කළහ.
සංගීත ප්‍රසංග සංවිධායකයින් සඳහන් කළේ එම පිරිස සංගීත භාණ්ඩ වලට මෙන්ම පුටු සහ අනෙකුත් උපකරණ වලට පහරදීමෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි හතරක් පමණ වන බවයි.
මේ පිළිබඳව සංගීත කණ්ඩායමේ කීපදෙනෙකු සහ සංවිධායකයින් මැදිරිගිරිය පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින මැදිරිගිරිය පොලිසියේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, එම පිරිසද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා බකමූණ මහේස්ත්‍රාත් අධිකරණයට 17 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියයි.
හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ, තවදුරටත් එම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පවතින අතර සැකපිට අත්අඩංගුවට ගත් 11 දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එම සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
(26) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හඳුනා ගනී!
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබලා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව (17දා) පැවැත්වීමට නියමිතව තිබුණද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මේ මස 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
(17දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සැකකරු පෙර හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම පෙරෙට්ටුව මෙලෙස යලි කල් දැමීමට හේතු විය.
මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු යුධ හමුදා සෙබලා මේ මස 24 වන දින දක්වා යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට සැකකරු යලි හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා යලි ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තව දුරටත් නියෝග කරනු ලැබීය.
මේ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණ.
මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කලේ ගල්නෑව නව නගරය, ඩී තුන ඇළ පාර ලිපිනයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නැමැති හිටපු යුද හමුදා සෙබලෙකු මෙන්ම චීවරධාරියකි.
(17) මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවසුවේ, හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම් දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බවයි.
ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සහභාගි කිරීමට පියවර ගන්නා බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කරන බවද කීවේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබලා ගේ නිවසේ පාත්තරයක් මත තිබී ජීව බෝම්බයක් පොලිසිය විසින් සොයා ගැනුණු අතර පිළිබඳවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර වර්ෂන සිදු කරමින් පවතී.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියහ.
සැකකාරිය හිටපු යුද හමුදා සෙබලා වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.