ජනතාවට විෂ කවන බහුජාතික සමාගම්වලට ආණ්ඩුවලින් නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවෙීමේ දී සිදු වන්නේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් විතානච්චි වැනි නිලධාරින්ට වෙඩි කා මිය යෑමට බව රුහුණ විශ්ව විද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශයේ මහාචාර්‍ය නිලන්ත ලියනගේ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ මහජනතාවට වස විස කැවීමට එරෙහිව අභීත හඬක් නැගූ වෙඩි තබා මරා දමන ලද කරන්දෙණිය හිටපු පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂර් කුමාර විතානාච්චි මහතාගේ ප්‍රථම වර්ෂ පූර්ණ සැමරුම් උළෙලේ දීය. මෙම උත්සවය ඇල්පිටිය ආනන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී (04) දින පැවැත්විණි.
මරා දමන ලද රෝෂන් විතානාච්චි මහතාගේ ආදරණීය බිරිඳ වන පාඨශාලාචාරිනී අයිෂිකා කාහිංගල මහත්මිය සංස්කරණය කල “රෝෂන් ..නිහඬ කල.සත්‍යය ” නම් වූ රෝෂන් විතානාච්චි ගුණ සමරු කලාපය පිළිගැන්වීම මෙහි දී සිදු කෙරිණි. රොෂාන් වෙඩ් තබා මරා දමන විට ඒ මහතා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගරු භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් සිටියේය.
මහාචාර්‍ය නිලන්ත ලියනගේ මහතා මෙසේ ද පැවසීය.
රටපාලනය කළ මෙතෙක් පැවති ආණ්ඩු මාධ්‍ය සංදර්ශන කලා මිස මහජනතාවට වස විස කවන බහු ජාතික සමාගම්වලට විරුද්ධත්වය ප්‍රකාශ කළේ නෑ.
මෙරට ආණ්ඩු සහ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් මහජනතාවට වස විස කවන කොම්පැණි වලට බයයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආහාර සාම්පල් ගෙන ඒවා පරීක්ෂා කිරීමට යොමු කල ද ඇතැම් ප්‍රධාන වස විස පවා පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ ඇත්තේ නෑ.
ඒවා ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට හැකියාව ඇතත් එතෙක් මෙතෙක් පැවති ආණ්ඩු කලේ ඒ කොම්පැණි වල ලාභය ගැන පමණක් කල්පනා කර සුදුසු ආහාර රසායනාගාර පිහිටුවීමෙන් වැලකී සිටීමයි.
එසේම මේ රටේ ආහාර පාලන ඒකකයද අවශ්‍ය කටයුතු කිසිවක් ඉටු කරන්නේ නෑ. එහි නිලධාරීන් යෙහෙන් වැජඹුනත් ඉන් ජනතාවට පලක් ප්‍රයෝජනයක් ඇත්තේ නෑ.
මෙසේ විකාර රූපී වටපිටාවක මහජනතාව වෙනුවෙන් පෙනී සිටින රෝෂන් වැනි නිලධාරීන්ට සිදුවන්නේ වෙඩිකා මිය යන්නට මිස වෙන දෙයක් නොවෙයි.
මෙහි වඩාත්ම සිනා උපදවන කරුණ වන්නේ ජනතාව ගැන නොසිතන කොම්පැණි ගැන පමණක් සිතන මෙරට ආහාර පාලන ඒකකය ඇතුළු අයගේ පවුල්වල අයටත් මේ දීන පැවැත්ම නිසා වස කන්නට සිදු වීමයි.
රොෂාන් මහතාට වෙඩි තැබූ පුද්ගලයාගේ පවුලේ අයටද මේ සමාගම් යහමින් වස කවමින් සිටිනවා.
ශ්‍රී ලංකාව තුළ සිදුවන ආහාර සම්බන්ධ මගඩි වස විස එකතු කිරීම් ඒවා විදේශයන්ටද යවන නිසා රටේ ප්‍රතිරූපයටද හානි සිදු වෙනවා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහා මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ් නිසා සංවිධානාත්මක මහජන ව්‍යාපාරයක් බිහිවීමේ අවශ්‍යතාවය රට හමුවේ තිබෙනවා.
මහා සංඝරත්නය,පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර, මහජන සෞඛ්‍ය පරීක්ෂක විද්‍යාලයේ විදුහල්ති සාලිය ද සිල්වා,පළාත්,දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම් ප්‍රධානීන් හා සාමාජිකත්වය,වෙනත් සෞඛ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්,සිවිල් සංවිධාන,හා ප්‍රදේශවාසීන්,රෝෂන් මහතාගේ බිරිඳ සහ නෑදෑ හිත මිතුරන් මහජනතාව හා මාධ්‍යවේදීන් ඇතුළු අති විශාල පිරිසක් සමරුවට එක්ව සිටියහ.