සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සම්මේලනය ආණ්ඩුවට අනතුරු හඟවයි!
සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සම්මේලනය අද ( 06) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සෞඛ්‍ය වැඩ වර් ජනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු චානක ධර් ම වික්‍රම මහතා පැවසීය.
සෞඛ්‍ය විෂයභාර ඇමතිවරයා අප සම්මේලනය අතර පැවැති සාකච්ජාව ස්ථීර විසදුමක් ලබා දීමට නොහැකි වූ නිසා එම තීරණය ගත් බව ද ඒ මහතා කීය.
සමිති 20 කින් සමන් විත වූ සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සම්මේලනය අද (06) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සෞඛ්‍ය වෘත්තීය මා ර් ගය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු චානක ධර් ම වික්‍රම මහතා පැවසීය.
සෞඛ්‍ය ඇමතිවරයා අප සමඟ සාකච්ඡාව කළා. තීරණ රුසක් ගනු ලැබුවා. නමුත් අප ව ර් ජනය නියමිත පරිදි සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.
අප ඉල්ලිම් පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ කතාකර ලිඛිතව ගන්නා ලද තීන්දු පිළිබඳව දැනුවත් කරන බව සෞඛ්‍ය ඇමති වරයා පොරොන්දු වූ බව ද ඒ මහතා කීය.
එම සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම ගැටළුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කළ යුතු බවත් එම සාකච්ඡාව වෘත්තිය සමිති නායකයන්ද සම්බන්ධ කරගනිමින් සිදු කරන බවත් ප්‍රකාශ කළ බව ද ඒ මහතා කීය.
ඊයේ (05) පෙර මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව ලිඛිතව දැනුම් දෙන බව ඇමති වරයා ප්‍රකාශ කළ බව ද ඒ මහතා කීය.
ඇමතිවරයා ලබා දෙන ප්‍රතිචාරය මත වෘත්තීය ක්‍රියා මා ර් ගය පිළිබඳ අවසන් තීරණය ගැනීමට සියලු වෘත්තිය සමිති නායකයන් තීරණය කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.