රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදල් නොගෙවා පැහැර හැරිය බව කියන නාවල පෞද්ගලික ආයතනයක අධ්යවක්ෂකවරියකගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහෙස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා එම බදු මුදල් මාසයක කාලයක් ඇතුළත ගෙවා නිම කරන ලෙස එම ආයතනයේ වග උත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට නියෝග කළේය.
නාවල ප්රදේශයේ පිහිටි සදර්න් ෆෝස් නැමැති පුද්ගලික සමාගමක අධ්යවක්ෂකවරුන් වන රිසානා ගුණසේකර නැමැති කාන්තාවකට හා අයි.ඩබි ගුණසේකර නැමති අයෙකුට අධිකරණයෙන් එසේ නියම විය.
වැට් බදුු පනත ප්රයකාරව එම බදු මුදල් සමථ කිරීමට ප්රකතිපාදන නොමැති බවත් මාර්තු මස 25 දිනට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ට මාස හයක සිර දඬුවම් ලබාදෙන ලෙසටද නියෝග කළේය.
මෙම ආයතනය 2009 හා 2010 වර්ෂ දෙක සඳහා හිග බදු මුදල් වශයෙන් රුපියල් 19,227,332 ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් එම මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් එම ආයතනයේ අධ්යනක්ෂකවරුන් වන අයි.ඩබ් ගුණසේකර හා රිසානා ගුණසේකර යන වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව 2020 වසරේදී අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණි