ආණ්ඩුව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්ණයට යහපත් සාධාරණ විසදුමක් ලබා නොදෙන්නේ නම්  මේ මස 06 වන දින පෙ.ව. 8.00 සිට පැය 24 ක සංකේත වෘත්තීය ක්‍රියාමා ර් ගයකට එළබෙන බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සාධනීය ප්‍රතිචාර නොලැබෙන්නේ නම් බරපතල වෘත්තිය සටන් මඟකට ගමන් කරන අතර එහි දී රෝගින්ට සිදුවන අපහසුතාවය ආණ්ඩුව භාර ගත යුතු බව එම සමගමය කැඳවුම්කාර රවි කුමුදේශ් මහතා පැවසීය.    

අභිනව රජයේ මංගල අයවැය යෝජනා හරහා සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා කප්පාදුවට එරෙහි සංකේත වෘත්තීය ක්‍රියා මාර් ග රැසක් ගත් බව ඒ  මහතා පැවසීය.   

උක්ත කරුණට අදාලව පසුගිය 2024.02.24 වන සඳුදා දින සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අභිනව රජයේ මංගල අයවැය හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 1/20 සහ 1/160 දීමනා 1/30 සහ 1/200 දක්වා අඩු කිරීමේ ගැටළුව අප විසින් පෙන්වා දුන් බවත්,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශය සමඟ මෙම ගැටළුව විසඳීම සඳහා ක්‍රමවේදයක් නි ර් මානය කිරීමට උත්සහ කරන බවත් එම විසඳුම ලබා දීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටි බව ද ඒ මහතා කීය.

ඒ අනූව උක්ත එකඟතාවය අදාළ සතියක කාලය ඉදිරි 2025.03.03 වැනි දින ඉක්මවා යන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙන අතරම මේ වන විට රජය මෙම ගැටළුවට අදාලව විසඳුම් සපයා ගැනීමේ ක්‍රියාවලියට එළඹී ඇතැයි විශ්වාස කරන බවද හෙතෙමෙ කීය.

එබැවින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස ඊට අදාල විසඳුම කුමක්ද යන්න දැන ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් සිටන බවද ඒ මහතා කීය.

ඒ අනූව 2025.03.04 සහ 05 යන දින දෙක තුලදී ඊට අදාළ විසඳුම කුමක්ද යන්න අප වෙත ලිඛිතව හෝ වෙනත් නිල ක්‍රමවේදයක් හරහා ලබා දීමට කටයුතු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව සාධනීය ප්‍රතිචාර නොලැබෙන්නේ නම් අකමැත්තෙන් හෝ මේ මස 06 වන දින පෙ.ව. 8.00 සිට පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතී ර් ණ වීමටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කල බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කැඳවුම්කාර රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න