බත්තරමුල්ල එළිමහන් රංග පීඨයේ බලධාරිහු ගුරු ගීතය කලා ප්‍රසංගයට අවසර ලබා නොදුන් බව ජන කලා පවුර සංවිධායක ශ්‍රිමාල් දසනායක මහතා පැවසීය.අවසරය ලබා නොදීමට හේතුව ප්‍රසංගයට ආරාධිත අමුත්තකු ලෙස දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා සහභාගි වීම බව බත්තරමුල්ල එළිමහන් රංගපීඨයේ පාලන අධිකාරිය දැනුවත් කර තිබෙන බව ද ඒ මහතා කීය.මේකට දේශපාලන පක්ෂ නායකයන් එන නිසා මෙය යම් දේශපාලන මුහුණුවරක් ගෙන තියනවා. ඒ නිසා එවැනි දේශපාලන වැඩ කරන්න අප ආයතනය අවස්ථාවක් ලබා දෙන්නේ නෑ.ඒ නිසා මෙම කලා ප්‍රසංගයට අවසරය ලබා දෙන්නට අපට හැකියාවක් නොමැති බව බත්තරමුල්ල රංග පීඨයේ බලධාරිහු පැවසු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.අපි උවිදු වීජේවීරට ආරාධනා කලේ පක්ෂයක නායකයෙක් නිසා නොවෙයි. ඔහු රුසියානු භාෂාව පිළිබඳව හසල දැනුමක් ඇති ඇති උගතෙක් මෙන්ම බුද්ධිමතෙන්කු නිසා. ගුරු ගීතය ලියවි තියෙන්නේ රුසියානු භාෂාවෙන් හා රුසියානු සාහිත්‍ය යේ පමණක් නොව විශ්ව සාහිත්‍යෙය් සම්භාවය කෘති අතරට ඇතුලත් බව පිළිගෙන තිබෙනවා.රුසියාණු සාහිත්‍ය පිළිබදව ඒ මහතා තුළ ඇති දැනුමත් ඔහු දීර්ඝ කාලයක් එම රටේ අදයාපනය ලැබීමත් මෙන්ම ආචාර්ය උපාධියට සුදානමින් සිටින බව අප දන්නවා.ඒ නිසා තමයි උවිදු වීජේවීරට ආරාධනා කලේ යැයි ඒ මහතා කීය.චිංගීස් අයිත්මානවිගේ The First Tgacher ඇසුරෙන් දැදිගම වී රුද්‍රිගු සිංහලයට නඟන ලඳ ගුරු ගීතය ඇසුරෙන් විදුර අබේනායක නිර්මාණය කළ ගුරු ගීතය හා උපාලි ගම්ලත්ගේ සිනමා කෘතිය පළිබඳව විචාරාත්මක සංවාදයක් 2025 මාර්තු 01 වන දින බත්තරමුල්ල දියත එළිමහන් රංඟපීඨයේ දී පැවැත්වීමට නියමිතව තිබිණු බව ද ඒ මහතා පැවසීය.එදින සවස 5 සිට රාත්‍රි 7 දක්වා පවත්වන්ට නියමිතව තිබූ මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නට නියමිතව තිබුනේ දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතාට බව ද ඔහු කීය.චිත්‍රපටයේ හා නාට්‍යයේ විශේෂ දර්ශන අවස්ථා කිහිපයක් නොමිලේ නැරබීමේ අවස්ථා ද මෙහි දී සලසා දීමට කටයුතු යොදා තිබූ බව ද ඔහු පැවසීය.මෙම වැඩසටහන අප සංවිධානය අවසරය ලබා ගන්නට වාචිකව මෙන්ම ලිඛිතව ද බත්තරමුල්ල දියත එළිමහන් රංඟ පීඨයේ පාලන අධිකාරියෙන් සති කිහිපයකට පෙර ඉල්ලා සිටියා.නමුත් එක්වරම කලා කටයුත්තට අවසරය දෙන්නට හැකියාවක් නොමැති බව පාලන අධිකාරය අපට (26) දින දැනුම් දෙනු ලැබුවා. මේ නිසා අප දැඩි අපහසුතාවයකට පත් ව සිටිනවා.මෙම කලා උත්සවයට ගිහි පැවිදි උතුමන්ලා පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් කලා කරුවන් මාධ්‍යවේදීන්,රංගන,වාදන,නර්ථන ශිල්පීන් දේශන කිහිපයකට ආරාධනා කළ සම්පත් දායකයන් වන මහාචාර්යවරුන් ආදි විශාල පිරිසක් එක්වන්ට නියමිතව තිබුනා.අප ඒ අයට ආරාධනා කර තිබුනා. නමුත් මේ කලා කටයුත්තට බලධාරින් අවසර දුන්නේ නෑ. අපි ඒ නිසා දැඩි අසීරුතාවයකට පත්වන්නට සිදු වු බව ඔහු කීය.කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් ඉඩම් ගොඩි කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් සෙනෙවීර මහතාගෙන් විමසීමක් කළේය.මෙම රංඟපීටය අපි ප්රතිප්තියක් වශයෙන් අද නොවෙයි හැමදාම දේශපාලන වැඩ වලට දෙන්නේ නෑ. ජනතාවගේ පොදු සමාජ සංස්කෘතික කලා කටයුතුවලට ආදීයට පමණක් අවසරය දෙන්නේ. නමුත් අප මේ දිනවල මෙම පරිශ්‍රයේ හදිසි නඩත්තු කටයුතු රැසක් සිදු කරන නිසා උත්සව අවස්ථාවකට අවසරය දෙන්නේ නෑ.නමුත් මේ කලා කටයුත්ත සම්බන්ධනේ ද මේ තිරණය ද ඒ් අනුව ගෙන අවසරය නොදුන්නා විය හැකියි. මම අදාළ නිලධාරිනගෙන් විමසීමක් කර මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව ද හෙතෙම කීය.