නාමල් රාජපක්ෂ මහතා ඊයේ (26) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පස්වරු 2.00 ට පමණ ඉන් පිටව ගියේය.විදෙස් අධිකරණයක පැවැති නඩුවක් සදහා ඉදිරිපත්වී තිබූ ලිපි ලේඛන ඔස්සේ ශ්රී් ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 6 ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 8 ක් මිලදී ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්රීන ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අනාවරණය වී තිබුණි.එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්රීෂ ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරීගේ බිරිඳයට අල්ලසක් ලබාදී ඇති බවට සඳහන් වී තිබුණි.ඒ අනුව එම ගුවන්යානා ගනුදෙනුව කිරීමට පෙර ඇමෙරිකානු ඩොලර් 16 ක මුදලක් හිටපු ප්රලධාන විධායක නිලධාරීගේ බිරියට ලබාදීමට සාකච්ඡා කර තිබූ බවත් විදෙස් රටක පිහිටි සමාගමකට ඇමෙරිකානු ඩොලර් 2 ක් මුදල් බැර කර තිබූ බවද අනාවරණය වී තිබුණි.
මුල් පිටුව පුවත් 2013 වර්ෂයේ සිදුවූ එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී. නාමල් රාජපක්ෂ මහතාගෙන්...