ඒත් ස්වභාවධර්මයා බොහෝ අයට දඬුවම් දීම මට ලැබුනු මිල කල නොහැකි වන්දියයි……
* මේ දිනවල වන්දි ලබාගත් ,ලබාදුන් ආකාරය පිළිබඳව රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවේ දී කල එළිදරව්ව පිලිබඳව හාණිපූර්ණ වන්දිලාබියෙකු වූ මාගේ කියමනත් මාධ්‍යයෙන් එළිදැක්වීම සුදුසු යැයි සිතමි. එදා අරගලභූමියට වත් නොගිය පොලු කෑල්ලක් වත් නොතිබූ, නිරායුධව සිටි මට තදබල ප්‍රහාරයක්ද එල්ල කරමින් මගේ හෝමගම නිවස හා වාහනයද ගිනිබත් කරමින්, කොළඹ වොක්ෂෝල් පටුමගෙහි පිහිටී මගේ තෙමහල් නිවස කඩා බිඳ විනාශ කර මංකොල්ල කෑමකටද ලක්විය.මගේ හිසට වැදුනු තදබල හෙල්මට් ප්‍රහාරයන් හේතුවෙන් රෝහල් ගතවිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයට මා පත්කරනු ලැබුවා.ඒ කාලය තුල කල පොලිස් පැමිනිලි,හාණිපූර්ණ වාර්තා,ප්‍රදේශීය ලේකම් වාර්තා,ජනාධිපති කොමිෂම් වාර්තා,ඇතුලු මෙකි නොකි සියලු වාර්තා ලබාදුන්නද මට ලැබුනේ හිඟන වන්දියකි. එයද මා වන්දි ඉල්ලා ගියේ නැත.මා හිඟමනේ ගියෙද නැත.රජය විසින් යෝජනා කල වන්දි වෙනුවෙන් පෙනී සිටියෙමි. එහේත් මට හිමිවුයේ හිඟන වන්දියකි. තක්සේරුව ට ආපු අන්ධ ගොලු,බිහීරි නිළධාරින්ගේ අසත්‍ය වාර්තාවන් හේතුවෙන් මට නිසි වන්දිය නොලැබිනි. එනිසා කෝටිගනන් වන්දි ගත් අයටත් ලැබිය යුතු වන්දි ලැබි ඇද්දැ’යි මා නොදනිමි . රජය කියන ආකාරයට පාර්ලිමේන්තුවේ ඉන්දවා තක්සේරු නිලධාරින්ට බලහත් කාරකම් කර වන්දි ලබා ගත්තේ නම් එය වැරදිය .ඒ පොදු ජනයා සතු මුදල්ය. ඒ ගැන රජයේ විමසිල්ල සාධාරණය.
මගේ මියගිය මවගේ පියාගේ පිංතුර දෙකම මා සතුව නැත. බොහෝ අයගේ ඉපැරණි දේපල,ගෘහ උපකරණ ,මතක සටහන් ව්නාශ විය. ගීතා කුමාරසිංහයන්ගේ විනාශවී ගිය කලා කුසලාන නැවත කාටවත් ලබාදිය නොහැකිය. එවායේ වටිනාකම මුදලට සීමාකල නොහැකිය . ඒ නිසා ගිනි තැබූ බොහෝ අය අදත් ගරු අධිකරණයේ විභාගවන නඩුවලට පෙනී සිටියි.මා රජයෙන් ඉල්ලා සිටින්නේ වෙනත් නඩු කඩිනමින් විභාගයට ගන්නවා සේම මේ නඩුත් කඩිනම් කර විභාගකර වැරදි නැති අය නිදහස් කර, නිතිය ඉදිරියේ ඔප්පුවෙන වැරදිකරුවන්ගේ දේපල රාජසන්තක කර ගෙවූ වන්දි රජයට පියවා ගන්නා ලෙසයි. මට ලැබුනු වන්දියේ අසාධාරන කම ගැනද විමසා බලන ලෙසයි….
ඒ හිඟන වන්දි ලැබුනත් නොලැබුනත් , ගිනිතියපු වුන්ට, විනාශ කරපු වුන්ට, මංකොල්ල කාපුවු බෝහෝ එවුන්ට ස්වභාවධර්මයාගේ දඬුවම ලැබි අවසන්.වුන්ගෙන් බොහෝ පිරිසක් ගිනි තියාගෙන, කෝච්චියට පැනලා, යකඩ පොලු පාරවල් කාලා, සියදිවි නසාගෙන, අතපය කැඩිලා කොරවෙලා ,හදිසි අනතුරුවෙලා,පවුල් කඩාකප්පල් වෙලා,
දරුවෝ නන්නත්තාර වෙලා , හිරගෙවල් වලට ගාල්වෙලා ඉවරයි.. ඒවා නම්,ගම්,ඉලක්කම් සහිතව මා සතුව තිබෙනවා.
මාත් දිනක මියයයි.
එහෙත් මගේ ඇස් පියවී ජීවිතකාලය හමාරවෙන්න කලින් මුන්ගේ අවසානය මේ ඇස් දෙකට දකින්නට ලැබීම දෙවියන් වහන්සේ මට දුන් ලොකුම වන්දිය බවත් සිහිපත් කරමි. “ගෙයක් කියන්නේම ලොවක්”….
උඹලට ඉපදෙන ආත්මයකදී නැසෙන්න වෙන්නේ ගෙදර වහල ඔලුව උඩට කඩන් වැටිල බව සිහිපත් කරගනිව්!!!

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න