(1) රැදවියන් 04ක් පැන යයි.
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශනය ලබමින් සිටි රැඳවියන් සිව්දෙනකු 25 වෙනිදා අලුයම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.පලා ගොස් ඇති රැඳවියන් ගාල්ල පෝද්දල, අක්මීන, මුලතිව්, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 ත් 34 යන වයස්වල පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.පැනගොස් සිටින සිව්දෙනාම විවාහක පුද්ගලයන් වන අතර ඔවුන්, අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, පොලිස් ස්ථාන කිහිපයකට ඒ පිළිබඳ පණිවිඩ ලබාදී ඇති බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.ඔවුන් පලායාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඳවියන්, ආහාර ප්‍රශ්න හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවට පවසා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෙබළුන් සමග ගැටුම් ඇති කරගෙන පලා ගිය අවස්ථා කීපයක්ම වාර්තා විය.

(02) අමුමිරිස් කිලෝ වක් ගෙඩි රුපියල් 1800 යි!පානම මේ දිනවල අමුමිරිස් මිළ ඉතා ඉහල ගොස් ඇති බවත් ඒ අනුව එහි කිලෝ එකක සිල්ලර මිළ රුපියල් 1800 ක් පමණ වන බවද පාරිබෝගිකයින් පවසති. මහ කන්නයේ අමුමිරිස් මිළ මෙතරම් ඉහල ගිය මුල්ම අවස්ථාව මෙය බවත් පවතින ආර්ථික තත්වය මත එම මිළ ගණන් දරා ගැනීමට නොහැකි බවත් ඔවුන් පවසති. මේ නිසා අමුමිරිස් පරිභෝජනය අතහැර දැමීමට සිදුවී ඇති බවත් පාරිබෝගිකයින් වැඩි දුරටත් පැවසූහ-මේ සම්බන්ධව වෙළඳ සැල් හිමියන් පවසන්නේ අමුමිරිස් තොග මිළ දිනෙන් දින ඉහල යන බවත් ඒ සඳහා තමන්ට කිසිවක් කල නොහැකි බවත් පැවසූහ. මේ හේතුව නිසා අමුමිරිස් අලෙවියද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් එම හේතුව නිසා තම රැකියාවටද පහර වදින බව වැඩි දුරටත් පැවසූහ-

(03) ගව හොරෙක් ගවයන් 10ක් එක්ක අල්ලයි!
ජාඇල පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් වැටලූ ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ නිළධාරින් බලපත්‍ර රහිතව එහි රදවා සිට මී ගවයන් දසදෙනෙකු සමගින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් මී ගවයන් ගම්පහ පොලිස් භූමියේ රදවා සිටින අතර හිමිකරුවන් සිටීනම් පැමිණ අනන්‍යතාව ඉදිරිපත් කොට රැගෙන යන ලෙස අපරාධ අංශයේ ස්ථානාධිපති එස් ඩි ගරුසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ හා ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ( ප්‍ර. පො. ප ) එස් ඩි ගරුසිංහ , (පො.සැ ) රොෂාන් 12879 , ( පො. කො) මාලින්ද 39627 ,මධුසංඛ 83454, බණ්ඩාර 102429, පුෂ්පකුමාර 101434 යන නිළධාරින් මෙම වැටලීම සිදු කලහ.

(4) මාමාගේ මොල් ගස් පහරින් බෑණා මරුට
නැදගමුව කොටුගොඩ නිවසක සිදුවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් බිරිඳගේ පියා විසින් සිදුකල පහර දීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ බෑණා මියයාමේ පුවතක් ගම්පහ පොලිසියෙන් වාර්තා වෙයි .
මියගිය පුද්ගලයා මෙයට වසර ගනනාවකට පෙර පහළොස් හැවිරිදි වියේ බාලවයස්කාර තරුණියක් හොර රහසේ රැගෙන ගොස් ඇති අතර ,පසුව නිසි වයස සම්පූර්ණ වූ පසු නීත්‍යානුකූලව විවාහ වි ඇතත්, දෙදෙනා අතර නිතර , නිතර පවුල් ආරවුල් ඇතිවීම නිසා බිරිඳ සැමියා හැරදමා සිය දෙමාපියන් ලගට පැමිණ ඇත .
මරණකරු නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවන්වල යෙදෙන බැවින් බිරිඳගේ මව් පියන් ඔහුට අකමැතිව සිට ඇති අතර සිද්ධිය වූ දින මියගිය පුද්ගලයා පිහියක්ද රැගෙන බිරිඳගේ නිවසට ගොස් බිරිඳගේ මවට පිහියකින් ඇනීමට උත්සහ කල අවස්ථාවේ බිරිඳගේ පියා විසින් එල්ලකල මෝල් ගස් පහරක් හේතුවෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

(05) පාසල් ළමා බේබද්දා බලපත් නැති ව යතුරු පැදියෙන් ගොස් කොටුවෙයි!
තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන නගරයේ දී රියැදුරු බලපත්‍රයක් ද නොමැතිව බීමතින් යතුරුපැදියක් ධාවනය කළ බාල වයස්කාර පාසල් සිසුවෙක් තලාතුඔය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඊයේ (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් පනස්දහසක දඩයක් නියම කෙරිණි .
සිය මිතුරන් සමූහයක් සමග උපන් දින සාදයක් පවත්වා අනතුරුව නගර මධ්‍යයේ බීමතින් යතුරුපැදියක් පදවා ගෙනගොස් ඇති මෙම සිසුවාට රියැදුරු බලපත්‍රයක් ද නොමැති අතර ඔහු වයස අවුරුදු 16 ක් වු බාලවයස්කාර තැනැත්තකු බව පොලීසිය සඳහන් කරයි.


(06) හැටන් පිටි මිල අඩු නොවේ .
රජය මගින් පිටි මිල අඩු කලද හැටන් නගරයේ සමහර වෙලදුන් පිටි මිල අඩු නොකර තව දුරටත් පැරනි මිලටම පිටි අලෙවි කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම පිරිස පවසනුයේ රජය මගින් පාන් පිටි ක්‍රිලෝවක මිල රුපියල් 10කින් අඩු කලද හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්වල සමහර වෙලදුන් එම සහනය තමන්ට ලබා නොදෙන බවත්.
මෙසේ රජය මගින් අඩු කල පිටි මිල සහනය ලබා නොදිම පිලිබදව විමසිම් කරන විටදි තමන් සතුව පවතින්නේ පැරනි තොග, තමන් අලෙවි කරනුයේ ලංකා පිටි, යනුවෙන් විවිධදේ පවසමින් පැරනි මිලටම මෙසේ පිටි අලෙවි කරන බවද එම පිරිස් පවසති.
මෙවැනි කූට වෙලදුන් පිලිබදව දැඩි අවදායන යොමු කර අහිංසක පාරිභෝගික ජනතාව ගසා එකි වෙලදුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් කඩිනම් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

(07) කළුතරින් කුඩ්ඩෙක් අල්ලයි!
කළුතර සහ අවට ප්‍ර දේශයන් රැසක අයිස් ඇතුළු මත්කුඩු ජාවාරම් කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය,මත්කරල් , කඩු දෙකක් සහ ජාවාරම් මුදල් රුපියල් පනස්දහසක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ කොට්ඨාසය ඒකකය පවසයි .
සැකකරු කළුතර දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මලින් විජේසේකර මහතා ට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, මත්කරල් 18 ක් ,ජාවාරම් මුදල් රුපියල් 50,000 ක්, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට යොදාගන්නා උපකරණ සහ නිවසේ සිවිලිමේ සගවා තිබූ අඩි 3 ක් පමණ දිගැති කඩු 2 ක් සොයාගත් බවද පොලිසිය කීය.සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි


(08) කහ කුඩුවලට පිටි කුඩු එක් කර ලක්යක දඩයක් කයි!
මී ගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ තල්දෙන ප්‍රදේශයේ වෙළදසැලකින් ලබා ගත් සැක සහිත කහ කුඩු සාම්පලයක මනුෂ පරිභොනයට නුසුදුසු ලෙස පාන් පිටි සහ ඩයි වර්ග එකතු කිරිම නිසා චූදිතයින් පස් දෙනෙකුට අධිකරණාය් නඩු පවරා රුපියල් ලක්ෂය දඩයක් නියම කළ බව මී ගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ටි සදරුවන් මහතා පැවසීය.
තල්දෙන වෙළදසැලක් පරික්ෂා කිරීමේදී සැක සහිත තිබූ කහ කුඩු පැකැට්ටුවක් රජයේ අනුමත රස පරීක්ෂකට යවා වාර්ථාවක් කැද වූ අවස්ථාවේදී කහ කුඩු වල පාන්පිටි සමග ඩයි වර්ග දෙකක් කවලම් වී ඇති බවත් මෙම කහකුඩු ආහාරයට එකතු කිරීම නිසා ඇදුම රෝගය උඝ්‍රකරණය ළමුන්ගේ අධි ක්‍රියාකාරිත්වය වැඩි කිරීම සමේ දද කෘෂ්ට ඇති විම හා ස්නයුවල අතුරු ආබාධ ඇති කරන Tartrazine(E102) හා sunsset yellow(E110) වැනි වර්ණක දෙකක් බව සදහන් වී ඇත.
මෙම සිදු විම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සිදු කළ වැඩි දුර විමර්ෂණයකදී පුද්ගලයන් පස් දෙනෙකු දීර්ඝ කාලයක පටන් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට මෙම තත්වයෙන් බාල කරන ලද ආහාරයට නුසුදුසු කහ කුඩු ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මෙම චූදිතයන් පස් දෙනාට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බවත් වරද පිළිගැනීමෙන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රත් නුජිත් ද සිල්වා මහතා විසින් චෝදනා 18ක් සඳහා පිළිවෙලින් 15,000,20,000,20,000,25,000,20,000 ලෙස ලක්ෂයක දඩ මුදලක් නියම කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ටී සදරුවන් මහතා පැවසීය


(09) බක්මහ මල්ලක් ආණ්ඩුවෙන් ගෙදරටම!
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්ය්වශ්ය් ආහාර ද්ර ව්යි ඇතුළත් සහන මල්ලක් ජනතාවට ලබාදීමට රජය කටයුතු යොදයි.
අත්ය වශ්යං භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට අවධානය රජය විසින් යොමු කර ඇති අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම පිළිබඳවද අවධානය යොමු කරයි.
උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්යෂවශ්යඩ ආහාර ද්ර ව්යර සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියන 01ක් වෙන් කර ඇති අතර එම ප්රවතිපාදන නිසි පරිදි යෙදවීම මෙන්ම
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්රයතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යන කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යම වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්රරතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවන වරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්යිවශ්යව ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා විය.


(10) මහ මෝල්ලු බිලියන 15ක් ණය ගෙන ඇණ ගනී!
මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.

එම හේතුවෙන් මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වී මිලදී ගැනීම සදහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිල දී ගන්නා වී ප්රදමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටද රජය සූදානම් වේ.
ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවට මෙහිදී තොරතුරු පවතින බැවින් රජය මෙවර වී මෙට්රිකක් ටොන් 250,000ක් මිලදී ගැනීමට අවශ්යරව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු විය.


(11) අවසර නැති දැව ලොරියක් අල්ලයි!
නීති විරෝධි ආකාරයෙන් ප්‍රවාහනය කරමින් තිබු දැව තොගයක් එම දැව තොගය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයද සමග අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය 24 දා සමත්ව ඇත.
වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මහතා ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටින අවස්තාවේ 24 දා රාත්‍රී 11 ට පමණ වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේදී සැක කටයුතු ලොරි රථයක් නැවැත්වීමට අණ කර ඇති අතර ලොරි රථය නොනවත්වා පලා ගොස් තිබේ. එම අවස්තාවේ පොලිස් නිළධාරින් ලොරි රථය හබා ගොස් මිරහවත්ත ඇල්ලේගම ප්‍රදේශයේදී නවතා ගැනීමට කටයුතු කර තිබේ.
ලොරි රථය පරික්ෂා කිරීමේදී ටෙන්ට් රෙද්දකින් වසා තිබු දැව කදන් තොගය සොයා ගැනීමට හැකිව ඇති අතර ලොරි රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර පොලිසිය සිදු කල ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය කර ගෙන ඇත්තේ වැලිමඩ ඩයරබා ප්‍රදේශය දක්වා මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.


(12) අනතරක් අයෙක් මිය යයි!
සියඹලාණ්ඩුව පොතුවිල් මාර්ගයේ පිදුරුපිටිය හංදිය අසලදී (24) වෙනිදා සවස 06.40 පමණ ජේසීබී යන්ත්‍රයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් පැදිකරුවෙකු මියගොස් ඇතැයි මහකළුගොල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ වැවිලි සමාගමේ ක්ෂේත්‍ර නිලධාරියෙකු වන මොනරාගල සිරිවිජයපුර සමිතිශාලාව පාර පදිංචි රත්නායක මුදියාන්සේලාගේ රසික සම්පත් දසනායක (39) නැමති දෙදරු පියෙකි.
හෙතෙම ඔහුට අයත් අංක EP-MY 3054 දරණ හීරෝ හොන්ඩා යතුරුපැදියෙන් පිදුරුපිටිය හංදිය අසල පිහිටි ශාඛා කාර්යාලයට යාමට සියඹලාණ්ඩුව පොතුවිල් මාර්ගයේ සිය යත්රුපදියෙන් ගමන්කරමින් සිටියදී ජේසීබී යන්ත්‍රයේ පිටුපසගැටී
බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
28 හැවිරිදි ජේසීබී යන්ත්‍රයේ රියදුරු ඇතිමලේ වැවිලි සමාගමට කුලී පදනම මත ලබාගත් අංක NW-ZA 7201 දරණ ජේසීබී යන්ත්‍රය ඔහුගේ සේවා මුරය අවසන්කර යන්ත්‍රය ගාල්කිරීමට ඇතිමලේ වැවිල සමාගමට අයත් ශාඛා කාර්යාලය පිහිටි පිදුරුපිටිය හංදියට යමින් සිටියදී එහි පිටුපස මෙම යතුරුපැදිය ගැටී ඇත.
ජේසීබී යන්ත්‍රයේ රියදුරු වන වැල්ලවාය අලුත්පාර දෙහිලන්ද යාය පදිංචි 28 හැවිරිදි තරුණයා පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.


(13) තෛලෝක විජය පත්‍ර වවා කොටුවෙයි!
පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (24) වෙනිදා සිදුකළ වැටලීමකදී තණමල්විල පොලිස් වසමට අයත් කිවුල්වැව රක්ෂිතය ආසන්නයෙන් වගාකර තිබූ ගංජා වගාවක් වටලා ඇත.
පර්චස් 25 පමණ ඉඩමක වගාකර තිබූ මෙම ගංජාවගාවේ අඩි 02 අඟල් 09 උසැති ගංජාගස් 4,375 අඩියක් පමණ උසැති ගංජාපැළ 15,825 හමුවී තිබේ.
ගංජා වගාවේ අයිතිකරු වන තණමල්විල සූරියආර කිවුල පදිංචි 35 හැවිරිදි අයෙකු අත්අඩංගුවටගෙන ඇත.
ගංජාවගාවන් කපාකොටා පුළුස්සා විනාශකර ඇති අතර එයින් කොටසක් සහ සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා තණමල්විල පොලීසියට භාරදී තිබෙ.තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(14) නඩුකාර තුමාට පෙර විත්ති කූඩුවෙන් හරි අපුරු තීන්දුවක් දෙයි!
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ති උසාවියේදී (මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් වෙන් වූ විශේෂිත නඩු ශාලාව )නඩුවක් විභාග වෙමින් පවතින විට විනිසුරුවරයා ඉදිරියේ පැමිණිලිකාර පාර්ශවයේ අයෙකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 23 වෙනි දින මාර්තු 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා නියෝග කළෙය.
මෙලෙස නියෝග ලැබූවේ සෙයියිදු නියාස් මොහොමඩ් නමැත්තෙකි, මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වගඋත්තරකරුගේ විවාහක බිරිඳය,පැවති සාක්ෂි විභාගයේදී වග උත්තරකරු (බෑනා ) විසින් බිරිඳගේ පියාට අධිකරණ ශාලාව තුළදී මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය,තුවාල ලැබූ අය මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි,සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අමතා මෙම අවස්ථාවේ මෙවැනි වරදවල් කළ අය වෙනුවෙන් පෙනී සිටීම කණගාටුදායක බව විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය , අධිකරණයට අපහාස කිරීම හා අධිකරණ ශාලාව තුළදී පුද්ගලයකුට පහරදී තුවාල සිදු කිරීම,සැකකරුට එරෙහිව චෝදනා ලෙසට කරුණු දක්වමින් මීගමුව පොලිසියේ නඩු කටයුතු මෙහෙයවන පොලිස් සැරයන් 35402 සුජිත් රන්දුනු නිලධාරියා පැමිණිල්ල මෙහෙයවන ලදී .

(15) සමනල කන්ද ගින්න නිමයි!
සමනල ස්භාවික රක්ෂිතයේ හටගත් ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 30 කට ආසන්න භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.
නල්ලතන්නිය වාලමලෙයි වතුයාය ආසන්නයෙන් ඉකුත් (23) දින පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගිය බවත්, පැතිර යමින් තිබු ගින්න ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස්, වන සංරක්ෂක කාර්යාලයේ නිලධාරින්, නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් එක්ව පාලනය කිරිමට උත්සහ කලද කදු මුදුණට පැතිර ගිය ගින්න පාලනය කිරිමට අපහසුවිම නිසා නොර්වුඩ් ප්‍රදේශිය ලේකම් සමිර ගම්ලත් මහතාගේ මැදිහත් විමක් මත ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයෙන් ජලය රැගෙනවිත් 11 වරක් ජලය ඉසිමෙන් අනතුරුව පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත් වු බවයි වි.ජේ.රුක්ෂාන් මහතා කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග මෙසේ රක්ෂිත වලට ගිනිතබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් තම කාර්යාලයට හෝ ළගම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසද වි.ජේ.රුක්ෂාන් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න