විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම විදුලිබිල මේ වගේ සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට ලොකු සහනයක් බව මම දන්නවා. රජයක් හැටියට අපහසුතා දරාගෙන ඒවා කළමනාකරණය කරමින් ජනතාවට සහන ලබාදෙන්න පුළුවන්වීම ගැන සතුටුයි යනුවෙන්ද බලශක්ති අමාත්‍යවරයා අද (18) දින විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
මුල් පිටුව පුවත් “විදුලිබිල සමස්තයක් හැටියට 20% කින් අඩුකරනවා. මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නවා.”