පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධාංවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එමෙන්ම සිය වෘත්තීය නිපුණතාවය වර්ධනය කර ගැනීම සදහා නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත් පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියොජිතයන් සමඟ අද (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙරට සියලු ප්‍රාදේශීය මාධාංවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් කොළඹ ජනමාධාවේදීන්ගේ සංගමය මෙහිදී අමාත්‍යවරයාට ලබාදුන් අතර එම සංදේශයට ඇතුළත් කරුණු පිළිබද ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් අමාත්‍යවරයා දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් කරුණු සොයා බලන ලදී.
මෙහිදී, කරුණූ කිහිපයකටම අදාළ විසදුම් ඒ මොහොතේම ලබාදීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර තචත් ඉල්ලීම් කිහිපයක්ම ඉටුකරදීමට තමා පියවර ගන්නා බව අමාතාංවරයා කොළඹ ජනමාධාංවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට මෙහිදී දන්වා සිටිනු ලැබීය.
ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යොජනා ක්‍රමයක් යළි ඇති කිරීමට මෙහිදී අමාත්‍යවරයා සිය අවධානය යොමු කල අතර ඒ සදහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. මාධා්යවේදීන් සදහා රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරනු ලබන හැදුනුම්පත මින් ඉදිරියට ක්‍රියාකාරී මාධා්යංවේදීන්ට පමණක් නිකුත් කිරීමටත්, එමෙන්ම සියලුම මාධ්‍යවේදීන් සදහා අංග සම්පුර්ණ නේවාසික හා කෙටිකාලීන පුහුණූ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත්, මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිය වෘත්තීයට අදාළ උපකරණ මිලදී ගැනීම සදහා අඩු පොලී යටනේ ණය මුදලක් ලබාදීමේ හැකියාව පිළිබදව සොයා බැලීම ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලිම් රාශියකට සිය එකහතාවය පලකරමින් එම ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කරනු ලැබීය.
එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කැපවීම තම රජය බෙහෙචින් අගය කරන බවත් එම මාධා්යවේදීන්’ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයන්ට වඩා සපයන සේවාවෙන් ලබන්නාවු තෘප්තිමන්භාවයෙන් සෑහිමකට පන්චන පිරිසක් බව හොදින්ම නේරුම්ගෙන ඇති බවත් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එම තත්වය මත ප්‍රාදේශීය මාධාවේදීන් දිරිමත් කිරීම මෙන්ම ඔවුන්ගේ වෘත්තීය කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීම සදහා ඔවුන්ගේ ගැටළු චලට ලබාදීය හැකි සියලු විසදුම් ලබාදීමට ජනමාධ්‍ය අමාතාංශය කැපවන බව ද අමාතාාචරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
මෙම සාකච්චාව සදහා කොළඹ ජනමාධාංවේදීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත ප්රියදර්ශණ, ලේකම් චතුර දේශාන්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒන්.ඒ.කේ.එල්. විජේනායක මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් සහ කොළඹ ජනමාධා්යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වුහ.