මේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් නොවුනත් සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ගුරු පරපුරටත් සෙසු පරපුරටත් අප පහදා දෙන විට අප වෙනුවෙන් වේදිකා තනන්නට, ඒවා අසා සිටීම සඳහා හිටපු ජනාධිපතිවරු අප අසල වාඩිවී සිටියේ නැහැ.

හරිනි අමරසූරිය මහත්මිය පවසන දෙයෙහි කිසිම වැරැද්දක් නැහැ.

මේ කියන ගුණාංග සම්පූර්ණ කළ,රටට දෑට සැබැවින්ම ආදරය කළ ශ්‍රේෂ්ඨ ගණයේ පුද්ගලයින් ගණනාවක් මා හට මුණගැසීී තිබෙනවා. ඇසුරු කර තිබෙනවා.

ඔවුන්ගේ දැනුමට ඊර්ෂ්‍යා කළ, ඔවුන්ගේ ගමන් මගේ කටු කොහොල් ඇතුරෑ දුෂ්ඨ දේශපාලකයින්ගේ
නින්දිත ක්‍රියා කලාපයන් නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා. සමහර දෙනෙක් සදාකාලයටම උපන් භූමිය හැර ගියා.

අගමැතිනියගේ කතාවත් ලස්සනයි. වචනත් ලස්සනයි. ඉදිරිපත් කළ ආකාරයත් ලස්සනයි. බොහෝවිට සිදුවන්නේ යථාර්ථය ලස්සන කමින් වැසී යාමයි.

බලයට පත්වන හැම පුද්ගලයාම උත්සාහ කරන්නේ වෙනත් ක්‍රමයකට රට පාලනය කරන්නයි. මහ පොළොවේ පය ගසා නොව සිහින ලෝකයේ සිට සැලසුම් ගැන කතා කරන මිනිසුන්ගෙන් අතීතය පිරී ඉතිරී පැවතුණා. යථාර්ථය හඳුනාගෙන රට හදන්න ඉදිරිපත් වුණු කිසිම කෙනෙකුට බලය ලබා ගැනීමට ඉඩක් ඉතිරි කර තිබුණේ නැහැ.

අලුතෙන් එන පරපුරට පැවසීමට කියා අලුත් දෙයක් ඉතිරිවී නැහැ. බලය ලබා ගැනීම සඳහා කළ කී කතා ඵල නොදරාම කාලේ වැළිතලා වෙන් වැසී ගොස් තිබෙනවා. අළුත් පරපුර ඒ වැළිතලාව මත හිඳ, පද ගැලපීම වෙනස්කර එකම කතාව කියනවා. සමහර විට වෙනස වන්නේ එකම ගීය යුග දෙකක ශිල්පීන් දෙදෙනෙක් විසින් ගායනය කිරීමයි.

ශාන්ති ගීත දේව ශූරීන් 60 දශකයේ ගැයූ ගීතයක් විශාරද මහාචාර්ය සනත් නන්දසිරිද ඉතාමත් කන්කළු හඬින් ගායනා කළා.

එකම පදවැළකි. එකම තනුවකි. ගායකයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනම අද ජීවතුන් අතර නැත.

තනුව සුමදුර නම් හෙට උපදින තැනැත්තාත් ඒ ගීයම ගායනා කිරීම පුදුමයට කරුණක් විය නොහැක.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
13.12.2024

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ දේශනය ඉතාමත් දක්ෂ අන්දමින් සකසාගෙන තිබුණා පමණක් නොව කිසිම අපහසුවකින් තොරව අසාගෙන සිටීමට තරම් ආකර්ෂණීය බවකින් ද පරිපූර්ණ වී තිබුණා. මේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් නොවුනත් සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ගුරු පරපුරටත් සෙසු පරපුරටත් අප පහදා දෙන විට අප වෙනුවෙන් වේදිකා තනන්නට, ඒවා අසා සිටීම සඳහා හිටපු ජනාධිපතිවරු අප අසල වාඩිවී සිටියේ නැහැ. හරිනි අමරසූරිය මහත්මිය පවසන දෙයෙහි කිසිම වැරැද්දක් නැහැ. මේ කියන ගුණාංග සම්පූර්ණ කළ,රටට දෑට සැබැවින්ම ආදරය කළ ශ්‍රේෂ්ඨ ගණයේ පුද්ගලයින් ගණනාවක් මා හට මුණගැසීී තිබෙනවා. ඇසුරු කර තිබෙනවා. ඔවුන්ගේ දැනුමට ඊර්ෂ්‍යා කළ, ඔවුන්ගේ ගමන් මගේ කටු කොහොල් ඇතුරෑ දුෂ්ඨ දේශපාලකයින්ගේ නින්දිත ක්‍රියා කලාපයන් නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා. සමහර දෙනෙක් සදාකාලයටම උපන් භූමිය හැර ගියා. අගමැතිනියගේ කතාවත් ලස්සනයි. වචනත් ලස්සනයි. ඉදිරිපත් කළ ආකාරයත් ලස්සනයි. බොහෝවිට සිදුවන්නේ යථාර්ථය ලස්සන කමින් වැසී යාමයි. බලයට පත්වන හැම පුද්ගලයාම උත්සාහ කරන්නේ වෙනත් ක්‍රමයකට රට පාලනය කරන්නයි. මහ පොළොවේ පය ගසා නොව සිහින ලෝකයේ සිට සැලසුම් ගැන කතා කරන මිනිසුන්ගෙන් අතීතය පිරී ඉතිරී පැවතුණා. යථාර්ථය හඳුනාගෙන රට හදන්න ඉදිරිපත් වුණු කිසිම කෙනෙකුට බලය ලබා ගැනීමට ඉඩක් ඉතිරි කර තිබුණේ නැහැ. අලුතෙන් එන පරපුරට පැවසීමට කියා අලුත් දෙයක් ඉතිරිවී නැහැ. බලය ලබා ගැනීම සඳහා කළ කී කතා ඵල නොදරාම කාලේ වැළිතලා වෙන් වැසී ගොස් තිබෙනවා. අළුත් පරපුර ඒ වැළිතලාව මත හිඳ, පද ගැලපීම වෙනස්කර එකම කතාව කියනවා. සමහර විට වෙනස වන්නේ එකම ගීය යුග දෙකක ශිල්පීන් දෙදෙනෙක් විසින් ගායනය කිරීමයි. ශාන්ති ගීත දේව ශූරීන් 60 දශකයේ ගැයූ ගීතයක් විශාරද මහාචාර්ය සනත් නන්දසිරිද ඉතාමත් කන්කළු හඬින් ගායනා කළා. එකම පදවැළකි. එකම තනුවකි. ගායකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනම අද ජීවතුන් අතර නැත. තනුව සුමදුර නම් හෙට උපදින තැනැත්තාත් ඒ ගීයම ගායනා කිරීම පුදුමයට කරුණක් විය නොහැක. (මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා) 13.12.2024

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න