ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු හෙළිදරව් වීම, ඉමියුනෝග්ලොබිලින් නඩුවට බාධාවක් යැයි කියන්නට හදන අයට අපිට කියන්නට ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු එළියට නුවාවේ නම් ඉමියුනෝග්ලොබියුලින් යනුවෙන් අද නඩුවක් නැති බවය.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ හෝ ප්‍රධාන විධායක නිලධාරියාගේ අණසකට හෝ කුණුහරප වලට යට වෙමින් එහි සිටින සියලු වෘත්තිකයන් වැඩ කළ යුතු යයි විශ්වාස කරන අයට අපට කියන්නට ඇත්තේ, එම තනතුරුවල සිටි අය හොරකම් කල බව කියන්නට තරම් පෞරුෂයක් තිබුණු වෘත්තීය සමිති නොතිබුණේ නම් අද ඔවුන් එම පුටුවල නැති බවය. බන්ධනාගාර ගත වූ කලින් සිටි සභාපති සභාපතිලා සහ ප්‍රධාන විධායකලා තවමත් එම පුටු වල සිටින බවය.

තොරතුරු හෙළිදරව් කරන වෘත්තිකයන් හෝ වෘත්තීය සමිති නායකයන්ව අනිවාර්ය නිවාඩු යැවීමට කලින් තිබුණු සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වූයේ නම්, අදටත් හොර ඉමියුනෝග්ලොබියුලින් සහ බොහෝ පහළ බෙහෙත් රෝගීන් ගිල දමමින් සිටින බවය.

එසේම, ආයතන වල කුණුහරපෙන් බැන වදිමින්, වෘත්තීය සමිති බියවද්දමින් සහ මර්ධනය කරමින් නිලධාරීන්ට ඕනෑ ඕනෑ පදයට නටන්නට ඉඩ හැරියේ නම් සමහර විට බන්ධනාගාර ගත වූ ඇමතිවරු සහ නිලධාරීන් හොඳම ඇමතිවරුන් සහ නිලධාරීන් බවට පත්ව, එම ආණ්ඩු ද හොඳම ආණ්ඩු බවට පත්වෙමින් ආණ්ඩු පෙරළියක්ද සිදු නොවන්නට ඉඩ තිබුණු බවය.

රකුස්

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න