කොටි සැමරුම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ලිහිල් භාවයට විරෝධය පා ආබාධිත රණවිරුවන් සහ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන් විසින් ජනාධිපතිට විරෝධතා සන්දේශයක් භාරදෙයි
කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමේ අවසන් සටනේදී 2009 වසරේ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ලේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සමග ඇති වූ ගැටුමකදී තුවාල සිදුවී ආබාධිතත්වයට පත් වූ , දැනට ආබාධිත තත්ත්වයෙන් විශ්‍රාම ගෙන ඇති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් රණවිරුවෙක් වන, ඩබ්ලිව්.ඇම්.ඩී මංජුල ඇතුළු රණවිරුවන් සහ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු දුලාර ගුණතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් උතුරේ සහ නැගෙනහිර පළාතේ ප්රභාකරන් ඇතුළු කොටි සැමරුම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ලිහිල් භාවයට විරෝධය දක්වමින් ඊයේ සහ පෙරේදා දින වල මොරටුව ඔරලෝසු කණුව අසල සත්‍යග්‍රහයක් පවත්වන ලදී.
අද දිනයේ ඔවුන් පෙරවරු දහයට, ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණී, විරෝධය පළ කරමින් සංදේශයක් භාරදීමටත් කටයුතු කළහ.
අදාළ සංදේශය සහ ඡායාරූප මේ සමග අමුනා ඇත.