බබෙක් ඕන බබෙක් ඕන කියල ඇඳට ගොඩවෙන්න කලින් හිතන්න දෙයක්..

එදා සෙනසුරාදාවක්.මං දවල් දොලහයි හතලිස් පහ News එක කියන්න යන ගමන්…
ශ්‍යාමාල්ගෙන් ඇමතුමක් ලැබෙන බව මගේ ජංගමේ screen එක ඉඟි කලා..
පාරෙන් මදක් අයින් කරගත් වාහනයේ
bluetooth on වුන නිසා ශ්‍යාමාල්ගෙ වේදනාබර කටහඬ පැහැදිලිව වාහනයේ ස්පීකර් වලින් ඇහෙන්න ගත්ත..
අයියා… ඔයා news කියල ආකේඩ් එකට එන්න අනේ නිමාටයි මටයි පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනි…
හරි මල්ලි කියන එකට වඩා උත්තරයක් මට තිබුනෙ නෑ…
ප්‍රවත්ති කියල ඉවර වෙනකොට දවල් එක පහුවෙලා..
ආකේඩ් එකේ ගල් බංකුවක් උඩ පළතුරු යුෂ වීදුරු දෙකක් තොළ ගාමින් ශ්‍යාමල් නිමා එක්ක බර කතාවක්..
නිමා ශ්‍යාමාල්ගෙ බිරිඳ. දෙන්න බැන්දෙ 2019 හීතල දෙසැම්බරයේ ..
අයියා මේකයි කතාව..
ශ්‍යාමාල්. කියද්දි නිමා අසරණව ඒත් ඔලුව හොල්ලමින් ඒ ඔක්කොම එක්ක එකඟ වෙමින් දුකින් බලා හිටියා..
අයියා..ඔයා දන්නවනෙ අපි දරුවෙක් හදන්න කොච්චර try කලාද කියල…
ඒ නිසාම අපි නිතර sex කලා…
ඒත් හැමදාම අපි එකතුවෙන්නෙ දරුවෙක් හදන්න ඕන කියන හිතුවිල්ලෙන් නිසා ඒක අපි දෙන්නටම දැන් රාජකාරියක් වගේ..කිසි රහක් නෑ…
දැනෙන්නෙත් නෑ අනේ…
ඒත් හදපු දරුවෙකුත් නෑ…..
ශ්‍යාමාල්. එහෙම කිව්වෙ නිමා ගැන චෝදනාවක් විදිහට නෙවෙයි වුනත් ඈ ඈත බලාගෙන සුසුම් ලමින් හිටියේ…

ශ්‍යාමාල් ඔයා දන්නවද සරුම සරු ..ඒ කියන්නෙ කපල් එකක් ලිංගිකව එකතු වුනාම දරු පිළිසිඳ ගැනීමක් වෙන්න වැඩි චාන්ස් එකක් තියෙන කාලයක් තියෙනව කියල…
අනේ මන්ද අයියෙ….අපි ඒ දවස් වල ඉගෙනගත්ත…බයෝ වලට..ඒත් ඇත්තම.කියන්න අපි ඕව හිත හිතා ඉන්නෙත් නෑ..ඒව මතකත් නෑ…හිතුනාම.දරුවෙක් හදන්න ඕන කියල.එදාට උත්සහ කරනව…
ඉන්නකො මං කියන්න…මම මුල සිට අග දක්වාම කියද්දි දෙන්නට ඇතිවුන අතුරු ප්‍රශ්න සිය ගණනක්..
අපි පැයක් විතර කතා කල කරුණු වලින් ටිකක් මම මෙහෙම.ලියන්නෙ ඒව ඔයාට හරි ඔයාගෙ නෑයෙකුට,යාලුවෙකුට වැදගත් වෙන්න පුලුවන් නිසා..
නිමා..ශ්‍යාමල්…

ඔසප් වීම පිලිබඳ දැනගත යුතු මූලික කරුණු
කෙල්ලෙක්ගෙ,නැතිනම්.කාන්තාවකගෙ
ඔසප් චක්‍රයේ 14 වෙනි දවසෙදි ඩිම්බ මෝචනය ඒ කියන්නෙ ඩිම්බයක් නිදහස් වීම වෙනව .ඒ නිසා
ඔසප් චක්‍රයේ ද 12 වැනි දවසත් ත් 17 වැනි දවසත් අතර කාල සීමාවෙදි ලිංගික එක් වීමක් වුනොත් ඒ කියන්නෙ sex කලොත් මුදා හැර තියෙන ඩිම්බයක් ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා ඒ කියන්නෙ සංසේචනය වෙලා ගැබ් ගන්න ලොකු ඉඩක් තියෙනව.
අනික් වැඩ එක්ක මේ දින දෙන්නටම.අමතක වෙන්න පුළුවන්නෙ ඒ නිසා ……
“ඔසප් දින දර්ශනය කියල කියන පුළුවන් කැලැන්ඩර් ක්‍රමයක් තියෙනව ඔසප් චක්‍රයේ ස්වභාවය ‍අඳුන ගන්න.
බබෙක් හදන්න බලාපොරොත්තු වෙන කපල් එකක් විතරක් නෙවෙයි….
හැම.ගැහැණු ලමයෙක්ම.කාන්තාවක්ම ඔසප් වීම සම්බන්ධ වාර්තාවක් තබා ගන්න එක කොහොමත් වැදගත්
එහෙම.වාර්තාවක් හදා ගන්නවනම් ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු හඳුනාගන්න ඒක ගොඩක් වැදගත් වෙනව..
ඒ වගේම
ඊලඟ ඔසප් වෙන දවසට මුහුණ දෙන්න පෙර පුහුණුවක් ලැබෙන්නත් ඔසප් දින දර්ශනයක් පවත්වා ගැනීමේ වාසියක්.
ඒක කරන්නෙ මෙහෙම …..

ඔසප් වෙන මුල්ම දිනය,දින දර්ශනයේ X ලකුණකින් සටහන් කර ගන්න ඕන.එහෙම.කලාම. මේ ඔසප් කැලැන්ඩරය භාවිත කරල කාන්තාවකගෙ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින ගණන අනුමාන කරල කියන්න පුලුවන් ..

ඉතින් ඒ වගේ අනුමාන කරල තමන්ගෙ ඔසප් චක්‍රයේ ඒ ඒ දින ගණන් අනුව කටයුතු කරන්නත් පුළුවන් ..
ඒ වගේම කපල්.එකක් නම්.තමන්ගෙ බිරිඳගෙ ඔසප් චක්‍රය ගැන සැමියාත් හොඳ අවබෝධයෙන් ඉන්න එක ගොඩක් වැදගත්…..
මම කියාගෙන ගියා…
ශ්‍යාමාල්…නිමා ..මතක තියාගන්න . එහෙම.plan කරල සාධාරණ කාලයක් sex කරල බලන්න.වෙනසක් වෙයි..ආස හිතෙයි….
අපේ ඒ සංවාදෙ වෙලා දැන් මාස කීපයක් වෙනව..
අද හවස ශ්‍යාමාල්.මට ඇමතුමක් දුන්න..
“අයියා… ඔයා අපට දුන්න දරුව කොල්ලෙක්..අද ස්කෑන් කලා….අනේ පින් ඔයාට…..
මුලින් මං සතුටු වුනා.
ඒත් ශ්‍යාමාල්ගෙ කතාව මට විතරක් ඇහිච්ච එක හොඳයි.මේකෙ මුල මැද අග දන්නෙ නැති කෙනෙක් ඇහුවනම් මොනා හිතයිද කියන සිතුවිල්ල තත්පරේකට හරි මගේ හිතට නාවමනෙවෙයි..
අපේ රටේ අය කොයි තරම් ඉහල සාක්ෂරතා මට්ටමක හිටියත් උන්ගෙ සෞඛ්‍ය සාක්ෂරතාව සමහර ක්ෂේත්‍ර ගැන ගොඩක් අඩුයි නේද කියල.මම.කල්පනා කලා.
ඔසප් චක්‍රය ගැන නිමාත් ශ්‍යාමලුත් ඒ සුළු දේ මගෙන්වත් දැන නොගත්‍තානම් දරුවෙක් දරුවෙක් කියල අදටත් ඇඳක් උඩ නිකරුණේ දඟලනව නේද කියලත් හිතුන….

ජානක සුනෙත් බණ්ඩාර
researcher in sexiology
2024.11.28

ඔබේ සුවසෙත 02 බබෙක් ඕන බබෙක් ඕන කියල ඇඳට ගොඩවෙන්න කලින් හිතන්න දෙයක්.. එදා සෙනසුරාදාවක්.මං දවල් දොලහයි හතලිස් පහ News එක කියන්න යන ගමන්… ශ්‍යාමාල්ගෙන් ඇමතුමක් ලැබෙන බව මගේ ජංගමේ screen එක ඉඟි කලා.. පාරෙන් මදක් අයින් කරගත් වාහනයේ bluetooth on වුන නිසා ශ්‍යාමාල්ගෙ වේදනාබර කටහඬ පැහැදිලිව වාහනයේ ස්පීකර් වලින් ඇහෙන්න ගත්ත.. අයියා… ඔයා news කියල ආකේඩ් එකට එන්න අනේ නිමාටයි මටයි පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනි… හරි මල්ලි කියන එකට වඩා උත්තරයක් මට තිබුනෙ නෑ… ප්‍රවත්ති කියල ඉවර වෙනකොට දවල් එක පහුවෙලා.. ආකේඩ් එකේ ගල් බංකුවක් උඩ පළතුරු යුෂ වීදුරු දෙකක් තොළ ගාමින් ශ්‍යාමල් නිමා එක්ක බර කතාවක්.. නිමා ශ්‍යාමාල්ගෙ බිරිඳ. දෙන්න බැන්දෙ 2019 හීතල දෙසැම්බරයේ .. අයියා මේකයි කතාව.. ශ්‍යාමාල්. කියද්දි නිමා අසරණව ඒත් ඔලුව හොල්ලමින් ඒ ඔක්කොම එක්ක එකඟ වෙමින් දුකින් බලා හිටියා.. අයියා..ඔයා දන්නවනෙ අපි දරුවෙක් හදන්න කොච්චර try කලාද කියල… ඒ නිසාම අපි නිතර sex කලා… ඒත් හැමදාම අපි එකතුවෙන්නෙ දරුවෙක් හදන්න ඕන කියන හිතුවිල්ලෙන් නිසා ඒක අපි දෙන්නටම දැන් රාජකාරියක් වගේ..කිසි රහක් නෑ… දැනෙන්නෙත් නෑ අනේ… ඒත් හදපු දරුවෙකුත් නෑ….. ශ්‍යාමාල්. එහෙම කිව්වෙ නිමා ගැන චෝදනාවක් විදිහට නෙවෙයි වුනත් ඈ ඈත බලාගෙන සුසුම් ලමින් හිටියේ… ශ්‍යාමාල් ඔයා දන්නවද සරුම සරු ..ඒ කියන්නෙ කපල් එකක් ලිංගිකව එකතු වුනාම දරු පිළිසිඳ ගැනීමක් වෙන්න වැඩි චාන්ස් එකක් තියෙන කාලයක් තියෙනව කියල… අනේ මන්ද අයියෙ….අපි ඒ දවස් වල ඉගෙනගත්ත…බයෝ වලට..ඒත් ඇත්තම.කියන්න අපි ඕව හිත හිතා ඉන්නෙත් නෑ..ඒව මතකත් නෑ…හිතුනාම.දරුවෙක් හදන්න ඕන කියල.එදාට උත්සහ කරනව… ඉන්නකො මං කියන්න…මම මුල සිට අග දක්වාම කියද්දි දෙන්නට ඇතිවුන අතුරු ප්‍රශ්න සිය ගණනක්.. අපි පැයක් විතර කතා කල කරුණු වලින් ටිකක් මම මෙහෙම.ලියන්නෙ ඒව ඔයාට හරි ඔයාගෙ නෑයෙකුට,යාලුවෙකුට වැදගත් වෙන්න පුලුවන් නිසා.. නිමා..ශ්‍යාමල්… ඔසප් වීම පිලිබඳ දැනගත යුතු මූලික කරුණු කෙල්ලෙක්ගෙ,නැතිනම්.කාන්තාවකගෙ ඔසප් චක්‍රයේ 14 වෙනි දවසෙදි ඩිම්බ මෝචනය ඒ කියන්නෙ ඩිම්බයක් නිදහස් වීම වෙනව .ඒ නිසා ඔසප් චක්‍රයේ ද 12 වැනි දවසත් ත් 17 වැනි දවසත් අතර කාල සීමාවෙදි ලිංගික එක් වීමක් වුනොත් ඒ කියන්නෙ sex කලොත් මුදා හැර තියෙන ඩිම්බයක් ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා ඒ කියන්නෙ සංසේචනය වෙලා ගැබ් ගන්න ලොකු ඉඩක් තියෙනව. අනික් වැඩ එක්ක මේ දින දෙන්නටම.අමතක වෙන්න පුළුවන්නෙ ඒ නිසා …… “ඔසප් දින දර්ශනය කියල කියන පුළුවන් කැලැන්ඩර් ක්‍රමයක් තියෙනව ඔසප් චක්‍රයේ ස්වභාවය ‍අඳුන ගන්න. බබෙක් හදන්න බලාපොරොත්තු වෙන කපල් එකක් විතරක් නෙවෙයි…. හැම.ගැහැණු ලමයෙක්ම.කාන්තාවක්ම ඔසප් වීම සම්බන්ධ වාර්තාවක් තබා ගන්න එක කොහොමත් වැදගත් එහෙම.වාර්තාවක් හදා ගන්නවනම් ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු හඳුනාගන්න ඒක ගොඩක් වැදගත් වෙනව.. ඒ වගේම ඊලඟ ඔසප් වෙන දවසට මුහුණ දෙන්න පෙර පුහුණුවක් ලැබෙන්නත් ඔසප් දින දර්ශනයක් පවත්වා ගැනීමේ වාසියක්. ඒක කරන්නෙ මෙහෙම ….. ඔසප් වෙන මුල්ම දිනය,දින දර්ශනයේ X ලකුණකින් සටහන් කර ගන්න ඕන.එහෙම.කලාම. මේ ඔසප් කැලැන්ඩරය භාවිත කරල කාන්තාවකගෙ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින ගණන අනුමාන කරල කියන්න පුලුවන් .. ඉතින් ඒ වගේ අනුමාන කරල තමන්ගෙ ඔසප් චක්‍රයේ ඒ ඒ දින ගණන් අනුව කටයුතු කරන්නත් පුළුවන් .. ඒ වගේම කපල්.එකක් නම්.තමන්ගෙ බිරිඳගෙ ඔසප් චක්‍රය ගැන සැමියාත් හොඳ අවබෝධයෙන් ඉන්න එක ගොඩක් වැදගත්….. මම කියාගෙන ගියා… ශ්‍යාමාල්…නිමා ..මතක තියාගන්න . එහෙම.plan කරල සාධාරණ කාලයක් sex කරල බලන්න.වෙනසක් වෙයි..ආස හිතෙයි…. අපේ ඒ සංවාදෙ වෙලා දැන් මාස කීපයක් වෙනව.. අද හවස ශ්‍යාමාල්.මට ඇමතුමක් දුන්න.. “අයියා… ඔයා අපට දුන්න දරුව කොල්ලෙක්..අද ස්කෑන් කලා….අනේ පින් ඔයාට….. මුලින් මං සතුටු වුනා. ඒත් ශ්‍යාමාල්ගෙ කතාව මට විතරක් ඇහිච්ච එක හොඳයි.මේකෙ මුල මැද අග දන්නෙ නැති කෙනෙක් ඇහුවනම් මොනා හිතයිද කියන සිතුවිල්ල තත්පරේකට හරි මගේ හිතට නාවමනෙවෙයි.. අපේ රටේ අය කොයි තරම් ඉහල සාක්ෂරතා මට්ටමක හිටියත් උන්ගෙ සෞඛ්‍ය සාක්ෂරතාව සමහර ක්ෂේත්‍ර ගැන ගොඩක් අඩුයි නේද කියල.මම.කල්පනා කලා. ඔසප් චක්‍රය ගැන නිමාත් ශ්‍යාමලුත් ඒ සුළු දේ මගෙන්වත් දැන නොගත්‍තානම් දරුවෙක් දරුවෙක් කියල අදටත් ඇඳක් උඩ නිකරුණේ දඟලනව නේද කියලත් හිතුන…. ජානක සුනෙත් බණ්ඩාර researcher in sexiology 2024.11.28

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න