අලුත් ශිෂ්ඨාචාරයක් ලාංකික සමාජය වෙත ප්‍රවේශ වෙමින් තිබෙන අවස්ථාවක්.
අධ්‍යාපනය, ආගම, කලාව, අධිකරණය හා ජන මාධ්‍ය යන සියලූම ක්ෂේත්‍ර සමාජ පරිවර්තනයකට න්‍යායාත්මකව ධනාත්මකව තල්ලු වෙන පරිසරයක සුළඟ අපට දැනෙනවා.
ඒ සඳහා ලාංකික සමාජය සාමූහික පරිකල්පනයේ සහතිකය නිකුත් කරමින් ඉන්නා අවස්ථාවක් මේ අප ගත කරන්නේ.
පසුගිය අවුරුදු 76 තුළ ලොකු පාරවල්, ලොකු ඉස්කෝල, ලොකු ඉස්පිරිතාල, ලොකු පන්සල්, පල්ලි, හොඳ කෑම බීම විවෘත ආර්ථිකයත් සමඟ දිගුවෙමින් උපසාරණය වුණා.
සියල්ලක් භෞතිකව සංවර්ධනය වුණත්, ලාංකිකයාගේ අධ්‍යාත්මික තත්ත්වය කෙබඳුද?
අප මෙතෙක් ගත කළේ ශිෂ්ඨාචාරයේ යම් අර්බුදයක් නොවේද?
අපේ රටේ ගුරුවරු අනාගත පරම්පරාවට යහපත් අනාගතයට මග කියා දුන් වගකීම් භාරගත් සැබෑ ගුරුවරුන්ද?
එසේ නම් දරුවන් රැගෙන දෛනිකව උපකාර පංතිවලට එක් දරුවෙක් වෙනුවෙන් මවුපියන් රුපියල් විසි පන්දහසේ සිට පනස් දහ දක්වා වියදම් කරන්නේ ඇයි?
පාසල් දරුවා කුතුහලයෙන් විශ්ව දැනුම ගවේෂණය කිරීම ජීවිත අවබෝධය කරා හඹා යන්නෙක්ද?
විභාගයට පමණක් කට පාඩම් කරගෙන පිළිතුරු ලියන ශිෂ්‍ය දුරාවලියක් රට පුරා ව්‍යාප්ත වීම අනාගත සංවර්ධනයට බාධාවක් නොවේද?
වෛද්‍යවරු සැබැවින්ම මානව ගුණාංග වලින් සමන්විතද?
නිදහස් අධ්‍යාපනයේ භුක්තිය උපරිම ප්‍රයෝජන ගෙන චැනල් සංස්කෘතියක ආත්මාර්ථකාමී සූරා කෑමක් රට පුරාම සිදු නොකරන්නේද?
සියලුම පූජ්‍ය පක්ෂය සැබැවින්ම ඔවුන්ගේ ආගමට අනුව අධ්‍යාත්මික මග පෙන්වන්නේද? ආදර්ශයෙන් ක්‍රියාත්මක කරනවාද?
මාධ්‍යකරුවන්, කලාකරුවන් ප්‍රඥාවෙන්, නිර්මාණශීලීත්වයෙන් ප්‍රජාවගේ ඥානය ඥාන මණ්ඩලයක් කරා ගෙනයන හැසිරීමක් ගත වූ කාලය තුළ අපට දකින්න ලැබුනාද?
මේ සියල්ලක් සමෝදානය කිරීම සඳහා සාමූහික විඤ්ඤාණය, සැබෑ රැඩිකල් වෙනසක්, නව මාලිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සක්‍රීය වෙන්න පුළුවන්.
ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සුන්දරම පඨිතය දිගු වෙන මොහොත දැන් අප ගතකරමින් ඉන්නේ.
මාලිම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව හරහා රටේ සෞභාග්‍යයෙන් මාවත විවර කිරීමේ දොරටු විවෘත උනා.
ඔබට අත්දැකීම් අඩුවෙන්න පුළුවන්.
නමුත් මිත්‍යාවට එරෙහිව ඔබට ක්‍රියා කිරීම සඳහා අදාල නෛතික පනත් පහසුවෙන් ඉදිරිපත් කළ හැකිය.
ආර්ථික අර්බුදය සාමාන්‍ය සාමාන්‍යකරණය වීම මහජනතාවට එය තමන්ගේ සවයංන්ව කළමනාකර ගත යුතු කොන්දේසි ඔබට පනවන්න බැහැ.
එය හුදෙක් යැපුම් ආර්ථිකය නොවේ.
වෙළඳපොළ මිල හා සහනදායි මේ මිල අතර වෙනස තේරුම් ගැනීම ඉතාම වැදගත්.
බඩු බෙදා දී මේ සහන උපක්‍රම රටා හා දෙපිට කාට්ටු වලින් මුළුමනින්ම ඉවත් විය යුතුයි.
මෙය හුදෙක් පූර්ව සටහනක් පමණයි.
ආර්ථික, සාමාජික, සංස්කෘතික සැබෑ විවරණයන් ඉදිරියට.

කතු වැකිය ලිව්වේ සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න