NPP එකේ ආර්ථික කළමනාකරණ විශේෂඥ කණ්ඩායමට IMF එකත් එක්ක සාකච්ඡාවට ගිහින් ඇවිල්ලා කියපු දේවල් වලට ඔබ වගකීමෙන් සවන් දුන්නද ?
ඔවුන් ඉතාම පැහැදිලිව කිව්වා මාස දෙකක් තුළ IMF එකත් එක්ක ඇති කරගෙන තියෙන ගිවිසුම් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න බව
වසර තුනක් තුළ IMF එකත් එක්ක ඇතිකරගෙන තියෙන ගිවිසුම් ක්‍රියාත්මක කරලා අවසාන කරන බව
එසේ කිරීමෙන් දේශය සුරපුරයක් කරන්නට හැකි වන බව
රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකක් තිස්සේ මේක නොකර හිටපු එක බරපතල වැරැද්දක් රටට ජනතාවට කරපු කියලත් අන්තිමට NPP එකේ මේ ආර්ථික විශේෂඥ කණ්ඩායම කියනවා.
දැන් ඔබට තේරෙනවද සේනානායකලා ,
බණ්ඩාරනායකලා ,
විජේවර්ධනලා,
රාජපක්ෂලා ‘මේ රට පාලනය කළාට වඩා වෙනස් විදියකට මේ රට පාලනය කරන්න NPP එක ලෑස්ති නැති බව.
මේ මැතිවරණයේදී නිශ්චිත ලෙසම……
රාජපක්ෂලා විජේවර්ධනලා සේනානායකලා බණ්ඩාරනායකලා එක්ක එකගොඩේ තියලා NPP එකත් පරාජය කරන්නට ජනතාව දක්ෂ වුණේ නැත්නම්,……….
ඉතා පැහැදිලිවම ඉදිරි වසර දෙක තුළ ඔබට මිහිපිට ජීවත් වෙන්නට ස්වදේශික මහ පොළොවක් නැති වෙනවා.
මේ දේශයට එරෙහිව……..
විදේශ රටවල නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමේ පනත ගෙනාපු වෙලාවේ. නිහඬව හිටපු සහ ඒ පනත සම්මත කරගන්නට උදව් කරපු,
ඒ පනතට එරෙහි අධිකරණයට නොගිය,
සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ඔබේ රට පරදේසක්කාරයන්ට විකුණා දැමීමටයි මේ සූදානම් වෙන්නේ.
ඒ සඳහා තමයි IMF එකත් එක්ක ඇති කර ගත්තු ගිවිසුම් වලට අනුකූලව නිල වශයෙන් ක්‍රියාත්මක නොවෙන MCC ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි වන……
රටේ හැම බිම් අඟලකටම ඔප්පුදෙන එක .
ගොඩබිමෙන් ඉංදියාවට යන තැන දක්වා අවශ්‍ය මාර්ග ටික හදන එක.
ලංකාවේ තියෙන හැම ඉඩමක්ම ඩොලර් මිලියන 25ක් දක්වා මිලකට ඕනෑම එකෙකුට ගන්න පුළුවන් විදියට පරිසරය හදන එක …………………
කියන වැඩ තුන අනුර කුමාර දිසානායක කරන්න යන්නේ………………
දේශීය සංස්කෘති මරලා දාන ගමන්.
එවිට අපට හැඟීමක් ඇතිවෙනවා නේද ?
දැනටමත් ඔබට හිතෙනවා නේද ?………
කොච්චර ශෝක්ද ඔප්පු දෙන එක. කොච්චර ශෝක්ද ඉන්දියාවට යනකම් ගොඩ බිමින් යන්න පාරවල් හදලා දෙනවා නම් .
කොච්චර ශෝක්ද අපේ ඉඩම් අක්කරේ ඩොලර් මිලියන 25කට විකුණ ගන්න පුළුවන් නම් කියලා
එවිට අපේ අත්වල සල්ලි වැහි වහීවි කියලත් ඔබට හිතෙනවා නේද ?
අපට ඉන්න මහපොළොවක් නැතිවේවි කියලත් ඔබට හිතෙනවද ඒ අතරෙම ?
කරුණාකරලා ඔබ හැම කෙනෙක්ම තුලනාත්මකව කල්පනා කරලා බලන්න අපිට මොන වගේ දෙයක්ද මේ වෙන්නේ කියලා ……
ඒ කල්පනාව දියුණු කරලා කළ යුතුව ඇති එකම එක දේ තමයි…………..
ස්වදේශිකත්වය පෝෂණය කරමින් සංවර්ධනය කරන,
ණය ගෙවන්න පමණක් IMF එකත් එක්ක කතා කරන,
ස්වදේශිකව ආර්ථිකය සංවර්ධනය කිරීමට ජාතික වැඩපිළිවෙළක් තියෙන ,
ඒ වගේම තමන්ගේ රට ලොව පිළිගන්නා ඉතා යහපත් පාලන හා කළමනාකරණ ක්‍රමවේදයක් තුළ පාලනය සහ කළමනාකරණය කරමින් ලෝකයේ ගෞරවය දිනා ගැනීමට සමත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංගනීය ව්‍යවස්ථාවක් වන 3 වන ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති පරමාධිපත්‍ය බලය ඒ ලෙසම ක්‍රියාත්මක කරමින් ,
ජනතාව එක මිටට එකට එක්සත් කළ හැකි බලයක් ගොඩනැගීමට හැකියාව ඇති පුද්ගලයන් සහ කණ්ඩායම් තෝරගෙන ,
ඔවුන්ටම පමණක් ඡන්දය දී ,
ඔවුන්වම පමණක් පාර්ලිමේන්තුවට යවන්න .
එසේ නොවුනොත් සිද්ධ වෙන්නේ මහා විනාසයක්.