පසුබිම
‘දියුණු මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් ගෝලීය මාධ්‍ය ප්‍රජාවක්’ යන්න ඉලක්ක කර ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයේ ගෘෘන්වෝල් සම්මුතියේ මාර්ගෝපදේශයන්ට යටත්ව අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය 2000 වසරේ දී පාසල් මාධ්‍ය සමාජ මෙරට පාසල් පද්ධතියට හඳුන්වාදීමේ කතිකාව ආරම්භ කරන ලදී.
ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන විෂය සමගාමී අංශය හා ඒකාබද්ධව මෙරට ප්‍රථම පාසල් මාධ්‍ය සමාජය හෝමාගම අධ්‍යාපන කොට්ඨාශයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලදී.
පාසල් මාධ්‍ය සමාජය මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාවර වීමේ ප්‍රතිඵලයක් ලෙස 2006 වර්ෂයේ දී සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය මාළාවට හඳුන්වා දී ඇති අතර 2009 වර්ෂයේ දී එම විෂය අ.පො.ස. උසස් පෙළ විෂය මාළාවට එක් කර තිබේ.
දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් දරුවන් හදාරන නමුත් ඔවුන්ගේ විෂය ප්‍රායෝගික දැනුම දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා මාර්ගෝපදේශනය අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් ලබාදීමේ පවතින දුෂ්කරතාවය මඟහරවමින්, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මෙරට අධ්‍යාපන පද්ධතිය ගුණාත්මකව පෝෂණය කිරීම මෙන්ම මෙරට පාසල් පද්ධතියේ මාධ්‍ය සාක්ෂරතාවය පුළුල් කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට නායකත්වය ලබා දී තිබේ.
දැක්ම
“මානව හිතවාදී හා ගුණාත්මක පාසල් මාධ්‍ය සන්නිවේදන සංස්කෘතියක් සහ සබුද්ධික ශ්‍රී ලාංකේය පාසල් ප්‍රජාවක්…”
මෙහෙවර
ගෝලීය සන්නිවේදන ප්රවණතා හඳුනා ගනිමින්, යුනෙස්කෝ ප්රඥප්තියට අනුව කටයුතු කරමින් දියුණු ගුණාත්මක මාධ්‍ය සාක්ෂරතාවයකින් පරිපූර්ණ ප්රබුද්ධ පරිකල්පනයෙන් යුත් ශ්‍රී ලාංකේය පාසල් ප්‍රජාවක් බිහි කිරීම උදෙසා පාසල් මාධ්‍ය සමාජ දැනුම, කුසලතා හා ආකල්පවලින් ශක්තිමත් කිරීම.
අරමුණ
පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ පාසල් මධ්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරමින් පාසල් මාධ්‍ය සමාජ සිසු දරුවන්ගේ සන්නිවේදන කුසලතා ජාතික තලයකට ගෙන ඒමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග අවබෝධතා ගිවිසුමට එළැඹීම.
උක්ත අරමුණු වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුලු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් 2024 ඔක්තෝම්බර් 29 දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
එම උත්සවයේ ඡායාරූප විස්තරය පහත දැක්වේ.
ඡායාරූප 01 සහ 02 – ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අතර එළැඹි අවබෝධතා ගිවිසුමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල යන මහත්වරු අත්සන් කළ අතර මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කැළුම් විජේනායක, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්රවෘත්ති අධ්යක්ෂ හර්ෂ බී. අබේකෝන් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප 03 – ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්.
ඡායාරූප 04 – අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින්.
ඡායාරූප 05 – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා අදහස් දක්වමින්.
ඡායාරූප 06 – රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා අදහස් දක්වමින්.
ඡායාරූප 07 – සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා අදහස් දක්වමින්.
ඡායාරූප 08 – ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අතර අවබෝධතා ගිවිසුම අවසන් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වූ විශ්වවිද්‍යාල අධ්‍යයන අංශ ප්‍රධානීන්, මහාචාර්යවරු, ආචාර්යවරු, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්, පාසල් මාධ්‍ය සමාජ භාර ගුරු මහත්ම මහත්මීන් ඇතුලු සම්භාවනීය පිරිස.
ඡායාරූප 09 – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය විසින් සම්පාදනය කරනු ලබන ‘ජාතික මාධ්‍ය සංකථන’ ශාස්ත්‍රීය ග්‍රන්ථයේ තුන් වන වෙළුම බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එම ග්‍රන්ථයේ සංස්කාරක කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව.
ඡායාරූප 10 – පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන සම්මන්ත්‍රණවලට සහභාගි වන දරුවන් වෙනුවෙන් බෙදා දෙන “දෙසතිය” සඟරා කට්ටලය රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා වෙත සංකේතාත්මකව පිළිගැන්වූ අවස්ථාව.
ජනමාධ්‍ය පර්යේෂණ අංශය
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව.
2024.10.30