• කටපාඩම් කර විභාග ලිවීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කල යුතුයි ……..
අධිකරණ ඇමති පවසයි
• පවතින අධ්‍යාපන ක්‍රමය ලබන වසරේ සිට වෙනස් කිරීමට කටයුතු කරනවා …….
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළට නීතිය විෂය ඇතුලත් කිරීම කොතරම් දුරට අවශ්‍යද යන මැයෙන් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය .
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සංවිධානය හා එක්ව සංවිධානය කරන ලද “නීත්‍යාර්ථ 2023” නායකත්වය හා නීතිය යන තේමාව පදනම් කරගත් වැඩමුළුව ගරු අධිකරණ, බන්ධනාගාර කටයතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.12 වන දින පෙරවරුවේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්විණ.
වර්තමානයේ විශ්ව විද්‍යාල සිසුන් බෝඩ් ලෑලි උස්සන් මහපාරේ කාලය ගත කරන යුගයක ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් රටට ප්‍රයෝජනවත් ඵලදායී මෙවැනි කටයුත්තකට මුල්තැනදී කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. මා මීට වසර 25කට පමණ පෙර බංග්ලාදේශයේ කල සංචාරය කළා. එරට මහජනතාව විශ්වවිද්‍යාල දූ දරුවන්ට පුදුමාකාර ගරුත්වයක් දක්වනවා. එම සිසුන් තමාට ලැබෙන නිදහස් කාලය තුල රටට වැඩදායී ක්‍රියාකාරකම් සකස් සඳහා තම කාලය හා ශ්‍රමය යොදවනවා.
මෙරට තුල පවතින අධ්‍යාපන ක්‍රමය මුලුමනින්ම වෙනස් විය යුතුයි. කටපාඩම් කර විභාග ලිවීමේ ක්‍රමය වෙනුවට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් පිරි අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය වර්තමානය වන විට තදින්ම දැනෙනවා. ලෝකයේ බොහෝ රටවල් විභාග ක්‍රමය දැන් භාවිතා කරන්නේ නැහැ.
ලබන වසරේ සිට සියයට පනහක් විභාග ක්‍රමය මඟින් සහ අනෙක් සියයට පනහ පර්යේෂණ, නිබන්ධන, වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත ඇගයීම් ක්‍රමයක් මඟින් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යතුමා සදහන් කලේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතාන, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වූ අතර එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
.



