සමාවෙන්ඩ මම ලොකු අවුලක හිටියේ.

👉 රාගම ගුරු නොහොත් තුසිත පෙරේරා කියන පාතාල ක්‍රියාකාරිකයා ගෙවල් කුඩු කරල අපරාධ රැසක් සිදුකලා. සාක්ෂි එක්ක ගෙනත් දුන්නත් නීතිය ක්‍රියාත්මකවීම තවමත් ඉබි ගමනේ.

👉 අතුල ලක්ෂමන් ජයසිංහ⁩ කියන හොරා කෝටි ගාණක් ගැහුවා. වරෙන්තු තිබුණත් අල්ලන් නැතුව හිටියා. අපි ඇල්ලුවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ ඔහු පිටුපස දේශපාලකයෝ ඉන්න නිසා.

👉 Arrow lanka company එකෙන් ලීමා කියන වී කොටන මැෂින් දෙනවා කියල ගොවියන්ගෙන් කෝටි ගාණක් ගැහුවා. දිවයින පුරා උසාවිවල නඩු තිබුණත් මිනිහගෙ තියෙන මුදල් බලේට තවමත් නිදැල්ලේ. නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දැක්කම පුදුම දුකක් තියෙන්නේ.

👉 prestige property ආයතනය දේපල වෙළදාම් කරල මුවාවෙන් අහිංසක මිනිසුන් රවටා කෝටි ගාණක් උපයා තිබෙනවා. මහා පරිශ්‍රයක් දරා නීතිය ක්‍රියාත්මක වෙන තැනට ගෙනාවත් වෙන්නේ මොකක්ද කියල හිතාගන්ඩවත් බෑ.

👉 ධම්මික අතපත්තු කියල එකෙක් හමුදාවේ කොල්ලෝ 1000ක් විතර රවටා කෝටි ගාණක් උපයා තිබුණා. පත්තරවලට ලියල, වීඩියෝ දාල යාන්තම් හිරේට දාගත්තා. නමුත් වින්දිතයන් තවමත් අසරණයි.

👉 ලොකු සටනක් දීල දිවුලපතාන ගොවිය 450ට මානව හිමිකම් නිර්දේශයක් ලබාගත්, රනිල් එය ක්‍රියාත්මක නොකරන ලෙස නියෝගයක් නිකුත්කලා.

👉 මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ 100ට වැඩියෙන් ඇතුලට දැම්මා. උන් තවමත් ජාවාරම්ල.

👉 භාතිය සෙනෙවිරත්න කියල මාතලේ හොරෙක් ගැන හෙව්වා. ඌත් කෝටි ගාණක් ගහල තියෙනවා. ඌ තවමත් නිදැල්ලේ.

එනිසා හෙට උදේ සියළු දෙනාට කතා කරන්නම් 🙏

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න