“හදමු අලුත් රටක්” තේමාව යටතේ 76වැනි නිදහස් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනාවෙන් ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මැතිතුමා (Srettha Thavisin) මෙරටට පැමිණේ. එහෙත් හදිසියේ ඇතිවූ අසනීප තත්වය හේතුවෙන් දින දෙකක එතුමාගේ ශ්‍රී ලංකා සංචාරය එක් දිනකට සීමා වේ.
කෙසේ නමුත්, ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ගෞරවයක් ලෙස පැයක පමණ කාලයක් තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් නිදහස් උළෙල අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇත.
ජාති, ආගම්, බේද නොසලකා ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා දේශපාලන, සමාජීය, ආර්ථික වශයෙන් උසස් සහජීවනයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වි පාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීම ද තායිලන්ත අග්‍රාමාත්‍යතුමාගේ සංචාරයේ ප්‍රධාන කටයුත්තක් වේ.
එසේම, තායිලන්ත අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ එතුමාට රටවැසි සියලුදෙනාගේ ගෞරවය පුදකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න